Maintenance
Second Hand ගන්න කලින් මේ ගැනත් හිතන්න

සල්ලි ටිකක් මදි වුණොත් ඔබට හිතෙන්නේ Second Hand හරි කමක් නැහැ බයික් එකක් ගන්න. ඒ අදහස ආවට කමක් නැහැ හැබැයි ඔබ කවුරු හරි කෙනෙක් පාවිච්චි කරපු බයික් එකක් ගන්නකොට හිතන්න දේවල් ගොඩාක් තියෙනවා. ඒ අතරින් වැදගත්ම දේවල් කිහිපයක් ගැනයි අපි මේ කියන්නේ.
මුලින්ම බලන්න බයික් එකඅනතුරකට ලක් වෙලාද කියලා. එහෙම නම් ඒක ගන්නවට වඩා නිකම් ඉන්න එකයි හොඳ. ඒ වගේම ලියකියවිලි හරිද කියලා බලන්නත් ඕනේ. මොකද අද කාලේ හැටියට ගොඩාක් වෙලාවට කාගෙන් හරි සොරකම් කරපු බයික් එකක් ඔබ ලඟට ඒමේ වැඩි ඉඩක් තියෙනවා. හැබැයි ලියකියවිලි හරි නම් ඉතින් ඒ ගැන වැඩියම හිතන්න ඕන වෙන්නේ නැහැ.
ඔබ ගන්න යන බයික් එකේ වර්ගය මොකද්ද? මේ වර්ගයට Parts හැමතැනම තියෙනවද? හැම තැනම Service කරන්න ගරාජ් තියෙනවද? ඔන්න ඔය ප්රශ්න වලටත් ඔබේ හිතෙන උත්තර අහලා බලන්න. ඔබට ඒ දේවල් ගැන විශ්වාසයි නම් විතරක් ඒ බයික් එක ගන්න.