The Time Out

බයික් එකට දැරිය හැකි බර ගැන දන්නවාද?

ගොඩක් motorbike හිමිකරුවෝ රෝද 4කින් කරගන්න ඕන වැඩ බයික් එකකින් කරගන්න අවස්ථා තියෙනවා. සාමාන්‍යයෙන් අපි හැමෝම trip එකක් යද්දි ඕනෑවට වඩා දේවල්, බෑග්ස් pack කරගෙන යනවා, ඒත් ඔබේ බයිසිකලයේ බර සීමාව ඉක්මවා යාම නිසා බරපතල ප්‍රතිවිපාක අත්වෙන්න පුලුවන්. ඔබේ  motorbike එකේ shocks සහ frame එක හරි විදියට රැකබලාගත්තොත් ඒක දීර්ඝකාලීනව ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඔබ ආරක්ෂිතව සිටීමට සහ ඔබේ motorbike එකේ අත්‍යවශ්‍ය කොටස්වල ආයු කාලය දීර්ඝ කිරීමට motorbike එකට දරන්න පුලුවන් බර සීමාව කැල්කියුලේට් කරන්නේ කොහොමද කියලා අපි හොයලා බලමු.

  • Gross Vehicle Weight Rating (GVWR) තීරණය කිරීම

විවිධ motorbike වලට දරන්න පුලුවන් බර සීමාවන් එකිනෙකට වෙනස්. ඔබට තිබෙන්නේ cruiser වර්ගයේ motorbike එකක් කියලා හිතමු, එහෙනම් බයික් එකේ ගැටගහන්න පුලුවන් ඕනම දෙයක් ඔබේ බයික් එකට අරන් යන්න පුලුවන්.  ඒ කොහොම වුණත් මේ උපක්‍රමය අනුගමනය කරන එක හදිසි අනතුරකට අත වැනීමක්. Suspension ෆේල් වීම, frame එක කැඩී බිඳී යාම සහ ටයර් පිපිරීම කියන අනතුරු, කරදර සියල්ලම බලාගෙන ඉන්නේ ඔබ නිරන්තරයෙන් ඔබේ motorbike එකට අධික ලෙස පටවනකන්.

ඕනෑම ගමනක් යාමට pack කිරීමේ පළමු පියවර වෙන්න ඕනේ ඔබේ බයිසිකලයේ බර ධාරිතාව සොයා ගැනීමයි. motorbike සඳහා බර ධාරිතාව ඉතා විවිධාකාර විදියට වෙනස් වෙන නමුත් ඔබේ local distributor company එකෙන් මේ මිනුම ලබා ගන්න පුලුවන්. එහෙම නැතිනම් ඔබේ motorbike එකේ  VIN අංකය සොයාගෙන බර සීමාව කොහොමද කියන දේ ගැන නිෂ්පාදකයාගෙන් නිර්දේශ‍යක් ලබා ගන්න ඔබට පුලුවන්.

වාහනයකට දැරිය හැකි බර සීමාව, Gross Vehicle Weight Rating හෝ GVWR ලෙසත් හැඳින්වෙනවා. ඔබේ owners manual එක හොයාගෙන හෝ ඔබේ නිෂ්පාදකයාගේ website එකට ගිහින් මෙම අංකය සොයාගන්න ඔබට පුලුවන්. ඉතින් මේ අංකය තමයි ඔබේ ආම්පන්න pack කරගැනීමට සූදානම් වෙද්දී ඔබේ උපරිම සීමාව විය යුත්තේ. මේ සීමාව හෝ ඊට අඩු ආම්පන්න ප්‍රමාණයක් pack කරගැනීමට ඔබ වග බලාගත යුතුයි.

මෙතනින් එහාට ඔබට කරන්න තියෙන්නේ ඔබේ ආම්පන්න වල බර සොයාගැනීමට සුදුසු තරාදියක් සොයාගෙන, බර මැනගැනීම සහ සරල ගණිතය පාවිච්චි කිරීමයි. සම්පූර්ණ බර හොයාගෙන ඔබ ගමනට සූදානම්ද නැත්නම් බඩු ටිකක් අඩු කරන්න ඕනේද කියලා ඔබ හොයාගන්න ඕනේ. සියලු බඩු මුට්ටුවල බර එකතු කරලා සහ ඔබේ motorbike එකේ බර ධාරිතාවෙන් ඒ ටික අඩු කරන එක අමාරු වැඩක් නම් නෙමෙයි.

  • බයිසිකලයේ Dry weight එක  ඇතුළත් කරන්න

ඔබේ motorbike එකේ බර ධාරිතාව දැනගත්තට පස්සේ තියෙන්නේ සරල අඩු කිරීම් කිහිපයක්. Motorbike එකේ  නිශ්චිත බර ධාරිතාවයෙන් මුලින්ම අඩු කරන්න ඕනේ දේ තමයි බයිසිකලයේ වියළි බර!

වියළි බර (dry weight), “නැව්ගත කළ බර” කියලත් හැඳින්වෙනවා, ඔබේ bike එකේ කිසිදු ද්‍රවයක් (liquids) නොමැතිව බර කියන එක තමයි මේකේ අදහස. Full tank ගහපු ටැංකියක් කොච්චර බරයි කියලද ඔබ හිතන්නේ? සාමාන්‍යයෙන් ගැලුමක් රාත්තල් හයක් පමණ බරින් යුතු වෙනවා. Owner’s manual එකෙන් ඔබේ motorbike එකේ වියළි බර සොයා බලන්න.

  • ඉන්ධන බර සාමාන්‍යය

ඉන්ධන, තෙල් සහ වෙනත් ද්‍රව සඳහා ඔබේ GVWR අංකයෙන් තවත් රාත්තල් 50 ක් අඩු කරන්න. ඔබ දවස පුරා පතුළටම පෙට්‍රල් අඩු මට්ටමක් පවත්වගන්න අදහස් කරන්නේ නැත්නම්, සම්පූර්ණ ටැංකියකින් ඔබේ බයිසිකලයේ බර කොපමණ දැයි ඔබ දැනගත යුතුයි. ඔබේ ගෑස් ටැංකියේ ප්‍රමාණය අනුව බර වෙනස් විය හැකි වුණත් රාත්තල් 50 ක් බොහෝ දෙනාගේ සාමාන්‍යය වන නිසා එය ඔබේ ගණනය කිරීම් සඳහා ප්‍රමාණවත් වෙනවා.

ඔබ වාසනාවන්ත නම්, ඔබේ owner’s manual එකෙන් “තෙත් බරක්” (wet weight) සොයාගන්න පුලුවන්. තෙත් බරක් කියලා කියන්නේ ඉංජිනේරුවරුන්ගේ අනුමාන කිරීම්වලට අනුව bike එකේ ගෑස් ටැංකිය සම්පූර්ණයෙන්ම පිරී ඇත්නම් සහ ඔබේ motorbike එකට අවශ්‍ය liquids වලින් පිරී ඇති සම්පූර්ණ බරයි. මේ බර ඔබට හොයාගන්න පුලුවන්නම් රාත්තල් 50 ඇස්තමේන්තුව ඇතුළත් කිරීමට උවමනා වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබේ වියළි බර වෙනුවට මේ නව අංකය අඩු කරානම් ඇති.

  • ඔබේ බර

දැන් තරාදියට නැගීමට ඔබගේ වාරයයි. ඔබ කොපමණ බරද කියලා දැනගත යුතුයි. ඔබගේ සියලු ඇඳුම් පැළඳුම් අමතක කරන්න එපා. Boots, jacket, thermal layers සහ helmet නිසා කොපමණ බර ප්‍රමාණයක් එකතු වෙනවද කියලා හොයාගත්තම ඔබ පුදුම වේවි. ඔබ motorbike එකේ ගමන් කරද්දී අඳින පළඳින සියලුම ඇඳුම් වලින් සැරසිලා ඒ බරත් කිරාගෙන GVWR වලින් අඩු කරන්න.

බොහෝ motorbike රයිඩර්ස්ලා අඩු කරන්න අමතක කරන බරක් තමයි මගියාගේ බර. ඔබ තනියම ගමන් කරද්දී බයික් එක කිසිම වෙනසක් නැතුව ගමන් කරනවා වෙන්න පුලුවන්. ඒත් ඔබට partner කෙනෙක් එකතු උනොත් බර වැඩි වෙනවා නේද? ඔබ සමඟ ගමන් කරන ස්ථාවර මගියෙකු සිටිනවා නම්, ඔවුන්ගේ බරත් සලකන්න. එහෙම නැත්නම් මගියෙකු නංවා ගැනීමේදී ඒ අමතර බර ගැන කල්පනාවෙන් ඉන්න.

  • ඔබේ ආම්පන්න ඇතුළත් කරගන්න

සංවිධානාත්මක motorbike එකක් කියන්නේ හිතට සැනසීමක්. ඔබේ motorbike එකේ කොපමණ බරක් ගෙන යා හැකිද කියලා හැමවෙලාවෙම දැනගෙන ඉන්න එක ඉතාමත් හොඳ දෙයක්.

saddles, straps වගේ දේවල් මිලදී ගන්න කලින් තව අමතර බර කොපමණ ප්‍රමාණයක් ඉතිරිව තියෙනවද කියලා සොයා බලන්න. ඔබගේ බයිසිකලයේ wet weight සහ ඔබේ බර GVWR වලින් අඩු කිරීමෙන් පසුව දැන් ඔබට ආම්පන්න සඳහා ඉතිරිව ඇති බර ප්‍රමාණය ලැබී තිබෙනවා.

සමහර බයික් සඳහා, ඔබට ඉතිරිවෙලා තිබෙන්නේ තව රාත්තල් කිහිපයක් විතරයි වෙන්න පුලුවන්, ඒක පුදුමයක් නෙමෙයි. ඉතින් ඔබට ඉතිරි වෙලා තියෙන බරත් එක්ක smart rider කෙනෙක් විදියට හිතලා කටයුතු කරන්න.

  • Overloaded motorbike එකක අවදානම්!

බයික් එකේ යද්දී Helmet එකක් පැළඳීමට අමතරව, motorbike එක සැහැල්ලු ආකාරයට ඇසුරුම් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගැනීම මඟින්ද ඔබේ ආරක්ශාව තහවුරු වෙනවා. වැඩි දෙනෙක්ගේ අවධානයට ලක් වෙන්නේ නැති මේ skill එක නිසා ඔබේ motorbike එක ව්‍යසනකාරී අසාර්ථකත්වයන්ගෙන් බේරාගන්න පුලුවන්. Overloaded වුණු  පළමු අවස්ථාවේ අනතුරක් නොවෙන්න පුලුවන්, ඒත් අධික stress එකක් යටතේ අඛණ්ඩව භාවිතා කිරීම බයික් එකේ සමස්ත පද්ධති සමූහයක්ම fail වීමට හේතු වෙනවා. Suspension ෆේල් වීම හෝ පැයට සැතපුම් 70 ක වේගයෙන් යද්දී ටයරයක් පුපුරා යාම නම් කොහෙත්ම සුන්දර අත්දැකීමක් නෙමෙයි.

  • Tire weight limit

GVWR පිළිබඳ මේ සියලු දේවල් වලට බලපාන තව වැදගත් දෙයක් තියෙනවා. ඔබේ ටයර්වලටත් බර සීමාවන් තියෙනවා කියලා ඔබ දන්නවාද? ඔබගේ bike එකට තව රාත්තල් 100 ක් පටවන්න පුලුවන් උනාට ඒ බර නිසා ටයර් නිරුපද්‍රිතයි කියලා නම් ඒකෙන් කියවෙන්නේ නැහැ. ඔබේ ටයර්වලට අනතුරුදායක ලෙස බර පැටවීමට කලින් ඒවායේ බර සීමාව හෝ “බර දර්ශකය” (load index) පරීක්ෂා කරන්න. පැටවුම් දර්ශකය 33 සිට 86 දක්වා අංකයක් ඇතුළත් විය හැකිය. මෙය සැබෑ බර සීමාව නම් නෙමෙයි. මෙම ශ්‍රේණිගත කිරීම තේරුම් ගැනීමට නම් ඔබ බර දර්ශක සටහනක් (load index chart) විමසිය යුතු වෙනවා.

  • සීමාව ඇතුළේ ඉන්න!

සැමවිටම බර සීමාව ඇතුළේ ඉඳන් ආරක්ෂිත වෙන්න. ඔබ මොන ආකාරයක ගමන් වල යෙදුණත් හැකි තරම් සැහැල්ලුවෙන් pack කරන්නේ කොහොමද කියන දේ ඉගෙන ගන්න. ඔබට වගේම බයික් එකටත් කිසිම හානියක් නැතුව ඕනම විදියක ගමනක් යන්න මේ skill එක ගොඩක් උපකාරී වෙනවා.

Back to top button
Close
Close