Motorbike Reviews

Yamaha Ray ZR ස්කූටර් ගැන දැනගමු

Engine එක ගැන

Yamaha Ray ZR  bike එක 113CC, 4 Strock, single overhead cam shot,Valve දෙකකින් සහිත air cooling system එකක් තියෙන carburetor fuel supply system එකක් තියෙන engine එකක් තමයි තියෙන්නේ.එ වගේම මේ එන්ජින් එකේ brake horsepower එක 7 විතර MAX අගයක් තියෙනවා.මේ brake horsepower එහෙම නැත්තන් BHP කියන්නේ ඕනේම බයික් එකක power එක මනින මිම්මක්.ඇත්තටම කිව්වොත් එ කියන්නේ bike එක ඉදිරියට යන්න කලින් engine එකේන් හදන power එකට.එ වගේම yamaha blue core technology එකත් nickel spark plugs නිසාත් ලීටරයට 66km ක ඉන්ධන කාරයක්ෂමතාවයක් මේ bike එකට තියෙනවා.එ වගෙම 5.2L ක පෙට්ට්‍රෙල් capacity එකක් මේ bike එකට හිමි වෙලා තියෙනවා වගේම 80Kmh ක උපරිම වේගයකින් යන්න මේ engine එක උදව් වෙනවා.

yamaha-ray-zr-sri lanka

Bike Frame එක

එ වගේම මේකේ Yamaha Ray ZR bike එකේ බර ගත්තොත් 105kg විතර තමයි සදහන් වෙන්නේ.එ වගේම මීට අමතරව 21L ක ධාරිතාවක් තියෙන භාන්ඩ දැමිය හැකි බහාලුමක් තිබෙන නිසා සාමානය bike එකකට වඩා මේක වාසි.එ වගේම ඉස්සරහ 1.5kg ක් විතර බරක් දරන්න පුලුවන් 500ml යේ වතුර බෝතලයක් නිකම්ම දාගෙන යන්න පුලුවන් හොද පොකට් එකක් තියෙන එකත් වාසියක් විදියට දකින්න පුලුවන්.underbone frame chassi තියෙන නිසා එ කිව්වේ අපි සාමානයෙන් bike එකක උඩින් තියෙන chassi  වෙනුවට බයික් එක පහලින් යන frame එක නිසා බරින් අඩුයි සහ ශක්තියෙන් normal bike එකක් එක්ක සැසදුවොත් නම් අඩුයි.

හැබයි Scooter එකකට මේ තියෙන බර හොද steady ride එකකට හොදටම ඇති වගේම හදිස්සියකට කඩෙට ගිහිල්ලා පොඩි gas cylinder එකක්  උනත් ඉස්සරහ තියාගෙන යන්න පුලුවන්.එ වගේම Yamaha Ray ZR bike එකේ මුලු length එක 1820mm ක් වෙනවා.උස ගත්තොත් තියෙන්නේ 1115mm ක් විතරයි.එ වගෙම පලල 690mm ක් වෙනවා.ලන්කාවේ පාරවල් වල යන්න අවශයම දේයක් තමයි ground clearance එක මේ bike එකේ 130mm ක් විදියට දකින්න පුලුවන්.එ වගේම seat එකේ ඉදන් පොලවට උස 775mm යි.

yamaha ray zr colours

Meter panel එක ගැන

Yamaha Ray ZR Dark බයික් එකේ meter panel එක ගැන කතාකරොත් analog meter system එකෙන් speed එක fuel level එක සහ mileage එක බලන්න පුලුවන්.හැබයි RPM නම් දකින්න ලැබෙන්නේ නෑ.එ වගේම මේ bike එකේ තියෙන “key shutter locking system“ එක නිසා duplicate යතුරු වැඩ කරන්නෙත් නෑලු.

suspension ගැන

Suspension ගැන බැලුවොත් Yamaha Ray ZR Dark bike එකේ ඉස්සරහ තියෙන්නේ telescopic fork suspension system එකක්.හැබයි පස්සේ තියෙන්නේ unit swing suspension system එකක් .එ වගේම bike එකේ යන දෙන්නටම හොදට ඉඩ ඇතුව වාඩි වෙලා යන්න ඉඩ තියෙනවා. මේ bike එක වගේම bike cowling එක ගොඩක්ම plastic නිසා FULL ඉන්සුරන්ස් දාන එක නුවනට හුරුයි.

Brake System සහ TYRE ගැන

Bike එකේ ඉස්සරහා සහ පස්සට දෙකටම තියෙන්නේ තියෙන්නේ 170mm ක mechanical leading disk brake එකක්.වෙන Scooter එක්ක සැසදුවම නම් Yamaha Ray ZR  bike එකේ හොදදෙයක් විදියට දකින්න පුලුවන්.එත් එක්කම tyre ගැන කතාකරොත් මේ bike එක සැහැල්ලු scooter නිසා හොද driving experience එකක් ගන්න 90/100-10 type tubeless tyre දෙකක් එකම පලලකින් යොදාගෙන තිබිම දකින්න පුලුවන් හොද දෙයක්.එකත් scooter වලටම අදාල ලක්ශනයක් විදියට කියන්නත් පුලුවන්.ඉතින් ලංකාවේදී මොන ස්කූටරයක් ඔබ ගත්තත් අපි නම් රෙකම්න්ඩ් කරන්නේ වැඩි දුරක් යන්න පුලුවන් හොදම කොලිටියක් තියෙන DSI ටයර්ම තමයි.මේ බයික් එක ගැන ඔබේ අදහසුත් තියෙනවා නම් අපේ ෆෙස්බුක් පේජ් එකේ කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.

Tags

Leave a Reply

Back to top button
Close
Close