Motorbike Reviews

yamaha fz r15 ගැන දැනගමු

හැඳින්වීම

yamaha fz r15 Sri Lanka
යමහා බයික් ගැන කතාකරොත් ඉතින් ඔවුන් සුපිරියටම කරන දෙයක් තමයි පොඩි එන්ජිමක් එකකින් එ එන්ජින් capacity තියෙන බයික් category එකේ තියෙන උපරිමට තත්වයට තමන්ගේ බයික් එක ගේන එක.ඉතින් එ කතාව ආයෙත් ඔප්පු කරලා තියෙනවා Yamaha YZF-R15 2019 version එකෙදී.150CC ඛාන්ඩයට අයිති වන මේ බයික් එක වෙළඳපලට නිකුත් කලද Yamaha සමාගම කලින් නිකුත් කල Yamaha NVX 155 සහ Yamaha NMax 155 යන 150 CC ඛාන්ඩයේ බයික් දෙකටත් ජ්‍යාත්යන්තර වෙලඳපලේ තවමත් හොඳ මිලක් තියෙනවා.කොහොම උනත් ඇත්තටම ඔවුන් Yamaha YZF-R15 බයික් එක නිශ්පාදනය කරලා තියෙන්නේ Honda CBR150 සහ Kawasaki KIPS කියන බයික් දෙකක අතරමැද ඝනයේ වේගවත් සහ ස්පෝටී ලුක් එකක් දෙමින් තරුණයන් සඳහායි.

මෙම බයික් වර්ගයේ දැනට වර්ශන් 2 සහ වර්ශන් 3 වැඩි වශයෙන් දකින්නට ලැබුනද වර්ශන් 3.0 හි VVA technology, ස්ලිපර් ක්ලච් එක,hazard lamp,inverted front suspension fork,all-LED ලයිට් සිස්ටම්, ෆුල් LCD පැනල්මිටර් එක,වඩා පලල් ටයර්,10 holes Fuel injector,අලුත් සිලින්ඩර් හෙඩ් එකක්,පලලින් වැඩි සීට් වැනි අප්ග්‍රෙඩ් කිරීම් ඇති නිසා ඔබේ තේරීම අනිවාර්යෙන්ම වර්ශන් 3.0 වනු නොඅනුමානයි.

ෆර්ස්ට් ලුක් එක

බයික් එකේ ලුක් එකෙන්ම පටන් ගත්තොත් කියන්න තියෙන්නේ YZF රෙන්ජ් එකේ තියෙන YZF-R1 සහ YZF-R6 වගේ බයික් වල අභාශය නම නොඅඩුව මෙතන තියෙන බව කියලා තමයි.ෆුවල් ටැන්ක් එකට ලිටර් 11ක ඉන්ධන ධාරිතාවක් දරන්න පුලුවන් වගේම මෙකේ තියෙන එයාර් ටේක් කවර් එක YZF-R1 බයික් එකේ වගෙමයි කියලා බැලු බැල්මටම පෙනේන දෙයක්.මෙකේ තවත් පුදුම දවන කරුනක් වෙන්නේ සීට් එක මිලිමිටර් 830 ක උසකින් පිහිටන එක.සමානයෙන් ට්‍රැක් රෙසින් යන බයික් එකකට අලුත් දෙයක් නොවුනට සාමාන්‍ය භාවිතයට ගන්න මේ වගේ බයික් එකක එ උස තියෙන එක නම් පුදුමයක්.

හැබයි ඔබ සෙන්ටි මිටර් 168 කට වඩා උස නම් එක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ හැබයි රේස් මොටර්සයිකල් එක අත්දැකීම එහෙම අඩු කෙනෙක්ට මේ බයික් එක පදින එක මුල් කාලේ අමාරුවෙයි.මොකද මෙකේ හැන්ඩ්බාර් එක සහ සීට් එක අතර අනුපාතය සාමානය ජිවිතේකට ගැලපෙන බයික් එකකට වඩා රේස් වලට හරියන ආකාරයක් පෙනෙන්න තියෙන නිසා ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරත් පරිස්සමෙන්.

එන්ජිම සහ වේගය

yamaha fz r15 Sri Lanka

155 cc, liquid-cooled single-cylinder එකක් තිබෙන මෙම බයික් එක RPM 10,000දී HP 19ක බලයක් ලබාදිය හැකි බව යමහා සමාගම පවසනවා.කලින් කිව්වා වගේ Yamaha Nmax සහ NVX 155 ස්කුටර් වල වගේම එන්ජිමක් මේ බයික් එකට තිබ්බට ඉන්ධන කාර්යක්‍ෂමතාවය වැඩි කරන යමහා බ්ලූ කෝ එන්ජින් ඩිසයින් එකක් මේකට ඇතුලත් කරලා තියෙනවා.8500rpm කදී කිසිම අවුලක් නැතුව බයික් එකේ යන්න පුලුවන් උනත් එක 9200rpm වගෙ වෙනකොට ගැස්සිලි පැද්දිලි ඇතිවෙන්න පුලුවන්.

හැබයි සාමාන්‍යෙන් 135 km/h වේගයකින් කිසිම කරදරයක් නැතුව යන්න පුලුවන් බයික් එකක් තමයි Yamaha YZF-R15 කියන්නේ.එ වගේම කැපැස්ටි එක අඩු උනත් මෙකේ ස්ලීපර් ක්ලච් එකක්ද දැකගන්න පුලුවන්.Yamaha YZF-R15 Review එකක් ගන්න නම් ඔබටම එ අත්දැකීම විඳගන්නම වෙනවා.මීට අමතරව 2008 සිට 2017 දක්වා නිශ්පාදිත Yamaha YZF-R15 බයික් වල ඉන්ධන ටැංකි ධාරිතාව ලීටර් 12ක් වි ඇති අතර 2017 සිට නව නිශ්පාදිත Yamaha YZF-R15 බයික් වල ඉන්ධන ටැංකි වල ධාරිතාව ලීටර් 11 දක්වා අඩු කර තිබීම ඔබේ මිලදී ගැනීමට පෙර සැලකිය යුතු කරුණක්.

ටයර් සහ බ්‍රේක්

yamaha fz r15 Sri Lanka

එවගේම අමතක නොකල යුතු අනෙක් දේ වෙන්නෙ බයික් එක 137kg වගේ බරකින් පමනක් සමන්විත වෙන නිසා ලොකු වේගයකදි බස්,කන්ටේනර් වගේ ලොකු වාහන ඔවටේක් කරනකොට බැලන්ස් එක අඩුවෙන්න පුලුවන්.හැබයි කිසිම අවුලක් නැතුව වංගු එහෙම ගන්න කියාපු බයික් එකක් තමයි.තව දෙයක් තමයි සිංගල් සිලින්ඩර් එක නිසා ඇතිවෙන ශබ්දේ ටිකක් වැඩියි. ටයර් ගැන කතාකරොත් රේසින් ෆිලීන් එකගන්නම පසුපස 130/70 R17 ටයර් එකකින්ද ඉදිරිපසට 100/80-17 ටයර් එකකින්ද සම්න්විතයි.බ්‍රෙක් ගැන බැලුවොත් 282 mm diameter disc සිස්ටම් එකක් තමයි තියෙන්නේ.

දැනට තියෙන දත්ත අනුව ට්‍රැෆික් එරියා එකක 100km වලට ලීටර් 2.5ක ඉන්ධන අවශ්‍ය වන බව සඳහන්. ට්‍රැෆික් නැත්තන් එක ලීටර් 1.9 දක්වා අඩු කරගන්න පුලුවන්.මීට අමතරව සස්පෙන්ශන් ගැන කතාකරොත් 2008 සිට 2017 දක්වා ඉදිරිපස Conventional telescopic fork වර්ගයේද 2017 සිට Inverted telescopic fork වර්ගය භාවිතාකර ඇති අතර පසුපස Aluminum swingarm with monoshock වර්ගයේ සස්පෙන්ශන් දක්නට ලැබේ.Yamaha YZF-R15 බයික් එකේ අපි පලකරපු තොරතුරු වලට අමතර තොරතුරු ඔබ දන්නවනම් අපේ ෆේස්බුක් පේජ් එකේ කමෙන්ට් එකක් විදියට දාන්න අමතක කරන්න එපා

Tags

Leave a Reply

Back to top button
Close
Close