Maintenance

බයික් එකට ගැළපෙන Windshield එකක් තෝරගන්න විදිය දන්නවද?

සමහර මෝටර්බයික් windshield සහිතවම වෙළෙඳපොළේ තියෙනවා, අනෙක් ඒවල windshield නැහැ. ඔබේ බයිසිකලයේ windshield එකක් තිබීම හෝ නොතිබීම ඔබේ පුද්ගලික කැමැත්තක්; සමහර යතුරුපැදිකරුවන් windshield තියෙන යතුරුපැදිකරුවන්ව පිළිකුල් කරන නමුත් අනෙක් අයට windshield එක නැතිව ගමන් කරන එක ටිකක් අමාරු වැඩක්.

කොහොම උනත්, මෙම ලිපියේ අරමුණ වෙන්නේ ඔබ දැනටමත් windshield එකක් තියෙන බයික් එකක් පාවිච්චි කරන කෙනෙක් නම් හරි, windshield එකක් බයික් එකට එක් කිරීමට අදහස් කරගෙන ඉන්න කෙනෙක් නම් හරි, තියෙන windshield එක රෙපෙයාර් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් හරි, ඒ සඳහා උපකාර කරන එකයි. ඔබ මෙය කිරීමට තීරණය කරන්නේ නම් සැලකිල්ලට ගත යුතු නිශ්චිත කරුණු තියෙනවා.

වෙනත් ඕනෑම දෙයක් බයිසිකල් customize කිරීම සමඟ සම්බන්ධ වෙනවා වගේම windshield කියන්නෙත් ඒ වගේම දෙයක්. ඔබ තෝරා ගත යුතු windshield එක තීරණය වන්නේ ඔබේ බයික් එක සහ ඔබ එය පදවන ආකාරය අනුව. බයික් එක පදවන දේශගුණයද සැලකිල්ලට ගත යුතු වෙනවා. ඔබ රටේ කඳුකර ප්‍රදේශයේ ජීවත් වන කෙනෙක් නම්, ඔබේ අවශ්‍යතාව සහ windshield එකකින් බලාපොරොත්තු වෙන දේවල් වෙරළබඩ කලාපයක ජීවත් වන බයික් රයිඩර් කෙනෙක්ට වඩා ගොඩක් වෙනස් වෙනවා. සමහර රටවල නම් windshield භාවිතා කරන එක රටේ නීතිරීතී රෙගුලාසි වලිනුත් සීමා කරන අවස්ථා තියෙනවා.

  • windshield වර්ග කීයක් තියෙනවද?

windshield වලට වෙළඳපොලේ විවිධ ඔප්ශන්ස් සිය ගණනක් තියෙනවා. ඔබේ විශේෂිත අවශ්‍යතා සඳහා මේ අතරින් එකක් තෝරා ගැනීමේදී මුලින්ම ඔබ කැමති කුමන ආකාරයේ mounting system එකක් දැයි සොයා බැලිය යුතු‍යි. ඔබේ බයිසිකලය ස්ථිර windshield එකක් දැනටමත් සවි කර තියෙනවා නම්, ඒ windshield එක වෙනුවට වෙන windshield එකක් ආදේශ කිරීමට අවශ්‍ය නම් ඔබේ බයික් එක මිලදී ගනිද්දී ඒ සමඟ ලබාදෙන උපාංග (hardware) භාවිතා කරන්න පුලුවන්. ඔබේ බයිසිකලයට windshield එකක් ඇමිණීමේ වඩාත් සරලම ක්‍රමය මේක වෙන්න පුලුවන්.

ඔබ බයික් එක මිලදී ගනිද්දිම windshield එකක් නැතුව ආපු බයික් එකකට windshield එකක් සෙට් කරනවා නම්, සවිකරන උපාක්ග ඇතුළත් windshield කට්ටලයක් මිලදී ගැනීමට සිදු වෙනව්ව. එහෙම නැත්නම්, ඔබට windshield සහ mounting system එක වෙන වෙනම මිලදී ගැනීමට අවශ්‍ය වෙනවා. windshield කට්ටලයක්ම මිලදී ගන්න එක සාමාන්‍යයෙන් වඩා පහසුයි, ඒත් සමහර windshield ආකෘති කට්ටලයක් විදියට එන්නේ නැහැ.

සමහර windshield, “universal mount windshields” ලෙස හැඳින්වෙන අතර මේවා පුළුල් පරාසයක මෝටර්බයික් වලට ගැලපෙනවා. අනෙකුත් වර්ගවල windshield විශේෂයෙන් නිර්මාණය කරලා තියෙන්නේ එක් එක් විශේෂිත බයික් වර්ගවලට ගැළපෙන විදියටයි.මේ ඔප්ශන්ස් දෙකෙන් මොන එක තෝරගන්නවද කියන එක ඔබට භාරයි.

  • windshield එක කොච්චර උස වෙන්න ඕනෙද?

මේ ප්‍රශ්නය සඳහා හොඳම මිම්ම වචනාර්ථයෙන්ම ඔබේ නාසයයි. උස සුළං ආවරණයක් තිබීම මඟින් බයික් එකක් පැදවීමේදී බහුලව දක්නට ලැබෙන කෘමි සතුන්, සුන්බුන්, දූවිලි හා අපිරිසිදුකම් වලින් ඔබව ආරක්ෂා කර ගත හැකියි. windshield එක ඕනවට වඩා උස වෙන එකත් අනතුරුදායක වෙන්න පුලුවන්. විශේෂයෙන් ඔබ අධික සුළං ඇති ප්‍රදේශයක බයික් එක පදින වෙලාවක, ඔබේ windshield එක උස වැඩි නම් මෙය “motorcycle windshield aerodynamics” හේතුවෙන් අනතුරකට හේතු වෙන්න පුලුවන්. තද සුළඟකට පුලුවන් බයිසිකලය ඔබේ පාලනයෙන් පහසුවෙන්ම ඉවතට තල්ලු කරන්න. මීට අමතරව, සමහර windshield වැසි වතුර එකතු කිරීමට නැඹුරු අතර ඒ නිසා එය හරහා ඔබේ දැකීමේ හැකියාව විශාල ලෙස අඩු වෙන්න ඉඩ තියෙනවා, එබැවින් කාලගුණය අයහපත් වන විට ඔබට windshield එක හරහා පැහැදිලි දැක්මක් තිබිය යුතු වෙනවා.

අපි කලින් කිව්වා වගේම හොඳ මෝටර්බයික් windshield උස තෝරාගැනීමට මාර්ගෝපදේශයක් වෙන්නේ එය ඔබේ නාසයේ උසට සාපේක්ෂව සංසන්දනය කරන එකයි. ඔබේ windshield එක ඔබේ නාසයට හෝ ඊට පහළින් තිබේ නම්, මෙයින් අදහස් කරන්නේ මීදුමෙන් හෝ වැස්සෙන් වැසී ඇති අවස්ථාවකදී ඔබට windshield මඟින් බාධාවක් ඇති නොවන බවයි. විශේෂයෙන් රේසින් බයික් සඳහා නිර්මාණය කර ඇති windshield මීට වඩා බෙහෙවින් කෙටියි.

  • ටින්ටඩ් windshield එකක් අවශ්‍ය නම් මොකද කරන්නේ?

හිරු එළියෙන් සහ අනවශ්‍ය දිදුලන දේ සමඟ කටයුතු කරද්දී ටින්ටඩ් windshield උදව් කරනවා වගේම, මේවා බොහෝ විලාසිතාවන්ගෙන් යුක්ත වෙනදා. ඒත් ඔබ අඳුරු කාලගුණයක ගමන් කරන්නේ නම් මේ ටින්ටඩ් windshield අනතුරුදායක වෙන්න පුලුවන්.

ඔබේ windshield එකෙන් ලැබෙන ටින්ට් වර්ගය අනෙක් සියල්ලක් වගේම ඔබේ කැමැත්ත මත පදනම් වෙනවා. ඔබේ කැමැත්ත මත දැඩි ලෙස වර්ණ ගැන්වූ windshield එකක් භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා නම්, අවශ්‍ය විට ගලවා ඉවත් කළ හැකි සුළං ආවරණයක් පාවිච්චි කරන්න කියලා අපි නිර්දේශ කරනවා. මේ විදියට ඔබ සුදුසු කාලගුණයට වඩා වෙනස් කාළගුණයක ගමන් කරනවා නම් අඳුරු පැහැය ආරක්ෂිත ගැටළුවක් වෙන්නේ නැහැ. ඔබේ ගමනට ස්ථිර windshield එකක් ඇමිණීමට ඔබ සැලසුම් කරන්නේ නම්, දීප්තිය අඩු කර ගැනීම සඳහා සැහැල්ලු පැහැයක් සහිත windshield එකක් ලබා ගැනීම වඩාත් සුදුසුයි, මොකද මේ නිසා හොඳින් දැකීමේ හැකියාව අඩු වෙන්නේ නැහැ.

  • windshield එක සාදා ඇති අමුද්‍රව්‍ය

බොහෝ windshield නිෂ්පාදනය කරන්නේ acrylic හෝ polycarbonate Lexan වලින්. මෙම ද්‍රව්‍ය දෙක අතර ඔබේ තේරීම තීරණය වෙන්නේ නීතිය හෝ පිරිවැය කියන සාධකය අනුව. acrylic වලින් නිර්මාණය කරලා තියෙන windshield ලාභදායී නමුත් ඉතාම රළු තත්ත්වයකදී සුනුවිසුනු වී යාමේ අවධානම සාපේක්ෂව වැඩියි.

පොදුවේ ගත්තම windshield එකක් ඝනකමින් වැඩි වෙන තරමට සුනුවිසුනු වෙලා යන අවධානම අඩුයි. කෙසේ වෙතත්, polycarbonate Lexan වලින් නිර්මාණය කරන windshield කල් පැවැත්මෙන් ඉහළයි. windshield එකක් ඝනකමින් වැඩි වන තරමට එයින් ඔබේ බයිසිකලයට වැඩි බරක් එකතු කරන බවත් බව මතක තියාගන්න.

වඩාත් කල් පවතින windshield එකක්ද, නැතිනම් ඔබේ බයිසිකලයට අඩු බරක් එකතු කරන windshield එකක්ද කියන එක ඔබ තීරණය කළ යුතුයි. එසේම, ඔබ මිලදී ගන්නා ඕනෑම windshield එකක් ‍රටේ windshield පිළිබඳ නීතිවලට අනුකූලද නැද්ද කියන එකත් හොයල බලන්න අමතක කරන්න එපා.

  • ඔබේ අවසාන තේරීම

අපි දිගින් දිගටම කිව්වා වගේම මේවායින් බොහොමයක් තීරණය වන්නේ ඔබේ පෞද්ගලික රුචි අරුචිකම් අනුව. windshield එකක් බයික් එකක් පදින්න කිසිසේත් අත්‍යවශ්‍ය වෙන්නැහැ, ඒත් සමහර යතුරුපැදි කරුවන් හිතනවා windshield මඟින් ගමනක් සඳහා සුවපහසුවක් එක් කිරීමට සැබවින්ම උපකාරී වනවා කියලා. windshield ගැන සැලකිලිමත් වන ඔබේ පෞද්ගලික මනාපය කුමක් වුවත්, මතක තබා ගත යුතු වැදගත්ම දේ තමයි ආවට ගියාට windshield තෝරාගන්නේ නැතුව පරිපූර්ණ පර්යේෂණ රාශියක් කිරීමෙන් පසුව හොඳම යතුරුපැදි windshield එක හොයා ගන්න එක.

 

Back to top button
Close
Close