The Time OutWhat's Hot

ලෝකයේ තියෙන අමුතුම බයික්

ඕනම කෙනෙක් කැමැති අනෙක් අයට වඩා ලස්සන, performance වැඩි, හැමතැනම නැති විදියේ මෝටර් බයික් එකක් පාවිච්චි කරන්න. පහළින් කියන්න යන්නේ අන්න ඒ වගේ අසාමාන්‍ය විදියේ, සාමාන්‍ය බයික් ආකෘතියෙන් එළියට ගිහින හදපු Motorbike ගැන. හොලිවුඩ් ෆිල්ම් වල මේ වගේ ඒවා දැකලා තිබ්බට ඇත්ත ලෝකෙත් මෙහෙම Bike තියෙනවා. මේ Bike ගැන හැමෝටම හීන දකින්න පුලුවන්, ඒත් සල්ලි තිබ්බා කියලා සමහර Bike නම් ගන්න වෙන්නේ නැහැ.

 

  • Lazareth LM847

Lazareth LM847 කියලා කියන්නේ සාමාන්‍ය Bike වල වගේ බොඩි ෆ්‍රේම් එකකින් එන්ජින් එක වහලා තියෙන Bike එකක් නෙමෙයි. අශ්ව බල 470ක මසරාටි වෑල්ව් 32, ලීටර් 4.7, V8 එන්ජින් එකකින් මේ බයික් එක සන්නද්ධයි. බයික් එකක් උනාට නවීන ඉතාලි Bike වල තියෙන විදියේ 2003 all-American Dodge Tomahawk මාදිලියේ වැඩි දියුණුවක් වෙන රෝද 4ක ආකෘතිය තමයි මේ Bike එකේ තියෙන්නේ.

 

  • Bimota Tesi 3D RaceCafe

Bimota කියලා කියන්නේ ටිකක් අමුතු විදියේ බයික් හදන එක ගැන ප්‍රසිද්ධ ඉතාලි බයික් නිෂ්පාදන සමාගමක්.    Tesi 3D RaceCafe බයික් එක ගැන කියනවා නම් trademark hub steering system සහ Dive Controlled System suspension කියන අංග මඟින් බයික් එකේ හැන්ඩ්ලින් ඉතාම විශිෂ්ට මට්ටමකට ගෙනත් තියෙනවා. Ducati Scambler එකේ තියෙන විදියේ 803cc L-twin powerplant එන්ජින් එකක් තමයි මේ බයික් එකට පාවිච්චි කරලා තියෙන්නේ.

 

  • Husqvarna 401 Vitpilen

ස්වීඩනයේ සාඩම්බර නිශ්පාදනයක් වන Husqvarna මාදිලියේ මෝටර් බයික් වල නවතම බයිසිකලය විදියට Husqvarna 401 Vitpilen ලෝකයට මුල්ම වරට එළිදැක්වුනේ ගිය අවුරුද්දේ ඉතාලියේ මිලාන් වල පැවැත්වුණු EICMA ප්‍රදර්ශනයේදී. නවීන 125cc එන්ජින් එකකින් සමන්විත උනත් මේ බයික් එක ගැන ලෝකෙම අවධානය හම්බුනේ වාණිජ අලෙවිය සඳහා Husqvarna 401 Vitpilen නිෂ්පාදනය කරනවා කියලා සමාගම කියන නිසයි.

 

  • BMW Urban Racer Concept

අකැමැත්තෙන් උනත් මුලින්ම කියන්න ඕනේ මේක තාම අදහසක් විදියට විතරක් BMW සමාගමේ Jans Slapins විසින් ඉදිරිපත් කරලා තියෙන බයික් එකක්. 1200cc BMW Boxer එනජින් එකක් සහ ඒ එන්ජින් එක අශ්වබල 115ක ධාරිතාවයකින් යුක්ත වෙන විදියට තමයි මේ අය බලාපොරොත්තු වෙන්නේ. නවීනතම අංග ගොඩක් එක්කම සහ කවුරුත් අමතක කරන්න අකැමැති පරණ තාලයේ සිත්ගන්නාසුලු ලී tank guards සහ දියමන්ති හැඩැති ලෙදර් සීට් එකකුත් භාවිතා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

  • Lotus C-01

අදහසක් යථාර්ථයක් කරන එක ලේසි දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම මෝටර් බයික් එකක් ගැන තියෙන සංකල්පයක් ඇත්ත බයික් එකක් විදියට වෙළෙඳපොළට ඉදිරිපත් කරන එක ලේසි පාසු කාර්යයක් නෙමෙයි. ලෝටස් මෝටර්බයික් නිශ්පාදකයෝත් ඒ අභියෝගය ජයගන්න ගමන් දැන් ඉන්නේ. අභ්‍යවකාශ ‍යානාවක් වගේ ටයිටේනියම් සහ කාබන් ෆයිබර් භාවිතා කරමින් හදන ආකෘතිය සහ අශ්වබල 200 75-degree v-twin එන්ජින් එක මේ බයික් එක ගොඩක් විශේෂ බයික් එකක් කරනවා. මේකේ බර රාත්තල් 399ක් විතර වෙයි කියලා තමයි නිශ්පාදකයෝ කියන්නේ.

 

  • Morgan EV3

Morgan කියලා කියන්නෙත් වෙනම විදියක බයික් නිශ්පාදනය කරන සමාගමක්. Morgan EV3 බයික් එක ඉන්ධන ප්‍රශ්න වලට විසඳුමක් විදියට සම්පූර්ණයෙන්ම විදුලිබලයෙන් ක්‍රියා කරන බයික් එකක්. වරකට සැතපුම් 150ක් ගමන් කරන්න පුලුවන් අශ්වබල 62ක විදුලි එන්ජින් එකක් තමයි මේ බයික් එකේ තියෙන්නේ. තත්පර 9ක් වගේ සුළු කාලයකින් පැයට සැතපුම් 0-62 දක්වා වේගයක් ලබාගන්න මේ බයික් එකට පුලුවන්. Morgan සමාගම තමන්ට ආවේණික වූ අළු පැහැති ලී ෆ්‍රේම් එක EV3 බයික් එකටත් භාවිතා කරලා තියෙනවා.

 

  • Dodge Tomahawk Concept

වාසානාවකට හරි අවාසනාවකට හරි Dodge Tomahawk කියන්නෙත් තාම අදහස් මට්ටමේ තියෙන බයික් එකක්. V-10 සහ 8.3 ලීටර්, සිලින්ඩර 10, අශ්වබල 500 වෙන මේ බයික් එකේ උපරිම වේගය පැයට සැතපුම් 300කට ආසන්න වෙයි කියලා තමයි නිශ්පාදනය කරන සමාගම කියන්නේ. ඒකයි කලින් කිව්වේ මෙහෙම බයික් එකක් නොහදා ඉන්න එකත් හොඳ දෙයක් වෙන්න පුලුවන් කියලා. 2003 all-American Dodge Tomahawk මාදිලිය ආදර්ශයට අරන් තමයි මේ බයික් එකත් නිශ්පාදනය කරන්න ඉන්නේ.

 

  • Ecosse Titanium Series FE Ti XX

Ecosse නිශ්පාදකයන්ගේ titanium සීරීස් එකේ මිනිස් අත්වලින් නිමවපු FE Ti XX කියලා කියන්නේ මේ සීරීස් එක වෙනමම ලෙවල් එකකට අරන් ගිය බයික් එකක්. ටයිටේනියම් නිමාව සහ අශ්වබල 225 එන්ජින් එක කියන කරුණු දෙක නිසා තමයි Ecosse Titanium Series FE Ti XX ලෝකයේ තියෙන මිල අධිකම බයික් වලින් එකක් කියලා සැළකෙන්නේ.

Tags
Back to top button
Close
Close