The Time Out

හොරුන්ගෙන් බයික් එක බේරගන්න ටිප්ස්

අද biker.lk එකෙන් කථාකරන්න යන්නේ හොරු ගැන.එසේ මෙසේ හොරු නෙමෙයි මේ ඇවිල්ලා බයික් හොරු ගැන.අවසනාවකට අපේ රටෙත් බයික් හොරුන්ගෙන් නම් අඩුවක් දකින්න නෑ තාම.බරපතලම දේ මේ ගොඩක් හොරකම් වෙන්නේ මහ දවල් අපි කවුරුවත් සැක නොහිතෙන විදියට.කතාවකුත් තියෙනවනේ හොරාට තියෙන්නේ ගණදෙවි නුවණ කියලා.හැබයි ඉතින් එහෙම කියලා මහන්සි වෙලා හම්බකරලා ගත්ත බයික් එක මේ කොහෙවත් ඉන්න හොරෙකුට අරන් යන්න දීලා හරියන්නේ නෑනේ.හැබයි ඉතින් බයික් එක නිකම් ලොක් කරා ගියා කියලා නම් හොරුන්ගෙන් බේරගන්න බෑ.බොරු නම් පහල විඩීයෝ එක බලන්නකො.

දැක්කනේ බයික් එක මහ දවල් දෙනොදාහක් ඉදිරිපිට මහ පාරෙදීම උස්සන විදිය.හැබැයි පහල තියෙන ටිප්ස් ටික ෆලෝ කරොත් ඔබේ බයික් එක නම් මේවගේ හොරුන්ගෙන් බේරගන්න පුලුවන් වෙයි.

ඉල්ලන් කන්න එපා!

හොරකම් කරන්නේ වටිනාකමක් තියෙන දෙයක් වටිනාකමකින් වැඩි දෙයක් ආකර්ශනය වැඩි දෙයක් හොරකම් කරන්න ඉඩ ප්‍රස්ථාව හදලා දීලා තියෙන දෙයක්.ඉතින් පලවෙනි දේ නිකන් පාරේ නවත්වලා එක ඒක හැමෝටම පෙන්න තියෙන තැනකදී  විශේෂයෙන්ම මහපාරේ නිකන් පාර්ක් කරලා තියෙනවා කියන්නේ ඉතින් සොරි තමයි.අඩුම ගානේ ටයර් එකේ ඩස්ට් කැප් හරි උස්සනවා සුවර්.එක නිසා එක දිගට නතර කරලා තියෙනවා නම් ආරක්ශිත තැනක තියන්න බලන්න.අනෙක් දේ නවත්වන තැන සීසීටීවී තියෙනවා කියලා ආරක්ශීතයි කියලා හිතන්න එපා.හොරා ෆුල්ෆේඩ් හෙල්මට් එකක් දාගෙන ආවොත් එ ආරක්ශාවත් ඉවරයිනේ.

කරන්නම දෙයක් නැත්තන්

protect from bike thief

වෙන පාර්ක් කරන්න තැනක් නැත්තන් ඔබට යන තැනට පෙනෙන තැනකින් පාර්ක් කරන්න අමතක කරන්න එපා.උදාහරනෙකට කඩේකට යනව නම් කඩේ ඉස්සරහම නවත්වන්න බලන්න වෙන තැන්වල පාර්ක් නොකර.මෙවා ඉතින් සාමාන්‍ය දැනීම.මොකද සමහරු හිතනවා කොහේ හරි පෙන්නේ නැති තැන්වල බයික් එක හැංගුවම වැඩේ හරි කියලා.ඉතින් එ වගේ බයික් වලට මොනවා වෙනවද කියලා දන්නෙ ආයෙත් අයිතිකාරයා අවම තමයි.එක නිසා හැම වෙලේම ඔබේ ඇස් මායිමේම බයික් එක තියාගන්න බලන්න.

කල්පනාවෙන් බලන්න.

බයික් හොරෙක් ආපු ගමන් බයික් එක අරන් යන්නේ නෑ.තැන බලලා,වෙලාව අරන්,තත්වේ තෙරුම් අරන්,ප්ලැන ගහලා තමයි බයික් එක අරන් යන්නේ.ගොඩක් වෙලාවට අඟවන්නේ තමන් බයික් එකේ අයිතිකරු කියලා ඉතින් එකට ඔබත් හෙල්මට් එක එහෙම බයික් එකේම තියලා ගිහිල්ලා උදව් කරනවා නම් තව කවර කතාද?,එ වගේම බහුලව දෙතුන් දෙනෙක් එකතුවෙලා හොරකම් කරන නිසා ඔබ ඉන්න ඔබේ වටේ පිටේ සිටින නොහඳුනන්න පුද්ගලයන් ගැන කල්පනාවෙන් සිටින්න.විශේෂයෙන්ම ඔබේ ගෙවල් වල බයික් නවත්වන තැන ආරක්ශාව සහතික කරගන්න.

පලමු ආරක්ශකයා

ඔබේ ස්ටියරින් ලොක් එක තමයි ඉතින් ඔබේ පළමු ආරක්ශකයා වෙන්නේ.කොහොමත් බයික් එකේ යතුරෙන් ඔෆ් කරත් ඕක ඕන් කරගන්න එක හොරෙක්ට මහලොකු වැඩක් නෙමෙයි.මොකද ස්ටියරින් ලොක් කරලා නැත්තන් හොරාට අවශය තැනකට බයික් එක ගෙනියන්න පුලුවන් නිසා.එ වගේම ඊලග දේ තමයි ස්පාර්ක් ප්ලග් එක.ඕක ඩිස්කනෙක්ට් කරලා හරි ගලවගෙනම ගියා කියන්නේ තවත් හොරුන්ට එරෙහිව ආරක්ශාවක් ගොඩ නැගෙනවා කියන එක.මොකද රැකියාවට යනකොට බයික් එක උදේ නවත්වලා ආයේ එතනට එන්නේ හවස නම් ස්පාර්ක් ප්ලග් ඩිස්කනෙක්ට් කරන එක නම් හොඳ ආරක්ශිත උපක්‍රමයක්.හැබයි ඉතින් හොරුත් බබාල නෙමෙයි නේ .එක නිසා තමයි ඊලග ටිප් එක කරලියට එන්නේ,

ලොක් පිට ලොක්

bike Grip lock

දාගන්න ඩිස්ක් ලෝක් එකක්(බයික් එකට ගැලපෙන්න හරි තැනකින් ගන්න) නැත්තන් දාගන්න හැන්ඩ්ල් බාර් ලොක් එකක්(මෙකක් නම් 2500ක් විතර වෙන්නේ).මෙවගේ ලොක් එකක් දැම්ම කියන්නේ ඉතින් හොරාගේ වැඩේ අමාරු වෙනවා කියන එකනේ.එ කියන්නේ ඔබේ බයික් එකට තියෙන අවධානය අඩුවෙනවා කියන එක.හැබයි මේ දෙකම වැඩක් වෙන්නේ නෑ මහා පරිමාණ හොරුන්ට.මොකද මුලු බයික් එකම වාහනයකට පටව ගත්තොත් මේ ලොක් දෙක්න් කිසිම වැඩක් වෙන්නේ නෑ.එක නිසා පුලුවන් නම් ගන්න ඩිස්ක් ලොක් එක හරි බාර් ලොක් එක හරි එලාම් එකක් තියෙන එකක් ගන්න බලන්න.ගාණ නම් පොඩ්ඩ්ක් වැඩි වෙවී හැබයි ඉතින් එ වගේද ආරක්ශාව.

ට්‍රැක් කරලම ඉවර කරන්න

දැන් දැන් ස්මාර්ට් ෆෝන් එකට ඇප් එකක් එක්ක සෙට් උන බයික් එන්න පටන් අරන්.එ වගේම පරණ බයික් වලට උනත් සවිකරන්න පුලුවන් GPS සිස්ටම් ට්‍රැකර් සිස්ටම් තියෙන නිස බයික් එක තියෙන තැන  හරියටම ඔබේ මොබයික් එකෙන්ම බලන්න පුලුවන්.ගොඩක් වෙලාවට මේ සිස්ටම් වල එලාම් එකකුත් එන නිසා තවත් ආරක්ශිතයි.

ඉතින් මේ ටිප්ස් වලින් ඔක්කොම හරි කිහිපයක් හරි එදිනෙදා පාවිච්චි කරන්න කියලා ඔබට ආරාධනා කරනවා.මොනවා කලත් බයික් එකේ ආරක්ශාව රඳා පවතින්නේ ඔබ ඊට ලබාදෙන අවදානය මත,ඔබට ජය,සුබ ගමන්,.අපිට මිස් උන මේකට අදාල තවත් ටිප්ස් ඔබ දන්නවා නම් ෆෙස්බුක් පොස්ට් එකට කමෙන්ට් එකක් විදියට දාන්න අමතක කරන්න එපා.

 

Tags

Leave a Reply

Back to top button
Close
Close