Motorbike Reviews

2018 නිර්මාණය කළ ලෝකයේ අමුතුම Bikes 9

තාක්ෂණයේ දියුණුවත් එක්ක මිනිස්සු අරුම පුදුම නිර්මාණ කරන්න උත්සහ කරනවා. Bike පිස්සුව තියෙන අය හැම තිස්සෙම උත්සාහා කරන්නේ අමුතු විදියේ Bike නිර්මාණය කරන්න. හරියට නිකන් Batman චිත්‍රපටියේ Bat Bike එක වගේ.

මේ unusual bikes වල හිතා ගන්න බැරි තාක්ෂණයක් වගේම අමුතු හැඩයක් තියෙනවා. 2018 අවුරුද්දේ මේ වගේ අමුතු Bike කිහිපයක්ම එළිදැක්වූවා. මේ කියන්න යන්නේ ඒ වගේ Bike කිහිපයක් ගැන.

Arc Vector

Arc Vector

මේ Bike එක බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත electric Bike එකක්. ලෝකයේ සුපිරිතම Eectric Bike එක විදියටත් හඳුන්වන්න පුළුවන්. £ 90,000 පිරිවැයක් මේ Bike එක නිෂ්පාදනය කරන්න වැය වෙලා තියෙනවා. 399-Volt විදුලි එන්ජිමකින් Arc Vector Bike එක බලගැන්වෙනවා.

විනාඩි 45 ක fast-charg කිරීමකින් පසුව සැතපුම් 362 ක පමණ ක දුරක් ගමන් කරන්න මේ Bike එකට පුළුවන්.

Arch Method 143

Arch Method 143
Keanu Reeves තමයි මේ සුපිරි Bike එක නිර්මාණය කරන්නේ. බ්‍රිතානයේ නිෂ්පාදිත Bike එකක් විදියට තමයි Arch Method 143 එළිදක්වන්නේ. අමුතුම හැඩයක් මේ Bike එකට ලබා දීලා තියෙනවා. 2343cc V-twin එන්ජිමක් මගින් මේ Bike එක බලගැන්වෙනවා. තවත් විශේෂත්වයක් තමයි Bike 23 ක Limited Version එකක් විදියට තමයි මේ සුපිරි Bike එක නිර්මාණය කරලා තිබීම.

Allen Millyard Honda RC174 replica


2018 අවුරුද්දේ නිර්මාණය කරපු තවත් අමුතු Bike එකක් තමයි මේ. Allen Millyard කියන Bike නිර්මාණකරු තමයි මේ Bike එක නිර්මාණය කරන්නේ. විවිධ Bike වල කොටස් සහ Custom Build උපාංග අලින් තමයි මේ Bike එක නිර්මාණය කරලා තියෙන්නේ.

Harley-Davidson Pan America


2018 කියන්නේ Harley-Davidson වර්ගයේ Bike වලට ලොකු අවුරුද්දක්. ඇමෙරිකාවේ නිෂ්පාදිත පළමු Harley-Davidson මධ්‍යම කාණ්ඩයේ adventure එක විදියට මේ Bike එක එළිදැක්වූවා. නව 1250cc V-twin එන්ජිමකින් Harley-Davidson Pan America Bike එක බල ගැන්වෙනවා. ඒ වගේම brand-new frame සහ swingarm, Brembo brakes සහ Showa suspension වලින් මේ Bike එක සමන්විතයි.

Honda CB125 concepts


Honda සමාගමේ තවත් අලුත් Concept එකක් තමයි මේ Bike එක. රෝමයේ හොන්ඩා හි පර්යේෂණ හා සංවර්ධන මධ්යස්ථානය විසින් මේ Bike නිර්මාණය කරලා තියෙනවා. CB125X adventure bike and CB125M naked street bike දෙක මේ Concept එඅ යටතේ නිර්මාණය වෙනවා. කොහොම වුනත් 2020 දී තමයි මේ Bike වෙළඳපොළට එන්නේ.

Horex VR6 RAW

දැක්කම් හිත පිස්සු වැටෙන විදියේ Bike එකක් තමයි මේ. triple overhead cam සහ three valves per cylinder සහිත narrow-angle V6 එන්ජිම මඟින් 161bhp ධාරිතාවක් නිපදවනවා. £31,500 තමයි මේ සුපිරි Bike එක මිල කරලා තියෙන්නේ.

Peugeot PX2 café racer concept

Unusual bikes 2019
Peugeot සමාගම 2018 Paris Motor Show සඳහා නිර්මාණය කරපු Bike Concept එක තමයි මේ. P2X Bike එක 25cc සහ 300cc කාණ්ඩ වලින් නිර්මාණය කරන්න නියමිතයි. 1930 දී නිෂ්පාදිත Peugeot 515 Bike එකේ අනුප්‍රාප්තිකයෙක් විදියට මේ Bike එක හඳුන්වන්න පුළුවන්.

Shaw Harley-Davidson Gobstopper

Shaw Harley-Davidson Gobstopper
පෙනුමෙනුත් ඇමුතුම් විදියේ Bike එකක් තමයි මේ. 2018 AMD World Championships තරඟාවලිය වෙනුවෙන් Shaw Harley-Davidson සහ නූතන චිත්ර ශිල්පියෙකු වන Grayson Perry විසින් මේ Bike එක නිර්මාණය කරලා තියෙනවා.

Zapp i300 scooter

Zapp i300 scooter
මේ වෙද්දී අමුතු විදියේ Scooter නිපදවන්නත් පටන් අරන් තියෙනවා. Zapp i300 scooter කියන්නෙත් ඒ වගේ Scooter එකක්. electric ස්චූටෙර් එකක් විදියට තමයි මේ Bike එක වෙළඳපොළට එන්නේ. අපූරු හුරුබුහුටි පෙනුමක් සහ සරල හැඩයක් මේ Scooter එකට තියනවා.

Tags

Leave a Reply

Back to top button
Close
Close