The Time Out

අලුත් විදියේ අලුත් වැඩක්

පසුගිය කාලේ රටේ ඇති වුන වාතාවරණෙන් පස්සේ ආයෙත් අපේ බයිකර්ස්ලා සෙට් එකට අවුලක් වියවුලක් නැතුව නිදහසේ පාරේ ගමන් කරන්න දැන් අවස්ථාව ලැබිලා තියෙන එක ගැන biker.lk හැටියට අපිටත් තියෙන්නෙ ලොකු සතුටක්.ඉතින් එ වගේම හැමෝටම මතක ඇති ඇඳිරි නීතිය දැම්ම වෙලාවේ අපේ රටේ ඉන්න දක්ශයෝ දැනට පිටරටින් ගෙන්වන ගොඩක් දේවල් අපිටම හදන්න පුලුවන් කියලා ඔප්පු කරපු එක ගැන.ඉතින් එ අපේකම ඇතිකරපු රැල්ලට කලින් ඉඳන්ම එකතු වෙලා හිටිය DSI ටයර් සමාගම අපි හැමෝටම වැදගත් වෙන අලුත් වැඩක් ආරම්භ කරලා.

වැඩේ වෙන්නේ මෙහෙමයි, දැනට ඔයාගේ බයික් එකට හරි,ස්කූටියට හරි ත්‍රීවීල් එකක් තියෙනවා නම් ඒකට හරි ටයර් එකක් ගන්න ඕන උනාම ඔක්කොම වැඩ පැත්තකට දාලා කොහේ හරි ටයර් කඩේකට යන්න එපැයි.එ කඩේට ගිහිල්ලත් ගත්ත ටයර් එක චෙක් කරලා බලන්නත් තව කාලයක යනවා.වැඩේට ඉතින් වරුවක්ම ඉවරයි.ඉතින් මේ ප්‍රශ්නේට විසඳුමක් තමයි DSI ටයර් සමාගම දීලා තියෙන්නේ.එ කියන්නේ එයාලගේ  www.shop.dsityre.lk කියන වෙබ් සයිට් එකට ගියාම ඔයාට කැමති සයිස් එකෙන් කැමති ප්‍රමානයක ටයර් දැන් ගෙදරට හරි ඔයා වැඩකරන තැනට හරි දවස් තුනක් ඇතුලත ගෙන්න ගන්න පුලුවන්. DSI ටයර් සමාගමෙන්ම ගේන නිසා ඔරිජිනල්ම තත්වේන් ගන්නත් පුලුවන්.

එකත් එක්ක තව ලොකු වාසියක් ඔයාට මේකෙන් ගන්න පුලුවන්. එ තමයි ඔබ ඇණවුම් කරන ටයර් ඔයාගේ වාහනේට සවිකරල දෙන එකත් දැන් DSI ටයර් සමාගමෙන්ම කරන නිසා ආයෙත් ඉතින් කුනු,දූවිලි ගාගෙන ටයර් මාරු කරන්න ඕන වෙන්නේ නෑ.ඕඩර් එක ඔය පහල තියෙන විදියට හරියට දැම්ම ගමන් ඔයා ඔෆිස් එකේ හිටියත් ගෙදර හිටියත් ඕන තැනකට ඇවිල්ල ටයර් එක මාරු කරලත් දෙනවා.DSI ටයර් සමාගමේ ටෙක්නිශියන්ස්ලා එන නිසා රෝදේ මාරුකරන වැඩෙත් ප්‍රමිතියකටම කරගන්න පුලුවන්.

වැඩේ නියමයි නේ! ඉතින් මේ සේවා දැනට ගම්පහ දිස්ත්‍රිකයෙන් තමයි ආරම්භ කරලා තියෙන්නේ.ඉදිරියෙදී සෙසු දිස්ත්‍රික්ක වලටත් මේ සේවාව ලබාදෙන්න DSI ටයර් සමාගම කටයුතු කරනවලු.

Back to top button
Close
Close