The Time Out

යාලුවොත් එක්ක බයික් ට්‍රිප් එකක් යන්න ටිප්ස් – පාර්ට් ටූ

සමහර වෙලාවට දුර ගමනක් බයික් එකේ තනියම යන්න අපි කැමැති වුණාට හොඳට විනෝද වෙන්න නම් අපේ යාළුවො ටිකත් ඉන්නම ඕන. එහෙම යද්දි හිතන්නම ඕන දේවල් ගැන තමයි මේ කියන්නෙ.මේ කියන ටිප්ස් වල මුල් සෙට් එක අපි අනෙක් ලිපියෙන් සවිස්තරව ඉදිරිපත් කරා.ඉතින් මේ ලිපියෙන් එවා සාරාංශගතව පලකර ඇති අතර සංඥා සඳහා වැඩි ඉඩක් ලබාදී තිබෙනවා.

පෙර සූදානම් වීම

ට්‍රිප් එක යන්න කලින් ඒ අන්න කොහෙද කොහොමද කවද ද වගේ හැම විස්තරයක්ම හරියට කතා කර ගන්න ඕනේ. පුළුවන්නම් ගමන් මාර්ගය හැමෝටම සිතියමක් විදියට දෙන එකෙන් කවුරුවත් මගහැරෙන එක වලක්වගන්න පුළුවන්.

නායකයෙක් තෝරා ගැනීම

මේ වගේ ගමන් ගැන වැඩිපුර ම අත්දැකීම් තියෙන කෙනා නායකයා විදිහට තෝරා ගැනීම වැදගත්. එයා ගමන් මාර්ගය ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් වගේම අනිත් අයව හරියට මග පෙන්වන්න පුළුවන් කෙනෙක් වෙන්නත් ඕනා. නායකයා තරම්ම වැදගත් වෙනවා කණ්ඩායමේ අන්තිමට ඉන්නේ කෙනාත්. එයාගෙ වගකීම වෙන්නේ හැමෝම හරි මාර්ගයේ යනවද මගහැරෙන්නේ නැද්ද කියලා අවබෝධයෙන් ඉන්න එක.

කණ්ඩායමේ ඉන්න ගාන සීමා කරන්න

හොඳටම තමන්ගේ ආරක්ෂාව සපයා ගන්න පුළුවන් වෙන්නේ කණ්ඩායම උපරිම 5-7ත් අතර වෙනවා නම. මේ ගණන මීට වඩා වැඩි වෙන එකෙන් පාර හරස් වුණා වගේම මුළු කණ්ඩායමටම ඒක බාධකයක් වෙනවා. එහෙත් ඊට වඩා අය ඉන්නවා නම් කරන්න තියෙන හොඳම දේ තමයි කණ්ඩායම් කිහිපයකට බෙදිලා නායකයන් කිහිප දෙනෙක් පත් කරගන්න එක.

පෙර සුදානම් වීම

අනිවාර්යෙන්ම කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු ගාව ප්‍රථමාධාර කට්ටලයක් වගේ ම ආයුධ කට්ටලයක් තියෙන එක වැදගත්. ප්‍රථමාධාර කට්ටලය තිබිය යුතු වන්නේ ඒ ගැන හොද දැනුමක් තියෙන කෙනෙක් ගාව. මතු වෙන්න පුළුවන් මූලික ප්‍රථමාධාර ප්‍රශ්නයකදී ඒක විසඳන්න එයා මූලිකත්වය ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම කණ්ඩායමේ හැම කෙනෙක් ගාවම ජංගම දුරකථනයක් තිබීමත් අත්‍යවශ්‍යයි.

එ වගේම තම තමන්ගේ බයික් වල ටයර් ගැන විශේෂයෙන්ම සැලකිල්ලක් දක්වන්න ඕනේ.ලංකාවේ පාරවල් වලටම හදලා තියෙන දිගු කාලයක් පාවිච්චි කරන්න පුලුවන්,රැ කාලෙදි අනෙක් වාහන වලට ඔබව වැඩියෙන් පෙන්නුම් කරන නියෝන් ඉෆෙක් එකක් තියෙන ,වසර ගනනක විශ්වාසයක් තියෙන DSI වගේ ටයර් එකක් බයික් එකට දාගන්න පුලුවන් නම් යාලුවොත් එක්ක කිසිම අවුලක් නැතුව බයික් එකේ ලංකාවේ වටේම උනත් යන එක සිම්පල් වැඩක්

බයික් පාරේ ස්ථානගත කරගන්න ඕන පිළිවෙල

බයික් දෙකක් අතරේ බයික් නිසි පරිදි හසුරුවා ගන්න පුළුවන් තරමේ ඉඩ පරපුරේ තිබිය යුතුයි. අනෙකුත් ධාවකයන්ගේ දර්ශන පථයට බාධා වෙන්නැති විදිහට විසිරුණු ආකාරයට බයික් ස්ථානගත කර ගත යුතුයි. වංගු වලදී නායකයා ට වැඩි වගකීමක් හිමිවෙන්නේ මුළු කණ්ඩායමම එයාව අනුගමනය කරන නිසයි.

අනෙකුත් වාහන overtake කිරිමේදී

පාරේ යන වාහනයක් ඉතාමත් අඩු වේගයකින් යනවනම් ඒක පසුකර යාමට අපට සිදු වෙනවා. කණ්ඩායමක් සමග යාමේදී ආවේ දී ආරක්ෂාව ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වෙනවා. නායකයාගෙන් පටන් අරන් වරකට එක බයික් එක බැගින් වාහනය overtake කරන්න ඕනේ. තමාට කලින් ගිය බයික් එක ස්ථාවර වුණාට පසුවයි ඊළඟ ධාවකයා overtake කිරීම පටන් ගන්න ඕනේ. කලබල වෙන්නෙ නැතුව අනිත් පැත්තෙන් එන වාහන ගැන අවධානය යොමු කරමින් මේක කිරිම වැදගත්.

කණ්ඩායම මඟදි වෙන් වුණොත්

මෙහෙම ගමනක් යද්දි ප්‍රධාන කණ්ඩායම මග හැරෙන එක වෙන්න පුළුවන් දෙයක්. හොඳම දේ තමයි කලබල වෙන්නේ වෙන්නෙ නැතුව කලින් කතා කරගත් ගමන් මාර්ගයේ දිගටම යන එක. එතකන් මගහැරුණු කණ්ඩායමේ ඉන්න වැඩිපුරම අත්දැකීම් තියෙන කෙනා තාවකාලිකව මගහැරුණු කණ්ඩායමේ නායකයා විදියට කටයුතු කරන්න ඕනා. ඉදිරියෙන් යන ප්‍රධාන කණ්ඩායම තමන්ගේ වේගය අඩු කරගෙන නැත්නම් පාරේ නැවතිලා මග හැරුණු කණ්ඩායමත් එක්ක එකතු වෙන එක තමයි කරන්න පුළුවන් හොඳම දේ.

එක් එක් ධාවකයා ගේ හැකියාවන් මට්ටම් වෙනස් කියලා මතක තියාගන්න

අත්දැකීම් ගොඩක් තියෙනව ගේම තියෙන වගේම මේ වගේ ගමනක් ගැන කිසිම අත්දැකීමක් නැති අයත් ඉන්න පුලුවන් හින්දා අඩු අත්දැකීම් තියෙන අය ව කණ්ඩායමේ මැද හරියෙන් තියා ගන්න එක ගොඩක් ආරක්ෂිතයි. ඒ කණ්ඩායමේ මුලින් වගේම අන්තිමට යන අය ඒ ගොල්ලන්ව අනතුරුවලින් ආරක්ෂා කරන්නත් පුළුවන් හැකියාව වැඩි හින්දා.

අත් වලින් සංඥා භාවිත කරන්න

කණ්ඩායමේ හැම සාමාජිකයා ව මූලික අත් සංඥා දැනගැනීම වැදගත් වෙනවා. බයික් වලින් ගමන් කරද්දී කටහඬ භාවිතාවෙන් සංඥා කරන්න අපහසු නිසා අත් සංඥා අපි හිතනවට වඩා ගොඩක් වැදගත් වෙනවා.

ආචාර ධර්ම

කලින් කිව්ව වගේ හැමෝම අනිත් අයගේ හැකියාවන් වල මට්ටම් දැන ගත යුතුයි. හැමෝම ගමන් කරන්න ඕනේ හැමෝටම හරි යන වේගයකින්. ඒත් මේ සාමාන්‍ය වේගයට වඩා වැඩිපුර වේගයකින් යන්න කැමති කීපදෙනෙක් ඉන්නවා නම් කරන්න තියෙන හොඳම දේ තමයි කලින් කතා කර ගන්න එක ඒ කට්ටිය අනිත් අයට වැඩි වේගයකින් යන එක ගැන.

තමන්ගේ බයික් එකේ race mufflers  තියනවනම් ඒ වගේම තමන් ඒ ශබ්දයට කැමතිනම් කරන්න තියෙන හොඳම දේ එයා කණ්ඩායමේ අන්තිම හරියෙන් එන එක. නැත්නම් මේ ශබ්දය කණ්ඩායමේ අනිත් අයට කරදරයක් වෙන්න පුළුවන්.

මෝටර් සයිකල් කිව්වම රෝද දෙකේ මෝටර් සයිකල් ඇරුනම trikes වගේම side cars  මේකට අයත් වෙන්න පුලුවන්. ඒ වලට සාමාන්‍ය බයික් එක්ක ට වඩා වැඩි ඉඩක් යන හින්ද කණ්ඩායමෙන් මේගොල්ලොත් අන්තිම හරියට එකතු වෙන්න ඕන.

ගමන අවසන් කිරීම

ගමන පටන් ගත්තු උද්යෝගයෙන් ම ගමන් අවසන් කිරීම ගොඩක් වැදගත්. කණ්ඩායමට නව සාමාජිකයින් එකතු කර කරගැනීම, tour එකට වෙන ප්‍රදේශයක් තෝරා ගැනීම වගේ කර ගැනීම වගේ දේවල් වලින් ඊළඟ අවුරුදු වල ගමන් කලින් අවුරුදුවලට වඩා වෙනස් කර ගන්න පුළුවන්. ගොඩක් වැදගත් වෙන්නේ මේ ලබාගන්න අත්දැකීම් වලින් කාලයත් එක්ක ම මේ tours වල ගුණාත්මක භාවය වැඩි කර ගන්න එක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close