The Time Out

යාලුවොත් එක්ක බයික් ට්‍රිප් එකක් යන්න ටිප්ස් – පලමු කොටස

ට්‍රැවල් කරන එක දැන් ට්‍රෙන්ඩ් එකක්නේ.නිවාඩුවක් ලැබුන ගමන් හැමෝම කොහේ හරි දුර පළාතකට යන්න තමයි බලන්නේ.එකට දුම්රිය,බස් එක හරි තමන්ගේම කාර්,වෑන් හරි යොදාගත්තත් බයික් එකක ඒ ගමන යන එක තරම් ගතියක්,උත්තේජනයක් වෙන කිසීම විදියකින් ගන්න අමාරැයි කියලා ඔබත් මා සමඟ එකඟ වේවී.එකේ ඊටත් වඩා රසේ වැඩිවෙන්නේ ඉතින් යාලුවොත් එක්ක එක රෑනට් බයික් සෙට් එකෙන්ම ට්‍රිප් එක යනවා නම් තමයි.ෆන් එක කෙසේ වෙතත් මේ වගේ බයික් එකෙන්ම දිගු ගමනක් කණ්ඩායම් විදියට යන එකේ පොඩි අනතුරු වැඩි වීමේ අවධානමක් නැතුවම නෙමෙයි.එක නිසා එවා අඩු කරගන්න පොඩි පොඩි නිති සහ වටින ටිප් කිහිපයක් තමයි මේ කියන්න යන්නේ,

යන්න කලින් සෙට්වෙන්න

හොඳ සූදානමක් ඕනේම දෙකදී වටිනවා.ඉතින් බයික් වලින් යන මේ ගමනටත් කලින් ඔබේ සෙට් එකම එකතුවෙලා පොඩි මීටිමකට සෙට් වෙන්න.මෙතනදි අනං මනඃ වල්පල් නැතුව ගමන යන විදිය ගමනාන්තයට ලඟාවෙන පාරවල් සහ අතරමග විශේෂ තැන්වල නතර කරනවා නම් එ ගැන කතාබහ කරගන්න.කාටවත් අනතුරක් වෙන්නේ නැතුව අතරමං වෙන්නේ නැතුව ගමනාන්තයට ලඟාවෙන්න නම් පාර ගැන දන්න කෙනෙක් ඔබේ නායකයා බවට පත් කරගන්න.එ වගේම GPS උපකරණයක් ඔබේ බයික් එකේ සවීකරගන්න එක නම් මේ වගේ ගමනකට ගොඩක් වටිනවා.(අඩුම ගානේ නායකයට පමනක් හරි )

එහෙම උපකරනයක් ගන්න සල්ලි නැත්ත්නම් ඔබේ ෆෝන් එක බයික් එකේ රඳවගන්න පුලුවන් හොල්ඩර් එකක් ගන්න.හැබයි වැස්සකදී හරි වෙන අවස්ථාවකදී ෆෝන් එකට වතුර නොයන බවට වග බලාගන්න.නමුත් කාට හරි කියන්න පුලුවන් මඟ තොටේ හමුවෙන කෙනෙක්ගෙන් පාරවල් අහගෙන යන්න පුලුවන් කියලා.එතන ප්‍රශ්නේ තියෙන්නේ රෑ කාලයෙදී සහ වර්ශාකාලයෙදි මේ වැඩේ අසාර්ථක වෙන එක.ඉතින් මේ මීටින් එකේදී නායකයෙක් පත් කරගෙන ,ඔබ රැගෙන යායුතු බඩු භාන්ඩ ලිස්ට් කරලා එවා සෙට් එකටම බෙදලා දීලා වැඩේ ඉවර කරගන්න පුලුවන්.(මෙතනදී අනිවාර්යෙන්ම ප්‍රථමාධාර කට්ටලයක් සහ සෑම බයික් එකටම අදාල ටූල් සෙට් ගෙන එන එක නම් අනිවාර්ය කරන්න)

නාකියා නායකයා කරන්න

නායකයෙක් පත්කරගන්න ඕනෙ එකේ වැදගත්කම මේ වගේ ගමනකදී ඉතා වැදගත්.ඔතන ඔය නාකියා කියන එකෙන් අදහස් කරන්න හැදුවේ ඔබේ මේ ගමන යන සෙට් එකේ අත්දැකීම් බහුල මාර්ගය ගැන දන්න කෙනා කියන එක.නැතුව වයසින් නෙමෙයි.එහිදි මේ නායකත්වය මාර්ග නිති පිළිපදින කන්ඩායමේ අනෙක් අයව හැසිරවිය් හැකි කෙනෙක් වෙනවා නම් නියමයි.මොකද ඔබේ ගමනෙදී මොහු කන්ඩායම මුලින්ම ගමන් කල යුතුයි.එහි දී අනෙක් පසින් ධාවනය වන වාහන මුලින්ම හමුවෙන්නේ නායකයාටයි.

එහිදී කණ්ඩායමට ඉදිරියේ තියෙන තත්වය විවිධ සංඥා මගීන් දැනුම් දීම සහ ඕනේම අවස්ථාවකදී කන්ඩායම් සඟයන්ට උදව් කිරීම ,කන්ඩායම කැඩී වෙන්වී ගමන් කිරීම වැලෙක්වෙන වේගයක ගමන් කිරීම වගේ දේවල් නායකයා වගබලාගන්න අවශ්‍යයි.එ වගේම කන්ඩායමේ උසම සහ අත්දැකිම් බහුල ධාවකයා කන්ඩායම අවසානයේ සිට මුලින්ම යන නායකයාට මේ කටයුතු කරගැනීමට රුකුලක් වෙන්න ඕනේ.මේ මොනවත් නැත්තම් වෙන්නේ ගාල කඩාගත්ත හර්ක් වගේ පාරේ ගිහිල්ලා අන්තිමට මිනිස්සුත් හප්පලා නොදන්නා පැත්තක පොලිසි ගානේ රස්තියාදු වෙන්න වෙන එක .එක නිසා කන්ඩායම සෑම විටම එක විධානයකට ගමන් කිරීම වැදගත්.

ලිමිට් එකේ යන්න

ලංකාවේ බයික් වලින් ට්‍රිප් යන සෙට් කරන ලොකු වැරද්දක් තමයි බයික් පෙලපාලි යන්න හදන එක.එ කිව්වේ එක රොත්තට සෙට් එකේ ඉන්නේ 15ක් 20ක් නම් ඔය බයික් 15හරි 20 හරි එක දිගට පාරේ ධාවනය කරන එක.මේක පාරේ ගමන් කරන අනෙක් මගීන්ට ලොකු හිරිහැරයක් වගේම අනවශ්‍ය විදියේ අනතුරු වලට අතවැනීමක් විදියට දකින්න පුලුවන්.මේ නිසා යන්න යන ගමන නතර කරලා පොලිසියත් එක වාද වෙන අවස්ථා එදිනේදා ජිවිතේ ඔබත් දැකලා ඇතිනේ.

ඉතින් මේක් මඟ හරවා ගන්න තියෙන එකම දේ තමයි ඔබේ මුලු කන්ඩායමම සාමාජිකයන් 5-7 අතර ඉන්න කුඩා කන්ඩායම් වලට කඩලා වෙන වෙනම ගමන යන එක.එතකොට ඒ ඒ කන්ඩායමට ඉන්න නායකයට සෙට් එක හසුරුවන එකත් පහසුයි.අනතුරු ඇතිවීම,කට්ටිය මඟහැරීම වගේ දේවල් ඇතිවෙන්නේම නැති තරම්.හැබයි ඉතින් මේ කන්ඩායම් ඔක්කොම එක වෙලේ ගමන ආරම්භ කලොත් ආයෙත් වෙනේ අර උඩ කිව්ව වගේ ගාල කඩාගත්ත හර්ක් රැල වගේ යන එක නිසා.එක් කන්ඩායමකට යම් කාලයක් දිලා ඊලග කන්ඩායම ගමන ආරම්භ කරන්න.

මේක නම් වැදගත්

බයික් වල යන ගොඩක් කන්ඩායම් වලට බොහොවෙලාවට ප්‍රථමාධාර මතක් වෙන්නේ අනතුරකින් පස්සේ ඉතින් එතකොට වෙන්න ඕනේ දේවල් වෙලා ඉවරයි.මේ නිසා කලිනුත් කිව්වා වගේ මතක ඇතුව ප්‍රථමාධාර කට්ටලයක් කන්ඩායමේ එක අයකුවත් රැගෙන යන්න.අනෙක් දේ තමයි මේ ප්‍රථමාධාර කට්ටලය අරන් ගියාට වැඩක් නෑ.එකෙන් වැඩක් ගන්න දන්නැත්තන්.එක නිසා අඩුම තරමේ එක් අයෙක් වත් ප්‍රථමාධාර සම්බන්ධව අවබෝදයක් තියෙන අයෙක් වෙන්න.(අඩුම වශයෙන් කෘතිම ස්වසනය දක්වා දැනීමක් තිබිය යුතුයි.)එ වගේ කෙනෙක් කන්ඪයමේ නොමැති නම් අඩුම තරමින් ඔබේ මාර්ගයේ ඇති රෝහල් ගැන දල අදහසක් කන්ඩායම් රැස්වීමේදී සියලු දෙනාට දැනුම් දෙන්න.මොකද අනතුරු සිදුවෙන්න අපි කවුරුවත් නොහිතන වෙලාවක.

උදාහරනෙකට රාත්‍රි කාලයෙදී සිදුවෙන අනතුරක් ගැන සිතන්න.අවට සිටින්නන්ගෙන් ලැබෙන උදව් ගොඩක් අඩු වෙලාවක් නිසා සියලු දේ කරගන්න වෙන්නෙ ඔබේ කන්ඩායමටම තමයි.තව දෙයක් ඔබ රාත්‍රී කාලායෙදි ගමනේ යෙදෙන්නේ බලාපොරොත්තු වෙනවා නම් අනෙක් වාහන වලට සහ ඔබේ කන්ඩායම් සාමජිකයන්ට ඔබව පේනේන ලාපැහැති වර්න වලින් ඇඳුම් අදින්න.එ වගේම DSI GenX වගේ රාත්‍රී කාලයට වැඩියෙන් පෙනෙනෙ නියෝන් ඉෆේක්ට් එකක් තියෙන ටයර් භාවිතා කරන්න පුලුවන් නම් වටිනවා.

 

මෙහි මීලඟ ලිපියෙන් කන්ඩායමක් විදියට ඔබ මොටර්බයික් වලින් ට්‍රිප් එකක් යනවිට වැදගත් වෙන කණ්ඩායම තුල භාවිතා කල හැකි විවිධ සංඥා සහ අනුමගනය කල හැකි ක්‍රමවේද පිළිබද ගැඹුරින් කතාකිරීම කරනවා.එ වගේම මේ ලිපියේ තියෙන කරුනු වලට අමතරව ඔබ දන්න ටිප්ස් තියෙනවා නම් අනිවාර්යෙන්ම අපේ ෆෙස්බුක් පොස්ට් එකේ කමෙන්ට් කරන්න

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close