Maintenance

මොටර්බයික් ට්‍රාන්ස්මිශන් ගැන සියලු විස්තරේ

දැනට සෑහෙන්න කාලෙකට කලින් නම් transmission system සම්බන්ධයෙන් මෝටර්බයික් ගැනුම්කරුවන්ට තිබුණු එකම තේරීම වුණේ manual transmission විතරයි. ඒත් 90 දශකයේ මුල් භාගයේදී electronic උපකරණ පැමිණීමත් සමඟ, මෝටර්බයික් transmission system වලත් ලොකු වෙනසක් සිදුවුණා.

  • Manual Transmission

බොහෝ manual transmission මෝටර්බයික් foot lever එකක් භාවිතයෙන් ගියර් 5ක් හෝ 6ක් සහිත sequential gearbox එකකින් සමන්විත වෙනවා. මෙහි Handlebar එකේ වම් පැත්තේ ඇති clutch ලීවරය මඟින් clutch එක ක්‍රියාත්මක කරනවා. සාම්ප්‍රදායික යතුරුපැදියක ගියර් මාරු කිරීමේ රටාව නිෂ්පාදකයින්ගේ කැමැත්තට අනුව, neutral ගියර් වලට අදාළව, ගියර් පහේ වේග වින්‍යාසයක් ඇති අතර එය “one-down, four-up” හෝ “one-up, four-down” ලෙස හැඳින්වෙනවා.

Neutral ගියරය, පළමු සහ දෙවන ගියර් වලින් “half a click” දුරින් තිබෙනවා. එමඟින් ධාවකයාට neutral සිට සෘජුවම පළමු හෝ දෙවන ගියරය වෙත මාරු වීමට හැකියාව ලැබෙනවා, නමුත් ඉහළ ගියර් වෙත ප්‍රවේශ විය හැක්කේ අනුපිළිවෙලින් පමණි, එමනිසා මෙය “sequential” (අනුක්‍රමික) යන නමින් හැඳින්වෙනවා.

 

  • Automatic Transmission

බොහෝදුරට ස්කූටරවල දක්නට ලැබෙන automatic transmission system දැන් දැන් cruiser බයික් වෙතද ඇදෙමින් පවතින අතර Honda සමාගම යනු නව ආකාරයේ ගියර් සහ ක්ලච් මෝස්තර සංවර්ධනය කිරීමේ පුරෝගාමීන් අතරින් ප්‍රමුඛත්වය ගන්නා සමාගමක්. ප්‍රධාන වශයෙන් භාවිතයේ පහසුව සහ ඉතා සීමිත ධාවනයක් සඳහා මනා කාර්ය සාධනය යන කරුණු නිසා urban commuters, millennials සහ casual riders සඳහා automatic transmission විශිෂ්ට විකල්පයක් බවට පත් වී තිබෙනවා.

  1. No Shift  Automatics/ CVT

Continuously Variable Transmission හෙවත් CVTs (අඛණ්ඩව විචල්‍ය සම්ප්‍රේෂණ) ලෙස ප්‍රසිද්ධියට පත් වූ මේ system එක 1973 දී Honda විසින් මහා පරිමාණ නිෂ්පාදනයට හඳුන්වා දෙන ලදි. Throttle එකෙන් පමණක් ක්‍රියාත්මක වන මෙහි ෂිෆ්ට් ලීවරයක්, neutral ගියරයක්, reverse, සහ leg pull/ push යන කිසිවක් ඔබට දකින්නට ලැබෙන්නේ නැහැ.

CVT හි conical pulleys දෙකක්, centrifugal ක්ලච් එකක් සහ belt එකක් ලෙස කොටස් තුනක් තිබෙනවා. එන්ජිමේ rpm වැඩි වන විට, centrifugal ක්ලච් එක conical tapered pulleys එකකට belt එක තල්ලු කරනවා, මෙය රෝදය කැරකැවීමට හේතු වෙනවා. බයික් එකේ වේගය conical pulley මත belt එකේ පිහිටීම මත රඳා පවතිනවා.

එන්ජිම වේගයෙන් කැරකැවෙන තරමට ක්ලච් එක විස්ථාපනය වන අතර මෙම belt එක conical pulley හි ඉහළ කොටසකට තල්ලු කරනවා. CVT හි ඇක්සලරේට් කිරීම ඇදහිය නොහැකි තරම් සුමට, බාධාවකින් තොර ක්‍රියාවලියක්.

වෙළඳපොලේ ඇති සියලුම ස්කූටර දැනට ක්‍රියාත්මක වන්නේ CVT transmission මඟින් වන අතර විවිධ බයික් සන්නාම සඳහා විවිධ වූ වෙනස්කම් තිබෙනවා. ඒ වගේමයි, මෙම තාක්ෂණය භාවිතා කරන Aprilia Mana සහ BMW’s C කාණ්ඩයේ මෝටර්බයික්ද දකින්නට ලැබෙනවා.

  1. Dual Clutch Manumatics

රෝද හතරේ වාහන සඳහා නිර්මාණය කරන ලද මෙම තාක්‍ෂණය 2010 දී Honda සමාගම විසින් ඔවුන්ගේ VFR1200F sport touring බයික් එක සමඟින් මෝටර්බයික් ලෝකයට ගෙන ආවා. එක clutch එකක් වෙනුවට DCT (Dual Clutch Transmission) හි ක්ලච් දෙකක් භාවිතා කරනවා. ඔත්තේ ගියර් සඳහා එකක් සහ ඉරට්ටේ ගියර් සඳහා එකක්, වේගවත් සහ සුමට ගියර් මාරු කිරීමක්, විශිෂ්ට compression brake සහ stall-proof operation වැනි ප්‍රතිලාභ මෙමඟින් හිමි වෙනවා. භාවිතයේ පහසුව සමඟින් විශිෂ්ට ඉන්ධන පිරිමැස්මක්ද සපයනු ලබන අතර මේ මෝටර්බයික් වලට (විශේෂයෙන්ම බරින් වැඩි බයික් සඳහා) reverse ගියරයක්ද සහිත වෙනවා.

මේ වන විට Honda සමාගම එහි DCT තාක්‍ෂණය භාවිතයෙන් නිෂ්පාදනයේ යෙදෙන දසවන වසරේ සිටින අතර, එය වසරින් වසර ජනප්‍රිය වෙමින් පවතිනවා. ආරම්භයේ සිට DCT system සහිත යතුරුපැදි 100,000 කට වඩා ඔවුන් අලෙවි කර තිබෙනවා. දැනට, Honda VFR1200 series, CRF 1000L Africa Twin, NC750X, CTX700 සහ Gold Wing ඇතුළුව මෙම transmission system එක සහිත මාදිලි විශාල සංඛ්‍යාවක් ධාවනය වෙනවා.

  1. Centrifugal Clutch Designs

Honda විසින් එහි Cub series සඳහා අනන්‍ය automatic  centrifugal clutch එක සංවර්ධනය කිරීම පිටුපස අපූරු කතාවක් තිබෙනවා. කාලයකට ඉහතදී restaurant deliveries සිදු කෙරුණේ දකුණු අතින් කෑම සහිත පෙට්ටි රැගෙන වම් අතින් බයික් එක පාලනය කරන බයික් ධාවකයින් මඟින් වූ බැවින්, තනි අතින් ක්‍රියාත්මක කළ හැකි බයිසිකලයක් නිෂ්පාදනය කිරීම මෙහි අරමුණ වුණා. එහි ප්‍රතිඵලය වූයේ විප්ලවීය automatic centrifugal clutch එක බිහි වීමයි.

ඒවා ඇත්තෙන්ම ස්වයංක්‍රීය නම් නැහැ. නමුත් මෙවැනි system එකක් මඟින් ධාවකයාට කකුලෙන් තල්ලු කිරීම/ඇදීම මගින් පමණක් ගියරය වෙනස් කිරීමට ඉඩ සලසනවා. නමුත් handlebar එකෙහි සවිකර ඇති ක්ලච් ලීවරයක් මේ බයික්වල නැහැ. මෙය auto-clutch ලෙසද හැඳින්වෙනවා. ප්‍රධාන වශයෙන් සියලුම terrain වාහනවල සහ entry level dirt බයිසිකල් වල මේ clutch system එක දක්නට ලැබෙනවා.

මෙම clutch system එක මඟින් ධාවකයාට ඕනෑම ගියරයක නැවැත්වීමට සහ චලනය කිරීමට ඉඩ සලසන අතර එය සක්‍රිය වන්නේ ක්‍රියා විරහිත තත්වයක (idle) සිට එන්ජිමේ rpm වැඩි වූ විට පමණි. එන්ජිමේ rpm වැඩි වන විට, centrifugal clutch එක steel shoes තල්ලු කර පසුව driveshaft එක තල්ලු කරනවා. මෙවැනි යාන්ත්‍රණයක් අනෙක් ඒවාට වඩා ඉක්මනින් ගෙවී යනවා. විශේෂයෙන්ම නාගරික රථවාහන ගමනාගමනයකදී අධික නැවැත්වීම් සහ නැවත ධාවනය කිරීම් ඇති පරිසර වලදී මෙය ඉක්මණින් ගෙවී යනවා.

වියට්නාමය හෝ තායිලන්තය වැනි අග්නිදිග ආසියාතික රටවල දක්නට ලැබෙන සියලුම ස්කූටර් සහ මෝටර්බයිසිකල් වල මෙම ක්ලච් එක වැඩි වශයෙන් අන්තර්ගත වෙනවා. Centrifugal clutch ප්‍රධාන වශයෙන් go-karts, snowmobiles සහ වෙනත් ප්‍රවාහන වාහන වලද භාවිතා වෙනවා. BMW සමාගම මෙය ඔවුන්ගේ K 1300 වර්ගයේ යතුරුපැදි වලටත් භාවිතා කරනවා.

 

Back to top button
Close
Close