The Time Out

මොටර්බයිසිකල් එකක් විකුණන්නේ කොහොමද?

කාලයත් එක්කම ගොඩක් දේවල්වල වටිනාකම වෙනස් වෙනවා. ඉඩමක් අරන් ටිකක් කල් යද්දි වටිනාකම වැඩි වෙන්න තියෙන ඉඩ වැඩියි. සමහර කාර් ජාතිත් තියෙනවා ඒ වගේ වටිනාකම වැඩිවෙන. හැබැයි බයික් ගැන කතන්දරය ටිකක් වෙනස්. සමහර බයික්වල මිල වැඩි වෙනවා සමහර බයික්වල මිල සෑහෙන්න අඩු වෙනවා. වටිනාකම වගේමයි බයික් එකක් විකුණන එකත් එක්තරා විදියක කලාවක්. ඉතින් ඔයත් ඔයාගේ බයික් එක විකුණන්න හිතන් ඉන්නවා නම් ඒක කරන්නේ කොහොමද කියන එකට උදව් වෙන කරුණු ටිකක් අපි අද අරන් ආවා.

පළමු පියවර – විකුණනනේ මොකක්ද කියලා දැනගන්න.

 

පරණ Kawasaki KZ440 බයික් එකක්ද ඔයාට තියෙන්නේ? බයික් එක විකුණන්න හිතන් ඉන්නවද? මුලින්ම හොඳට අධ්‍යනය කරන්න මොකක්ද ඔයාට තියෙන බයික් එක, ඒකේ විශේෂත්වය මොකක්ද කියලා. Kawasaki KZ440 විශේෂ බයික් එකක්. මේ කාලේ ආපු අනිත් බයික් වලට වඩා ඔප්ශන්ස් ගොඩක් එක්ක තමයි මේ බයික් එක එන්නේ. ඉතින් 1970 ගණන්වල ආපු Kawasaki KZ440 බයික් එකේ මේ විශේෂ දේවල් ගැන දැනන් හිටියොත් ඔයාගේ ගනුදෙනුව ඉතාම හොඳ එකක් වේවි. මේක එක උදාහරණයක් විතරයි.

හිතන්න ඔයා විකුණන්න යන්නේ Harley-Davidson එකක් කියලා. මේ බයික් වලත් මොඩ්ල් එකෙන් එකට සෑහෙන්න වෙනස් වෙනවා. මේ දේවල් තමයි ඔයාගේ බයික් එක ගන්න යන එක්කෙනාට වැදගත් වෙන්නේ. බයික් එක මොකක් උනත් පොඩ්ඩක් ගූගල් කරලා බැලුවොත් බයික් එක ගැන හොඳ විස්තරයක් හොයාගන්න අමාරු වෙන එකක් නැහැ. බයික් එකේ මොඩ්ල් එක, නිෂ්පාදිත වර්ෂය, රට, කොහොමද අනිත් මොඩ්ල් වලින් වෙනස් වෙන්නේ?, ඔයා ගාව තිබ්බ කාලේ බයික් එකේ ඉතිහාසය ගැන නිවැරදි තොරතුරු දෙන්න. තොරතුරු පරිපූර්ණ සහ නිවැරදි වෙන තරමට ගනුදෙනුව ලේසියි සහ වාසියි.

දෙවන පියවර – හොඳ පින්තූර ටිකක් ගන්න.

මේක මේ හිතන තරම් අමාරු දෙයක් නෙමෙයි. DSLR කැමරාවක්වත් හොඳ ෆොටොග්‍රැෆර් කෙනෙක්වත් මේ වැඩේට ඕන වෙන්නේ නැහැ. ඔයාගේ ෆෝන් එකෙන් පැහැදිලි පින්තූර අරගන්න. පුලුවන් තරම් වටපිටාවට වඩා බයික් එකට අවධානය දෙන්න. ඉර එළිය කෙළින් පින්තූර ගන්න එපා. බයික් එකේ ඉස්සරහ, පිටිපස්ස, දෙපැත්ත, එන්ජින් එක, ස්පීඩ් මීටරය වගේ දේවල් වල පින්තූර වෙන වෙනම ගන්න.

ඊටපස්සේ තියෙන්නේ අප්ලෝඩ් කරන්න. එක එක පින්තූරෙට පොඩි හැඳින්වීම ගානේ දෙන්න පුලුවන්නම් වඩා හොඳයි. මතක ඇතුව අවධානය වෙනස් වෙන විදියේ දේවල ෆොටෝ එක ගන්නකොට පිටිපස්සෙන් තියන්න එපා. බයිසිකල් එක ගන්න එක පැත්තක තියලා මිනිස්සු ඒවා ගැන අහන්න ගන්නවා. ගෑණු ළමයෙක්ව බයික් එකේ තියලා ෆොටෝ එකක් ගත්තොත් ලස්සනයි තමයි. ඒත් හැමවෙලාවෙම මතක තියාගන්න මේක ව්‍යාපාරික කටයුත්තක් කියන එක. ඒකනිසා අවශ්‍යම දේ අවශ්‍ය විස්තර එක්ක දාන්න.

තුන්වන පියවර – පෝස්ට් කරන්න, ශෙයාර් කරන්න, හැමෝටම දැනුම් දෙන්න.

මේකත් ලේසියි වැඩක්. හොඳ ගනුදෙනු වෙන වෙබ්සයිට් එකක මේක දාන්න. ඊටපස්සේ ලින්ක් එක ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ට්විටර් හැමතැනම දාන්න. වට්ස්ඇප් ගෲප් වල ශෙයාර් කරන්න. බයික් ගැන තියෙන බ්ලොග් වලට දාන්න.මුලින්ම නොමිලේ කරන්න පුලුවන් මේ වගේ දේවල් ට්‍රයි කරලා වැඩක් උනේ නැත්තම් විතරක් ගෙවල දැන්වීම් දාන වෙබ් අඩවි,පත්තර වගේ දේවල් ට්‍රයි කරන්න. ඔයා මහන්සි වෙන විදියට තමයි හොඳ ගැනුම්කරුවන් ඔයාට හම්බවෙන්නෙත්.

හතරවන පියවර – අනාගත හිමිකරුවා හඳුනගන්න.

සමහර වෙලාවල් තියෙනවා අපි ගන්න වාහනය ඇත්තටම දකින්නත් කලින් අපි යම් ගාණකට ගනුදෙනුවට කැමති වෙන. ඇඩ් එක කොච්චර හොඳට තියෙනවද, පින්තූර කොච්චර පැහැදිලියිද, අයිතිකරුවා අපි අහන ප්‍රශ්න වලට උත්තර දෙන විදිය වගේ දේවල් නිසා තමයි කලින් කිව්වා වගේ කිසිම බයක් නැතුව අපි ගනුදෙනුවලට එකඟ වෙන්නේ. හැබැයි සමහර අය ඉන්නවා ප්‍රශ්න 1000ක් විතර අහන හැබැයි බයික් එක ගන්න හීනෙන්වත් හිතලා නැති අය. මේ දෙගොල්ලොන්ගේ වෙනස අඳුරගන්න. ඒ වගේ අය එක්ක කාලය නාස්ති කරගන්න එපා. ඇත්තම ගැනුම්කරුවන්ගේ ප්‍රශ්න සෘජුයි වගේම පැහැදිලියි. ඔයාගේ පිළිතුරුත් ඒ වගේම කරගන්න. ඔයාට අනාගත අයිතිකරුවාව ඇත්තටම හම්බවෙන්න ගොඩ කාලෙකටම කලින් කවුද ඇත්තටම බයික් එක ගන්නේ කියලා කලින්ම දැනගන්න පුලුවන්.

බයික් එක ඇත්තටම පෙන්නන්න කලින් ගණන් කතා කරන්න බය වෙන්න එපා. ඒ වගේමයි වැදගත්ම දේ තමයි වෙනස් වෙන්නේ නැති ගාණක් මුලින්ම කියන්න එපා. ගාණ එහාට මෙහාට කරලා කියලා ටිකක් ගණන් වෙනස් කරන්න ඉඩ දෙන්න. Yamaha FZ S Version 3 බයික් එකට ඔයා බලාපොරොත්තු වෙන්නේ ලක්ෂ 3 ½ නම් ඔයා මුලින්ම ලක්ෂ 4 කට වඩා වැඩි ගාණක් කියන්න. පස්සේ ගාණ ටික ටික අඩු කරලා බලන්න. සමහරවිට ඔයා හිතුවට වඩා ගාණක් ලැබෙයි. ඔයාටත් වාසියි ගන්න කෙනත් හිතනවා ගාණ අඩු කරගත්තා කියලා.

පස්වන පියවර – ගනුදෙනුව සම්පූර්ණ කරන්න.

දැන් තියෙන්නේ ඇත්තටම බයික් එක විකුණන එක. ගැනුම්කරුටයි ඔයාටයි දෙන්නටම ලේසි වෙලාවක් තැනක් කතා කරගෙන දෙන්න මුණ ගැහෙන්න. බයික් එක හොඳට ලස්සනට තියාගෙන අරන් යන්න. මොකද කවුරුත් කැමැති නැහැනේ ගැරෑජ් එකක අයිනක දාලා තියෙන බයික් එකක් ගන්න. සල්ලි හම්බවුණාට පස්සේ අතට අත දීලා එන්න අමතක කරන්න එපා. ගනුදෙනුව ගැන සතුටුයි කියලා අතට අත දෙන එක ඉතාම හොඳ දෙයක්.

සල්ලි අරන් යතුරයි වාහනේ පොතයි දුන්නට පස්සෙ ගනුදෙනුව ඉවරයි. බයික් එකෙයි ඔයාගෙයි රහස් අලුත් අයිතිකරුවන්ට කියන්න අමතක කරන්න එපා. පාවිච්චි කරපු කාලේ කරපු රෙපෙයාර්ස්, වෙනස්කම් සහ ඇයි ඔයා විකුණන්නේ කියන එක හංගන්න එපා. ගනුදෙනුවේ විනිවිදභාවය වැඩි වෙන තරමට විශ්වාසයත් වැඩියි.

 

Back to top button
Close
Close