The Time Out

මාර්ග තදබදයකදී ඉක්මනින් යන්න ටිප්ස්

ආයෙත් ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.ට්‍රැෆික් එකේ යනවා කියන්නේ බයික් එකට නිකන් මාරක අපල කාලයක් ආවා වගේ තමයි.එහෙන් මෙහෙන් වෙට්ටු දාලා ගියාට කොහෙන් කොයි මොහෙතේ හැප්පේයිද? වැටෙයිද ? කියලා කියන්න බෑනේ.හැබයි ඉතින් එකෙත් පොඩි වෙනම ආතල් එකක් නැතුවමත් නෙමෙයිනේ.බලමු මේ ආතල් එක අප්සට් කරගන්නේ නැතුව යහතින් ට්‍රැෆික් එකකදී බයික් එකේ යන විදිය,

ට්‍රැෆික් එකේදී මංතීරූ බලන්නේ නැතුව අස්සෙන් අස්සෙන් දාලා ගියාට ඇයි ට්‍රැෆික් එක බයික් වලට භයානයක,

  • බයික් එකේ යන ඔබව නොපෙනේන ඕන තරම් වාහන ඔබ ඉදිරියේම තිබෙන නිසා,
  • මඩ,ඔයිල්,කානු,වලවල්(ලංකාවේ පාරවල් ගැන ආයෙත් අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැනේ) වගේ බයික් එකේ සමබරතාව නැතිවෙන ඕනතරම් තැන් තියෙන නිසා,(හැබැයි ඉතින් DSI වගේ හොඳ ටයර් දාලා තියෙනවා නම් මේ ප්‍රශ්නේ නම් අඩු කරගන්න පුලුවන්)
  • මාර්ගයේ තියෙන රථ වාහන වගේම මාර්ග නීති නොසලකන පදිකයන්ද ඕන තරම් සිටින නිසා,

ප්‍රැක්ටිස් එක තමයි ඉතින්

ගත්තේ බයික් එක අලුතෙන් නම් ලයිසන් ගත්තේ අලුතෙන් නම් බයික් එකක් පදින්න සෙට් උනේ ගොඩක් කාලෙකට පස්සෙ නම් අනිවාර්යෙන්ම පොඩ්ඩක් ගෙවල් හරියේ පුරුදුවෙන්න ටිකක් එහෙට මෙහෙට ගියාට පාඩුවක් නම් වෙන්නේ නෑ.මොකද එක පාරටම ඔය දෙහිවල,රාජගිරිය වගේ පැතිවල එකදිගට විනාඩි 30ක් වගේ තියෙන(මීට වඩා ට්‍රැෆික් තියෙන වෙන තැන් නැතුවම නෙමෙයි) බයික් එකේ ගියා කියන්නේ වැඩේ පොඩ්ඩ්ක් අමාරුයි.එහෙම උනාම එක්කො වෙන්නේ වෙන වාහනයක් වගේ එකම ලේන් එකේ යන්න,නැත්තෙන් එහෙන් මෙහෙන් රිංගන්න ගිහිල්ලා හැප්පෙන්න.

හැබයි නිකමට දැකලා තියෙනවද හැමදාම උදෙටයි හවසටයි එකම පාරේ ට්‍රැෆික් එකේ වැඩට යන වැඩ ඇරිලා ගෙදර එන සෙට් එක,ආයේ ට්‍රැෆික් නෑ වගේ නේ යන්නේ,එහෙට දැම්ම මෙහෙට දැම්ම හොන් එකක් ගහන්නේම නැති තරම්,එ මදිවට අතුරු පාරවලින් දාලා පට පට ගාලා යනවා.ඉතින් එ වගේ ප්‍රෝ බයිකර් කෙනෙක් වෙන්න නම් අනිවාර්යෙන්ම පට්ට ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕන. ඉපදුන ගමන්ම අපි හැමෝම ඇවිද්දේ නෑ වගේ මෙකෙදිත් මුල් කාලේ අමාරු වෙයි ටික ටික පුරුදුවෙන්න බලන්න.

ෆෝකස් කරල මතක තියාගන්න

කලින් කිව්වත් වගේ ඇස් පියාගෙන උනත් ට්‍රැෆික් එකේ යන්න පුලුවන් සෙට් එක කරන එක දෙයක් තමයි හොඳ අවදානයක් තමන්ගේ ගමනට දෙන එක.මේ දේ ට්‍රැෆික් නැති පාරකදී අපි කාගෙන්වත් වෙන්නේ නෑ.උදාහරනෙකට පාරක කැඩුනු තැනක්,කහ ඉරක් නැති උනත් නිතරම මිනිස්සු පාර පනින තැනක් ට්‍රැෆික් එක වැඩිම නම් යන්න පුලුවන් වෙන ශෝට්කට් එකක් වැඩියෙන්ම මතක තියෙන්නේ එකම වෙලාවට එ ට්‍රැෆික් එකේ යන කෙනෙක්ට මිසක් කාලෙකට සැරයක යන කෙනෙක්ට නෙමෙයි.

ඉතින් ට්‍රැෆික් ටයිම් එක සෙට් වෙනව නම් හැමදාම එක වෙලාවක් තෝරගෙන යන්න බලන්න හැමදාම,එ යනකොට ඔබට තේරේවි පොඩ්ඩක් හරි ට්‍රැෆික් අඩු වෙන වෙලාවක්,උදාහරනෙකට පාසල් ආරම්භ කරපු ගමන් වගේ වෙලාවල්,නැත්තන් පොලියෙන් පාර මංතීරූ හසුරවන්නේ නැති වෙලාවක් .හැබයි මොනවා උනත් ෆෝන්,හෙඩ්සෙට් නම් ගහගෙන මේ වැඩේ කරන්න අමාරුයි.

ඔප්ශන් ටූ

මේක කලිනුත් ලාවට කිව්ව දෙයක්.ඔබ ට්‍රැෆික් එකේ යන පාරෙම ගියොත් ඔබට කොහොමත් එකේම අමාරුවෙන් යන්න වෙනවනේ.හැබයි ශෝට්කට් ටිකක් දන්නවා නම් ඉතින් පට් පට් ගාලා වෙඩි වගේ ඕන තැනකට කරදරයක් නැතුව යන්න පුලුවන්.එකට තමයි ඉතින් ගුගල් මැප්ස් වගේ ඇප් තියෙන්නෙ.දැන් කවුරු හරි කියන්න පුලුවන් ඔය ඇප් වල වැරදි පාරවල් පෙන්නවා ,යන්න බැරි පාරවල් පෙන්නනවා කියලා.ඔව් එහෙම දේවල් වෙන්න පුලුවන්,

හැබයි එක පාරක් ගිහිල්ලා ශෝට්කට් එකේ යන්න පුලුවන්ද බැරිද කියලා බලන්නේ නැතුව ඔය ඇප් එකට බැනලා වැඩක් නෑනේ.අනෙක් එක මතක ඇතුව ගූගල් මැප්ස් වල නම් අනිවාර්යෙන්ම බයික් ඔප්ශන් එක සිලෙක්ට් කරලා පාර බලන්න.මොකද ගොඩක් වෙලාවට එක වැටෙන්නේ ඇවිදින්න පුලුවන් පාරවල් පෙන්නන ඔප්ශන් එක.ඉතින් මේ විදියට ශොට්කට් මෙතඩ් එකක් හදාගත්තා කියන්නේ ආයේ ට්‍රැෆික් එකට බැන බැන ඉන්න ඕනේ නෑ,සැපේ යන්න තියෙන්නේ,සැපේ….

පේන්න නැත්තන් කියන්න

ශෝට්කටුත් නෑ කියමුකෝ යන්න තියෙන්නේ ට්‍රැෆික් එකේ නම් ඉතින් කරන්න ඔය අස්සෙන් අස්සෙන් රිංගලා යනවා නම් පුලුවන තරම් දකුනු පැත්තෙන්ම යන්න බලන්න මොකද මංතීරු නිතීය කඩ කරා කියලා දඩ කන්න ඕන නෑනේ වමේන් ඉස්සර කරලා.අනෙක් දේ තමයි පදික වෙදිකාවේ බයික් එකෙන් යන එක.එක නම් නොකරන තරමට ඇගට වගේම පදිකයන්ගේ ජිවිත වලටත් හොඳයි.වමෙන් ඔවර්ටේක් කරන එක අනෙක් භායනකම දේ තමයි බස් එකක් නම් සමහර වෙලාවට මගීන් ට්‍රැෆික් එක අස්සෙම බස් එකෙන් බහින එක,නැත්තන් වෙන වාහන වල දොරවල් ඇරල ට්‍රැෆික් එකේම එලියට බහින්න හදන එක.

හැප්පුනොත් ඉතින් වැඩි වරද වැඩි හානි ඉතින් බයික් එක යන ඔබට එන එක නවත්වන්න අමාරුම දෙයක්.ඉතින් එහෙම දෙයක් නවත්ව ගන්න නම් අනිවාර්යෙන්ම ඔබව හොඳින් පැහැදිලිව පෙනෙන පාටක් තියෙන බයික් ජැකට් එකක් අඳින්න බලන්න.අර බයික් එක ගන්නකොට හම්බෙන කලු හරි නිල් හරි නැතූව රතු,කහ වගේ පාටක් ගන්න බලන්න.හැබයි ඉතින් එකේ අනෙක් පැත්ත තමයි එහෙන් මෙහෙන් දාලා ගියපු ගමන් රාළහාමි කෙනෙක්ට ඔබව ඉක්මනින් පේන එක.

motorcyle bike riding in trafficඑත් ඉතින් එ වගේද ජිවිතේ ආරක්ශාව.අනෙක් දේ තමයි ඉතින් හෝන් එක අවශ්‍යය වෙලාවේදී අනිවාර්යෙන්ම පාවිච්චි කරන්න.හැබයි ඕය මොනවා කරත්,අනෙක් රියදුරා ඔබව දැක්කත් ඔබ ඉස්සර වෙලා ඔබේ ජිවිතේ එ රියදුරා අතට දීලා ඉස්සර කරන්න යන්න එපා.කහ ඉරේ දැක දැක මිනිස්සු යට වෙන රටක් කියලා මතකේ තියාගෙන වැඩකරන්න.

මෙහෙමයි ඉතින් මෙවා ලියලා කියලා දෙන්න ඕන දේවල් නෙමෙයි හැබයි මෙතනින් පොඩි හරි දෙයක් ඔබට වැදගත් වුනා නම් නම් අන්න එක එක තමයි අපේ සතුට ඔබට ජය,සුබ ගමන්.තව ට්‍රැෆික් එකේ බයිකර් කෙනෙක්ට අදාල වෙන ටිප්ස් ,යෝජනා,අඩුපාඩු,අලුත් අදහස් තියෙනවා නම් මතක ඇතුව අනිවාර්යෙන්ම අපේ facebook පොස්ට් එකේ කමෙන්ට් කරන්න.

Tags

Leave a Reply

Back to top button
Close
Close