The Time Out

බයික් අනතුරකින් පස්සේ ඔබ කලයුතුදේ ?

මේ කතාකරන දේ කිසිම විදියකින් කෙදිනකදීවත් සුලුවෙන් හෝ අත්විදින්නට නොලැබේවා කියලා බයිකර් අපි ප්‍රාර්ථනා කරනවා.හැබයි අවාසනාවකට මේ ලිපිය ලියන මමත් මේ අත්දැකීම්ට මුහුණ දීලා තියෙනවා.කෙනෙක්ට හිතෙන්න පුලුවන් මම මාර්ග නිතී හරියටම අනුගමනය කරොත් මාර්ග අනතුරු වලින් බේරෙන්න පුලුවන් කියලා .හැබයි එසේ නොසිතන කෙනෙකු අතින් ඔබට අනතුරු සිදුවෙන්න පුලුවන් නිසා මේ ලිපිය අනිවාර්යෙන්ම කියවන්න.

ඉවත් වෙන්න

ඔබේ දුක,තරහා සහ නොසන්සු ගතිය මෙවැනි අවස්තාවක වැඩියෙන් ඉස්මතුවන එක සාධාරණයි නමුත් ඔබ අනතුර සිදු කල අනෙක් පාර්ශවයන්ට බැනීමට,පහරදීමට නොයා පලමුව අනතුර සිදුවු තැනින් ඉවත් වෙන්න.බයික් එකක් යලි මිලදී ගන්න පුලුවන් වුවත් ඔබේ ජිවිතය මිලදී ගැනීමක් කල නොහැකි නිසා අනතුර සිදුවු තැනින් ඉවත් වී ආරක්ශාකාරි තැනකට යන්න.මන්ද එන වාහන වල නැවත ගැටී අනතුර තවත් වැඩි විය හැකි නිසා සහ අනතුට ලක්වු වාහන පිපිරීමකට හෝ ගිනි ගැනීමකට ලක්වීමට හැකි නිසයි.

නමුත් බයික් අනතුරකදී සමබරතාව ඉක්මනින් බිදී අනතුරු ස්භාවය දරුණු නම් ඔබට එහාමෙහා යා නොහැකි නම් ඉතා ඉක්මනින් උදව් ලබාගන්න.එහිදි ඔබේ ජංගම දුරකථනයෙන් අදාල අංශ ඇමතිමට පෙර අවට නිවැසියන්ගේ උදව් ලබාගැනීමට ප්‍රමුඛස්තානය දෙන්න.කිසිදි ආධාරයක් නොමැති නම් වෙනත් වාහන නැවත ඔබගේ ගැටීම වැලැක්වීමට බයික් එකේ ලයිට් වලින් හෝ දුරකථනයේ ෆ්ලැශර් එක භාවිතා කරන්න.රාත්‍රී කාලයකදී මෙවැනි අනතුරු වැලැක්වීමට අවශ්‍ය ටිප්ස් බලන්න මෙතන ක්ලික් කරන්න.

අවධානය

අනතුරු සිදුවු තැනින් ඉවත් වු විගස ඔබේ තත්වය පරීක්ශා කරගන්න.අනතුරකදී ඔබේ ශරීරයට එකවර ඇන්ඩ්‍රිනලීන් හොමෝනය ඇතිවෙන නිසා තිබෙන තුවාල කැඩුම් බිදුම් වල දැනීම අඩු අගයක් ගන්න පුලුවන්.හැබයි ඉක්මනින් තිබෙන් පොඩි සීරමක්වත් මගනොහැර ඔබේ තත්වය තක්සේරු කරගන්න .අසල උදව්වට කෙනෙකු සිටී නම් ඔහුට ඔබේ තත්වය කියන්න.ඔබ සිහිසුන් වුවහොත් වෛද්‍ය ප්‍රතිකාර කිරීමේදී එය ඉතාමත් වැදගත් උපකාරයක් වේවී.එලියට පෙනෙන දරුණු තුවාල නොමැති නම් ඔබේ ඉනේන් උඩ කොටස ගැටලුවක් නැද්ද යන්න බැලිය හැකි ලෙහෙසිම් ක්‍රමය තමයි අත් දෙක ඔලුවට උඩින් උස්සගෙන සිටිය හැකිද යන්න පරීක්ශා කිරීම .එ වගේම හෙල්මට් එක කැඩිලා,හිල්වෙලා තිබේ නම් අනිවාර්යෙන්ම ඔබේ හිසටද තුවාල වී තිබිය හැකියි.බොහොවිට කෙටිකාලින් සිහි නැතිවීමකට ඔබ සිටියා විය හැක.

උදව් ගන්න

දැනටමත් ඔබට අවට මිනිසුන්ගේ උදව් අවදානය ලැබී ඇත්නම් ප්‍රශ්නයක් නැත.නමුත් ඔබ අනතුර සිදුවු තැනින් ඉවත්වු පසුවත් උදව් නොමැති නම් අනතුර සිදුවු අනෙක් පාර්ශවයට හෝ ඔබේ බයික් එකේ තත්වය බැලීමට පෙර 119 අංකය අමතා පොලිසීයට හෝ 1990 අංකයෙන් ගිලන් රථයක සහය ලබාගන්න.ඉන් පසුව හැකියාව තිබේ නම් අනෙක් පාර්ශවයන්ට උදව් කරන්න. මේ මොනවා කරත් වරද ඔබේ වුවත් ඔබේ බයික් එකට නැග එවෙලේම යලි ධාවනය කිරීම නම් කිසිසෙත්ම නොකරන්න.

සාක්ශි තියාගන්න

සියලු දෙනා අනතුරින් ආරක්ශිත නම් ඔබට ඇත්තේ සුලු තුවාලයක් පමනක් නම් අනතුර ඔබේ ජංගම දුරකතනයෙන් පටිගත් කර අනෙක් පාර්ශයෙන් ඔවුන්ගේ නම,ලිපිනය,දුරකතන අංකය,ලයිසන් ප්ලේට් අංකය,ඉන්සුරන්ස් තොරතුරු,අනතුර දුටු අයගේ නම් සහ ලිපින ලබාගන්න.මෙම තොරතුරු ඉදිර්යේදී ඔබට නිතිමය කටයුතු වලදී ඉතා වැදගත් වෙවි.

අවශ්‍යය සහය ගන්න

නිතීමය කටයුතු සඳහා ඔබෙ මතයට හෝ අන් අයගේ මතවලට වැඩ නොකර වියදම්ක් වුවත් අනිවාර්යෙන්ම නීතීඥ සහය ලබාගන්න එමගින් එම වැඩ කටයුතු ඉක්මනින් ඉඅවර කරගැනීමට හැකියාව ලැබේ.මන්ද අනතුරු සිදුවු තැනදීම අනතුරේ අනෙක් පාර්ශවය සමග එලඹෙන එකඟතා බොහොවිට ඉටු නොවන නිසායි.එම නිසා සෑම විටම ලොකු අලාභානියක් නම් සෑම විටම නිතීමය ක්‍රියා මාර්ග වලට යන්න.

අනතුරින් පසුව බයික් එක නියමිත ප්‍රමිතියක් ඇති වෘතීය තැනකින් පරීක්ශාකරගන්න.සුදුසුකම් නොමැති අය ලවා පරික්ශා කිරීමේන් ඔබෙත් බයික් එකෙත් ආරක්ශාවට තර්ජනයක් වන නොඅනුමානයි.මන්ද අනතුරකදී සිදුවන අලාභානි නිරීක්ශනයට අනිවාර්යෙන්ම නිවැරදි පුහුනුවක් තිබිය යුතු නිසායි. එ වගේම තරමක් විශාල අනතුරකින් පසුව ටික දිනක් යනතෙක් ඔබ බයික් එකෙන් ඉවත් වී සීටිම නුවනට හුරුයි.

එ වගේම ඔබත් මාත් අපි හැමදෙනාම වැඩියෙන්ම අවදනය දෙන්න ඕන මේ වගේ අනතුරක් වුනාට පස්සේ කරන දේවල් ගැන කෙසේ වෙතත් මේ වගේ අනතුරු වෙන්න කලින් වළක්වා ගන්නේ කොහොමද කියන එකට.උදාහරනෙකට ලංකාවේ අපේම සමාගමක් වෙන කවුරුත් හොඳට දන්න DSI ටයර් වලින් රාත්‍රි කාලේ ධාවනයට අනතුරු අඩු කරන්න වෙනත් වාහන වලට ඔබව පෙන විදියට නියෝන් ඉෆෙක්ට් එකක් තියෙන GenX කියන ටයර් වර්ගයක් නිපදවලා තියෙනවා.එකේ බ්‍රෙකින් වලදි වෙනත් ටයර් වලට වඩා වැඩි ග්‍රිප් එකකුත් තියෙන නිසා මේ වගේ වැහි කාලෙටත් ගැලපෙනවා.මේ වගේ නිශ්පාදන ලංකාවෙම ගන්න තියෙද්දී ඇයි විහින්ම අනතුරු ඇති කරගන්නේ.

මීට අමතරව ඔබ දන්නා ටිප්ස් තිබේ නම් අපේ ෆේස්බුක් පොස්ට් එකේ කමෙන්ට් කරන්න

Tags

Leave a Reply

Back to top button
Close
Close