MaintenanceWhat's Hot

බයික් එකට ටයර් දානකොට හිතන්නම ඕන කරුණු 10 ක්

ගැහැණු ළමයින්ට තියෙන්නේ හුරතල් හීන. හැබැයි කොල්ලන්ට තියෙන්නේ යකඩ හීන. කෑ ගහලා නොකිවුවට බයික් එකක් අරං කුරුල්ලා වගේ පියාඹලා යන හීනයක් හැම කොල්ලෙක්ගෙම හිතේ තියෙනවා. පොඞ්ඩක් මතක් කරලා බලන්න බයික් එක ගත්ත දවසේ ඔයා කොච්චර නම් සතුටු වුණාද කියලා. හැබැයි ඉතිං ගත්තා වගේ නෙවෙයි බයික් එක හරි විදිහට බලා ගන්න එක තමයි වැඩේ. කාලෙට තාලෙට ගැලපෙන්න මොනදේ කළත් බයික් එකට හරියන හොදම ටයර් දාගන්න බැරි වුණොත් ඉදලා වැඩක් නෑ.

අන්න ඒ නිසා බයික් එකට ටයර් දාද්දි කල්පනා කරන්න ඕනෙ කරුණු 10ක් ගැන අපි ඔයාට කියනවා.

 

 

 

 

සැපට සනීපෙට

තමන්ටම කියලා බයික් එකක් ඔයා ගත්තේ බස් වල කෝච්චි වල වවුලෝ වගේ එල්ලිලා යන්න අකමැති නිසානේ. හැබැයි ඉතිං තමන්ගෙම බයික් එකේ සැපට යන්නත් හොද රෝද දෙකක් දාගන්න ඕනේ. මොන වාහනෙත් සැපට යන්න පුලූවන් හොදම ටයරය දැම්මොත් විතරයි.

Bike-Tires-01

 

මීටරේ හැටට, Control එක අතට

ගොඩාක් බයික් වල තියෙන ලොකුම අවුල හැටට හැටේ පාගලා යනකොට Control නැති වෙන එක. හැබැයි ඇත්තටම එතන වරද තියෙන්නේ බයික් එකේ නෙවෙයි රෝද වල. කොච්චර Speed  එකේ ගියත් බයික් එක හරියටම හසුරවන්න පුලූවන් හොඳ රෝද දෙකක් දාලා තිබුණොත් විතරයි.

Bike-Tires-02

 

පළල් පාරේ පළල් රෝදේ

බයික් එකේ තියෙන්නේ රෝද දෙකයි. ඒ නිසා සමබරව බයික් එක පදවන එක ගොඩාක් වැදගත්. හැබැයි ඉතිං නූලක් විතර පළල රෝද බයික් එකට දාලා යන්න හීනෙකින්වත් හිතන්න එපා. දාන එකේ එකපාර දාන්න හොදට පළල තියෙන බයික් එකටම ගැලපෙන රෝදයක්.

Bike-Tires-03

 

දිය ගොඩ සැම තැන එක වාගේ

සමහරු වහින දවසට බයික් එක එළියට දාන්නේ නෑ, පාර ලිස්සනවනේ කියලා. ඒකට කමක් නෑ කියමුකෝ. හැබැයි ගමනක් යනකොට මඟදී වැස්සොත් මොකද කරන්නේ. අන්න ඒ නිසයි කියන්නේ පාරේ වතුර තිබ්බා කියලා ලිස්සන්නේ නැති දිය පාරට ඔරොත්තු දෙන ටයරයක් දාගන්න.

Bike-Tires-04

 

වැල යන අතට මැස්ස ගහමු

සාමාන්‍යයෙන් ඔබ මොනවා හරි ගන්න යනකොට තව හතර පස් දෙනෙක්ගෙන් අහනවනේ ”අරක හොදද, ඔයත් ඒකක් ගත්තා නේද?” කියලා. අන්න ඒ වගේ බයික් එකට ටයර් එකක් ගන්න යනකොටත් පොඩ්ඩක් හොයලා බලන්න මේ දවස් වල වැඩිපුරම විකිණෙන ටයර් එක මොකද්ද කියලා.

 

හිතේ හැටියට අපි ගහමු බ්‍රේක්

පහුගිය කාලේ බයික් සම්බන්ධ ගොඩාක් අනතුරු වුණේ ගහපු බ්‍රේක් පාර අහපු නැති නිසයි. හරියටම බැලූවොත් බ්‍රේක් ගහනකොට ඇත්තටම නවතින්නේ ටයර්නේ. හැබැයි ටයර් දෙක හරි ප‍්‍රමිතියට නැති වුණාම කොච්චර බ්‍රේක් ගැහුවත් ටයර් එක නවතින්නේ එයාට  ඕන වුණාම. එතකොට ඉතිං ඔබේ ජීවිතය අනතුරේ. ඒ නිසා  ඕන තැනක ගහන,  ඕන බ්‍රේක් පාරකට ඔට්ටු ටයර් දෙකක් ඔබේ බයික් එකට දාගන්න.

Bike-Tires-06

 

නිදුකින් ඉනු මැන මගෙ පණත් ගෙන

අපි සල්ලි දීලා ගන්න හැම නිශ්පාදනයකටම  කල් ඉකුත් වීමේ දිනයක් තියෙනවා. කෑමට සම්බන්ධ නං කල් ඉකුත්වන දිනය පැකට් එකේම ගහලා තියෙනවා. හැබැයි රෝද වල කල්ඉකුත්වන දවසක් ගහලා නෑ. ඒ වුණත් වෙළද පොලේ තියෙන වැඩිම ආයුශ තියෙන ටයර් එක හොයා ගන්න එක ඔබට අමාරු වෙන්නේ නෑ.

Bike-Tires-07

 

ඇහැට කනට පේන්න

කොච්චර ලස්සන බයික් එකක් තිබ්බත් ටයර් දෙකට පුලූවන් බයික් එකේ ගතිය නැත්තටම නැති කරලා දාන්න. ඒ නිසා බයික්  එකට දාන ටයර් දෙකෙත් Smart පෙනුමක් තියෙන්න ඕනේ. ඒකට ඉතිං හොදට කට්ට රටා තියෙන ලස්සන ටයර් දෙකක් ගත්තා නං හරි.

 

යනවා යනවා යනවා යනවා

එක හුස්මට ගොඩාක් දුර ගමනක් යන්න නං විශ්වාසවන්ත ටයර් දෙකක් ඔබේ බයික් එකේ තියෙන්නම ඕනේ. විශ්වාසෙන් ගන්න පුළුවන්, නමක් ඇති, ජාත්‍යන්තර ප‍්‍රමිතියේ ටයර් දෙකක් ගත්තා නං යෑමක් තමයි තියෙන්නේ.

Bike-Tires-09

 

රුපියලකින් දුර යන්න

අද කාලේ රුපියලකින් මොනවද කරන්න පුලුවන්. ඇත්තටම ඔබට හිතෙයි මුකුත්ම කරන්න බෑ කියලා. ඒත් ඔබ හොඳ ටයර් දෙකක් බයික් එකට දාගත්තොත් රුපියලකින් කොච්චර දුර යන්න පුලුවන්ද කියලා ඔබට හිතා ගන්නත් බැරිවෙයි.

Bike-Tires-10

 

Show More

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close