Maintenance

Bike එකේ පෙට්රල් ඉතුරු කරගන්න රහස් 5ක්

මේ පෙට්‍රල් ඩීසල් මාසෙන් මාසෙට ගණන් යන කාලයක්. එහෙමයි කියලා අපි බයික් එක ගෙදර තියලා යනවද? නෑ මිත්‍රවරුනි. හැබැයි ඉතින් පෙට්‍රල් ටික අරපිරිමැස්මෙන් පාවිච්චි කරන හැටි ඔබ දැන ගත්තොත් නම් ආයේ පෙට්‍රල් ගණන් ඉස්සුවට ඔබට ප්‍රශ්ණයක් වෙන්නෙත් නෑ නේද මිත්‍රවරුනි?

01. උදේ පාන්දරම Full Tank

බයික් විතරක් නෙවෙයි ඕනම වාහනයකට පෙට්‍රල්, ඩීසල් ගහන්න හොඳම වෙලාව තමයි උදේ පාන්දර. ඉන්ධන ගබඩා කරලා තියෙන්නේ පොළවේ වලලපු ලෝහමය සිලින්ඩර තුළ. ඉතින් දහවල් කාලයේ උණුසුම එක්ක මේ සිලින්ඩර රත් වෙනවා. ඒ එක්කම ටැංකියේ ගබඩා කරලා තියෙන ඉන්ධන ප්‍රසාරණය  වෙනවා. ඒ නිසා අපි ගෙවන මුදලේ වටිනාකමට හරියන්න ඉන්ධන නොලැබෙන්න පුලුවන්. ඉතින් හොඳම දේ උදේ පාන්දරම බයික් එකට පෙට්‍රල් ගහන එකයි. ඒ වගේම පුලුවන් හැම වෙලාවෙම පෙට්‍රල් Full Tank ගහගන්න. නැත්නම් සැළකිය යුතු ප්‍රමාණයකට ටැංකිය පිරෙන්න පෙට්‍රල් ගහන්න. එතකොට ඉන්ධන දහනය වීම සිද්ධ වෙන්නේ හරිම හෙමිහිට.

biker

 

02. සුළං තත්වය

Bike එකේ පෙට්රල් අරපිරිමැස්මෙන් භාවිත කරන්න ඔබ උනන්දු වෙනවා නම් අමතක නොකර රෝද වල සුළං තත්වය, නැත්නම් වායු පීඩනය බලන්න ඕනේ. හරියටම දවස් 4 කට පාරක් ඔබ ටයර් වල පීඩනය බලන්න ඕනේ. ළඟම තියෙන පිරවුම් හලට ගියා නම් ඔය වැඩේ නොමිලේම කරගන්න පුළුවන්. ටයර් පීඩනය අඩු වුණොත් bike එක ඉස්සරහට අරං යන්න එන්ජිමට වැඩි බලයක් යොදන්න සිද්ධ වෙනවා. ඒ නිසා පෙට්රල් දහනය වැඩි වෙනවා. අන්න ඒ නිසයි ඔබ නිතරම ටයර් වල හුළං තත්වය ගැන බලන්න ඕනේ.

Bike-Part-05

 

03. අඩුවෙන් බ්රේක්

හා හා පුරා කියලා බයික් එකක් පදින්න ගත්ත අලුත ඉක්මනට පෙට්‍රල් ඉවර වෙනවා කියලා ඔබට දැනෙන්න ඇති. ඒකට හේතුව ආධුනික අය බයික් පදිනකොට වැඩි වාර ප්‍රමාණයක් බ්‍රේක් ගහන එක. බ්‍රේක් ගහන ගහන සැරේට ආයෙත් පාරක් සුපුරුදු වේගයට යන්න එන්ජිමේ දහනයන් වැඩි වෙනවා. ඒ නිසා දුර තියා බාධකය ඔබට පේනවා නම් පුලුවන් තරම් ගියර් මාරු කරමින් බයික් එකේ වේගය අඩු කරගන්න. එහෙමයි කියලා ඉතින් හදිසි වෙලාවක බ්‍රෙක් නොගහා ඉන්න එපා හොදේ.

Bike-Part-06

04 ට්‍රැෆික් ලයිට් ලග

බයික් එකේ එන්ජින ක්‍රියාත්මක වෙලා තියෙන හැම වෙලාවකම පෙට්‍රල් දහනය වෙනවා. ඒ නිසා ගමන් කරන්නේ නැති හැම වෙලාවකම එන්ජිම Off කරන්න. හොදම උදාහරණය Color Light ලග. විනාඩියක් වගේ කාලයක් ට්‍රැෆික් ලයිට් ළඟ නවතින්න වුනොත් හොදම දේ එන්ජිම Off කරන එකයි.

Bike-Part-07

 

05. පුලුවන් වෙලාවට ලොකුම ගියරය

ට්රැෆික් අඩු නම්, පාර පැහැදිලියි නම් වේග සීමා වලට අනුකූලව උපරිම ගියරයට දාගන්න. එතකොට එන්ජිමේ පෙට්රල් දහනය වීම සිද්ධ වෙන්නේ ඉතාම අඩුවෙන්.

Bike-Part-08

 

මෙන්න මේ ක්රම ටික හොදට ඔලුවේ තියාගෙන bike පැද්දා නම් ගහන පෙට්රල් වලින් ගොඩාක් දුර දුවන්න ඔබට පුලුවන් වෙයි. ඒක පර්ස් එකටත් වාසියි නේ.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close