ReviewsWhat's Hot

ලෝකෙම හොල්ලපු bike 5 මෙන්න

මේ ලෝකේ තියෙන හැමදේම කාලෙන් කාලෙට වෙනස් වෙනවා, අලුත් වෙනවා. Bike කියන්නෙත් ඒ විදිහට කාලෙන් කාලෙට වෙනස් වෙන දෙයක්. ගිය අවුරුද්දේ වෙළදපොළට ආව bike එකට වඩා ලොකූ වෙනස්කම් එක්කයි මේ අවුරුද්දේ වෙළදපොළට ඒ බයික් එක එන්නේ. තාක්ශණයේ දියුණුවත් එක්ක හැම දවසකම bike වලට අලුත් විශේෂාංග එකතු වෙනවා. මේ තියෙන්නේ ඒ විදිහට අලුත් වෙලා ආව සුපිරිම bike 5ක්.

Suzuki Hayabusa

Suzuki Clutch Assist System සහිත මිනිසාගේ අපුරු නිර්මාණයක් වුනු මේ bike එකේ පැයට කිලෝමීටර් 250 කට වැඩි වේගයකින් යන්න පුළුවන්. short-stroke, DOHC, සහ 16-valve එන්ජිම නිසා මේ සුපිරි වේගය bike එකට ලැබිලා තියෙනවා. ඒ වගේම 1340 cc ධාරිතාවයෙන් යුතු මේ bike එකේ සිලින්ඩර 4ක් ඇතුලත් කරලා තියෙනවා.

 

Honda CBR 1100XX Blackbird

කළු කුරුල්ලා ලෙස නම් කරත් මේ bike එකේ පෙනුම හරිම ආකර්ශනීයයි. කළු පැහැ බයික් වෙනුවෙන් හීන මවන්නන් වෙනුවෙන් තමයි මේ bike එක නිර්මාණය වුණේ. 1996 ඉඳලම කරපු විවිධ අත්හදා බැලීම් අවසානයේ මේ bike එක නිර්මාණය වුණා. එන්ජින් ධාරිතාව 1137 cc. වේගය වෙනුවෙන්ම Honda නිර්මාණය කළ bike එක විදිහටත් මේ Black Bird හඳුන්වන්න පුළුවන්.

 

Kawasaki Ninja ZX-14R

මෘගයෙකු වගේ පෙනුමට හදපු මේ bike එක කොයි කවුරුත් දෙපාරක් හැරිලා බලන තරම් ආකර්ශනීයයි. 1441 CC එන්ජිමක් ඇති මේ bike එක ධාවනය කරන කොට අදියර 3කින් පාලනය කිරීමේ හැකියාව අපිට ලැබෙනවා. ගියර් 6ක් ඇති මේ bike එක Start කරලා තත්පර 2න සුපිරි වේගයක් ලබා ගන්නවා.

 

Aprilia RSV 1000R Mille

1000 cc එන්ජිමකින් යුතු මේ bike එකේ ගමන නම් හරිම සැපපහසුයි. සාමාන්ය bike එකකට වඩා වෙනස් විදිහකටයි මේ bike එකේ එන්ජින් එක සවි කරලා තියෙන්නේ. ඒ නිසාම සුළු හෝ කම්පනයන් අවම කරනවා. ඒ වගේම පළමු තත්පර තුන ඇතුලත පැයට කිලෝමීටර් 60ක වේගයක් ලබා ගන්න මේ bike එකට පුළුවන්.

 

BMW K1200S

BMW නිර්මාණය කරපු මේ bike එකේ පෙනුමට තමයි වැඩි තැනක් දීලා තියෙන්නේ. හැබැයි මේ bike එකේ වේගයත් ගොඩාක් ඉහළයි. සැහැල්ලු බව වගේම ක්ෂණිකව හසුරුවා ගන්න පුළුවන් විදිහට මේ bike එක නිර්මාණය කරලා තියෙනවා. එන්ජිම 1157 cc. තත්පර 3ක් ඇතුලත සුපිරි වේගයක් ලබා ගන්න පුළුවන් මේ bike එකේ පරිසර දුෂණයට ඉවහල් වෙන වායූන් නිකුත් නොකිරීමත් විශේෂත්වයක්.

Biker

 

සමහර විට මේ bike තාම ලංකාවේ වෙළදපොලට ඇවිත් නැතුව ඇති. හැබැයි අද හෙටම එයි. එතකොට ඉතින් ඔබටත් මෙතනින් හිතගිය bike එකක් ගන්න පුලුවන්නේ.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close