Motorbike Reviews

Suzuki Bandit 250 ගැන දැනගමු

Suzuki Bandit 250 බයික් එකේ උපත මීට වසර 30 කට පෙර කාලයකදී එනම් 1989 දි ජපානයේ සිදු වූ අතර පුරා වසර 11 ක් එනම් 2000 වසර දක්වා මේ යතුරුපැදිය නිපදවීම ජපානය තුලම සිදු විය.මෙම මොටර් බයික් එකෙහි නිශ්පාදනය වර්ශ අනුව සුලු සුලු වෙනස්කම් හා නිශ්පාදන කේත පහත දක්වා ඇත.

  • GSX150, 147 cc liquid-cooled (2018–present)
  • GSF250, 248 cc liquid-cooled (1989–2000)
  • GSF400, 398 cc liquid-cooled (1989–1997)
  • GSF600, 599 cc SACS (1995–2004)
  • GSF650, 656 cc SACS (2005–2006), 656 cc liquid-cooled (2007–2016)
  • GSF750, 748 cc SACS (1996–1999)
  • GSF1200, 1,157 cc SACS (1996–2007)
  • GSF1250, 1,255 cc liquid-cooled (2007–2016)
    (source – wikipedia.com)

 

එන්ජිම

හොඳ මට්ටකම ඇති බෙන්ඩිට් මොටර්බයික් එක තත්පර 6 කට නොවැඩි කාලයක් තුලදී අපහසුවකින් තොරවම පැයට කිලෝමීටර් 100 වේගය ලබා ගන්නා අතරම විනාඩි 2 කට නොවැඩි කාලසීමාවක් තුල පැයට කිලෝමීටර් 190 ක උපරිම වේගයක් ලබා ගැනීමට සමත් වෙනවා.නමුත් මෙරට ඇති බොහෝ බෙන්ඩිට් යතුරුපැදි දෝෂවලින් පිරි යතුරුපැදි වන අතර පැයට කිලෝමීටර් 100 පසු කිරීමද සමහරෙක් යතුරුපැදි වලට අපහසු කාර්යයක් බව නොරහසක්.

Suzuki Bandit 250 හි එන්ජිම ලෙස සූසුකි සමාගම විසින් 248cc DOHC Four-stroke Inline Four Cylinder එන්ජිමක් ලබා දී ඇති අතර මෙහි එක් සිලින්ඩර එකකට වෑල්ව 4 බැඟින් ඉන්ටේක්, එක්ස් හොස්ට් වෑල්ව 16 ක් යොදාගෙන තිබෙනවා.මෙය එකල වූ සෑම ඉන්ලයින් 4 සිලින්ඩර් මොටර්බයික් එකකම දැකගත හැකි වූ තත්වයක් මේ නිසා ඉතාම ඉහල බලයක් 250 එන්ජිම මගින් යතුරුපැදියට ලබා දෙන අතර ඉන්ධන කාර්යක්ෂමතාව ඉතාම අඩු මට්ටමකට රැගෙන එනවා. මේ එන්ජිම අශ්වබල 45ක බලයක් හා ඉහත සදහන් කල පරිදි 1992 පසුව අශ්වබල 40ක් ලෙස නිකුත් විය.

ඉන්ධන ටැංකිය

මෙහි ඉන්ධන සැපයුම කාබියුරේටර් එකක් හරහා සිදුවෙන අතර කාබියුරේටර් ආශ්‍රිතවද දෝෂ සුලබව Suzuki Bandit 250 හී දැකගත හැකියි.එ වගේම මේ වර්ගයේ අමතර කොටස් හිඟකම නිසා විටෙක හොන්ඩා ජේඩ් හී කාබියුරේටර් එකද මේ යතුරුපැදියට යොදාගන්න අතර නිවැරදි කාබියුරේටර් ටියුන් කිරීමකට යොමු කර කාබියුරේටර් ආශ්‍රිත දෝෂ නොමැති Suzuki Bandit 250 යතුරුපැදියක පෙට්‍රල් ලීටර එකකට කිලෝමීටර් 20ත් 23ත් අතර ඉන්ධන කාර්යක්ෂමතාවක් ලබාගත හැකි අතර කාබියුරේටර් ටියුන් නොකල දෝෂ සහිත යතුරුපැදියක් පෙට්‍රල් ලීටර එකකට කිලෝමීටර් 8ත් 15ත් අතර ඉන්ධන කාර්යක්ෂමතාවක් ලබා දෙනවා.

මෙහි ඉන්ධන ටැංකිය ලෙස ලීටර 14ක් ටැංකියක් ලබා දී ඇති අතරම ලීටර 3.5ක රිසව් ගබඩාවක් මේ ලීටර් 14 තුල ඇතුලත් වෙනවා.මෙහි සිසිලන පද්ධතිය ලෙස Hornet,Jade,Zeal වැනි එක කාණ්ඩයේ යතුරුපැදි සියල්ලේම මෙන්ම මෙහිද ද්‍රව සිසිලන පද්ධතියක් යොදාගෙන ඇති අතර බෙන්ඩ්ටි හි ආවේනික රෝග ලක්ෂණ දැකගත  හැකි එක් උපාංගයක් ලෙස සිසිලන පද්ධතිය පෙන්නුම් කල හැකියි.මේ නිසා නිසිකලට වෙලාවට නඩත්තු කටයුතු කරගැනීනට අමතක නොකරන්න.මෙහි ගියර් හා ක්ලච් එක ගැන කතා කලොත් වේග 6ක ගියර් පද්ධතියක් සමඟ වෙට් මල්ටි ප්ලේට් ඩිස්ක් ක්ලච් එකක් යොදාගෙන තිබෙනවා.

ඩිසයින් එක

මෙහි ඩිසයින් එක සහ ෆ්‍රේම් එක ගැන කතා කලොත් එකල මේ යතුරුපැදිය සමඟ තරඟයට සිටි බොහෝ යතුරුපැදි ස්ටීල් ඩයමන්ඩ් ෆ්‍රේම් යොදාගත්ත ද සුසුකි සමාගම විසින් මේ යතුරුපැදියට Trellis ෆ්‍රේම් එකක් යොදාගෙන තිබුණි. මෙහි ඩිසයින් එක බොහෝ සෙයින් එකල වු නැක්ඩ් යතුරුපැදි සමඟ සමාන වූවද Trellis ෆ්‍රේම් එක නිසා තරමක් කැපී පෙනුනද හොන්ඩා හොනට් තරම් අලංකාර හා ආකාර්ෂණීය යතුරුපැදියක් වීමට Suzuki Bandit 250 හට නොහැකි වි ඇති නමුත් වේගය අතින් නම් හොන්ඩා හොනට් වලට වඩා තරමක් පසුගාමි වී ඇත.

Suzuki Bandit 250 හී සීට් එකෙහි උස එක මිලිමිටර් 750 (අඟල් 29.5) වන අතර මේ නිසා ඔනෑම උසක අයෙකුට පහසුවෙන් ධාවනය කිරීමට හැකි වෙනවා මෙහි පොලවෙහි සිට උස(ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක) 155 මිලිමිටර් (අඟල් 6.1) ලෙසට සටහන් වෙනවා.Suzuki Bandit 250 හැසිරවීම ගැන අවධානය යොමු කලොත්  දුර ධාවනයේදී ධාවකයාට මෙන්ම පසුපස ගමන්ගන්නා කෙනාට ද ඉතාම පහසු නමුත් ඉහල වේගයන් හී වංගු වල අස්ථාවර බවක් හා කුඩා ඉඩ වල යතුරුපැදිය හැරවීමේදී තරමක ප්‍රශ්නයක්ද දැකගත හැකියි.කිලෝග්‍රෑම් 176ක පමණ බරක් මේ යතුරුපැදියට ලැබී තිබෙන නිසා නවකයෙක්ට මේ බයික් එක සුදුසු නැති බවක් සඳහන්.

බ්‍රේක් සහ සස්පෙන්ශන්

බ්‍රේක්ස් ගැන අවධානය යොමු කලොත් ඉදිරිපස පිස්ටන් 4ක ටොකීකෝ කැලිපරයක් සමඟ තනි ඩිස්ක් එකක් ද පසුපස පිස්ටන් දෙකක ටොකීකෝ කැලිපරයක් සමඟ ඩිස්ක් එකක් ද යොදාගෙන ඇති අතර මෙරට ඇති සමහරෙක් යතුරුපැදි වල නිසින් කැලිපරද දැකගත හැකියි නමුත් සම්මත (ස්ටැන්ඩඩ්) මාදිලියෙහි දැගත හැක්කේ Tokico කැලිපරය මෙහි බ්‍රේක්ස් ඉතා හොඳ මට්ටමකින් ඇති අතර මෙහි 400 මාදිලියේදී ඉදිරිපස ඩිස්ක් දෙකක් දැකගත හැකියි.සස්පෙන්ශන් ලෙස ඉදිරිපස කොයිල් ස්ප්‍රින් සහිත Oil damped Telescopic 41mm Forks ද පසුපස සඳහා මට්ටම් 7කට සීරූමාරු කල හැකි මොනොශොක් එකක්ද යොදාගෙන තිබෙනවා.

මීටර් පැනල් එක

මෙහි මීටර් පද්ධතිය ලෙස සම්පූර්ණ ඇනලොග් මීටර් එකක් යොදාගෙන ඇති අතර මෙහි වේගය,ODO,Trip හා RPM පෙන්නුම් කරන අතර මෙහි අඩුවක් ලෙස ඉන්ධන සහ උශ්නත්වය පෙන්නුම් කරන පද්ධතියක් නොවීම පෙන්වා දිය හැකියි. නමුත් 1995න් පසුව ඉන්ධන තත්වය පෙන්නුම් කරන පද්ධතියක්  මීටර් පද්ධතියට එකතු වීම නිසා මේ ගැටලුව නැති උනා.

ටයර්

ටයර්ලෙස ඉදිරිපස 110/70R–17M/C 54H ටයර් ප්‍රමාණයෙන්ද පසුපස 150/60R–17M/C 66H ද ටියුබ් රහිත ටයර් යොදාගෙන ඇති අතර Bendit 250V හැර අනෙක් මාදිලි වල පසුපස ටයරය 140/70 –17M/C 66H ප්‍රමාණයෙන් යුක්ත විය.අවසාන වශයෙන් මේ යතුරුපැදිය ගැන සටහන් කලොත් මෙය Honda CB Jade 250,Honda Hornet 250,Kawasaki Belius 250,Yamaha Zeal 250 වැනි යතුරුපැදි සමඟ කරට කර තරඟයක සිටි නමුත් වර්ථමානයේ අමතර කොටස් හිඟ කම,කාබ්,CDI ආශ්‍රිත දෝෂ වැනි සාධක නිසා මෙන්ම නඩත්තු වියදම් අධික නිසා වත්මන් යතුරුපැදි වෙළඳපොළ තුල ඉතාම මිල අඩු ජපන් යතුරුපැදියක් වී ඇත.

Tags

Leave a Reply

Back to top button
Close
Close