The Time Out

දිගු කාලයකට ඔබේ මොටර්බයික් එක ආරක්ෂිතව ගබඩා කරන හැටි

Motorbike එක ටිකක් දිග කාලයකට ආරක්ෂිතව ගබඩා කරන විදිය දන්නවද? අද අපි කියන්න සූදානම් වෙන්නේ ඒ කොහොමද කියන විදිය ගැනයි. ඔබේ motorbike එක දිගු කාලීනව ගබඩා කරන්නට කලින්, ඔබ motorbike එකෙන් වෙන්ව සිටින කාලය සඳහා ඔබේ motorbike එක සූදානම් කිරීමට උපකාරී වන මේ ප්‍රයෝජනවත් උපදෙස් සහ උපක්‍රම අනුගමනය කරන්නට වගබලාගන්න.

  • ඉන්ධන ගැන සැලකිලිමත් වන්න

Motorbike එකක් දිගු කාලීනව ගබඩා කිරීම එතරම් විනෝදජනක දෙයක් නෙමෙයි, මොකද එයින් අදහස් වන්නේ ඔබට ඔබේ motorbike එකෙන් ඈත්වෙලා සිටින්නට සිදුවෙන බවයි. ඔබේ fuel system එක, carburetor හෝ fuel injected වූවත් පෙට්‍රල් ටැංකිය තුළ ඉන්ධන තැබීම නිසා විඛාදනයට හේතු වෙන්න පුලුවන්. ඔබ කළ යුතු පළමු දෙය නම් ඔබේ පෙට්‍රල් ටැංකිය හිස් කිරීමයි. මෙය සිදු කිරීම සඳහා, ඔබට petcock එකෙන් fuel line එක විසන්ධි කර ඉවත් කරන පෙට්‍රල් fuel container එකකට එකතු කරගන්න පුලුවන්.

පෙට්‍රල් ටැංකිය හිස් වූ පසු, ඔබේ motorbike එක start කර ඉන්ධන නැතිවීමෙන් එය නතර වන තුරු ධාවනය වීමට ඉඩ දෙන්න. මෙමඟින් ඔබ සියලු fuel line වලින් පෙට්‍රල් ඉවතට ගෙන ඇති බවත් ඔබේ ඉන්ධන පද්ධතියට අහිතකර වන residual fluids නොමැති බවත් සහතික කරනවා.

Bike එකේ පෙට්‍රල් ටැංකිය හිස් කිරීම, ඔබට කළ නොහැකි විකල්පයක් නම්, කළ යුතු ඊළඟ හොඳම දෙය වන්නේ ඉන්ධන වලට Stabilizer එකක් එකතු කිරීමයි. Stabilizer මඟින් රසායනික ප්‍රතික්‍රියා මන්දගාමී කරනවා. Stabilizer එකතු කළ පසු, පෙට්‍රල් හා Stabilizer මිශ්‍රණය ඔබේ fuel line හරහා ධාවනය වී ඒවා තුළ ගබඩා වන බව සහතික කිරීම සඳහා ඔබේ motorbike එක මිනිත්තු කිහිපයක් ධාවනය කළ යුතු වෙනවා.

  • Oil හා coolant ඉවත් කරන්න

පෙට්‍රල් වගේ නෙමෙයි, ඔබේ එන්ජිම තුළ oil තබා ගැනීම වැදගත් දෙයක්. දිගු කාලීන ගබඩා කිරීමකට පෙර ඔබේ bike එකේ oil හිස් කිරීමෙන් වළකින්න. ඔබ motorbike එක භාවිතා නොකළත්, එන්ජිම නිසි ලෙස ලුබ්‍රිකේට් කිරීම ඉතා වැදගත් වනවා. Oil මඟින් ඇතුළත කොටස් මනාව කුෂන් කර සංරක්ෂණය කරනවා.

Oil වෙනස් කර ටික කලක් ගත වී ඇති බව ඔබ දන්නේ නම්, motorbike එක දිගු කාලීනව ගබඩා කිරීමට පෙර oil වෙනස් කිරීම හොඳ අදහසක්. භාවිතයට නොගත් oil මඟින් පාවිච්චි කළ oil වලට වඩා වේගයෙන් bike එකේ ගැටලු ඇතිවෙන්න ඉඩ තිබෙන නිසා ඔබේ bike එක ගබඩා කළ ස්ථානයෙන් ඉවතට ගත් පසු නැවත oil වෙනස් කිරීමට අවශ්‍ය බව මතක තබා ගන්න. ඔබ ඉතා ආසන්න දිනකදී oil වෙනස් කළා නම්, ඔබ කළ යුත්තේ නිර්දේශිත oil මට්ටමට එන තෙක් අලුතෙන් oil යෙදීම පමණයි.

ඔබට cooling system එකක් සහිත motorbike එකක් තිබේ නම්, Coolant මට්ටම පරීක්ෂා කර බලා අවශ්‍ය නම් එය ඉහළට ඔසවන්න. ඔබේ motorbike එක නැවත ධාවනය කිරීමට පටන් ගත් වහාම මෙය රිප්ලේස් කළ යුතු දෙයක්. මන්දයත් කාලයත් සමඟ Coolant වල ශක්තිය නැති වී යන අතර එය අධික ලෙස රත් වන motorbike එකකට මඟ පාදන්න පුලුවන්.

  • Battery විසන්ධි කරන්න

Battery සම්බන්ධයෙන් ඔබට විකල්ප කිහිපයක් ඇති අතර මේ සියල්ල රඳා පවතින්නේ ඔබ කොපමණ කාලයක් ඔබේ motorbike එක ගබඩා කරන්නේද යන්න මතයි. ඔබේ පළමු විකල්පය වන්නේ Battery tender එකකට ඔබේ Battery සම්බන්ධ කිරීමයි. Battery tender එකකට ඔබගේ Battery එකේ වෝල්ටීයතාවය නිරීක්ෂණය කිරීමට හැකි අතර Battery බලය නැති වන බව දැනගත් වහාම එය recharge කරනු ඇත. මෙම විකල්පය motorbike එකක් මාස කිහිපයක් ගබඩා කිරීම සඳහා හොඳ විකල්පයක්.

ඔබේ දෙවන විකල්පය වන්නේ Battery එක සම්පූර්ණයෙන්ම විසන්ධි කර motorbike එකේ තැබීමයි. දිගු ගබඩා කාලයක් සඳහා මෙය වඩාත් සුදුසු වේ. Battery එක විසන්ධි කිරීමෙන් “parasitic discharge” වළක්වන අතර එය තවදුරටත් ආරක්ෂා වෙනවා.

ඔබේ motorbike එක ධාවනය නොකර මාස කිහිපයක් හෝ අවුරුදු ගණනක් තබන අවස්ථාවක, ඔබේ motorbike එකෙන් විසන්ධි කර තිබුණත් Battery එක සම්පූර්ණයෙන්ම replace කිරීමට අපේක්ෂා කළ යුතුයි. පාවිච්චි නොකිරීමෙන් Battery එකේ ආරෝපණය සෙමෙන් නැති වී යන අතර freezing temperatures ඇත්නම්, එය බයික් Battery එකේ අවසානය වෙන්න බොහෝ ඉඩකඩ තිබෙනවා. කෙසේ වෙතත්, ඔබේ motorbike එක සමඟ Battery එක ඔබ සතුව තබා ගන්න. මේ ආකාරයෙන් ඔබේ කලින් තිබූ Battery එක තවදුරටත් භාවිතා කළ නොහැකි නම් අලුතෙන් ලබා ගත යුතු නිශ්චිත Battery එක කුමක්දැයි ඔබට පහසුවෙන් සොයාගන්න පුලුවන්..

  • Tires ඔසවන්න

මේ පියවර බොහෝදෙනෙක්ට මඟ හැරෙන පියවරක්. දිගු කාලීන ගබඩා කිරීමකදී Tires නිසි ලෙස රැකබලා නොගන්නේ නම් නැවත motorbike එක භාවිතයට ගැනීමේදී ඔබ ලොකු අකරතැබ්බයකට මුහුණ දෙනු ඇත. අවසානයේදී Tires බිම ස්පර්ශ වන තැන්වල flat spots මතුවෙනවා. මොකද කාලයත් සමඟ Tires වල වායු පීඩනය නැති වී යනවා.

මේ flat spots ස්ථීර ඒවා බවට පත් විය හැකි අතර Tires සම්පූර්ණයෙන්ම භාවිතයට ගත නොහැකි මට්ටමට පත්වීමේ අවදානමක් තිබෙනවා. Tires දෙකම ඔසවා තැබීමට උත්සහ කරන්න. මේ සඳහා නිර්මාණාත්මක ක්‍රම කිහිපයක් ඇති අතර ඔබට motorcycle lift stand එකක් භාවිතා කළ හැකි නම් එමඟින් එම කාර්යය මනාව ඉටු වෙනවා.

  •  නිසි ලෙස ආවරණය කරන්න

ඔබගේ motorbike එක storage unit එකක්, shed එකක්, හෝ garage එකක ගබඩා කරන්නේ නම් bike එක දැනටමත් ආවරණය වී ඇති බව ඔබට හැඟේවි. නමුත් ඔබ motorbike එක ගබඩා කරන්නේ කොතැනක වුවත්, ඔබ එය නිසි ලෙස ආවරණය කළ යුතුයි.

Exhaust pipes වැනි මීයෙකුට රිංගීමට හැකි තරම් විශාල සිදුරු ගැන සොයා බලන්න. මෙවැනි සිදුරු තුළට රෙදි කැබලි ඇතුල් කරන්න. තුවා කැබලි හෝ රෙදි කැබැලි පිටතට පෙනෙන බවට වග බලා ගන්න, එවිට ඒවා එහි ඇති බව ඔබට පසුව අමතක වෙන්නේ නැහැ. මේ වගේ සිදුරු වැසීම නිසා නැවත bike එක එළියට ගන්න වෙලාවට මීයන් පවුලක් සමඟ කරදර විඳීමට සිදුවෙන එක වළක්වගන්න ඔබට පුලුවන්.

වහලක් සහිත හෝ රහිත මොනයම් ආකාරයක තැනක ඔබ motorbike එක ගබඩා කරත් එය නිවැරදිව ආවරණය කිරීමට වගබලා ගන්න. ඔබේ motorbike එකට ඉහළින් ආවරණයක් යෙදීමට පෙර, lint-free රෙද්දක් ගෙන ඔබේ motorbike එක පිස දමන්න. Motorbike එක සීරීමට ලක්විය හැකි සුන්බුන් හෝ අපිරිසිදු ද්‍රව්‍ය තිබේනම් ඒවාද ඉවත් කරන්න.

 

Back to top button
Close
Close