The Time Out

මෝටර්බයික් එකක ගියර් මාරු කරන විදිය

Motorbike එකක කරන්න තියෙන ටිකක් අභියෝගාත්මක වැඩක් තමයි ගියර් මාරු කරන එක. scooter වලට වගේ නම් මේ ප්‍රශ්නේ අදාළ වෙන්නේ නැහැ. මැනුවල් වාහනයක් පදින්න දන්න කෙනෙක්ට මේ වැඩේ ටිකක් විතර ලේසි වෙයි. ඒත් ඒ ක්‍රියාවලියට අමතරව පොඩි පොඩි දේවල් ටිකක් එකතු වෙන්න ඕනේ. Manual gear පද්ධති ගැන කිසිම අදහසක් නැති කෙනෙක්ට වැඩේ ටිකක් අමාරු වෙන්න පුලුවන් උනාට වැඩේ තේරුම් අරන් හොඳට පුරුදු උනොත් නම් පේන තරම් අමාරු වෙන්නේ නැහැ.

  • බයික් ගියර් ගැන මූලික කරුණු

Gear මාරු කරන ක්‍රියාවලියට සම්බන්ධ දේවල් 3ක් තියෙනවා. ඒවා තමයි ත්‍රොට්ල් එක/ ඇක්සලේටරය, ක්ලච් එක සහ ගියර් පැඩ්ල් එක. ත්‍රොට්ල් එකෙන් එන්ජින් එක පාලනය කරනවා, ක්ලච් එකෙන් ගියර් පද්ධතිය එන්ජින් එකට සම්බන්ධ වීම/ විසන්ධි වීම කරනවා සහ ගියර් පැඩ්ල් එකෙන් ගියර් එක තෝරගන්නවා කියන වැඩ ටික සිද්ධ වෙනවා. සරලවම කිව්වොත් බයික් එක රේස් කරගෙන යන ගමන් ක්ලච් එක ඇල්ලුවම බයික් එක තවදුරටත් රේස් කරත් වේගය වැඩි වෙන්නේ නැතුව සුදුසු ගියර් එක දාන්න පුලුවන් වෙනවා. ගියර් එක දැම්මට පස්සේ කරන්න තියෙන්නේ හෙමිහිට ක්ලච් එක ලූස් කරන එක. ගියර් එක මාරු කරන්නේ බයික් එකේ වම් පැත්තේ තියෙන ලීවර් එකක් කකුලෙන් උඩට පල්ලෙහාට කරන එකෙන්. සාමාන්‍යයෙන් අලුත් බයික් වල ගියර් සිස්ටම් එකේ පිළිවෙල මෙහෙමයි.

  • 6 වෙනි ගියරය (සමහර බයික් වල)
  • 5 වෙනි ගියරය
  • 4 වෙනි ගියරය
  • 3 වෙනි ගියරය
  • 2 වෙනි ගියරය
  • නියුට්‍රල්
  • 1 වෙනි ගියරය
  • Gear මාරු කරන තාක්ශණය

 

බයික් එකටයි ඔයාටයි කරදරයක් නොවෙන්න ගියර් එක මාරු කරන්න ඕනේ නම් පහළ උපදෙස් අනුගමනය කරන්න.

  1. වම් අත පාවිච්චි කරලා ක්ලච් එක ඔයාගේ පැත්තට තද කරන්න.
  2. වම් කකුලෙන් ගියර් ලීවරය පහළට/ ඉහළට ගනිමින් ගැළපෙන ගියරයට මාරු කරන්න.
  3. දකුණු අත පාවිච්චි කරලා ත්‍රොට්ල් එක කරකවලා හෙමිහිට රේස් කරන්න.
  4. එක පාර අත අරින්නේ නැතුව ටික ටික ක්ලච් එක අත අරින්න.
  5. ක්ලච් එක අත අරින ගමන් ඇක්සලරේටරය/ ත්‍රොට්ල් එකෙන් වේගය පාලනය කරගන්න.
  6. නැවත ගියර් මාරුවක් අවශ්‍ය වෙනකන් ත්‍රොට්ල් එකෙන් වේගය හසුරුවන්න.

Gear මාරු කරන එක මේ වගේ පියවර 6කින් කියන්න පුලුවන්. ඒත් වැඩේ හරියටම කරන්න නම් හොඳ ප්‍රැක්ටිස් එකක් ඕනේ. පාලු ඉඩමක්, සෙනඟ අඩු කාර් පාර්ක් එකක් වගේ තැනකට ගිහින් වැඩේ පුරුදු වෙන්න. වාහන තදබද සහ මිනිස්සු නැති නිසා ගියර් මාරු කරන එකට 100% අවධානය යොමු කරන්න ඔයාට පුලුවන්. හැබැයි වැදගත්ම දේ තමයි ආරක්ශාව.

වැඩේ හරියට අල්ලගත්ත ගමන් ඔයාට තේරෙයි මේකේ ලොකු දෙයක් නැහැ කියලා. ක්ලච් එක අල්ලන වෙලාව අත අරින වෙලාව, ගැළපෙන ගියර් එක මොකක්ද, ත්‍රොට්ල් එකෙන් කොච්චර ඇක්සලරේට් කරන්න ඕනෙද, ගියර් ලීවර් එකට කොච්චර පීඩනයක් දෙන්න ඕනෙද කියන දේවල් අල්ලගත්තට පස්සෙ හිතේ ලොකු බරක් තියාගෙන ගියර් මාරු කරන්න ඕනේ වෙන්නේ නහැ.

  • කොයි වෙලාවෙද Gear මාරු කරන්නේ?

මේ දේට ගණිත සූත්‍ර නම් නැහැ. හැබැයි ඕනවට වඩා කලින් ගියර් එක මාරු කරාම ඊළඟ ගියර් එකේ රැඳිලා ඉන්න සුදුසු වේගය නැති වෙන්න පුලුවන්. RPM (Revolutions Per Minute) එකෙන් තමයි එන්ජින් එකට ගියර් මාරුවක් අවශ්‍යයි කියලා දැනගන්න පුලුවන් වෙන්නේ. ටිකක් කල් යද්දි නම් ඒක ඔයාට නිකන්ම දැනෙන්න ගන්නවා.

  • කොහොමද නියුට්‍රල් එක හොයාගන්නේ?

අලුත් බයික් රයිඩර්ස්ලට තියෙන තව අභියෝගයක් තමයි නියුට්‍රල් එක හොයාගන්න එක. සංකීර්ණ ගියර් පද්ධති තියෙනකොට වැඩේ ටිකක් අමාරුයි තමයි, ඒත් හරියට ඉවසිල්ලෙන් ඕනවට වඩා ගියර් ලීවරයට පීඩනය දුන්නේ නැත්නම් වැඩේ හරිම ලේසි. ක්ලච් එක සම්පූර්ණයෙන් අල්ලන් ඉන්න එකත් ඉතාම වැදගත්. ගොඩක් බයික් වල ස්පිඩොමීටර් එකේ කොළ පාට ලයිට් එකක් තියෙනවා නියුට්‍රල් ගියර් එකට ආවම ඒක පත්තු වෙන.

  • මෘදු ගියර් මාරුව

ගැස්සිලි, පැද්දිලි, බයික් එකේ වේගය අඩාළ වීම්, එන්ජින් එක ක්‍රියාවිරහිත වීම් නැති කරගන්න නම් හරියට ක්ලච් එක, ගියර් ලීවරය සහ ත්‍රොට්ල් එක අවශ්‍ය විදියට පාවිච්චි කරන්න ඕනේ. එක පාර ක්ලච් එක අත අරින එක, වැඩියෙන්/ අඩුවෙන් රේස් කරන එක තමයි ගියර් මාරු කරද්දි ප්‍රශ්න ඇති කරන්නේ.

  • කොහොමද Motorbike එක නවත්තන්නේ?

එක එක gear තියෙන්නේ එක එක වේග පරාස වලට. ඉතින් එක පාරම බයික් එක නවත්තන්න ඕනේ නම් හොඳම දේ තමයි gearඑකින් එක පල්ලෙහාට මාරු කරන එක. හදිසියේ හරි ඔයා ට්‍රැෆිල් ලයිට් නිසා නම් නවත්තන්න ගියේ, නවත්තන්න උවමනාවක් තවදුරටත් නැත්නම් ලේසියෙන්ම ආයෙත් වේගය වැඩි කරගන්න පුලුවන්. සම්පූර්ණයෙන්ම බයික් එක නැවැත්තුවොත් කරන්න තියෙන හොඳම දේ නියුට්‍රල් එකට දාලා තියාගන්න එක.

බයික් එකේ එන්ජිම එක පාර නැවතුනොත් කලබල වෙන්න එපා. gear එක පල්ලෙහාට දාලා ආයෙත් Start කරගෙන ආරක්ෂාකාරී තැනකට ගිහින් අවුලක් තියෙනවද බලන්න. මොකද වාහන ගොඩක් එක්ක පාර මැද්දට වෙලා ඉන්න එක අවදානම්.

  • ගියර් පන්නන එක සහ Parking

සමහර වෙලාවට ඔයාට ගියර් එකක් පන්නලා යන්න ඕනේ වෙන්න පුලුවන්. එතකොටත් සාමාන්‍ය ක්‍රියාවලියම තමයි අනුගමනය කරන්න ඕනේ. හැබැයි ඊළඟ ගියර් මාරුවට ටිකක් වැඩි වෙලා ගත වෙන්න පුලුවන්.

සමතලා පොළවක බයික් එක පාර්ක් කරලා යද්දි නියුට්‍රල් එකේ තියලා ගියාට ප්‍රශ්නයක් නැහැ. ඒත් පිටිපස්සෙන් පල්ලෙහාට බෑවුම් වෙලා තියෙන තැනක් වගේ නම් 1 වෙනි gear එකට දාලා යන එකෙන් බයික් එක පස්සට යන එක සහ පෙරළෙන එක නවත්තගන්න පුලුවන්.

හැබයි ඕනේම ගියර් එකේ සැපට,ආරක්ශාකාරීව යන්නත් අනිවාර්යෙන්ම හොඳ ටයර් දෙකක් නම් බයික් එකට දාලා තියෙන්නම ඕනේ ඒකට ඉතින් ලංකාවේ පාරවල් වලටම ගැලපෙන්නම හොඳ ටයර් දෙකක් තෝරාගන්න එක නම් ගොඩක් වැදගත්.උදාහරනෙකට ලංකාවේ අපේම අපිටම ගැලපෙන්න නිශ්පාදනය කරන DSI Tyres හඳුන්වලා දෙන්න පුලුවන්.

 

Tags
Back to top button
Close
Close