The Time OutWhat's Hot

මොකක්ද මේ Ride Fearless with Pulsar Fi & ABS ?

biker.lk ලිපි කියවන ඔබේ බයික් පිළිබඳ දැනුම වැඩි කරන්න අපි ඇපකැප වෙලා ඉන්න වෙලාවේ බයික්වලට, බයික් ස්ටන්ට්වලට ආදරේ කරන ඔබට සහ ඔබේ යහලුවන්ට ඉතා වැදගත් වෙන ආරංචියක් තමයි මේ කියන්න යන්නේ. රටවල් 70ක තරුණ හිත් දිනාගත් Ride Fearless with Pulsar Fi & ABS දැන් ඔබේ නගරයටත් පැමිණිමට නියමිත බව ඔබ දන්නවද?

Ride Fearless with Pulsar Fi & ABS එකෙ වෙන්නේ මොනවදකරන්න පුලුවන් මොනවද?

කොහොමද අපිත් සම්බන්ධ වෙන්නේ මේකට වගේ ගොඩක් ප්‍රශ්න ඔබේ ඔලුවට දැන් එනව ඇතිනේ.මෙහෙමයි මෙතනදී ලංකාවේදී ආයෙත් දකින්න නොලැබෙන අතිශය උද්වේගකර Puslar Power Stunt සංදර්ශන බලන්න පුලුවන් වගේම ABS තාක්ෂණයේ තියෙන වාසි ගැන ලොකු අවබෝධයක් ගන්න පුලුවන්. ඔබත් බයික් සට්න්ට්වලට ආසයි නම් දෙපාරක් හිත හිත ඉන්න ඕනේ නෑ. Ride Fearless with Pulsar Fi & ABS තමයි ඔබ අනිවාර්යෙන්ම එන්න ඕන තැන…එ වගේම ඔබට හරි ඔබේ යහලුවෙක්ට හරි පල්සර් බයික් එකක් තියෙනවා නම් Ride Fearless with Pulsar Fi & ABS එකෙන් විශේෂ සේවා සත්කාරයක් සමඟ සුවිශේෂී වට්ටම් එක්ක අමතර කොටස් ගන්න චාන්ස් එකක් ලැබෙනවා. කම්පැනි එකෙන්ම මෙහෙම චාන්ස් එකක් ඔබේ නගරෙටම ගෙනත් දෙනකොට ඉතින් නොයා ඉන්න හිතෙන්නේ නෑ තමයි 🙂

“Ride Fearless with Pulsar Fi & ABS එකෙන් ඔබට ලැබෙන ඔක්කොම දේවල් තාම කියල ඉවර නෑ. එනිසා පහළට ඔහොම කියවගෙන යමු.”

එ විතරක් නෙමෙයි ඔබට හරි යාලුවෙක්ට හරි පල්සර් බයික් එකක් ගන්න හීනයක් තියෙනවා නම් අදහගන්න බැරි වට්ටම් එක්ක ඕනෙම පල්සර් බයික් මොඩ්ල් එකක් මේ Ride Fearless with Pulsar Fi & ABS එකෙන් මිලදී ගන්නත් පුලුවන්.එත් එක්කම සය සාමාජික ක්‍රිකට් තරඟත් Ride Fearless with Pulsar Fi & ABS එකේ අන්තර්ගත නිසා ක්‍රිකට් සෙල්ලං කරන සෙට් එකටත් අනිවාර්යෙන්ම පණිවිඩේ කියන්න. ඔය පහළින් තියෙන්නේ Ride Fearless with Pulsar Fi & ABS ඔබේ නගරයට එන දවස් ටික. ඉතින් ආයෙත් මේවගේ චාන්ස් එකක් එන්නේ නැති නිසා මිස් කරගන්න නම් එපා. මතක ඇතුව සෙට් එකත් එක්ක Ride Fearless with Pulsar Fi & ABS බලන්න එන්න.එ වගේම වැඩි විස්තර දැනගන්න මෙතන ක්ලික් කරන්න .

Tags
Back to top button
Close
Close