The Time Out

ආයේත් බයික් එක පදින්න කලින් මේ ගැනත් හිතන්න. – ටිප්ස් 8ක්

“Returning riders” ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන්නේ මැදි වයසේදී දිගු විරාමයකින් පසුව නැවත යතුරුපැදි පැදවීමට තීරණය කරන පුද්ගලයින්වයි. එය හොඳ අත්දැකීමක්. නමුත්, මෙසේ නැවතත් බයික් එකට ගොඩවෙන ධාවකයින් බොහෝ දෙනෙක් අනතුරුවලට ගොදුරු වෙනවා. ඉතින් මෝටර්බයික් ධාවනයට නැවතත් ඇතුල් වීම ටිකක් පහසු කර ගැනීමට උපකාර වන උපදෙස් කිහිපයක් ඔබ වෙත ගෙන එන්න අපි හිතුවා.

  1. බොරු විශ්වාසයන් හඳුනා ගන්න.

බොහෝ Returning riders ලා සිතන්නේ ඔවුන් දශක හෝ වසර කිහිපයකට පෙර නතර කළ ස්ථානයෙන් නැවත ආරම්භ කරන්න පුලුවන් කියලා සහ එය ඉතා පහසු දෙයක් කියලා. නමුත් එය එතරම් පහසු නැහැ. බයික් පැදීමේ මූලික කරුණු, නැත්නම් basics එතරම් වෙනස් වී නැතත්, ඥාණාන්විත ලෙස නැවත බයික් ධාවනයට එකතුවෙන ධාවකයන් නැවත පුහුණු වීමට තීරණය කරන්නේ Moto-skills විනාශ වන බව ඔවුන් දන්නා නිසාවෙනි. ඔවුන් බයිසිකලයක් නැවත මිලදී ගැනීමට පෙර මෙය සිදු කරනවා.

  1. කුඩා බයිසිකලයක් මිලදී ගන්න.

ප්‍රදර්ශනාගාරයේ තිබෙන විශාලතම, බලයෙන් වැඩිම බයික් එක මිලදී ගැනීමට තරම් ඔබේ බැංකු ගිණුමේ ප්‍රමාණවත් ශේෂයක් තිබෙන්නට පුලුවන්. නමුත් ඉතා විශාල, උස වැඩි හෝ බලයෙන් වැඩි බයිසිකලයක් නිසා ඔබේ විනෝදය විනාශ වෙන්න පුලුවන් බව මතක තබාගන්න. Smart රයිඩර්ස්ලා ඔවුන්ගේ මමත්වය පසෙකට දමා කුඩා හෝ මධ්‍යම බර බයිසිකලයක් තෝරා ගන්නවා. කුඩා මෝටර් බයිසිකලයක් මඟින් විනෝද විය හැකි අතර ආතතියකින් තොරව දේවල් ඉගෙන ගැනීමට අවස්ථාව ලබා දෙනවා. අලුත්ම බයිසිකලයක් මත විශාල මුදලක් වැය කරනවා වෙනුවට, භාවිතා කළ, හොඳ condition එකක ඇති ටිකක් අලුත් මාදිලියේ බයිසිකලයක් මිලදී ගැනීම ගැන සලකා බලන්න. එහි සීරීමක් හෝ දෙකක් තිබේ නම් එය වඩාත් හොඳයි, මොකද ඔබ නැවත මෝටර්බයික් ධාවනයට හුරුවන අතරතුර සිදුවිය හැකි වැටීම් සහ සීරීම් ගැන ඔබ එතරම් කණගාටු වන එකක් නැහැ.

  1. පාඨමාලාවක් හදාරන්න.

නැවත පුහුණු වීමට ඇති පහසුම සහ හොඳම ක්‍රමය නම් පාඨමාලාවක් හැදෑරීමයි. කලකට පසු ආපසු බයිසිකලයට ගොඩවන ධාවකයින් සඳහා ශක්තිමත් foundation එකක් සමඟ කාර්‍යය ආරම්භ කළ හැකි වන පරිදි මූලික කුසලතා ඇති බව සහතික කිරීම සඳහා නව ධාවකයන්ගේ පාඨමාලාවක් හැදෑරීම ඉතා හොඳ පියවරක්. නමුත්, එතනින් නවතින්න එපා. බොහෝ ධාවකයින් සිතන්නේ ඔවුන්ගේ පාඨමාලාව සම්පූර්ණ කිරීමේ සහතිකය ලැබීමෙන් ඔවුන් ඉගෙනගෙන අවසන් බවයි. එම භයානක විශ්වාසය බොහෝ විට අනවශ්‍ය අවදානම්වලට මග පාදනවා. යතුරුපැදි පැදවීමට ඉගෙනීම, පුහුණුවීම සහ වර්ධනය වීම කියන්නේ ජීවිත කාලය පුරාවටම කරන උත්සාහයක් විදියට ධාවකයින් අවබෝධ කරගතහොත් බයික් අනතුරු සහ සිදුවන දේපළ හා ජීවිත හානි සැලකිය යුතු ලෙස අවම කරගන්න පුලුවන්.

  1. නිපුණතා ලිපි සහ පොත්පත් කියවන්න.

ප්‍රවීණ බයික් ධාවකයෙකු වීම සඳහා ශිල්පීය ක්‍රම සහ උපාය මාර්ග (techniques and strategies) විස්තර කරන පොත්පත් සහ ලිපි ඕනෑතරම් තිබෙනවා. Google හෝ YouTube  හි “මද වේගයකින් යතුරුපැදියක් පැදවීම”, “යතුරුපැදියක් මුල්ලක නතර කිරීම”, හෝ ඔබට වඩා හොඳ ධාවකයෙකු වීමට අවශ්‍ය වෙනත් ඕනෑම තොරතුරක් පහසුවෙන්ම ඔබට සොයාගන්න පුලුවන්.

  1. ගැළපෙන ඇඳුම් ආම්පන්නවලින් සන්නද්ධ වෙන්න.

බොහෝ කලකට පසු යතුරුපැදි ධාවනයට නැවත එක්වෙන කෙනෙක් කලින් තිබූ මට්ටමේ නිපුණත්වයට ඒමට පෙර සුළු අනතුරු සිදුවීමේ ඉඩකඩක් තිබෙනවා. මෙය මනසේ තබාගෙන, කලින් දැනගෙන, ආරක්‍ෂාවට අවශ්‍ය gear පැළඳ නොගැනීම මෝඩකමක්. හොඳ riding gear මඟින් තුවාල වීමේ සම්භාවිතාව අඩු කරනවා පමණක් නෙමෙයි, එය ඔබව ආරක්ෂා කරන අතර බයික් එක පැදීම වඩාත් සුවපහසු සහ විනෝදජනක කරනවා. සාධාරණ මිල ගණන් සහිත ආම්පන්න හොඳ ආරක්ෂාවක් සපයන අතර ඕනෑම විලාසිතාවකටත් ගැලපෙනවා. සමහර රයිඩර්ස්ලා පෙනුම හෝ සම වයසේ මිතුරන්ගේ පීඩනය නිසා සම්පූර්ණ ආම්පන්න පැළඳ නොගැනීමට තීරණය කරන්න පුලුවන්. නමුත් වාසනාවකට වගේ, returning riders ලා ටිකක් පරිණත වැඩිහිටියන් වන නිසා ඔවුන් විලාසිතා වලට වඩා ආරක්ෂාව ගැන සැළකිලිමත් වෙනවා.

  1. පැරණි මිථ්‍යාවන් ප්‍රතික්ෂේප කරන්න.

සෑම විටම “ඉදිරිපස brake මග හැරීමට ඉගෙන ගත යුතුයි” වගේ මිථ්‍යාවන් යම්කිසි දිනක ඔබ ඔබ අසා ඇති. අද කාලයේ මේ වගේ ශිල්පීය ක්‍රම භාවිතා කිරීම ගැන සලකා බලන්නේ නිවැරදි brake technique පිළිබඳව අධ්‍යාපනයක් නොමැති ධාවකයන් විතරයි. ඉදිරිපස තිරිංග මඟ හැරීම ගැන මේ පැරණි මිථ්‍යාව පැමිණෙන්නේ ඔබ කුඩා කාලයේ කළ ආකාරයට පාපැදියේ නැගී ඉදිරිපස brake තද කළ විට බයිසිකලය පෙරලනු ඇතැයි යන අදහසෙන්. අද වනවිට ඇති Grippy Tires සහ පාලනය කළ හැකි brake නිසා ඉතා කෙටි දුරකින් වුණත් මෝටර්බයික් එකක් ආරක්ෂිතව නැවැත්වීමේ හැකියාව තිබෙනවා. හැබැයි ධාවකයා නිවැරදිව, කාර්යක්ෂමව brake භාවිතා කරන්නේ කෙසේදැයි දැනගෙන සිටිය යුතුයි.

  1. අවදානම නිවැරදිව වටහා ගන්න.

රෝද හතරක මෝටර් රථයක රිය පැදවීමට වඩා රෝද දෙකේ බයික් එකක් ධාවනය කිරීමේ අවදානම වැඩි බව කවුරුත් දන්නවා. කෙසේ වෙතත්, බොහෝ අය රිය අනතුරකට ආසන්න අවස්ථාවක් හෝ අනතුරක් අත්විඳින තුරු මෙය කෙතරම් අවදානම්දැයි වටහාගන්නේ නැහැ. මනසේ සූදානමින්, හැමදේකටම ඇති සම්භාවිතාවය වටහාගෙන සහ නරකම දේ සඳහා සූදානම්ව සිටිනා ධාවකයෙකුට ඉතා ඉක්මනින් සහ සුදුසු ලෙස ප්‍රතිචාර දැක්වීමේ වැඩි හැකියාවක් මෙන්ම අවස්ථාවක්ද තිබෙනවා.

  1. ඔබේ ආකල්ප ගැන සිතන්න.

දිගු කලකට පසු මෝටර්බයික් එකට නැවත ගොඩවන ධාවකයන් වඩාත් පරිණත විය හැකියි. නමුත් අධික ලෙස උද්යෝගිමත් වීම සහ නරක විනිශ්චය ඔබෙන් සම්පූර්ණ ලෙස ඈත් වී ඇති බවට එය සහතිකයක් නම් නෙමෙයි. ධාවකයන්ගේ හැකියාවේ සීමාවන්, පරිසරය සමීපව පරීක්ෂා කිරීම සහ එයට ගරු කරන විට ඇති විය හැකි අවදානම් සැලකිය යුතු ලෙස අඩු වෙනවා. ඉතින් ඔබේ වයසේ සහ අත්දැකීම්වල උපරිම ප්‍රයෝජනය ලබාගන්න.

Back to top button
Close
Close