The Time Out

ජීවිතේ එක පාරක් හරි මොටර්බයික් එකක් පදින්න ඕන ඇයි?

මේ ලිපිය කියවන්න මේ ටික අනිවාර්යෙන්ම කියවන්න.ඔබ දැනටමත් බයික් එකක් භාවිතා කරනවා නම් බයික් පිස්සෙක් නම් බයික් වලට පණ වගේ ලව් නම් මේ ලිපිය ඔබට 200%ක්ම ගැලපෙන්නේ නෑ.හැබයි ඔබටත් ඇති යාලුවෝ බයික් එකක් පෙන්නන්න බැරි,බයික් එකක් පදින්න බැරි, බයික් එකක් ගන්න බය, කොටින්ම බයික් කියන වාහනය කිව්වොත් පැත්ත පලාතක එන්නේ නැති.අන්න ඒ සෙට් එකට තමයි මේ ලිපිය.එ වගේ යාලුවෝ ඉන්නවා නම් අනිවාර්යෙන්ම මේ පොස්ට් එකට ටැග් කරලා මෙන්ශන් කරලා ශෙයාර් කරලා දැනුවත් කරන එක සියලු බයික් සංහතියටම කරන ගෞරවයක් වේවි. 😊

බයික් එකක් ඕන කරන්නේ ඇයි බයික් එකක් කියන්නේ එක විකල්පයක් විතරක් උනාට ගොඩක් අය කැමතියි බයික් එකකට. ඒකට ආශාවේ ඉඳන් ප්‍රායෝගික බව වෙනකන් ලොකු පරාසයක හේතු විහිදෙනවා. මේ ඒ වලින් දහයක්.

  1. Motorbike එකකින් ලැබෙන වින්දනය

රාත්තල් සියගානක් විතරක් බර පොඩි රෝද දෙකේ යන්ත්‍රයකින් එච්චර ගතියක් ,ලල් එකක් ,ආතල් එකක්,වින්දනයක් ලැබෙන එක ඇත්තටම පුදුමයි. සමහර වෙලාවට බයික් එකකින් ලැබෙන අවදානම් ප්‍රමාණයත් ඒ වින්දනය ඉහළ නංවන්න හේතුවෙනවා.

  1. ඉන්ධන පිරිමැස්ම

සමහර වෙලාවට එහෙමයි කියලා හිතන්න අමාරු වුණාට කාර් එකකට වඩා දෙගුණයක් අරපිරිමැස්මෙන් Motorbike එකකින් ඉන්ධන පාවිච්චි වෙනවා. ඒ හින්දා ඉන්ධන මිල අධික තත්ත්වයක දී වුණත් කාර් එකට සාපේක්ෂව ලොකු මුදල් ඉතිරි කිරීමක් බයික් එකකින් වෙනවා. බොහෝ බයික් ගැලුමකට සැතපුම් 60ක් 70ක් ධාවනය කිරීමත් සමහරක් ස්කූටර් ගැලුමකට සැතපුම් 100 කට වඩා ධාවනය කිරීමත් නිසා බොහෝ අය බයික් වලින් රැකියාවලට යන එකත් සුලභයි.

  1. Park කිරීමට පහසු වීම

අපි හැමෝම ඕන තරම් දැකලා තියෙනවා සමහර වෙලාවට car park වල ලොකු කාර් එකක් තියෙන කවුරුහරි  ඒක park කරගන්න කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා. ඒත් හැම ව්‍යාපාරික ස්ථානයක වගේ පහසුවෙන් බයික් park කර ගැනීමට පහසුකම් තියෙනවා. ඒවගේම සමහර පොදු carpark වල bike park කිරීමට අමතර මුදල් අය කරන්නේ නැහැ.

  1. සුහදත්වය

ඔයා ධාවකයෙක් නම් අනිවාර්යෙන්ම ඔයා තව ධාවකයන් කිහිප දෙනෙක් එක්කවත් සුහද සම්බන්ධකම් තියෙනවා. ඒ බයික් නිසා. ඒකට හේතු වෙන්නේ ගොඩක් වෙලාවට බයික් තියන අය ඒ ගොල්ලො ලොකු ප්‍රජාවක කොටසක් කියලා හිතන නිසා.

 

  1. පුද්ගලත්වය

Motorbike එකක් තියෙන කෙනෙක්ට එයා කණ්ඩායමක එක් කෙනෙක් පමණක් වුවත් තමන්ටම විතරක් ආවේනික පුද්ගලත්වයක් දිගටම පවත්වාගෙන යන්න හැකියාව ලැබෙනවා. ඒක එකිනෙකට වෙනස් ධාවකයන්ගේ ශෛලීන් හා ක්‍රම ශිල්ප වලින් පෞරුෂත්වය සමග පිළිබිඹු වෙනවා.

  1. අඩු පාරිසරික බලපෑම

ඒ ගැන අවධානයෙන් සිටියත් නැතත් අනෙක් ප්‍රවාහන ක්‍රම වලට සාපේක්ෂව Motorbike වලින් වෙන්නේ අවම බලපෑමක්. තමන්ගේ වින්දනය ගැන විතරක් හිතලා නත් ප්‍රවාහන ක්‍රමයක් වෙනුවට බයික් එකක් යොදා ගැනීමෙන් වෙන්නේ පරිසරයට යහපතක්.

  1. ප්‍රවාහන පහසුව

ඇතැම් රටවල් වල Motorbike වලට වෙනම මං තීරු සකස් කරනවා වගේම ටෙක්සාස් california වගේ ප්‍රාන්තවල මං තීරු අතර මැද්දේ ගමන් කිරීමටත් අවසර ලබා දෙනවා. බයික් එක ගමන් කිරීමෙන් ගමනාන්තයට ගොඩක් ඉක්මනින් ලඟා වෙන්න පුලුවන් වගේම වෙනත් ප්‍රවාහන ක්‍රමයකට වඩා වැඩි සතුටක් ලබා ගන්නත් හැකියාව ලැබෙනවා.

  1. සාපේක්ෂ අඩු මුදලකින් ලැබෙන වැඩි ඵලදායිත්වය

මේ කරුන ලංකාවට අදාල වෙන්නේ නැතිවෙන්න පුලුවන් හැබයි ඩොලර් 13000 කට මිලදීගන්න පුළුවන් Suzuki Hayabusa බයික් එකකින් ඩොලර් මිලියනයකට මිලදී ගන්නා Ferrari රථයකට අභියෝග කළ හැකි තරම් වේගයකින් ගමන් කරන්න පුළුවන්. මුදලට සාපේක්ෂව වැඩි දෙයක් බයික් එකෙන් ලැබුණත් ඊට සමානුපාතිකව අවදානමත් වැඩි නිසා ඒ පිළිබඳවත් අවධානය යොමු කිරීම වැදගත්.හැබයි කාර් ,වෑන් වලට ලංකාවේ ගහන ටැක්ස් එක දැක්කම ඇත්තමට මේ කරුනත් ලංකාවට අදාලයි තමයි

  1. නිදහස හා ත්‍රාසජනක බව

කාර්යබහුල ජීවිතයේ නිදහසක් ඕනේ උනාම ඒක තමන්ගෙ වැඩ කරන අතරතුරදීම ලබා ගන්න හොදම විදිය තමයි බයික් එකක් ධාවනය කරන එක.එකේ ඉතින් ආයේ කථා දෙකක් නෑ.මීට අමතරව දහසක් කරුනු ඔබටත් මතක් වෙනවා ඇති.හැමෝටම දැනගන්න එ අදහසත් කමෙන්ට් කරගෙනම යන්න

 

Tags
Back to top button
Close
Close