The Time Out

බයික් එක වැස්සේ තෙමුනට කමක් නැද්ද? සියලු විස්තරේ

ධාරානිපාත වැස්ස වෙලාවට අපි මෝටර්බයික් එකේ ගමන් යන එක සෑහෙන්න අඩු කරනවා. හැබැයි පොඩි වැස්සක් වෙලාවට නම් අපි නිවැරදි ඇඳුම් ආම්පන්න ඇඳ පැළඳගෙන අපේ ගමන් බිමන් යනවා. ඉතින්, වැස්ස නිසා ඔබේ බයික් එකට වෙන්න පුලුවන් හානි මොනවද? අද අපි ඒ ගැන කතා කරමු. බොහෝ අවස්ථාවලදී, wiring, electric උපාංග සහ වතුරෙන් හානිවිය හැකි අනෙකුත් කොටස් මුද්‍රා තබා, වියළිව තබා ගැනීමට නිෂ්පාදකයින් වග බලා ගන්නවා. කාලයකට පාරක් වැස්සේ බයික් එක පැදවීමෙන් ඔබේ බයික් එකට හානියක් වෙන්නේ නැහැ. නමුත්, වැස්සට සහ වැස්ස නිසා බයික් එක හා ගැටෙන මූලද්‍රව්‍යවලට දිගු කලක් නිරාවරණය වීම නිසා අවසානයේදී ඔබේ බයිසිකලයේ කොටස්වලට හානි වෙන්න ලොකු ඉඩක් තියෙනවා.

මෝටර්බයික් එකක් වෙනත් ඕනෑම වාහනයකට සමාන බව බොහෝ දෙනා විශ්වාස කරනවා. මේක ඇත්‍තක්, නමුත් යම් දුරකට පමණයි. පැති කිහිපයකින්, විශේෂයෙන්ම යතුරුපැදිවල structure එක අනෙකුත් වාහනවලට වඩා වෙනස්. මේ නිසා ඔබේ බයික් එකට සැපයිය යුතු රැකවරණය වෙනස් විය යුතුයි. විශේෂයෙන් වැසි සහිත කාලයේදී ඔබ අමතර දේවල් කිහිපයක් සිදුකළ යුතුයි.

  • බයික් එකේ අවදානමට ලක්විය හැකි ප්‍රදේශ තෙත් වුවහොත් කුමක් සිදුවෙයිද?

වැස්සෙන් හානි වීමට වඩාත්ම අවදානමක් ඇත්තේ විවෘතව පවතින Electrical connections වලට. අඛණ්ඩව වැස්ස ඇද හැලෙන විට switchgears, break systems, සහ batteries අඩපණ විය හැකි බවත් සොයාගෙන තිබෙනවා. වැස්ස අඩු වුණු පසු වියළි කඩමාල්ලක් රැගෙන බයික් එක පිසදැමීම මඟින් මෙවැනි ගැටලු මඟහරවා ගත හැකි යැයි විශ්වාස කරන මෝටර්බයික් හිමියෝ බොහෝ දෙනෙක් ඉන්නවා, නමුත් එය එතරම් සරල නැහැ. වැස්සට නිරාවරණය වූ පසු, එම කොටස් හරහා වතුර ගමන් කර හානි කිරීමට පටන්ගන්නවා. සමහර අවස්ථාවලදී මේ හානි ආපසු වෙනස් කරන්න බැරි තරමේ හානි වෙන්නත් පුලුවන්.

අපි කලින් සඳහන් කළ අවදානමට ලක්විය හැකි ප්‍රදේශ නැවත නැවතත් තෙත් වුවහොත්, ඒවා තවදුරටත් ප්‍රතිචාර නොදක්වන තෙක් ඒවායේ ක්‍රියාකාරිත්වය වඩ වඩාත් පිරිහී යන බව ඔබ ඉක්මනින්ම අත්දකීවී. මෙම ප්‍රදේශ ජලයට ඉතා සංවේදීයි. මේ අනුව, නිෂ්පාදකයින් විසින් වතුරට ඔරොත්තු දෙන කොටස් නිර්මාණය කරන තෙක්, භාවිතා කිරීමට පෙර සහ පසු ඔබේ බයික් එක ගැන අමතර සැළකිල්ලක් දැක්විය යුතුයි.

බයික් එකේ විවිධ ගැටළු විසඳීම සඳහා විශේෂ වූ අලුත්වැඩියා කිරීමේ ස්ථාන තියෙනවා. නමුත් ප්‍රශ්නය වර්ෂාපතනය සම්බන්ධ නම්, අලුත්වැඩියාව විශාල වුණත් කුඩා වුණත් බයික් එක නැවත යථා තත්ත්වයයට ගන්න පුලුවන් කියලා වගකීමෙන් කියන්න බැහැ. බයික් එකේ ඇති වන ගැටළු වළක්වා නොගැනීම නිසා ඔබට විශාල මූල්‍ය හානි සිදුවෙන්න පුලුවන් කියලා දැන් ඔබට වැටහෙනවා ඇති. ඉතින් පසුතැවිලි වෙනවාට වඩා වළක්වා ගැනීම සැමවිටම වඩා හොඳයි.

  • මෝටර්බයික් එක වැස්සේ තැබුවහොත් කුමක් කළ යුතුද?

අපි කලින් කලින් සඳහන් කළ පරිදි, වරින් වර බයික් එක විනාඩි කිහිපය බැඟින් වැස්සට නිරාවරණය කර තැබීමෙන් ටිකෙන් ටික එහි කඩා වැටීම් සිදුවෙනවා. හැබැයි දිගු කාලයක් බයික් එක වැස්සේ තැබුවොත් තත්ත්වය මීට වඩා ගොඩක් වෙනස්. බයික් එකට වුණු හානි දිගු කාලයක් යන්න කලින්ම ඔබට දැක බලාගන්න පුලුවන්. පළවෙනි වතාවේ ඔබ වාසනාවන්ත වෙන්න පුලුවන්, හැබැයි ඔබ දිගින් දිගටම වාසනාව උරගා බලන්න ගියොත් ඉක්මනින් දැක බලාගන්න පුලුවන් විදියේ ලොකු හානියක් බයික් එකට වෙන්න පුලුවන්. එය හරියට රැකබලා ගන්නේ නැත්නම් හානිය ඊටත් වඩා නරක අතට හැරෙනවා.

  • වැස්සේ ඇති විට බයික් එක ආවරණය කළ යුතුද?

බයික් එක එළිමහනේ නොතැබීමට සැමවිටම නිර්දේශ කරනවා. ගරාජයක් වගේ තැනක බයික් එක තැබීම වඩාත් සුදුසු‍යි. එසේ වුවත්, අපිට විවිධ හේතු නිසා බයික් එක එළිමහනේ තියන්න වෙනවා. මෙවැනි තත්ත්වයකදී මඳ වැස්සකදී වුණත් බයික් එක ආවරණය කළ යුතුයි. ඔබේ බයික් එක street බයිසිකලයක් හෝ touring බයික් එකක් හෝ මොන අවුරුද්දේ නිෂ්පාදනය කළ බයික් එකක් වුණත් කමක් නැහැ එය ආවරණය කරන්න.

මෙතරම් කාලයක් වැස්ස පවතින අතරතුර ඔබේ බයික් එක එළිමහනේ තැබුවානම් සහ වාසනාවකට වගේ කඩා වැටීමකට ලක් වී නැති වුණත්, ඉදිරියේදී විය හැකි හානි වළක්වා ගැනීමට හැකි ඉක්මනින් cover එකක් මිලදී ගන්න. වතුරෙන් කිසිම හානියෙන් සිදු නොවෙන කිසිම යතුරුපැදියක් නැති බව මතක තියාගන්න.

ඕනෑම දේකට  ඔරොත්තු දෙන බර යතුරුපැදි නිපදවන සමහර නිෂ්පාදකයින් සිටියත්, මේ බයික්වලටත් තවමත් වතුරෙන් වෙන හානිය සම්පූර්ණයෙන් දරාගන්න බැහැ. හැබැයි මේ තත්ත්වය ඉදිරියේදී වෙනස් වෙයි කියලා හැමෝම බලාපොරොත්තු වෙනවා. නමුත් දැනට ප්‍රඥානවන්ත වෙන්න, එමනිසා cover එකක් තෝරා ගන්න.

  • මොන විදියේ cover එකක්ද හොඳම?

බොහෝ බයික් හිමිකරුවන් තමන්ගේ බයික් එක බ්ලැන්කට්වලින් හෝ අතට අසුවන ඕනෑම ප්ලාස්ටික් වර්ගයකින් ආවරණය කර තිබෙනවා ඔබ දැක ඇති. මේවා හොඳ විකල්ප විදියට පෙනුනත්, විශේෂයෙන්ම පිටත වර්ෂාව අධික නම් එය එසේ නැහැ. වැස්ස කියන දේ අවුරුද්දේ ඕනෑම දිනක සහ විවිධ වේගයන්ගෙන් ඇති විය හැකි නිසා, නිවැරදි cover එකක් තෝරගන්න කියලා අපි ඔබට යෝජනා කරනවා. බයික් එකේ ක්‍රියාකාරිත්වයට හානි කළ හැකි බාහිර සාධක වලින් ඔබේ වටිනා මෝටර්බයික් එක ආරක්ෂා කිරීම සඳහා විශේෂයෙන් නිපදවන ලද cover එකක් තෝරාගන්න.

මේ වගේ cover එකක් ඇත්තෙන්ම වටින්නේ නැහැයි කියලා විශ්වාස කරන සමහර පුද්ගලයින් සිටින අතර එය මිල දී ගැනීම තරමක් මිල අධික බවට ඔවුන් විශ්වාස කරනවා. නමුත් මෙම උපකල්පන දෙකෙන් එකක්වත් නිවැරදි නැහැ. ඔබේ මෝටර්බයික් එක සඳහා cover එකක් තිබීම 100% ක් අවශ්‍ය වන අතර, එය දැරිය හැකි මිලකට ලබා ගන්න ඔබට පුලුවන්. ඔබේ යතුරුපැදිය නිවසේ තබා ගන්නවා නම් cover එකක් අවශ්‍ය නැහැ කියන වැරදි මතයක් ද තියෙනවා. මෙයත් වැරදිය. ආරක්ෂිත යැයි සලකන ස්ථානයක වුවත් සෑම යතුරුපැදියකටම ආවරණයක් තිබීම වඩාත් සුදුසුයි.

වැස්සෙන් බයික් එක ආරක්ෂා කිරීමට අමතරව, මෙවැනි විශේෂ cover එකක් මගින් බයික් එකට හානි විය හැකි වාතය, පස, තාපය, විකිරණශීලීත්වය, ආලෝකය සහ වෙනත් දූෂණවලින් ඔබේ බයික් එක විවිධ වූ පැතිකඩවලින් ආරක්ෂා කරගත හැකියි. මීට අවුරුදු 10කට විතර කලින් පැවති තේරීම් හා සංසන්දනය කරද්දී, අද වනවිට තෝරා ගැනීමට විවිධ motorbike covers වෙළඳපොලේ තිබෙනවා. සෑම බයික් cover එකක්ම එක හා සමාන නැහැ. ඔබ ඒවායින් හොඳම තේරීම මොකක්ද කියන එක තීරණය කිරීමට උත්සාහ කරන විට ඔබ ව්‍යාකූලත්වයට පත් විය හැකියි.

ඔබ තෝරා ගත යුතු cover එක waterproof එකක් විය යුතුයි. වෙළඳපොළේ වැඩියෙන්ම අලෙවි වන covers වලට අමුණා ඇති විස්තර කියවීම සහ customer reviews කියවීම මඟින් නිසැකවම ඔබට ඥානවන්ත තේරීමක් කිරීමට ඉඩ සලසනවා. Cover එක සිහින් වූ පමණින් වතුරෙන් වන හානිය අවම කර තබාගැනීමට එය අඩු සාර්ථක කාර්යයක් ඉටු කරනු ඇතැයි අදහස් වෙන්නේ නැහැ. මේවායේ නිෂ්පාදකයින් ඒවා භාවිතා කිරීමට පහසු ආකාරයේ සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා නව්‍ය ක්‍රම යොදාගෙන තියෙනවා.

 

Back to top button
Close
Close