The Time Out

රටේ තත්වය අනුව ඔබේ බයික් එකේ ආරක්ශාවට ටිප්ස්

ලංකාවේ දැන් තියෙන තත්වයත් එක්ක බයික් වලට පණ වගේ ආදරය කරන අපේ බයිකර්ස්ලගේ ආදරණීය බයික් එකටත් දැඩි බලපැම් ඇතිවෙලා.ඒකට ප්‍රධානම හේතුව තමයි බොම්බ ප්‍රවාහනයට සහ බොම්බ පිපිරවීමට ත්‍රස්තවාදීන් මොටර්බයික් යොදාගැනීමට ඉඩ තිබෙන බවට ආරක්ශක අංශ වලින් මහජනයා දැනුවත් කිරීම.මේ හේතුව නිසා ඔබට මතක ඇති අනන්‍යතාවය තහවුරු කල නොහැකි බයික් ගණනාවක් බොම්බ නිශ්ක්‍රිය අංශ විසින් ආරක්ශිතව පුපුරවා හැරීමට කටයුතු කිරීම.ඉතින් අමාරුවෙන් ගත්ත ඔබේ බයික් එකටත් මෙ විදියට නිකරුනේ පිපිරිලා අවසන් ගමන් යන්න කලින් ඒක නතර කරගන්න ටිප්ස් ටිකක් පහල තියෙනවා බලාගෙන යන්න.

නම්බරේ දාලා යන්න

ආරක්ශක අංශවලින් ලබාදුන්න උපදෙස උනේ ඔබ බයික් එක නවත්වලා කොහේ ගියත් කමක් නෑ බයික් එකේ ඔබව සම්බන්ධ කරගත හැකි ෆෝන් නම්බරයක් හෝ වෙනත් විදියක සටහනක් තබායන ලෙසයි.අපේ උපදෙස මෙතන එක නම්බරයක් පමණක් තබායන එක පොඩ්ඩක් භයානක වෙන්න පුලුවන්.හිතන්න ඔබ වැදගත් මිටිමක හෝ දුරකථන ඇමතුමකට පිළිතුරු දිය හැකි තැනක ඉන්නවා කියලා.ඔබේ බයික් එකේ දුරකථන අංකය සටහන් කරත් ආරක්ශක අංශ වලට එ වෙලාවෙදි ඔබව සම්බන්ධ කරගන්න අවස්ථාවක් හම්බවෙන්නේ නෑනේ.ඉතින් බයික් එකට පස්සෙ වෙන ටික කියන්න අවශ්‍යය නැහැනේ.

මේ හේතුව නිසා ඔබේ දුරකථන අංකයට අමතරව ඔබේ සමීපතයෙකුගේ දුරකථන අංකයකුත් ඔබේ අංකය සමඟ ඇතුලත් කර එම සමීපතයාවත් එ ගැන දැනුවත් කරන්න.එ වගේම ඔබ කොහේ සිටියත් ඔහුගේ ඇමතුම්වලට හෝ කෙටි පනිවිඩ වලට පිළිතුරු දෙන්න.එමගින් ඔබව ආරක්ශක අංශ වලින් සම්බන්ධ කරගන්න උත්සහය අසාර්ථක වුවත් ඔබේ සමීපතයාගේ මාර්ගයෙන් අදාල පණිවිඩය ලැබෙන නිසා බයික් එක සුරක්ශිතයි.

බඩු ගොඩක් එපා!

තිබෙන තත්වයත් එක්ක මහජනතාව සෑම විටම ඔවුන් නොහදුනන සෑම දෙයක් දිහාම සැකෙන් බලන එක සාමාන්‍යයි.එවැනි වටපිටාවක් තිබෙන තැනකදී ඔබේ බයික් එකේන් බඩු එහා මෙහා ගෙනියන්න භාවිතා කරනවා නම් එතනදීත් ඔබව සහ බයික් එක සැම තැනකදීම පරීක්ශාවටත් සැකයටත් ලක්වෙනවා.ඒක නිසා මොනවා ගෙනගියත් පුලුවන් තරම් එම භාන්ඩ එලියට පෙනෙන අකාරයේ ට්‍රාන්ස්පෙරන්ට් ඇසුරුම් වල දාගෙන යන්න අමතක කරන්න එපා.

ෆූල් දැම්මේ නැද්ද?

මේ වෙන දේවල් එක්ක ඉන්සුරන්ස් එක ෆුල් එකක් නෙමෙයි නම් ඔබ ඉන්නේ ඔබේ පැත්තට අවාසි දායක තත්වයක.ඒක නිසා තියෙන ඉන්සුරනෙක ෆූල් එකක්ම කරගන්න බලන්න.එ වගේම බොම්බ,ත්‍රස්ත කටයුතු,කලකෝලහල,ආරක්ශිත පිපිරවීම් වගේ දේවල් වලින් ඔබේ ඉන්සුවරන්ස් එක කවර් වෙනවද කියලා අදාල ආයතනයෙන් අසා දැනගන්න.දැනටමත් ෆුල් ඉන්සුවරන්ඩ් දාගෙන නම් ඉන්නේ කොකටත් ඔය කිව්ව කාරනාව ගැන දැනුවත් වෙන්න.හේතුව ඔබේ ඉන්සුවරන්ස් එකෙන් අදාල අලාභානි වු ක්‍රමය කවර් වෙන්නේ නැත්නම් ඔබට වන්දි නොලැබීමේ තත්වයක් ඇතිවෙන්න පුලුවන්.

වහලා, ලොක් කරලා යන්න

ඊලඟ දේ තමයි ඔබේ බයික් එකට බොම්බයක් ඇටවීමට ත්‍රස්තයෝ කටයුතු කරන්න පුලුවන්.කවුරුවත් පෙන්න නැති තැනක ඔබේ අවදානයත් නැතිව බයික් එක පොඩි වෙලාවකට හරි නවත්වලා යනවා නම් බයික් එක ස්ටාර්ට් කරන්න කලින් පොඩි චෙක් එක්ක දාල බලන්න.එ වගේම විශේෂයෙන්ම ස්කුටර් වල සීට් එක යට ඇසුරුම් කොටස පරීක්ශා කරන්න.එ වගේම මතක තබාගන්න ඔබේ යතුර නොමැතිව එම බහාලුම ඇරිය හැකි තාක්ශයක් තිබෙන බව සහ මැතකාලයෙදි සොරුන් විසින් එය භාවිතකල බව.ඉතින් මේ අවධානම අඩුකරගන්න තිබෙන හොඳම ක්‍රමය කොහේ ගියත් ඔබේ බයික් එක පේන මානයේ තබායන එක.එ වගේම මේ දවස් වල වැදගත්ම දෙයක් ඔබේ බයික් එකට සයිරන් එකක් සහිතව ඇන්ටි ලොක් සිස්ටම් එකක් සවිකරගන්න එක.

තිබ්බොත්/හිටියොත් මොකද කරන්නේ?

බයික් එක නවතා ඔබේ කටයුතු කරගෙන එන විට සැකකටයුතු පාර්සලයක් හෝ සැකකටයුතු පුද්ගලයක් හිඳීනම් සෑම විටම 119 අමතා සහය ඉල්ලන්න.ඔබ විසින් අදාල පාර්සලය හෝ පුද්ගලයන් සමග කිසිදු ආකාරයක සොයාබැලීමක් සිදුකිරීමට නොයන්න.එ සියල්ල ආරක්ශක අංශ වලට භාරදෙන්න.එමෙන්ම වටපිටාවේ සිටින අනෙක් මහජනතාව එ ගැන දැනුවත් කරන්න.මන්ද බයික් එකක් යලි ඔබට මිලදී ගතහැක නමුත් මිනිස් ජිවිත ඔබ කොහෙන් මිලදී ගන්නද?

මීට අමතරව අපට මඟහැරුන නමුත් ඔබ දන්න ටිප්ස් තිබෙනවා නම් අනිවාර්යෙන්ම අපේ ෆේස්බුක් පොස්ට් එකේ කමෙන්ට් කරලා අනෙක් බයිකර්ස්ලත් දැනුවත් කරන්න.

 

Tags

Leave a Reply

Back to top button
Close
Close