Maintenance

Old bike වල නිතරම එන ලෙඩ 5

ඔබට තියෙන බයික් එක මිලෙන් අධික එකක් වුණත්, සාමාන්‍ය මිලෙන් යුතු එකක් වුණත් ටිකක් පරණ වෙනකොට එක එක ලෙඩ දෙනවා. හැබැයි හොඳ Rider කෙනෙක් විදිහට ඔබට පුළුවන් වෙන්න ඕනේ ඔබේ old bike එකට ඇති වෙන්න පුළුවන් ලෙඩ මොනවද කියලා. අන්න ඒ වෙනුවෙන් ඔබව සුදානම් කරන්නයි මේ ලිපිය අපි ඔබ වෙනුවෙන් ගෙන එන්නේ. එතැනදී ඔබේ Bike එක මොන වර්ගයක Bike එකක් වුණත් හැම බයික් එකකටම පොදු ලෙඩ 05 ක් ගැන තමයි ඔබ හොඳින්ම දැනගෙන ඉන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ගරාජ් එකට නොගිහිල්ලම ඔබටම මේ ලෙඩ 05 හඳුනාගෙන බයික් එක Repair කරගන්න විදිහත් අපි කියන්නම්.

01. කේබල් හිර වීම

Old bike

Bike එක පාලනය කරන්න වැදගත්ම කාර්යයක් මේ කේබල් වලින් ඉටු කරනවා. වම් පැත්තේ ක්ලච් කේබල් එක. දකුණු පැත්තේ බ්‍රේක් කේබල් එක. මේ දෙකෙන් එකක් හිරවුණා කියන්නේ ඔබට මාර්ගයේ බයික් එක පාලනය කරගෙන පදින්න බෑ.

මෙහෙම හිරවෙන්න බලපාන ප්‍රධානම හේතුව වෙන්නේ නිතරම භාවිතා කරන නිසා ඇදී යාමට, ගෙවී යාමට ලක් වීම. ඒ නිසා මේ කේබල් දෙක නිතර නිතර නිසි ලෙස නඩත්තු කරන්නම ඕන. ඒ වගේම දිගු කලක් තිස්සේ Bike එක එක තැන නවත්තලා තිබුනොත් අන්න ඒ අවස්ථා වලත් කේබල් බොහොමයක් නිසි පරිදි ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්. හැබැයි මේ හැම අවස්ථාවකදීම ඔබට පුළුවන් ඒ Cable එක ගලවලා හරි විදිහට වැඩ කරන තත්වයට පත්කරගන්න.

මුලින්ම Bike එකේ නිසි පරිදි ක්‍රියාත්මක නොවෙන Cable එක ගලවලා ඉවත් කරගන්න. ඉන්පසුව WD-40 වැනි පහසුවෙන් ලබාගත හැකි Spray ලිහිසි කේබල් එකට සහ කේබල් ආවරණය කරන කොපුව තුලට spray කරන්න. දැන් නැවතත් කේබල් එක කෝ[කොපුව තුලට දමා කේබල් එක ඉහල පහල චලනය කරවන්න. එවිට ලිහිසි තෙල් මුළු කොපුව පුරාම විසිරෙනවා. දැන් නියම විදිහට කේබල් එක වැඩ කරයි. ඒ නිසා කලින් තිබුණු විදිහටම කේබල් එක Bike එකට සවි කරගන්න.

02. හිස් ටැංකියක් වාගේ

Old bike

පරණ Bike එකක් වුනාම බොහෝ විට බැටරි තත්වය, ඉන්ධන තත්වය වගේ දේවල් හරියටම පෙන්වන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා Bike එක පාරට ගන්න කලින් බැටරි තත්වය සහ තෙල් තත්වය හොඳින් පරික්ෂා කරගන්න. අවම තත්ත්ව යටතේ මේ දෙකෙන් එකක් හරි තියෙනවනම් බයික් එක පාරට දාන්න එපා. නිවැරදි විදිහට තෙල් පුරවල, බැටරිය නඩත්තු කිරීමෙන් ඒවායේ ගුණාත්මක භාවය සහ කල් පැවැත්ම දීර්ඝ කාලයක් තියාගන්න පුළුවන්. තෙල් හෝ බැටරිය ඉවර වෙලාවක හොඳම දේ තමයි Bike එක Start කරන්න උත්සහ කරන්නේ නැතුව ඇදගෙන හෝ තල්ලුකරගෙන ළඟම ගරාජ් එකට ගෙනයන්න.

03 Self Start

Old bike

බොහෝ Bikes, නිෂ්පාදනයේදී Self Start සහ kick Start යන ක්‍රම දෙක භාවිතා කරනවා. බයික් එක Start කරගන්න මේ දෙකෙන් එකක් නැතුවම බෑනේ. හැබැයි මේ අංශ දෙකම කාලයක් යනකොට ගෙවෙනවා. ඒ නිසා ගෙවිලා ගෙවිලා භාවිතයට ගන්න බැරි තත්වෙට එනකන්ම ඉන්න එපා. කාලයක් යද්දී Update කරගන්න පුරුදුවෙන්න. විශේෂයෙන් Self Start පමණක් ඇති Bike එකක් නම් ඒක නැතුව ඔබට Bike එක පණගන්වන්න බැහැ. එත් එහෙම Start නොවෙන එක Self Start Switch එකේ වැරැද්දක් නොවෙන්නත් පුළුවන්. ඒකට හේතුව Switch එකට විදුලිය සපයන පරිපථයේ ගැටලුවක් වෙන්නත් පුළුවන්. පරණ Bike වල මේ ගැටලුව ඇතිවෙන්න සම්භාවිතාව ගොඩාක් වැඩියි. ඒ නිසා මෙතැනදී නම් මෝටර් විදුලි කාර්මිකයෙක්ගේ සේවය ලබා ගන්න එක තමයි හොඳම දේ.

04. වැරදි මීටරේ

ඔබේ Bike එකේ මීටරය කොළ පාටින් පටන් අරගෙන රතු පාටින් ඉවරවෙන වේග සීමා මීටරයක්. සමහර Bike වල ඉලෙක්ට්‍රොනික් මීටර් තියෙනවා. නමුත් කල් යද්දී මේවායේ පෙන්නනේ නිවැරදිම වේගයන් නෙමෙයි. බයික් එක පැදලා පැදලා ඔබට තියෙන හුරුව සහ අත්දැකීම් එක්ක මෙහි පෙන්වන වේගයන් නිවැරදිද කියල තේරුම්ගන්න ඔබට පුළුවන්. Bike එකක් පරණ වෙන්න පරණ වෙන්න ඇති වෙන මේ ලෙඩේ ගරාජ් එකකට ගිහින් මීටර් පරික්ශා උපකරණයක් හරහා පරික්ෂා කරගන්න පුළුවන්.

05. ලොකුම ලෙඩේ

විශාල ප්‍රමාණයේ දෝෂ හඳුනාගන්න නම් ඔබ Bike Service පාඨමාලාවක් කරන්නම ඕන නෑ. පහත විදිහට සරලව ඔබටම ඒ දෝෂ හඳුනාගන්න පුළුවන්.

බයික් එකේ එන්ජිමේ තෙල් නිවැරදි මට්ටමට තියෙනවද කියල බලාගන්න කටුවක් එහි සවි කරල තියෙනවා. ඔබට නිතරම මේක පරික්ෂා කරන්න අමතක වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවට එන්ජිමෙන් වෙනදට සද්දෙට වඩා වෙනස් විදිහේ සද්දයක් ඔබට දැනෙනවනම් ඒ ගැන සැළකිලිමත් වෙන්න. ඒ එන්ජිමේ තෙල් අඩුවෙලා වෙන්න පුළුවන්.

ඔබ පදිනවිට Bike එක දෙදරීමකට වගේ ලක්වෙනවනම් ඒ ඔබේ බයිසිකලයේ බෝල බෙයාරින් ගෙවීමක් සිද්දවෙලා හරි Swing Arm ගෙවීමක් වෙලා වෙන්න පුළුවන්. මේක කාර්මික උපදෙස් මත අලුත් කරගන්නම වෙනවා.

දැක්කනේ මඟ තොටේ රස්තියාදු වෙන්නේ නැතුව පරණ Bike එකේ ගමනක් ගිහින් එන්න නම් මේ ලෙඩ ටික ඔබ දැනගෙන ඉන්නම ඕනේ. එතකොට ලෙඩේට බෙහෙත් කරනන් ලේසියි. එහෙනම් Bike එක කොච්චර පරණ වුණත් දැන් බය වෙන්න දෙයක් නෑ.

Tags

Leave a Reply

Back to top button
Close
Close