Off Road Rider කෙනෙක් වෙන්න කලින් දැන ගත යුතු දේ
කරන දේ කරන්න ඕනේ හරියටම. කරන්න බැරි නම් හොදම දේ නොකර ඉන්න එක. මේ කතාව පුද්ගලික ජීවිතේට වගේම off Road ජීවිතේටත් වටිනවා. සමහර විට දැන් ඔබ හීන දකිනවා ඇති Off Road Rider කෙනෙක් වෙන්න. හැබැයි ඉතින් off Road Rider කෙනෙක් වෙන්න කලින් ඔබට තව හිතන්න ගොඩාක් දේවල් තියෙනවා. අන්න ඒ දේවල් ගැනයි අද Biker.lk තුළින් අපි ඔබට කියන්නේ.
01.හරිම Brake පාර
සාමාන්‍ය පාරක යනකොට ඔබේ ගහන Brake පාරෙන් 70%ක්ම ඉදිරිපස රෝදයේ වෙන්න ඕනේ. හැබැයි Off Road Ride කරනකොට ඒ කතාව සම්පූර්ණයෙන්ම අමතක කරන්න වෙනවා. මෙතනදි ඉදිරිපස Brake වලට වඩා පසුපස brake තමයි බලවත්. ඒ නිසා ඔබ Off Road දාන්න කලින් පිටුපස Brake එක මතක තියා ගන්න ඕනේ.
02.වැලි පාර
ඔබට යන්න වෙන්නේ වැලි පාරක නම් මතක තියා ගන්න ඔබ Bike එකේ පිටුපසට බර දාලයි යන්න ඕනේ. මොකද වෙන පාරක වගේ ඔබ ඉදිරියට බර දාලා ගියොත් Bike එක එරෙන්න පුලුවන්. ඒ වගේම වැලි පාරක යන ගමනේ එහෙට මෙහෙට හරවන්නත් ඔබ පිටුපසට බර දාලා යන එක හරිම වැදගත්. මෙතනදි ඔබ මතක තියා ගන්න ඕන අනිත් වැදගත්ම කාරණාව තමයි Speed එක. හරිම Speed එක පවත්වා ගත්තේ නැත්නම් ඒත් ඔබේ Bike එක වැල්ලේ එරෙනවා.
03.ජිම්නාස්ටික් වගේ ගමනක්
ඔබ සාමාන්‍ය පාරක යන ගමනට වඩා Off Road ගමන සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක සැප පහසු ගමනක් නෙවෙයි. ඒ නිසා වෙනදා වගේ Bike එකේ සැපට වාඩි වෙලා යන්න බැහැ.
නිතරම ඔබ Bike එකේ හිටගෙන Ride කරන්න ඕනේ. මොකද ඔබ රළු පාරක යනවිට Bike එක මත බොහෝ කම්පන ඇතිවෙනවා. ඒ කම්පන ඔබේ ඇගේ දණහිස, වැලමිට, උකුල, උරහිස් වගේ සන්ධි වලට දරා ගන්න බැහැ. හැබැයි ඔබ හිටගෙන Ride කරොත් ඒ කම්පන පහසුවෙන්ම ඔබේ ශරීරයේ සන්ධි වලට අවශෝෂනය කරගන්න පුලුවන්.
04.ඇගිලි දෙකේ Mission එක
off Road rider කෙනෙක් වෙනකොට ඔබ දැන ගන්න ඕනේ වැදගත්ම කාරණාවක් මේක. clutch එකට නිතරම ඇගිලි දෙකක් තියා ගන්න ඕනේ. මොකද ඔබේ Off Road ගමනෙදී ලොකූ බලයක් නොදා Clutch එක අල්ලන්න ඕනේ. එතකොට ඔබේ ගමනෙදි bike එක ඔබේ පාලනයේද තියෙන්නේ කියලා දැන ගන්න පුලුවන්.
clutch එක අල්ලන්න වෙන්නේ ලොකු බලයක් දාලා නම් ඉක්මනටම Bike එක නවත්තලා Clutch එක ඇගිලි දෙකකින් පහසුවෙන් හසුරුවන්න පුලුවන් ගාණට Tune කරගන්න.
clutch එක මෘදුව හසුරවන්න පුලුවන් නම් බය වෙන්න දෙයක් නැහැ. ඔබේ Bike එක පාලනය තියෙන්නේ ඔබේ අතේ.
05.වංගු නවමු
Off Road ගමනක්දි ඔබේ ගමන පාලනය වෙන්නේ වෙනස්ම විදිහට. සාමාන්‍ය පාරකදි වංගුවක් ගන්න කොට ඔබ වංගුව දෙසට ඇල වෙනවා. හැබැයි Off Road ගමනකදි ඔබ වංගුව ගන්න කොට ඔබත් ඇල වෙන්න බැහැ. ඔබ Bike එකේ කෙලින් ඉන්න ඕනේ. ඒ කියන්නේ ගුරුත්වය සමග සිරස් අතට ඔබේ බර පිහිටන්න ඕනේ. එතකොට මොන Off Road වංගුවක් වුණත් ඔබට පුලුවන් නොවැටී ඉන්න.
06. Tyre Fail වුණොත්
ඔබ Off Road Ride එකක් යනකොට Bike එකේ Tyre සහ මාර්ගය අතර අඩු පීඩන තත්ව ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ලිස්සන තත්වයන් ඇතිවීම, ටයර් පොළොවේ එරීම වගේ දේවල් සිද්ධ වෙනවා. මැටි සහිත පස, වැලි සහිත පස වගේම කඳුකර භුමියකත් මේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම වෙලාවක Engine එකේ බලය වැඩියෙන් දෙනවා වෙනුවට හොඳම දේ තමයි ඔබේ පාද වලින් පොඩි තල්ලුවක් ලබා ගෙන එම ස්ථානයෙන් Bike එක ඉවත් කරගන්න එක. ඒක තමයි ඒ වෙලාවට කරන්න තියෙන Smart ම වැඩේ.
07. හොඳම OFF Rider
දැනට ලෝකේ ඉන්න හොඳම Off Rider තමයි මේ ඉන්නේ. නම Billy Bolt. තාම වයස අවුරුදු 21යි. ගිය වසරේත් ලෝක මට්ටමින් පැවැත්වෙන සුපිරි Off Road Rider තරඟාවලිය හොල්ලන්න ඔහු සමත් වුණා. පහතින් තියෙන්නේ බිලී බෝල්ට්ගේ වැඩ. ඉතින් හරියටම වැඩේ අල්ලගත්තොත් ඔබටත් හොඳ Off Road Rider කෙනෙක් වෙන එක එච්චර අමාරු නැහැ.
ඔන්න ඔය කාරණා ටික ඔලුවේ තියා ගත්තා නම් ඔබට පුලුවන් නියම Off Road Rider කෙනෙක් වෙන්න. එතකොට ඔබව දැක්ක ගමන් අනිත් අයටත් Off Road Rider කෙනෙක් කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා තේරෙයි.