The Time Out

ඕෆ් රෝඩ් පාරවල්වල මෝටර් බයික් පදින විදිය දන්නවද? (පළමු කොටස)

ඔයා දැනටමත් මෝටර්බයික් එකක් පදින විදිය දන්නවනම් සහ ඔයා ගාව off road ගමනක් යන්න සුදුසු බයික් එකක් තියෙනව නම් ඒ වගේ ගමනක් යන්න කලින් අවධානය යොමු කරන්න ඕන විදියේ කරුණු කිහිපයක් කියන්නයි අපි සූදානම් වෙන්නේ.

මෝටර්බයික් එක සූදානම් කරගන්න.

සාමාන්‍ය පාරක බයික් එකක යද්දි වගේම Motorcycle Safety Foundation මඟින් ඉදිරිපත් කරලා තියෙන T-CLOCS checklist එක බැලුවොත් ඔයාට දැනගන්න පුලුවන් ඔයාගේ බයික් එක adventure ගමනකට සූදානම්ද කියලා. මේ වැඩේට ටයර් වල හුළං පීඩනය අඩු කරන එකත් ඇතුළත් වෙන්න පුලුවන් ( සමහර අවස්ථාවල 20lbs වගේ අගයක්). රළු මතුපිට සම රබර් හොඳින් නම්‍යශීලී වෙන්න මේ අඩු හුළං පීඩනය උදව් වෙනවා. අමතර ආම්පන්න සහ සැඩ්ල්බෑග් නිසා බයික් එකේ බර වැඩි වෙනවා වගේම ගැස්සිලි සහ පැද්දිලි නිසා ලූස් වෙන්නත් ඉඩ තියෙනවා. පැති කන්ණාඩි සහ සිග්නල් ලයිට් වලටත් හානි වෙන්න ඉඩ වැඩි නිසා ඒවත් ගලවලා අයින් කරන්න පුලුවන්නම් වඩා හොඳයි.

 

ගැළපෙන ඇඳුම් පැළඳුම්!

Off road පාරවල් වල වැලි, තණකොළ නිසා රළු මතුපිට නැති අවස්ථාවල් තියෙනවා. ඒත් මේ වගේ ගමන්වලදී දරුණු තුවාල සහ අනතුරු වෙන්න පුලුවන් ඉඩකඩ ඉතාම වැඩියි. ඒක නිසා තමන් ආරක්ෂා වෙන්න නම් හෙල්මට් එකේ සිට බූට් දක්වා හරියට ගැළපෙන ඇඳුම් පැළඳුම් පාවිච්චි කරන එක ඉතාම වැදගත්. සාමාන්‍ය ගමන්වලට යොදාගන්නා බයික් ඇඳුම් පැළඳුම් වලට වඩා Off road ඇඳුම් පැළඳුම් වෙනස්. වැඩි ආරක්ෂාවක් සහ ඉක්මණින් ප්‍රතිචාර දක්වන්න පුලුවන් ආකාරයට තමයි මේවා නිර්මාණය කරලා තියෙන්නේ. ගොගල්ස් වලට ඔයා වැඩිය ආස නැති කෙනෙක් නම් එක Off road ගමනකින්ම ඔයා ගොගල්වලට ආස කරන්න පටන් ගන්නවා. මොකද ඒ තරමටම දූවිලි වලින් ගොගල්ස් ඔයාව ආරක්ෂා කරනවා.

පහසුවෙන් ඉන්න.

සාමාන්‍ය පාරක යද්දි නම් බයික් එක තදින් අල්ලන් ඉන්න එක අනිවාර්‍ය්‍ය දෙයක්. හැබැයි Off road බයිසිකල් පදින කලාවේ වැදගත්ම දෙයක් තමයි සැහැල්ලුවෙන් බයික් එක ග්‍රහණය කරගන්න එක. කල් තියා හිතාගන්න බැරි විදියේ පොළොවක බයික් එක යද්දී, ඉතාමත් වැඩි සස්පෙන්ශන් සහ අඩු මට්ටමක ට්‍රැක්ෂන් එක්ක ඔයාගේ ශරීර බර එක්ක බයික් එක උඩ යන්න,

ගැස්සෙන්න, පැද්දෙන්න, ඔයාව විසික් වෙන්න වගේ ගොඩක් දේවල් වෙන්න පුලුවන්. ඉතින් බයික් එකට නඟින්න කලින්ම ඔයා මේ වැඩේට සූදානම්ද කියලා බලන්න. සැහැල්ලුවෙන් බයික් එක අල්ලගෙන තදින් අල්ලන්න ඕන වෙලාවට විතරක් තදින් බයික් එක ග්‍රහණය කරගන්න එක කරානම් හරි.

හිටගන්න!

සාමාන්‍යයෙන් බයික් එකක ගුරුත්ව කේන්ද්‍රය එන්ජිම වටා තමයි තියෙන්නේ. ගුරුත්ව කේන්ද්‍රය උසස් වෙද්දි බයික් එකේ බර වැඩි වෙනවා කියන එක භෞතික විද්‍යාවෙන් ඔප්පු වුණු කරුණක්. ඔයා බයික් එකේ හිටගෙන ගමන් කරනකොට ඔයාගේ බර යොමුවෙන්නේ ෆුට් පෙග් වලට. ඒක නිසා සමතලා නොවන රළු පෘෂ්ඨයක ගමන් කරන එක ඉතාමත් පහසු දෙයක් වෙනවා. ඔයා Off road බයික් වීඩියෝ බලන කෙනෙක් නම් ඒ ධාවකයෝ වැඩි වෙලාවක හිටගෙන ඉන්නේ ඇයි කියලා දැන් තේරෙනවනේ. බයික් එකේ යද්දි හිටගන්න මේ උපදෙස් ටිකත් උදව් වෙයි.

  • විලුඹෙන් හිටගන්න එපා. යටි පතුලේ මැද හරියෙන් හිටගන්න. බ්‍රේක්වලට සහ ගියර් මාරු කරන එක ටිකක් අපහසු වෙන්න පුලුවන්, ඒත් බයික් එක පාලනය කරන්න ලේසිම ඉරියව්ව ඒක.
  • කකුල් වල කලවා වලින් පෙට්‍රල් ටැංකිය ටිකක් තද කරගන්න. බැලන්ස් වෙන්න සහ බයික් එක පාලනය කරන්න ඒක උදව් වෙනවා.
  • ගැස්සිලි පැද්දිලි වලට දණහිස් නවමින් ප්‍රතිචාර දක්වන්න.
  • වැළමිට දිග ඇරගෙන ධාවනය කරන්න. නම්‍යශීලිත්වය වැඩි වෙන්න මේ ඉරියව්ව උදව් වෙනවා.

බාධක වලට බය වෙන්න එපා!

සාමාන්‍යයෙන් මහ මාර්ගවල බයික් එක පදිනකොට බාධක මතින් ගමන් කරන්න අපි බයක් දක්වනවා. පාරේ මැද්දේ පොඩි බෝතලයල් ලී කෑල්ලක් තිබ්බත් සාමාන්‍යයෙන් අපි කරන්නේ ඒක උඩින් යන්නේ නැතුව ඒක වළක්වගෙන ගමන් කරන එක. හැබැයි ඒක හොඳ දෙයක් street bike වලට. මොකද ලොකු කම්පනයක් දරාගන්න තරම් හොඳ සස්පෙන්ශන් street bike වලට නැහැ. නමුත් Off road බයික් හදලා තියෙන්නේ නමට ගැලපෙන විදියට. මඩ වගුරු, ගස් කොටන්, ගල් වගේ දේවල් උඩින් යන එක මේ බයික්වලට සාමාන්‍ය දෙයක්. පළමු පාරට මේ වගේ දෙයක් හරහා යද්දි පොඩි සැකයක් චකිතයක් ඇති වෙන එක සාධාරණයි.

ඒත් ඒක තවත් පොඩි එක දෙයක් විතරයි කියලා දැනගත්තට පස්සේ නිකන් තාර පාරක යනවා වගේ හැඟීමක් තමයි එන්නේ. Dirt bike වල ඉස්සරහ රෝදය උස්සන එක සාමාන්‍ය බයික් එකකට වඩා ඉතාමත් පහසුවෙන් කරන්න පුලුවන්. ටිකක් රේස් කරන ගමන් හැන්ඩ්ල් එක පොඩ්ඩක් උස්සලා පහසුවෙන් ඉස්සරහ රෝදය උස්සන්න පුලුවන්. රෝදය ඔසවන එකේ වාසිය හරියට පාවිච්චි කරන සෑහෙන්න වැදගත්. හැබැයි මේක හරියට කරේ නැත්නම් බයික් එකෙන් වැටිලා තමයි නවතින්නේ.

මේ ටිප්ස් කිහිපයෙන් අපි මේ ලිපිය නතර කරනවා. ත්‍රාසජනක ගමන්වලට ආස කෙනෙක් නම්, ඒ වගේ ගමන්වල යෙදෙන කෙනෙක් නම්, ඔයාට මේ ලිපිය ප්‍රයෝජනවත් වෙන්න ඇති. ඉතින් මේ ලිපියේ ඉතිරි කොටස සමඟින් අපි ඊළඟ මාසයේදී හමුවෙමු.

 

Back to top button
Close
Close