The Time OutWhat's Hot

අනතුරු අවමව රාත්‍රියට බයික් එකේ යන්න ටිප්ස්

රෑ බයික් එකේ යනවා කියන්නේ වෙනම කතාවක්නේ.ගෙදරින් එලියට බහිනකොටම “මේ රැවෙලා බයික් එකේ කොහෙද යන්නේ“ කියන ප්‍රශ්නේ නාවොත් පුදුමයක්.එ තරමට රැට බයික් එකේ යන එක අවදානම් කියන එක ඔය නිව්ස් වලට පෙන්වන සීසීටිවි වීඩීයෝ වලිනුත් පේන්න තියෙනවනේ.ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අනුව 2017 වසරේ සිදුවු මාර්ග බරපතල තත්වයේ මොටර්බයිසිකල් අනතුරු 1228 සහ මොටර්සයිකල් අනතුරු නිසා මිය ගිය සංඛ්‍යාව 1269 කි.මීට අමතරව සුලු හා මධ්‍යම ප්‍රමානයේ සිදුවු අනතුරු දසදහස් ගණනක් විය හැක.ඉතින් මදක් සිතන්න ඔබේ ආරක්ශාව ඔබම සලසා ගැනිමට වගබලාගන්න
.කොහොම හරි අතුරු ආන්තරාවක් නැතුව රෑට බයික් එකේ පරිස්සමට යන්න ටිප්ස් ටිකක් ගෙන්න තමයි අද biker.lk අපි හදන්නේ.

ඔබව පේනවද?

සාමානය වාහනේක පලලට වඩා භාගෙකටත් වඩා පලලින් අඩු නිසා එකෙන්ම බයික් එකක් දවල් කාලෙදි උනත් ගොඩක් දුරදී පෙනවා අඩුයි.ඉතින් රාත්‍රී කාලෙදි කවර කතාද?ඉතින් මේකට කරන්න පුලුවන් ලෙහෙසිම විසඳුමක් තමයි දිප්තිමත් ඇඳුම් අඳින එක.හැබයි රැල්ලට කලු පාට හරි අඳුරු පාට හරි අරගෙන පස්සේ අමාරුවේ වැටෙන්න නැතුව බයික් ජැකට් එකක් එහෙම ගන්නවා නම් පුලුවන් තරම් එලිය පරාවර්තනය කරන්න පුලුවන් ඉරී හරි සංකේත හරි තියෙන එකක් ගන්න බලන්න.එකෙන් වෙන වාහන වලට ඔබව ඉතා ඇතකදී උනත් රෑ කාලෙදි අඳුරගන්න පුලුවන්.මේක ගොඩක් වැදගත් වෙන්නේ ඔබ බයික් එක නතර කරලා බයික් ලයිට්ස් නිවලා පාරේ අයිනක හිටියත් අනතුරක් වෙලා බයික් එකේ ලයිට් වැඩකරේ නැතුව තිබ්බත් ඔබව රාත්‍රී කාලයෙදි අඳුරගන්න පුලුවන් වෙන එක.

බයික් එක පේනවද?

 

ඊලඟ වැදගත්ම දේ බයික් එකේ ලයිට් වල තත්වේ.ලංකාවේ නිතීයෙන්ම ඒක අනිවාර්ය කරලා තියෙන්නේ ඔබේ ආරක්ශාවට ලයිට් සිස්ටම් එකෙන් ලොකු බලපෑමක් තියෙන නිසා.ගමනක් යන්න කලින් අනිවාර්යෙන්ම front සහ rear බල්බ් දෙක වැඩකරනවද බලන්න.එකෙනුත් විශේෂයෙන්ම බ්‍රෙක් ලයිට් එකට වැඩි අවධානයක් දෙන්න.එ වගේම හෙඩ් ලයිට් එකේ ඇන්ගල් එක ගැනත් විශේෂ අවධානයක් යොමු කරන්න වෙනවා.මොකද එක ඔබට වගේම ඔබ ඉදිරියට ධාවනය වන රියදුරාගෙ ආරක්ශාවටත් බලපාන නිසා.

Lights on night ride

ටයර් එක අමතකද?

එ වගේම තවත් කියන්න ඕන විශේෂ ටිප් එකක් තමයි ලංකාවේ වෙලඳපලෙනුත් දැන් රාත්‍රී සුදුසු reflective (පරාවර්ථන) effect එකක් තියෙන ටයර් මිලදී ගන්න පුලුවන්.එක නිසා Neon Effect එක තියෙන DSI Gen X ටයර් කියලා ඉල්ලුව නම් ටයර් විකුණන ඕන තැනකින් ගන්න පුලුවන්.ඔබ රැට බයික් එකේ එහෙ මෙහේ යනවා නම් අනිවාර්යෙන්ම මේ Neon Effect එක තියෙන මේ ටයර් එක අනතුරු වළක්වගන්න ගොඩක් වැදගත් වේවී.ටයර් එකේ මේ reflective සීන් එක තියෙන නිසා ගොඩක් වැදගත් වෙන්නේ ඔබව දකුනු පසින් හෝ වම් පසින් වන අනතුරු වලින් වලක්වගන්න තමයි.මොකද ඉස්සරහට සහ පිටුපසට කොහොමත් ලයිට් සෙට් වෙන නිසා මේ වගේ ටයර් එකක් බයික් එකට දාගන්න එක නම් පට්ටම වැදගත් කියලා තමයි biker.lk අපිට කියන්න තියෙන්නේ.

වේගය ශේප්ද?

ඊලඟ වැදගත්ම කාරණාව “වේගය“. ඔබගේ ලයිට් සිස්ටම්,ඩ්‍රයිව් කිරිමේ හැකියාව යනාදිය කෙතරම් තිබුනත් වැඩක් වෙන්නේ නෑ පාලනය කලගත නොහැකි මට්ටමෙන් හෝ මාර්ගයට සුදුසු නොවන මට්ටමේ වේගයකින් ඔබ බයික් එක ධාවනය කරනවා නම්,එ වගේම කොතරම් හුරුපුරුදු වුවද රාත්‍රී කාලයෙදී මාර්ග වල තත්වය ගැන අප කාටවත් උපකල්පනය කල නොහැකි නිසා අවධානයෙන් ගමන් කිරීම නුවණට හුරුයි. සමානයෙන් රාත්‍රි කාලයෙදි ධාවනයෙදි වෙනත් වාහන අතර මීටර 4ක 6ක පරතරයක් තබාගෙන 30mph යාම සුදුසුයි.

හරි හෙල්මට් එක?

එ වගේම රාත්‍රි කාලයෙදී ධාවනයෙදී දකින්න ලැබෙන ඊලඟ ප්‍රශ්නයක් තමයි විවිධ දේවල් ඇස් වලට එන එක.බොහොවිට කුරුමුනියෙක් වෙන්නත් පුලුවන්.දවල් කාලයට වඩා රාත්‍රියක මෙය සිදුවීමේ ඉඩකඩ වැඩි වගේම එමගින් ඔබව අන්තුරකට පත්වෙන්න තියෙන හැකියාවත් වැඩි.එක නිසා ඉදිරි ආවරණය සහිත හෙල්මට් පැලදීම වඩාත් සුදුසුයි.මීට අමතරව ඔබ දන්නා ටිප්ස් තියෙනවා නම් මතක ඇතුව අපේ ෆේස්බුක් පේජ් එකේ කමෙන්ට් එක විදියට සටහන් කරන්න.

මත්වුනොත් සොරී?

මීලග කරුණ හැමෝටම අදාල වෙන්නේ නෑ.හැබැයි ඔබ මත්පැන් භාවිතාකර ඔබේ මොටර්බයික් එක ප්‍රවාහන කටයුතු සඳහා භාවිතා කරන්නේ නම් එය ඔබට අනතුරක් ඇතිකරනවා පමනක් නොව අවට සිටින අයගේද ජිවිත අනතුරේ හෙලයි.මේ නිසා දැඩි සමබරතාවයකින් ගමන් ගතයුතු මොටර්බයිසිකලයක් වැනි වාහනයක මත්පැන් බී ගමන් කිරීම යන ඔබේ ජිවීතේ නැවතීමේ තිත ඔබම තබාගන්නා වැන්නකි.නමුත් ඔබට වෙන කලහැකි කිසිම දෙයක් නොමැති නම් මත්පැන් බී රියදුරෙකු වනවාට වඩා ලෙහෙසි බීමත් අයවලුන් ප්‍රවාහනය කරන ටැක්සි සේවයක සහය ගැනීම.

අනතුරක් උනොත්?

කොතරම් අරපරිස්සමෙන් වගකීමකින් ඔබ රාත්‍රියේ බයික් එකක ගමන් කලද වෙනත් අයෙකුගේ නොසැලකිල්ල සහ වගකීමේන් තොර බව නිසා අනතුරක් විය හැකියි.එවන් අවස්ථාවක ඔබ කලබලයට පත්නොවී පලමුව ඔබ අනතුර සිදු ස්ථානයෙන් ඉවත්වී ඔබේ ආරක්ශාව සලසාගෙන පසුව අනෙක් පාර්ශවයගේ තත්වය බලා හදිසි ඇමතුම් අංශ අමතන්න.අනතුර සිදුවුයේ ඔබ අතින් නම් කිසිදු අවස්ථාවක “අනතුරු සිදුකර පලායන්නෙක් නොවන්න“ මන්ද එවිට ඔබ නීතීය ඉදිරියේදී විශාල වරදකරුවෙකු විය හැකි නිසයි.

රාත්‍රි කාලයෙදී අවට සිටින්නන්ගෙන් උදව් නොලැබීමේ අවකාශ වැඩි බැවින් සියල්ලටම ප්‍රථම රෝහල,පෝලීසිය දැනුවත් කිරිම කල යුතුයි. හදිසි දුරකථන අංක කිහිපයක්.

110 – හදිසි ගිනි නිවීම හා හදිසි අනතුරු ගිලන් රථ සේවාවන්
112 – පොලිස් හදිසි සේවා (ජංගම)
119 – පොලිස් හදිසි සේවා

Leave a Reply

Back to top button
Close
Close