Maintenance

මෝටර් බයික් එකක් ස්ටාර්ට් නොවෙන්න හේතු

Motorbike එකක තියෙන එක එක අංග කැඩිලා හෝ හානි වෙලා නිසා බයික් එකක් ස්ටාර්ට් නොවෙන්න පුලුවන්. ඉතින් Motorbikeඑකක් පදින කෙනෙක් විදියට ඇයි Motorbike එක ස්ටාර්ට් නෙවෙන්නේ කියලා දැනගන්න පුලුවන් නම් ඒක ගොඩක් වටිනවා. බයික් එකක එන්ජින් එකක් ස්ටාර්ට් වෙන්න නම් මූලික දේවල් 3ක් ඕනේ වෙනවා.

  • ඉන්ධන ( වාතය සහ ගැසොලින් නිවැරදි මිශ්‍රණය, ආසන්න වශයෙන් වාතය කොටස් 14ක් එක ගැසොලින් කොටසකට)
  • සම්පීඩනය
  • ස්පාර්ක් / විදුලි පුපුර

 

  • The Fuel System

වාහනවල ඉන්ධන තියෙන්නේ ටැංකියක, අවශ්‍ය වෙලවට පොඩි කරාමයකින් පාලනය වෙන විදියට. මේ කරාම ගොඩක් වෙලාවට screen type හෝ sediment bowl කියන විදි දෙකෙන් එකක්. මේ ජාති දෙකටම පුලුවන් ඉන්ධන සැපයුම සීමා කරන්න සහ සම්පූර්ණයෙන්ම නවත්තන්න.

ඉන්ධන ගමන් කිරීම පරීක්ශා කරන්න නම් මැකැනික් කෙනෙක් carburetor float bowl drain screw එක ගලවන්න ඕනේ. ඉන්ධන කියන්නේ වහා ගිනි ඇවිලෙනසුළු දෙයක් නිසා ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මේ වෑල්ව් එක ගැලෙව්වම ඉන්ධන එනවා කියන්නේ කාබියුරේටර් එකටත් ඉන්ධන යනවා කියන එක. කාබියුරේටර් එකට යන ඉන්ධන මට්ටම පාලනය වෙන්නේ float එකකින්. මේක apered needle valve එකක් විදියට ක්‍රියා කරනවා.

Fuel system එකේ වෙන්න පුලුවන් අවුල් විදියට හානි වුන හරි ලීක් වෙන හරි float එකක්, වැරදි float උස, අපිරිසිඳු වූ needle valve හඳුනාගන්න පුලුවන්. Float එකේ උස වැරදි උනාම වාතය සහ ඉන්ධන මිශ්‍රණය අවුල් වෙලා ඉන්ධන කාර්යක්ෂමතාවය අඩු වෙන්න පුලුවන්.

  • Mixture

අවුලක් නැතුව එන්ජින් එක ස්ටාර්ට් වෙන්න නම් ඉන්ධන සහ වාතය mixture එක ගොඩක්ම වැදගත්. සාමාන්‍යයෙන් කාබියුරේටර් එකේ ඇති වෙන ප්‍රශ්න විදියට සීමාකරන ලද ඉන්ධන සැපයුම, වැඩකරන්නේ නැති enriching device එක සහ ලීක් වෙන manifold එක දකින්න පුලුවන්.

පරණ එන්ජින් වල නම් ටියුබ් වලිනුයි ගෑස්කට් වලිනුයි දෙකෙන්ම ලීක් වෙන්න පුලුවන්. WD40 ස්ප්‍රේ එක රබර් වලට ගහලා එන්ජින් එකේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා නම් ලීක් එකක් තියෙනවා කියලා ලේසියෙන්ම හොයාගන්න පුලුවන්.

Enriching device එක බයිපාස් කරන්න නම් කික් ස්ටාර්ට් එකේ හරි ඉලෙක්ට්‍රික් ස්ටාර්ට් එකේදි හරි කාබියුරේටර් එකේ වාතය ඇතුළ් වෙන තැනට WD40 ස්ප්‍රේ කරන්න පුලුවන්. මේ ස්ප්‍රේ එකත් වහා ඇවිළෙනසුළු නිසා සෑහෙන්න පරිස්සම් වෙන්න ඕනේ. මල්ටි කාබියුරේටර් මෝටර් බයික් වල කාබියුරේටර් එක බැලන්ස් කරලා තියන්න ඕනේ. ස්ටාර්ට් කරාට පස්සේ චෝක් එක ඔන් කරන්න ඕනේ කියන්නේ primary jet එක ටිකක් හරි සම්පූර්ණයෙන්ම හරි බ්ලොක් වෙලා කියන එක.

  • Compression

එන්ජින් එකේ වාතය-ඉන්ධන මිශ්‍රණයට අවශ්‍ය තරම් සම්පීඩණයක් යොදන එකත් බයික් එකක් අවුලක් නැතුව ස්ටාර්ට් වෙන්න බලපාන එක හේතුවක්. එන්ජින් එක 2 ස්ට්‍රෝක්ද 4 ස්ට්‍රොක්ද කියන කාරණය මත යොදන්න ඕනේ සම්පීඩණය වෙනස් වෙනවා. ඒත් සාමාන්‍යයෙන් යෙදෙන සම්පීඩණය රාත්තල් 92/ වර්ග අඟල් 1 මට්ටමේ නෙමෙයි නම් අභ්‍යන්තර ප්‍රශ්නයක් තියෙනවා කියලා අඳුරගන්න පුලුවන්. මැකැනික් කෙනෙක් මේ අවුලට ප්‍රතිකර්ම කරන්න කලින් බයික් එකේ නිශ්පාදකයින් විසින් නියම කරලා තියෙන compression ලෙවල් එක හොයාගෙන ඉන්න ඕනෙ වෙනවා.

  • 2 stroke

හානි වූ/ කැඩුණු පිස්ටන් හෝ පිස්ටන් රින්ග්ස් නිසා, ලීක් වෙන සිලින්ඩර් හිස හෝ ගෑස්කට් නිසා සහ හානි වූ/ කැඩුණු ක්‍රෑන්ක්ශාෆ්ට් ඔයිල් සීල් නිසා 2 ස්ට්‍රෝක් බයික් වල සම්පීඩණය අඩු වෙන්න පුලුවන්. ස්ටාර්ට් වෙන එකේ ප්‍රශ්න ඇතිවෙන්න කලින්ම මෆ්ලර් එකෙන් අධික ලෙස දුම් පිටවෙන එක දැකගන්න පුලුවන්.

  • 4 stroke

4 ස්ට්‍රෝක් බයික් එකක සම්පීඩණය පාලනය වෙන්නේ වෑල්ව් ටයිමින්, වෑල්ව් සහ එහි සීට් අතර ඇති සීල් එක, වෑල්ව් ක්ලියරන්ස් ඇජස්ට්මන්ට්ස්, පිස්ටනය සහ පිස්ටන් වළළු සහ සිලින්ඩර් හෙඩ් ගෑස්කට් මඟින්. මැකැනික් කෙනෙක්ට ප්‍රෙශර් එකේ අවුලක් තියෙනවද කියලා දැනගන්න පුලුවන් වෙන්නෙ leak-down test එකක් කරලා තමයි.

  • Spark

ගොඩක් වෙලාවට වෙන්න පුලුවන් දෙයක් තමයි ස්පාර්ක් ප්ලග් එක ජරා වෙලා හෝ වැරදි වෙන එක. විශේෂයෙන්ම පරණ 2 ස්ට්‍රෝක් Motorbike වල මේ දේ වෙනවා. අවුල මේකද කියලා දැනගන්න නම් ස්පාර්ක් ප්ලග් එක ගලවලා ස්පාර්ක් ටෙස්ට් එකක් කරන්න ඕනේ. එන්ජින් එක ඔන් කරන ගමන් ස්පාර්ක් ප්ලග් එක සිලිනඩර් හෙඩ් එකේ ගාවලා තමයි මේක චෙක් කරන්නේ.

අනිත් හැම වැඩක්ම වගේ මේකත් ඉතාම විමසිල්ලෙන් කරන්න ඕන දෙයක්. ඇරලා තියෙන සිලින්ඩර් එකෙන් පිට වෙන්න පුලුවන් ඕනම මිශ්‍රණයක් එක්ක ස්පාර්ක් එක ප්‍රතික්‍රියා කරන්න පුලුවන්. ඒ වගේමයි ස්පාර්ක් ප්ලග් එකෙන් ලොකු විද්‍යුත් ධාරාවක් නිපදවනවා. පිපිරීමක් ගිනිගැනීමක් වගේම කාන්දු වෙන ඉන්ධන මඟින් කාර්මික ශිල්පියාගේ ඇස් වලට උනත් හානියක් වෙන්න පුලුවන්.

ස්පාර්ක් ටෙස්ට් එකේදි ප්ලග් එක වැඩ කරාට ආයෙත් සෙට් කරාම ප්ලග් එක වැඩ කරන්නේ නැති වෙන්න පුලුවන්. ඒක නිසා කලින් ටෙස්ට් කරලා බලපු අමතර ස්පාර්ක් ප්ලග් එක්ක ළඟ තියාගන්න එක හොඳ පුරුද්දක්.

නිල්පාට එළියක් දෙනවා නම් ස්පාර්ක් ප්ලග් එකෙන් ඒක හොඳයි කියලා සාමාන්‍යයෙන් සැළකෙන්නේ. ඊට පස්සේ චෙක් කරන්න ඕන දේ තමයි හරි ටයිමින්ග් වලටද ස්පාර්ක් වෙන්නේ කියන එක. මේකටත් එක එක නිෂ්පාදකයින් අදාළ වෙලාවන් දීලා තියෙනවා.

මේ දේවල් ප්‍රායෝගිකව කරන්න හරිම දැනුම තියෙන්නේ මෝටර්බයික් කාර්මිකයින්ට උනත් මේ දැනුම ගොඩක් වැදගත් සහ හිතන්නෙවත් නැති වෙලාවක ඔයාට උදව් වෙන්න පුලුවන්. හැබැයි මතක තියාගන්න ආරක්ශාව තමයි පළවෙනිම දේ!

Tags
Back to top button
Close
Close