The Time Out

වැස්සට තෙමුණු බයික් එක ස්ටාර්ට් වෙන්නැද්ද? මෙන්න හේතුව

Motorbike ඩිසයින් කරලා තියෙන්නේ එක එක කාලගුණ තත්ත්වවලට ඔරොත්තු දෙන විදියට. ඒත් වැස්සට තෙමුණ ඔබේ බයික් එක start වෙන්නේ නැද්ද? මේ විදියට start නොවීමට හේතුව carburetors වලට වතුර ඇතුල් වීම නිසා ඉන්ධන ක්‍රියාකාරිත්වයට බාධා වීමයි. Ignition system එක වැනි අත්‍යවශ්‍ය electronic circuits වලට වතුර ඇතුළු වූ විට short වුණු circuits ඇතිවීම නිසාත් bike එක start නොවෙන්න පුලුවන්.

  • වැස්සට තෙමුණු පසු Motorbike එක start නොවන්නේ ඇයි?

වැසි කුණාටුවකින් පසු ඔබේ Motorbike එක start කිරීමට උත්සාහ කරන විට ඔබ අවධානය යොමු කළ යුතු පළමු දෙය නම් ඔබේ carburetors තුළට වතුර ඇතුල්වී ඇතිදැයි දැනගැනීමයි. Air box එකක් වෙනුවට pod filters තිබේ නම් මෙය සිදුවීමට වැඩි ඉඩක් තිබෙනවා.

වතුර carburetors තුළට ඇතුළු වුවහොත් එය වායු-ඉන්ධන මිශ්‍රණයට බාධා කර වතුර ඉන්ධන සමඟ මිශ්‍ර වෙනවා. මෙය වළක්වා ගත හැකි හොඳම ක්‍රමය වන්නේ carburetors පතුලේ ඇති bowl පිරිසිදු කිරීම සහ air filter පිරිසිදු කිරීමයි. ජලය carburetors තුළට ඇතුල් වී නැත්නම් හෝ ඔබේ Motorbike එක තවමත් start නොවන්නේ නම්, මිට හේතුව  ignition system එකයි. මෙහි ගැටළු ඇති කරන ස්ථාන දෙකක් වන්නේ coils සහ/ හෝ switch යන තැන් දෙකයි. Pickup coils හෝ magneto වලට වතුර ගොස් ඇත්නම්, coil short වීමට එය හේතුවෙනවා. මෙය spark රහිත තත්වයක් ඇති කරන අතර මෙහිදී Motorbike එක ධාවනය කිරීම ඉතා අපහසු වනු ඇත. කිසියම් හේතුවක් නිසා coil එකක් short වී ඇත්නම් එය රිප්ලේස් කළ යුතුයි.

Ignition switch එක තුළ කුඩා විදුලි සම්බන්ධතා ඇති අතර එය off, run, සහ start යන සංඥා කරනවා. Ignition switch එක ක්‍රියාත්මක වන්නේ නම්, Ignition circuit එකට බාධා ඇති බැවින් Motorbike එක start කිරීමට නොහැකි වෙනවා. මේ ගැටළු පොදු නොවෙන්න පුලුවන් නමුත්, ඇතිවිය හැකි ගැටළුව තේරුම් ගැනීම වැදගත්. ඔබේ Motorbike එක හැකිතාක් වියළිව තබා ගන්න. ගැටළු සහිත ප්‍රදේශවලට ඉසීමට WD-40 ටිකක් ළඟ තබා ගන්න.

  • Motorbike එක තෙත් වීමට ඉඩ දීම නරකද?

 

අධික තෙතමනය නිසා ඇතිවන පොදු ගැටළුවක් වන්නේ ඔක්සිකරණයයි, එසේ නොමැතිනම් මෙය මලකඩ ලෙසත් හැඳින්වෙනවා. Motorbike වල භාවිතා වන බොහෝ ලෝහ ඔක්සිජන් වලට ප්‍රතික්‍රියා කරනවා, නමුත් මෙම ප්‍රතික්‍රියා වලට ප්‍රතිරෝධය දැක්වීම සඳහා ලෝහය සාමාන්‍යයෙන් ආවරණය කරනු ලබනවා. නිදසුන් වන්නේ chrome, paint, lubrication යන උපක්‍රමයි. නමුත් මේ මතුපිට සීරීම් හෝ හානි වලට ගොදුරු වෙන අතර මෙය සිදු වූ විට, යටින් ඇති ලෝහය ඔක්සිජන් වලට නිරාවරණය වෙනවා.

හානිවීමට ඉඩ ඇති සමහර සංරචක වන්නේ wheel rims, frame, exhaust tips, shocks සහ springs, fenders, සහ handlebars යනාදියයි. මලකඩ වල අවදානමට ගොදුරු වන තවත් අංගයක් වන්නේ chain එකයි. Chain එක විශාල වශයෙන් චලනය වන බැවින්, එහි ලෝහ ආවරණය කර තබා ගැනීම දුෂ්කර කරුණක්. Chain පුරුක් එකිනෙකාට ගැටී ඇතිවන ඝර්ෂණය නිසා සහ chain Sprocket වල ඝර්ෂණය නිසා Chain එකේ ලෝහ කොටස් ආවරණය කර තබා ගැනීම ලොකු අභියෝගයක්.

ඔක්සිකරණයෙන් සිදුවිය හැකි සියලුම හානිය සැලකිල්ලට ගනිමින්, motorbike නිෂ්පාදකයින් කාලගුණයට ඔරොත්තු දෙන ලෙස motorbikes නිර්මාණය කරන බව මතක තබා ගැනීම වැදගත්. Paint සාමාන්‍යයෙන් කල් පවතින අතර අනෙකුත් ලෝහවල පහසුවෙන් මලකඩ බැඳෙන්නේ නැහැ. මෙහි අවදානම වෙන්නේ දීර්ඝ කාලයක් නිරාවරණය වීම සහ ප්‍රමාණවත් රැකවරණයක් නොලැබීමයි.

ඔක්සිකරණය මඟින් Motorbike එකක අභ්‍යන්තරයට ද බලපෑම් කළ හැකියි. Carburetor එක හරහා එන්ජිමට වතුර ඇතුළුවනවා නම්, Oil අඩු ඵලදායී වන අතර ඔබේ Motorbike එක නුසුදුසු lubrication අවදානමකට ඇද දමනවා. ඒ සමඟම මලකඩ ඇතිවිය හැකි අතර එම කොටස්වල ස්ථායිතාව අඩපණ වෙනවා.

ඔබේ Motorbike එකේ ඇති ඕනෑම electronic උපකරණයකට වර්ෂාවෙන් තර්ජනයක් ඇතිවිය හැකියි. Displays, speedometer ​​වැනි ඕනෑම විද්‍යුත් මිනුම් දර්ශක, සහ speakers වැනි කුඩා electronic උපකරණ ද මෙයට ඇතුළත් කළ හැකියි. කුඩා electrical connectors සහ circuits මත ඔක්සිකරණය වීමෙන් මෙම සංරචක වලට හානි කරනවා. මේවා ඉතා කුඩා විදුලි ධාරිතාවයක් භාවිතා කරන බැවින් ඕනෑම ඔක්සිකරණයක් පරිපථයේ අධික ප්‍රතිරෝධයක් ඇති කරනවා. මෙවැනි හානියක් බොහෝ විට මිල අධික අලුත්වැඩියාවක් කිරීම සඳහා හේතු විය හැකියි.

  • වැසි කුණාටුවකින් පසු Motorbike එක පිරිසිදු කරන්නේ කෙසේද?

වැසි කුණාටුවකට ඔබේ Motorbike එක නිරාවරණය වූවා නම්, එය වියළීම තරමක් සරල කාර්යයක්. සුළං මඟින් වියළීමට දීම නරකම විකල්පයක් නෙමෙයි, නමුත් ඔබ bike එක ඉතා හොඳින් බලා ගැනීම ගැන සැලකිලිමත් වෙනවා නම්, මේ වැඩේට වෙනත් ක්‍රම තියෙනවා.සුළං මඟින් වියළීම නිසා ජල සලකුණු ඇතිවීමේ හැකියාවක් තිබෙනවා. මෙමඟින් හානියක් සිදු නොකරන නමුත් වියළීමේ වෙනත් ක්‍රම භාවිතා කිරීමෙන් මේ සලකුණු වළක්වා ගත හැකියි.

ඔබේ Motorbike එක වියළීමේ මීළඟ ක්‍රමය වන්නේ තුවා භාවිතා කිරීමයි. පොඩි වැස්සකින් පසු මෙය ඵලදායී විය හැකියි. ඔබට අවශ්‍ය නැති වියළි තුවා කිහිපයක් ගෙන එමඟින් වතුර පිස දැමීමට පටන් ගන්න. වතුර සම්පූර්ණයෙන් ඉවත් කිරීම සඳහා ඔබට තුවා කිහිපයක් ළඟ තබා ගැනීමට අවශ්‍ය වනු ඇත. මෙම ක්‍රමයේ ඇති අඩුපාඩුවක් නම් තුවා මඟින් 100% ක් වතුර අවශෝෂණය කර නොගැනීමයි. තුවා තෙත් වූ පසු එය අකාර්යක්ෂම වෙනවා. මීට අමතරව compressed air වැනි විකල්පයක් භාවිතා කිරීමටත් ඔබට හැකියාව තිබෙනවා.

අවසාන වශයෙන්, WD-40 ඉතාමත් උපකාරී දෙයක් විය හැකියි. WD යන්නෙන් අදහස් වන්නේ water displacement හෙවත් ජලය විස්ථාපනය වීම යන්නයි. මෙමඟින් ඉතා හොඳින් ඔක්සිකරණ‍ය වළක්වනවා. WD-40 spray can එකක් ළඟ තබාගෙන ඔක්සිකරණ අවදානමට ලක්වන තැන්වලට එය ස්ප්‍රේ කරන්න.

  • වැසි හානි වළක්වා ගන්නේ කෙසේද?

වර්ෂාවෙන් සිදුවන හානිය වළක්වා ගත හැකි හොඳම ක්‍රමය වන්නේ භාවිතයේ නොමැති විට ඔබේ Motorbike එක ආවරණය කිරීමයි. ඔබේ Motorbike එක ගරාජයක ගාල් කිරීමෙන් ඉතා හොඳ ආරක්ෂාවක් ලැබෙනවා. එහිදී එය වියළිව පවතිනවා පමණක් නොව පරිසර උෂ්ණත්වයට වඩා ටිකක් උණුසුම්ව පවතිනවා. ඉතා පාන්දරින් bike එක start කර ගැනීමටත් මෙය උපකාරී වෙනවා.

 

Back to top button
Close
Close