MaintenanceWhat's Hot

Bike එක Start කරන්න කලින් ඔබ දැනගත යුතුම දේ මෙන්න.

“දැන ගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතර මඟ” කියලා කියන්නේ කට කහනවට නෙවෙයි. ඕනම දෙයක් අපි කරන්න ඕනේ හරියටම දැන ගෙන. නැත්නම් වෙන්නේ අතරමං වෙන්න. Bike එකක් පදින ඔබත් bike එක start කරන්න කලින් දැන ගන්න ඕන දේවල් 5 ක්  තියෙනවා. අන්න ඒ ගැනයි අද Biker.lk තුළින් අපි ඔබට කියන්නේ.

 

ලියකියවිලි ටික ගත්තද?

මේ කාරණාව ගැන ගෙදරින් එළියට බහිනකොටම ඔබ සැළකිලිමත් වෙන්න ඕනේ.  අද වෙනකොට ලංකාවේ නීතියෙ හැටියට බයික් එකක් පදින්න නම් ඔබට රියදුරු බලපත්‍රයක් තියෙන්න ඕනේ. ඒ වගේම බයික් එකේ යනකොට රක්ෂණය වගේම ආදායම් බලපත්‍රයත් අනිවාර්යයෙන්ම ඔබේ අතේ තියෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි අලුත්ම නීතියේ හැටියට දැන් දුම් සහතිකයත් ඔබ අතේ තියාගෙනයි බයික් එක පදින්න ඕනේ. මතකනේ ඔක්කොම ලියකියවිලි 4යි.

biker

 

පෙට්‍රල් ඇතිද?

යන්න හදන ගමනේ දුර දන්නේ ඔබයි. ඒ නිසා ඒ ගමනට ඇති වෙන්න පෙට්‍රල් තියෙනවද? නැත්නම් මඟදී පෙට්‍රල් ටිකක් ගහන්න වෙයිද? පෙට්‍රල් ගහන්න සල්ලි තියෙනවද? කියන ප්‍රශ්න වලට ඔබ ඔබටම උත්තර දෙන්න ඕනේ. නැත්නම් අතරමග කන්න වෙන කට්ට දන්නවනේ.

biker

 

හුළං ඇතිද?

මේ කාරණාව ගැනයි ඊළඟට ඔබ හොඳටම බලන්න ඕනේ. Bike එක Start කරන්න කලින් bike එකේ ඉස්සරහ රෝදෙයි පිටුපස රෝදෙයි දිහා බලන එක මහා අමාරු වැඩක් නෙවෙයිනේ. පොඩි තට්ටුවක් රෝදෙට දාලා බලන්න. හුළං අඩුයි වගේ නම් ළගම තියෙන පිරවුම් හලෙන් නවත්තන්න.

Biker

 

ඔයිල් හරි ගානට

ඊළගට bike එකේ ඔයිල් හරි මට්ටම් වලට තියෙනවද කියලා බලන්න ඕනේ. දක්වලා තියෙන මට්ටම් වලින් ඔයිල් තිබුණා නම් හරි. අඩුයි වගේ නම්, හරි මට්ටමට එනකන් ඔයිල් දාන්න. ඒකට ඉතිං හදිස්සි වෙලාවකට ගන්න කියලා ඔයිල් බෝතලයක් ගෙදර ගෙනත් තියා ගත්තට පාඩුවක් නෑ.

5

 

බ්‍රේක් ඇතිද?

Bike එකට නැගලා Start කරන්න කලින් ඉස්සරහට පස්සට bike එක තල්ලු කරන්න. ඒ අතර බ්‍රේක් පාරක් ගහලා බලන්න වැඩද කියලා. බ්‍රේක් වල අඩු පාඩුවක් නැතිනම් බය වෙන්න දෙයක් නෑ.

ගමන යන්න කලින් bike එක වටේ රවුමක් ගියාම මේ ඔක්කොම ටික ඔබට බලා ගන්න පුලුවන්. මේ වැඩේට මහා ලොකු වෙලාවක් යන්නේ නෑ. ඒ වගේම මේ දේවල් ගැන ඔබ සැළකිලිමත් වුණොත් වෙන්න තියෙන අනතුරක් වුණත් මගහරවා ගන්න පුලුවන්.

6

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close