The Time Out

අනතුරකින් පසු හිත හදන් බයික් පදින විදිය

අනතුරකට ලක් වුණාට පස්සේ motorbike පදින්න තියෙන බය නැති කරගන්නෙ කොහොමද?

අපි හැමෝටම වගේ ඉන්නවා බයික් පදින්න කැමති නැති යාලුවෝ. ඒ වගේම ඇයි අපි බයික් පදින්නෙ කියලා හිතාගන්න බැරි යාලුවෝ. ඒ වගේම බයික් ප්‍රබල අනතුරකට ලක් වෙලා ආයෙත් බයික් එකක යන්න බය යාලුවෝත්.

අනතුරකට ලක්වීමෙන් ඒ අනතුරට ලක් වූ කෙනාට motorbike ගැන තියෙන ආකල්පය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. සමහර අයට ඒක එතරම් බලපාන්නේ නැහැ ඒගොල්ලො අනතුරට ලක් වීමත් බයික් ගැන තියෙන අවදානමක් විදියට දකින නිසා. ඒත් සමහර අයට එම අනතුර හින්දා තමන් පිළිබඳ තියෙන ආත්ම විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති වෙලා ආයෙ බයික් පදවන්නේ නැති තරමට පත්වෙන්න පුළුවන්. ඒ පුද්ගලයන්ගෙන් ඒ ගැන දිගින් දිගටම ප්‍රශ්න කිරීම අනතුර පිළිබඳ අමිහිරි මතක ඇති කරවන්නක් විය හැකි නිසා වැදගත් වන්නේ එම බයෙන් මිදීමට උත්සාහ කිරීමයි.

ආත්ම විශ්වාසය නැති වීමට මුහුණ දෙන ආකාරය

අනතුරකට ලක් වූවාට පස්සේ තමන්ගෙ හැකියාවන් පිලිබඳ විශ්වාසය නැති වීම සාමාන්‍ය දෙයක්. ඒත් ගොඩක් දක්ෂ අත්දැකීම් තියෙන ධාවකයකු ට වුණත් තමන්ගේ ගමන තුළ ගොඩක් දරුණු අනතුරුවලට පවා මුහුණ දෙන්න වෙන එක සාමාන්‍ය දෙයක්.

බයික් එකක් අනතුරට ලක්වීම හරහා ශාරීරිකව මෙන්ම මානසිකවද හානි වෙන්න පුළුවන්. ශාරීරිකව සිදුවන හානි කිසියම් කාලයක් සමග සුවපත් වුවත් මානසිකව එල්ලවන බලපෑම ඊට වඩා බරපතළ වෙන්න පුළුවන්. නැවත බයික් ධාවනය කරන්න සුදුසු වෙන්නේ එහි ශාරීරික මෙන්ම මානසික තුවාල ද සුවපත් කර ගෙනයි.

මතකය අහිමි වීම සහ වරදකාරී හැඟීම්

අනතුරකදී හිස දැඩි හානියකට පත් වුවහොත් ඒ පුද්ගලයාගේ මතකයට බලපෑමක් වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම නැතත් තරමක් හෝ තමන්ගේ මතකයට හානි වූ විට තමන් අතින් අනතුරු සිදුවීම ගැන වරදකාරී හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඒ හරහා PTSD තත්ත්වයක් හට ගන්න පුළුවන්.

PTSD තත්ත්වය

සිදුවීමකට පස්සේ ඒ පිළිබඳව දිගින් දිගටම ඇති වන ආතතිය PTSD (Post-Traumatic Stress Disorder) මින් හැඳින්වෙනවා. මේක බයික් වලට පමණක් අදාල දෙයක් නොවුණාට බයික් අනතුරකට පස්සෙ මේක ඇතිවෙන්න පුළුවන් අවදානම ඉහළයි. ගොඩක් වෙලාවට කාලයක් සමග මේක ස්වභාවිකවම මගහැරුණා ට සමහර අයට ඒක අපහසු වෙන්න පුළුවන්.

සාමාන්‍ය ලක්ෂණ

බියකරු සිහින – නිරන්තරයෙන්ම මෙන්ම එක රැයකට බියකරු සිහින කිහිපයක්ම පෙනීම අනතුරකට පසුව ඇතිවිය හැකි ලක්ෂණයකි.

අනතුර මනස තුළ නැවත නැවතත් දර්ශනය වීම – සිදු වූ අනතුර සම්බන්ධව හෝ ඒ සමාන දර්ශන, ශබ්ද වැල බලපෑමෙන් සිදු වූ අනතුර නැවත නැවතත් සිදු වන බව හැඟවෙන තත්වයක් හටගනී.

තිබූ ආශාව ගිලිහී යාම – අනතුර හේතුකොටගෙන බයික් හෝ ඊට සම්බන්ධ දේවල් වලට පෙර තිබූ ආශාව ගිලිහී යා හැක.

ආතතිය හා පීඩනය වැඩි වීම – අනතුරට ලක් වූ කෙනෙකුට ඔහුගේ අකමැත්ත නොතකා දිගින් දිගටම ඒ පිළිබඳ කතා කිරීමෙන් ඔහුට ඒ පිළිබඳව ඇති ආතතිය හා පීඩනය වැඩි විය හැක.

ඉක්මනින් කේන්ති යන තත්වයට පත්වීම – ඇතැම්විට  අනතුරුවලින් අනතුරට පත් වූ අයෙකුගේ නිදාගැනීම, ආහාර ගැනීම, අවධානය මෙන්ම හැඟීම් ආදිය ද වෙනස් වීමට භාජනය විය හැක.අනතුරකට ලක්වීමෙන් අනතුරුව ඉහත සඳහන් ලක්ෂණ මාස තුනකට වඩා පවතින්නේ නම් විශේෂඥයකුගේ උදව් ලබාගැනීම අනිවාර්ය වේ. එසේ නැත්නම් එය දීර්ඝ කාලීන මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් එල්ල කරයි.

ලැබූ අත්දැකීම්වලින් ඉගෙන ගන්න – අනතුරක් කියන්නේ බොහෝ වෙලාවට පෙර නොවිඳි අත්දැකීම් ගොඩක් ලබා ගන්න පුළුවන් අවස්ථාවක්. වැදගත් වෙන්නේ අනතුරට ලක් වූ අවස්ථාවේදී තමා හිටියේ මොන තත්ත්වය ද කියලා හරියටම හඳුනා ගන්න එක. විශේෂයෙන්ම ඒ අවස්ථාවේ දී අනතුරට ලක්වී නොවී ඉන්න නම් තමා ට කරන්න තිබුනේ මොකක්ද කියල තේරුම් ගන්න එක. නැත්නම් අනතුරු සිද්ධවෙන්නේ හේතු වුණේ තිබුන කාලගුණය ද නැත්නම් බයික් එක තිබුණ තත්ත්වය ද ඒ හැමදේම හරියට තිබිලා නම් තමාගේ අතින් සිදුවුණු වැරදි මොනාද කියලා තේරුම් ගන්න එක ගොඩක් වැදගත්.

ආයෙත් motorbike පදින්න කලින් කරන්න ඕනේ මොනවාද?

අනතුරකට ලක් වෙලා ටික කාලයකින් ආයෙත් බයික් එකක් පදින්න කලින් කලින් අනතුරෙන් තමාට සිදු වූ හානි යථාතත්ත්වයට පත් කරගෙන ඉන්න ඕනි – මේකට ශාරීරිකව ඇතිවුණු තුවාල වගේම හානියට පත් වූ මානසික තත්ත්වයත් අයිති වෙනවා.

ආරක්ෂිත මෙවලම් භාවිතා කිරිම – ඇතැම් විට කලින් අනතුරට ලක්වන්නට හේතුවෙන් නැත්තේ හරියට ආරක්ෂිත මෙවලම් යොදාගත්තේ නැති එක. ඒකට හේතුව හොද තත්වයේ ආරක්ෂිත මෙවලම් භාවිතා කරානම් බොහෝ වෙලාවට බයික් එක පදින කෙනාට අනතුරු වෙනවා අඩු නිසා. ඒ හින්දා සම්බන්ධ තත්ත්වය පවතින හෙල්මට් එකක්, ජැකට් එකක්, අත් ආවරණ, කලිසම් වගේම බයික් පැදවීමට වඩාත් සුදුසු සපත්තු භාවිතා කිරීම වැදගත්. කලින් අනතුරට ලක්වෙද්දී ත් ඒවා භාවිතා කරා නම් ඊට වඩා තත්වයෙන් උසස්, වඩාත් ආරක්ෂිත මෙවලම් වලට යොමු වෙන්න ඕනා.  ඒ වගේම අනතුරින් බයික් එකට හානි යථා තත්වයට පත් කරගන්න ඕනා.

නැති වූ ආසාව නැවතත් ඇතිකර ගැනීම – පහත සඳහන් කරුණුත් එක්ක අනතුරට ලක් වූවාට පස්සේ බයික් ගැන නැතිවුනු ආසාව ආයෙමත් ඇති කරගන්න පුළුවන් වේවි.

  • බයික් එකේ ආරක්ෂිත මෙවලම් ගැන වඩාත් සැලකිලිමත් වෙන්න
  • දිගින් දිගටම පුහුණුවීමේ නිරත වෙන්න
  • මුල සිටම පටන් ගන්න
  • හැම වෙලාවේම තව කෙනෙක්ව ගමනට සම්බන්ධ කරගන්න
  • තමන්ගේ හැකියාවන් ගැන ඕනෑවට වඩා විශ්වාස නොකරන්න

එදිනෙදා ජීවිතයේදී අනතුරු වෙන එක සාමාන්‍ය දෙයක්. ඒවායින් ජීවිතයට එල්ල වන බලපෑම් ද ඉතා සාමාන්‍යයි. එහෙත් ඒවා දිගු කාලීනව පවතිනවානම් අවශ්‍ය උඋදව් ලබාගැනීම වැදගත් වේ.හැබයි ඉතින් අනතුරු අවම කරගන්න නැත්තම් අනතුරු වෙන අවස්ථා අඩුකරගන්න පුලුවන් DSI tyre වගේ මාර්ගය හොඳින් ග්‍රහනය කරගන්න ලංකාවේ අපේම පාරවල් වලටම ගැලැපෙන්න හදපු ටයර් පාවිච්චි කරනවා නම්.මොකද දෙයක් වෙන්න කලින් ශේප් කරගන්න එක උනාට පස්සේ කතා කරලා වැඩක් නැහැනේ.

Tags
Back to top button
Close
Close