The Time OutWhat's Hot

මහ වැස්සේ බයික් එකේ පරිස්සමෙන් යන විදි

වැස්ස නොවැස්සොත් දූවිලි නාන්න වෙනවා,වැස්ස වැස්සොත් හොඳටම නාන්න වෙනවා.ඕක තමයි ඉතින් අපේ බයික් ජිවීතේ.මොනව උනත් වැස්සේ ආසාවෙන් තෙමිගෙන යන අපේ බයිකර්ස්ලා නැතුවම නෙමෙයි.වැස්සේ පැදිල්ලට ආසවුනත් ආස නැති උනත් වෙනවෙලාවට වඩා වැඩි අවධානයක් රොද දෙකේ බැලන්ස් එකට දෙන්න ඕන කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑනේ.ඉතින් ලිස්සන්නේ නැතුව වැස්සේ යන්න පොඩි ටිප්ස් ටිකක තමයි ඔය පහල තියෙන්නෙ.

මඟහරින්න.

පොඩ්ඩක් වැස්සත් අලි නාවන්න පුලුවන් තරම් අලි වලවල් හැදෙන පාරවල් තියෙන රටක ඉන්න නිසා ඔය එහෙන් මෙහෙන් පේන වලවල් පුලුවන් තරම් මඟහැරලා යන්න.සමහර වෙලාවට දැකලා ඇති පාරේ තියෙන වලවල් වල ගැඹුර පෙන්වන්න කෙසෙල් ගස්,කෝටු ඕවල සවිකරලා ,නැත්තන් බෝඩ් එල්ලලා තියෙන විදිය.ඉතින් එහෙම දෙයක් කරන්න කෙනෙක් ලඟපාතක නැත්තන් ඔබ යන වේගෙයෙන්ම එ වගේ වලකින් ගියොත් වෙන දේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.අමාරුවෙන් ගත්ත බයික් එක පොඩි වලක් නිසා කඩාගන්න ඕනේ නෑනේ.එක නිසා වලවල් මඟහරින්න පුලුවන් තරම්.

අනෙක් එක තමයි දිලිසි දිලිසි කිරි කිරියේ තියෙන පාරවල්.අව්වට කරවෙලා වාහන ගිහිල්ලාම හොඳට පදම් වෙච්ච කාපට් පාරක වැස්ස වෙලාවට වැඩිය තෙමෙන්නත් බැහැ කියලා හිතාගෙන තියෙන උපරිම වේගයෙන් ගියොත් බයික් වල බ්‍රේක් වලට ඔබව බේරෙන්න වෙන්නේ නෑ කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැනේ.ඉතින් මේ වගේ ලිස්සන සුලු පාරවල් තියෙනවා නම් අනිවාර්යෙන්ම වේගය අඩු කරන්න.වේගයෙන් ඇක්සලරේට් කරන්න යන්නත් එපා.බ්‍රේක් එක ගැන වැඩිය විශ්වාසය තියන්නත් එපා.

එ වැස්සකදී ඔබ ධාවනය කරනවා නම් ඒ යන්නේ වැස්සෙන් බේරෙන්න හිතාගෙන ඉක්මනට ගෙදර යන්න නම් ඔබේ සහ අන් අයගේ ජිවිතේ නාමයෙන් ඉල්ලන්නේ නැවතිලා සෙවන තියෙන තැනකට වෙලා ඉන්න වැස්ස ඉවර වෙනකන්.හේතුව වැස්සේන් බේරෙන්න ඔබ වැස්සේ තෙමිගෙන ධාවනය කරන ඔබේ වේගය ඔබට පාලනය කරගන්න බැරි එක සහ සරලව කිව්වොත් කොහොමත්ම තෙමෙන එක වලක්වන්න බැරි නිසා.ජිවිතෙකින් වන්දි ගෙවන්න ඕනේ නෑනේ පොඩ්ඩක් පරක්කු උනා කියලා.

එකපාර කරන්න එපා.

වැස්සකදී ධාවනය කරන බයික් එකක බැලන්ස් එක නැතිවෙන්න පුලුවන් ඊලඟ දේ තමයි ක්ෂණිකව කරන හැරවීම්.මේක ඉතාම භායානක වෙන්නේ වංගුවකදී ඔබේ පාලනය ගිලිහිලා වෙන්න පුලුවන් අනතුරු නිසා.අනෙක් දේ එ වගේ පාලනය ගිලිහෙන අවස්ථාවක ක්ෂණිකව බ්‍රෙක් කරොත් ඔබ ඊටත් වඩා අමාරුවක වැටෙනවා ලිස්සිම තවත් වැඩි වෙන නිසා.එක නිසා එකවර බ්‍රෙක් කරන්නේ නැතුව ක්‍රමිකව බ්‍රෙක් කරන්න.එ කිව්වේ බ්‍රෙක් ලිවරය එකවර් ෆුල් තදකරන්නේ නැතුව ටික ටික කරන්න කියන එක.

තද කරලා අල්ලන්න එපා.

සමහර බයිකස්ලා කරන වරදක් තමයි වැස්ස වෙලාවෙදී ඔනවට වඩා තදින් හැන්ඩ් ග්‍රිප් එක අල්ලගන්න එක මේ නිසා.බයට හෝ පලපුරුද්ද නැති නිසා මේක කරාට මෙමගින් ඔබව ඉක්මනට වෙහෙසට පත්වෙනවා වගේම,ඔබ කරන පොඩි චලනයක් ඕනවට වඩා වැඩියෙන් බයික් එකේ පාලනයට බලපාන්න ගන්නවා.හොඳම දේ බයික් එක සාමාන්‍ය විදියට පදින එක.හේතුව බයික් එකේ සස්පෙන්ශන් සිස්ටම් එකක් තියෙන්නෙ ඔබව මෙවගේ අවස්තාවල අපහසුවකින් තොරව ගෙනියන්න තමයි.

දේදුනු ඔබේ යාලුවෝ නෙමෙයි

වැස්ස වහින්න පටන් ගත්ත වෙලේ පටන්ම අපේ ලංකාව පාරවල් පුරාම දකින්න පුලුවන් දෙයක් තමයි මේ දේදුනු.මේ වෙන මොනවත් නෙමෙයි වාහන වලින්ම පාරට වැටෙන ඔයිල්.පාටට ලස්සනට තිබ්බට පාරෙ තියෙන ඔය ඔයිල් ඉඩින් වැස්ස වෙලාවේ යනව කියන්නේ ඉතින් දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්.ලිහිසි තෙල් නැත්තන්ම් සාමාන්‍ය ව්‍යවහාරයෙදි අපි කියන ඔයිල් සහ වතුරා එකට එකතු වෙන තැන ලිස්සනවා ඇරෙන්න වෙන මොනවා වෙන්නද?එක නිසා අනිවාර්යෙන්ම දේදුනු මඟහරින්න.

තැන තියන් පේන්න යන්න

වැස්ස වෙලාවකදී වෙන්න පුලුවන් ලොකුම අවධානය යන වේගය අඩාල කරගන්න අවශ්‍යය දුර කාලය බොහොම අවම අගයක් ගන්න එක.එක නිසා ඉදිරියෙන් යන වාහනයට ඔබේ වේගය අනුව වෙන වෙලාවට වඩා වැඩි දුරක් තියාගන්න අමතක කරන්න එපා.අනෙක් දේ පිටුපසින් එන වාහන වලට ඔබව පැහැදිලිව පේන්න පුලුවන් නම් තැඹිලි හෝ කහ පැහැ හෙල්මට්,බයික් ජැකට් පලඳින්න බලන්න.ඊට අමතරව වැස්සේ නිතර බයික් එක පදිනවා නම් බයික් ගොගල්ස් දෙකක් අරගත්තට පාඩුවක් වෙන්නේ නෑ.

එ වගේම රාත්‍රී කාලයෙදී,මීදුම සහ වැස්ස නිසා ඔබව අනෙක් රියදුරන්ට පේන එක අඩුවෙන්න පුලුවන්. ඒක නිසා අනෙක් රියදුරන්ට පැහැදිලිව ඔබව පෙන්නුම් කරන DSI GenX වගේ නියෝන් ඉෆේක්ට් එකක් තියෙන තෙත් පරිසරයකදි වැඩියෙන් මාර්ගයට ඔරොත්තු දෙන් ග්‍රිප් එකක් තියෙන ටයර් වර්ගයක් පාවිච්චි කරන්න පුලුවන් නම් අනතුරක් නැතුව ඕන ගමනක් යන්න පුලුවන් වේවි.මීට අමතරව කියන්න තියෙන්නෙ අර කුඩ ඉහලගෙන බයික් එකේ යන්න එපා කියන එකයි.ඒකේ තියෙන අනතුරුදායක බව අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.ඉතින් මීට වඩා ටිප්ස් ඔන දන්නවා නම් අපේ ෆේස්බුක් පොස්ට් එකට කමෙන්ට් කරන්න.ඔබට ජය

 

Tags

Leave a Reply

Back to top button
Close
Close