Maintenance

මොටර්බයික් අලුත්වැඩියා චෙක්ලිස්ට් එක – බයික් වලට අලුත් නම් විශේෂයි

මෝටර්බයික්වලට ආධුනික ඔබ සඳහා Maintenance ටිප්ස්

අලුතින් මෝටර්බයික් හිමිකරුවෙකු වීමට වරම් ලැබූ ඔබ, අලුත්ම අලුත් බයිසිකලය ගැන කොතරම් උනන්දු වෙනවාද? හැබැයි බයික් එකේ පෙනුම ගැන විතරක් නෙමෙයි, තවත් සොයා බලන්න බොහෝ දේවල් තිබෙනවා. එමනිසා ඔබේ බයික් එක ක්‍රියා කරන ආකාරය සහ ඔබ විසින්ම මූලික බයික් නඩත්තු කිරීමක් කෙසේ කළ යුතුදැයි දැන ගැනීමට අපි උදව් කරන්න හිතුවා.

බයික් එකක් කොපමණ වාරයක් නඩත්තු කිරීමට අවශ්‍යද? ඔබ අලුත්ම මෝටර්බයික් එකක් මිලට ගත්තා නම්, නිර්දේශිත කාල පරාසයන්ට සර්විස් කිරීම (owner’s manual එකෙහි මෙය සඳහන් වෙනවා) හොඳටම ප්‍රමාණවත්. එහෙම නැතුව ඔබ පාවිච්චි කරන ලද බයික් එකක් මිලට ගත්තා නම් හෝ ඔබේ බයික් එක සාමාන්‍ය තරමට වඩා, නිතර ධාවනය කරනවා නම් එය පරීක්‍ෂා කර බලා සර්විස් කිරීම හොඳ අදහසක්.

බයික් එකට අදාළ බොහෝ සේවාවන් ඔබට තනිවම කළ හැකියි. ඔබේ මෝටර්බයිසිකලය හොඳ තත්ත්වයේ තිබෙන බව තහවුරු කර ගැනීමට මෙම මෝටර්බයික් maintenance checklist එක භාවිතා කරන්න.

  1. Tire pressure

ඔබ ආරක්‍ෂිතව ගමන් කරන බව සහතික කරගැනීම සඳහා බයික් එකේ ටයර් පීඩනය පරීක්‍ෂා කිරීම ඉතා වැදගත්. පීඩනය ඉතා අඩු නම්, අධික වේගයෙන් ගමන් කරන විට ටයර් එකක් පිපිරීමේ අවදානමක් ඇති අතර පීඩනය ඉතා වැඩි නම් එය බයික් එකේ handling වලට බලපානවා.

  1. Engine oil මට්ටම

බයික් එකේ engine oil මට්ටම සැමවිටම full විය යුතුයි. Oil මට්ටම පරීක්‍ෂා කිරීමට කලින්, බයික් එක warm up කිරීම සඳහා මිනිත්තු කිහිපයක් ධාවනය කරන්න. ඉන්පසුව, බයික් එක center stand එක මත තබන්න. ඊළඟට එන්ජිමේ පතුලේ ඇති engine oil glass එක දෙස බලන්න. එය full නැත්නම්, oil පුරවන්න. Oil කළු පැහැයක් ගනී නම් එය වෙනස් කිරීමට කාලය පැමිණ තිබෙනවා.

  1. Chain slack

(ඔබේ බයික් එකට තිබෙන්නේ shaft drive එකක් නම් මෙය නොසලකන්න)

ගෙවීයාම සහ දිගු කාලීන පාවිච්චියත් සමඟ බයික් chain එක අවශ්‍ය ප්‍රමාණයට වඩා එල්ලා වැටීමට පටන් ගන්නවා. Chain slack මැනීම සඳහා, chain එක swingarm එක දෙසට තල්ලු කරන්න. එය මිලිමීටර් 40 ට වඩා වැඩි නොවිය යුතුයි (Dirt bike සඳහා මිලිමීටර් 50). එය පමණට වඩා ලිහිල් නම්, axle nut ලිහිල් කිරීමෙන් feature bolt අවශ්‍ය පරිදි ලිහිල් කිරීමෙන් කෙටි කිරීමට හෝ දිගු කිරීමට ඔබට පුලුවන්. ඔබේ මෝටර්බයික් එකේ chain එකේ නිශ්චිත මිනුම් owner’s manual එකෙන් ඔබට සොයා ගන්න පුලුවන්.

  1. Brake pads

බොහෝ බයික්වල brake pads ඉක්මනින් ගෙවීයාමට ඉඩ ඇති අතර ඒවා ගැන විමසිල්ලෙන් සිටීම සැමවිටම හොඳයි. ඔබේ brake caliper චෙක් කරන්න. Brake pad මිලිමීටර් 2 දක්වා ළඟා වී ඇත්නම් ඒවා replace කිරීමට කාලය පැමිණ තිබෙනවා.

  1. Air filter

Street සහ sports බයික්වල air filters පිරිසිඳු කිරීමට හෝ replace කිරීමට පෙර කි.මී 5,000 කට වඩා වැඩි කාලයක් පවතිනවා. Dirt බයික්වල හෝ දූවිලි හෝ වැලි සහිත තත්වයන් තුළ ඔබ ගමන් කරන්නේ නම්, ඔබේ air filter නිතිපතා පිරිසිඳු කිරීමට අවශ්‍ය විය හැකියි. Air filter වල තත්ත්වය පරීක්‍ෂා කිරීම සඳහා, airbox එක විවෘත කර filter එක ඉවත් කරන්න. අපිරිසිඳු හා අවහිර වී ඇති බවක් පෙනේ නම් එය replace කරන්න හෝ පිරිසිඳු කරන්න ඔබට පුලුවන්.

  1. Oil filter

සම්මත රීතියක් විදියට, ඔබේ බයික් එකේ oil filter එක engine oil සමඟ replace කළ යුතුයි. බයික් එකට අදාළ owner’s manual එකෙහි වෙනස් කාල පරාසයක් නිර්දේශ නොකරන්නේ නම්, සෑම කිලෝමීටර 4,000 – 5,000 කටම වරක් oil filter එක replace කිරීමට බලාපොරොත්තු වෙන්න.

  1. Coolant

ඔබේ බයික් එකේ coolant fluid වසර දෙකකට වරක් හෝ ඊට වැඩි වාර ගණනක් වෙනස් කළ යුතුයි. කාලයත් සමඟ coolant fluid පිරිහීමට ලක් විය හැකි බැවින් මාස 20-24 තුළදී එය සම්පූර්ණයෙන්ම replace කිරීම වඩා හොඳයි.

බයික් එකේ coolant වෙනස් කිරීම සඳහා, බයික් එක center stand එක මත තබා, රේඩියේටරයට ළඟා වීම අවහිර කරන fairings ඉවත් කර, පසුව රේඩියේටරයේ ඉහළ ඇති පැරණි coolant ඉවතට ගෙන එය අලුත් coolant යොදා ආදේශ කරන්න.

ඉහත සඳහන් කරුණු 07 ගැන ඔබ නිතරම සැලකිල්ලක් දක්වනවා නම් අමතර කරදර අවමව, ගෙවීයාම් සහ හානි අඩුවෙන්, මුදල් පසුම්බියටත් අමතර බරක් නැතුව ඔබේ බයික් එක maintain කරන්න ඔබට පුලුවන්. ඊට අමතරව මෝටර්සයිකල් නඩත්තු කාලසටහන මොන වගේද කියන එක ගැනත් යම් අදහසක් ඔබට ලබාදෙන්න අපි සූදානම්.

ඔබේ මෝටර්බයික් එක කොපමණ වාරයක් නඩත්තු කළ යුතුද? ගෙවීයාමට වැඩියෙන්ම ඉඩ ඇත්තේ මොන වගේ කොටස්ද? බයික් එකක් ගත්ත ගමන් ඔබේ හිතට එන තවත් ප්‍රශ්න කිහිපයක් තමයි මේ. මුල්ම කරුණ නම්, මේ ප්‍රශ්නවලට පිළිතුරු රඳා පවතින්නේ ඔබ සතුව ඇති බයික් එකේ වර්ගය, ඔබ එය පදවන ආකාරය සහ පදවන පරිසරය මතයි. උදාහරණයක් වශයෙන්, street බයික් ටයර් Dirt බයික් ටයර් වලට වඩා බොහෝ කල් පවතිනවා. එයට හේතුව නම් අපිරිසිඳු මංපෙත්, ගල් හා රළු බිම් මත අධික ලෙස ධාවනය වන dirt බයික් වල ටයර්, සුමට හොඳ තත්ත්වයේ මාර්ගවල ධාවනය වන street බයික් ටයර්වලට වඩා වේගයෙන් ගෙවී යාමයි.

සම්මත රීතියක් වීදියට අපි කලින් කියූ පරිදි සෑම කිලෝමීටර 5,000 කටම වරක් ඔබේ බයික් එකේ engine oil වෙනස් කළ යුතුයි. කෙසේ වෙතත්, ඔබ සතුව ඇත්තේ race bike එකක් නම්, ඔබට නිතර නිතර තෙල් මාරු කිරීමට සිදු විය හැකියි. Sports bike එකක brake pad, Cruiser bike එකක brake pad වලට වඩා කලින් ගෙවී යනවා. Enduro බයිසිකලයක ඇති air filter, Café බයිසිකලයකට වඩා බොහෝ කලින් පිරිසිඳු කිරීමට හෝ replace කිරීම අවශ්‍ය වෙනවා. ඉතින් මේ වගේ හේතු නිසා ඔබේ බයික් එක ගැන විශේෂ වූ කරුණු හඳුනාගෙන එයට ගැලපෙන maintenance schedule එකක් නිර්මාණය කරගන්න.

 

Back to top button
Close
Close