The Time Out

අතට ගැළපෙන Motorbike Gloves මිලදී ගන්නේ කොහොමද?

Motorbike Gloves කියන්නේ වැඩිය ඕනේ නැති, ගැළපෙන්නේ නැති දෙයක් කියලා හිතෙනවද? බයික් එකෙන් වැටුණ කෙනෙක්ගෙන් එහෙමත් නැත්නම් සීතල වෙලාවක බයික් එකක් පදින කෙනෙක් ඔබට විස්තර කරයි, Gloves වල වටිනාකම සහ වැදගත්කම. Gloves වල මූලික කාර්යභාරය තමයි ඔබේ දෑත් තුවාල වීමෙන් ආරක්ෂා කිරීම. කොහොම නමුත්, ගැළපෙන විදියට සැලසුම් කරලා Gloves වල අපේක්ෂිත අරමුණු සඳහා භාවිතා කරනවා නම් අත් හිරි වැටීම, එකවර කෙණ්ඩා පෙරළීම වගේ දේවල් උනත් වළක්වා ගන්න පුලුවන්. ඔබ හරියටම ගැළපෙන නිවැරදි Gloves පිළිබඳ කතා කරද්දී ලෙදර් Gloves ද? රෙදිවලින් හදපු  Gloves ද? කියන දේට වඩා එහා ගිය මාතෘකාවක් විදියට මේ ගැන හිතන්න.

නිවැරදි Gloves යුගලයක් සොයා ගන්නවා කියන්නේ rider කෙනෙක් විදියට ඔබේ අවශ්‍යතාව මත හා ඔබේ riding style එක මත පදනම් වෙන දෙයක්. සරලව කියනවා නම් Gloves මිලදී ගනිද්දී කලින් කියපු කරුණු දෙකම සලකා බලන්න වෙනවා. ඊට අමතරව Gloves නිර්මාණය කරල තියෙන අමුද්‍රව්‍ය ගැනත් සලකා බලන්න වෙනවා, මොකද කෙනෙක් රෙදිවලින් හදපු Gloves වල සුවපහසුවට කැමති උනාට තව rider කෙනෙක් කැමති ලෙදර් Gloves වල කල්පවත්නා බවට වෙන්න පුලුවන්. නිසැකවම ඔබට ගැලපෙන Gloves තව කෙනෙක්ට ගැළපෙන එකක් නැහැ. ඉතින් අපි උත්සහ කරන්නේ මේ ලිපිය මඟින් Gloves වර්ග සහ අමුද්‍රව්‍යවල වෙනස්කම් පැහැදිලි කරලා, අවසානයේදී ඔබට වඩාත් ගැලපෙන විකල්පය තෝරා ගැනිමේදී සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනාද කියලත්  කියන්නයි අපේ සූදානම.

  • Gloves ස්ටයිල්ස්

ඔබ මොන වගේ rider කෙනෙක්ද? ඔබ කැමති motocross වගේ ත්‍රාසජනක දේවල් වලටද? නැත්නම් touring වගේ කඳුකර සහ නිම්න වල ගමන් කරන්නද? ඔබ සඳහා හොඳම Gloves යුගලයක් සොයා ගැනීමේ පළමු පියවර තමයි ඔබේ රයිඩින් විලාසය තීරණය කිරීම. ස්ට්‍රීට්, ‍රේසින්, ඩර්ට්, ADV සහ ටුවරින් යන විවිධ අංශවලට සුවපහසුව, පෑඩින් කර තිබීම සහ ආරක්ෂාව යන විවිධ දේවල් එකිනෙකට වෙනස් මට්ටම්වලින් අවශ්‍ය වෙනවා.

Street

ඔබට street බයිසිකලයක්ද තිබෙන්නේ? ඔබ රේසින් rider කෙනෙක්ට වඩා ගමන් බිමන් යාම සඳහා බයික් එක භාවිතා කරන කෙනෙක්ද? මේ වගේ street ධාවකයන් සාමාන්‍යයෙන් බහුකාර්ය ධාවකයන් වන අතර එය ඔවුන්ගේ Gloves භාවිතා කරන ආකාරයෙන් පැහැදිලි වෙනවා. මෙම අත්වැසුම් සුවපහසු බවෙන් වැඩි අතර ඒවායෙන් සපයන ආරක්ෂාවද ඉතා හොඳයි. මෙම Gloves බොහෝ විට රෙදි, ලෙදර් හෝ හයිබ්‍රිඩ් තේරීම් තුනෙන්ම තිබෙනවා.

Racing

රේසින් Gloves යනු ඉහළ කාර්යසාධනයක් සහිත Gloves වන අතර ඒවා ආක්‍රමණශීලී රළු භාවිතය සඳහා නිර්මාණය කර තියෙනවා. මේවා සම්පූර්ණ ගෝන්ට්ලට් විලාසිතාවේ Gloves ලෙස හඳුන්වන අතර, මෙම Gloves මැණික් කටුව පසුපස දක්වාම විහිදෙනවා. එමඟින් ඉහළ ආරක්ෂාවක්ද ලබා දෙනවා. බොහෝ විට සම් (ලෙදර්) වලින් සාදා ඇති අතර අතේ නකල්ස් ප්‍රදේශය සහ මහපට ඇඟිල්ල වටා අමතර ශක්තිමත් කිරීම් මඟින් වැඩි ආරක්ෂාවක් සැපයීම සඳහා කාබන් ෆයිබර් ගාඩ් වැනි මෝස්තරයන් අන්තර්ගත වෙනවා. රේසින් Gloves වල තිබෙන විශේෂිත අවශ්‍යතා නිසා මෙම Gloves වඩාත්ම මිල අධික Gloves වර්ගය ලෙස හැඳින්වෙනවා.

Dirt

Dirt ධාවකයන් තරඟ සඳහා සහභාගි වුණාට ඔවුන් සංචලතාව සහ පාලනයට වැඩි කරගැනීම උදෙසා සාමාන්‍ය රයිඩර්ස්ලා භාවිතා කරන සම්මත ආරක්ෂාවන් අත්හරිනවා. මේ නිසා dirt Gloves බොහෝ විට සිහින්, ඇතුළට හුළං වදින ආකාරයේ රෙදිපිළි වලින් සාදා ඇති අතර ආරක්ශාව අතින් එතරම් ඉහළ මට්ටමක් දකින්නට ලැබෙන්නේ නැහැ. මෙයින් අදහස් කරන්නේ dirt Gloves වල ආයුකාලය ඉතා කෙටි බව වන අතර, මේ Gloves මෝටර්බයික් ‍රයිඩර්ස්ලා සඳහා ඇති ලාභදායීම විකල්පයත් වනවා.

ADV

ADV Gloves නිර්මාණය කර ඇත්‍තේ dual-sport සහ adventure ධාවකයින් වෙනුවෙන්මයි. මේ විශේෂ අවශ්‍යතාවයන් නිසා මෙම Gloves බහුකාර්ය සහ සුවපහසු විය යුතුයි. පාලනයට හා සංචලතාවයට බාධා නොවන street සහ trail riding කොන්දේසි වලට මේවා පහසුවක් විය යුතුයි. මෙම Gloves බොහෝ විට සුවපහසුව සහ නම්‍යතාවය සඳහා කෙටි ආවරණ සහිත හයිබ්‍රිඩ් ද්‍රව්‍ය වලින් නිර්මාණය කරනවා. කොහොම නමුත් dirt Gloves වගේ නෙමෙයි මේවා බාධක සහිත මාර්ගයකින් සාමාන්‍ය වීථියකට මාරුවීමට අවශ්‍ය තරම් ආරක්ෂාවක් සපයනවා.

Touring

Touring රයිඩර්ස්ලා බොහෝ විට විවිධ කාලගුණික තත්ත්වයන් හරහා ගමන් කරන පිරිසක්. එමනිසා අත්වල තෙහෙට්ටුව වළක්වා ගැනීම සඳහා ප්‍රමාණවත් කුෂන් සහ ආරක්ශාවක් ලබා දෙන අතර touring Gloves ජලය සහ කාලගුණයෙන් ආරක්ෂාව ලබා දෙනවා. මේ Gloves සාමාන්‍යයෙන් Gloves විලාසිතාවක් වුණත් racing අත්වැසුම් වලට වඩා අඩු ආරක්ෂාවක් තමයි සපයන්නේ. Touring Gloves වල අවශ්‍යතාවය වන්නේ ඔබේ දෑත් ආරක්ෂා කරගැනීමයි. කෙසේ වෙතත් මේ Gloves මිල අධික වීමේ ඉඩකඩ වැඩියි.

  • Gloves අමුද්‍රව්‍ය

ඔබ කුමන ආකාරයක රයිඩර් කෙනෙක්ද යන්න තීරණය කළ පසු මෝටර්බයික් Gloves සඳහා ඇති අමුද්‍රව්‍යමය තේරීම් ගැන හිතන්න වෙනවා. Gloves නිර්මාණය කිරීම සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය තේරීම් තුනකට සීමා කරන්න පුලුවන්. රෙදිපිළි, ලෙදර් සහ හයිබ්‍රිඩ් කියන මේ අමුද්‍රව්‍ය වල විවිධ වාසි හා අවාසි තිබෙනවා.

රෙදිපිළි

රෙදිපිළි කියන්නේ මෝටර්බයික් Gloves නිපදවීම සඳහා වඩාත් විවිධාකාරයෙන් භාවිතාවන විකල්පයක්. මේ වර්ගයේ Gloves සාමාන්‍යයෙන් ඕනෑම රයිඩර් කෙනෙක් සහ කාලගුණික තත්ත්වයක් සඳහා භාවිතා කරන්න පුලුවන්. ජල‍යෙන් ආරක්ශාව සපයන් waterproof රෙදිවර්ග වගේම සීතලේදී ගමන් කිරීම සඳහා රෙදිපිළි මඟින් පෑඩින් කිරීමත් දක්නට ලැබෙනවා. තරමක් උණුසුම් කාලවලදී මෙම Gloves භාවිතා කිරීම අත්වලට සුවපහසුවක් අත්කරදෙනු ලබනවා.

ලෙදර්

ලෙදර් සහ මෝටර්බයික් අතර කිට්ටු සම්බන්ධයක් තියෙනවා, ඉතින් ජෙන්‍යුන් ලෙදර් Gloves යුගලයක් මිලදී ගැනීමට අවශ්‍ය ඇයි? මෙම ද්‍රව්‍ය කල් පවතින අතර තෝරාගත් සෘතු සඳහා/ කාළගුණික වෙනස්කම් සඳහා විශිෂ්ට විකල්පයක්. කෙසේ වෙතත් මෙම අත්වැසුම් සාමාන්‍යයෙන් සීතල කාලගුණය හෝ අයහපත් කාලගුණික තත්ත්වයන් සඳහා එතරම් සුදුසු නැහැ. ඒවා ඇදහිය නොහැකි තරම් කල් පවතින Gloves වන අතර අවාසනාවකට වගේ ලෙදර් Gloves මෝටර්බයික් රයිඩර්ස්ලා සඳහා ඇති වඩාත්ම මිල අධිකම විකල්ප වලින් එකක්.

හයිබ්‍රිඩ්

හයිබ්‍රිඩ්, එහෙම නැත්නම් දෙමුහුන් කියන්නේ ලෙදර්-රෙදිපිළි Gloves ද්‍රව්‍ය දෙකේම හොඳම අංග ඒකාබද්ධ කිරීමට ගත්ත උත්සාහයක්. එමනිසා කල්පැවැත්ම වැඩි කිරීම සඳහා සහ ආරක්ෂාද සඳහා ලෙදර් භාවිතා කරන අතර, රෙදිපිළි භාවිතා කරනුයේ waterproof සහ ලයිනිං වැනි බහුකාර්යතාව වැඩි කිරීමටයි. මේ Gloves වල මිල, සම්පුර්ණ රෙදිපිළි හා ලෙදර් Gloves මිල අතර අගයක් ගන්නවා. ඒ වගේමයි එක් එක් ප්‍රතිලාභ ඒකාබද්ධ කරලා තිබෙන නිසා බොහෝ රයිඩර්ස්ලාට ගැළපෙන හොඳම විකල්පයක් ලෙසත් හැඳින්වෙනවා.

  • Gloves fit

Gloves වල මෝස්තර සහ ඒවායේ නිර්මාණය සඳහා භාවිතා කරන ද්‍රව්‍ය පිළිබඳ ඔබ දැන් දැනුවත් නිසා Gloves වල ෆිට් එක ගැන සාකච්ඡා කිරීමට කාලය ඇවිල්ලා. American fit  සහ European fit විදියට Gloves වල යෝග්‍යතාවය කොටස් දෙකකට බෙදන්න පුලුවන්. ඇමරිකානු Gloves වල සාමාන්‍යයෙන් අත්ල වටා වැඩි ඉඩක් ඇති අතර ඇඟිලි සඳහා අඩු ඉඩකඩක් තිබෙන්නේ. යුරෝපීය Gloves වල දිගු ඇඟිලි සහ අත්ල සඳහා අඩු ඉඩක් වෙන්කර තිබෙනවා. අතට අපහසුවක් නොවන ආකාරයට අත්ල හෝ ඇඟිලි වටා ඇති අතිරේක ද්‍රව්‍ය නොමැති ආකරයට ඔබේ Gloves ප්‍රමාණවත් විය යුතුයි.

  • Gloves සයිස්

බොහෝ නිෂ්පාදකයින් පළල හෝ වට ප්‍රමාණයන් විස්තර කර ඇති size guide එකක් පළ කරනවා. ඔබ පළල භාවිතා කරනවා නම් මේසයක් මත මිනුම් පටියක් තබා ඔබේ අත්ලෙහි විශාලතම කොටස මැනීමෙන් ඔබට ඔබේ Gloves සයිස් එක මැනගන්න පුලුවන්. අත් දෙකම මැනගෙන ඔබට ලැබෙන ලොකුම අගය තෝරාගන්න. නිෂ්පාදකයා පරිධිය භාවිතා කරනවා නම් ඔබේ අතේ නකල්ස් සහ අත්ල වටා ටේප් එක ඔතා මිනුම ලබාගන්න. මෙහිදීත් අත් දෙකෙන් විශාල අගයට අනුව Gloves මිලදී ගන්න.

විවිධ වර්ගයේ ධාවනයන් සඳහා විවිධ Gloves ඇති බවත් ප්‍රමාණය දැනගැනීම සඳහා මැනිය යුතු ආකාරයත් ගැන ඔබට වැටහීමක් ඇති. ඉතින් ඔබට ගැළපෙන Gloves තෝරාගෙන වැඩි සුවපහසුවක් සහ ආරක්ශාවක් එක්ක ඔබේ ගමන් බිමන් යන්න තවත් පරක්කු වෙන්න එපා.

Back to top button
Close
Close