The Time Out

ඔබේ ස්කූටිය ආරක්ශිතද?

scooter ආරක්ෂිතද?

රෝද දෙකේ වාහන ගැන හිතද්දී ගොඩාක් විකල්ප හම්බවෙනවා. සාමාන්‍ය බයික් වගේම ස්කූටර ඒ අතරින් වැදගත් වෙනවා. ඒත් ස්කූටර් ආරක්ශිතද අපි ඒ ගැන හොයල බලමු.

ස්කූටර් සහ බයික් වෙනස මොකක්ද?

මුලින්ම හිතෙන්නේ ස්කූටර් එකක් කියන්නේ ප්‍රමාණයෙන් කුඩා බයික් එකක්මයි කියල ඒත් අපි ඉතින් වලට වඩා ගොඩක් වෙනස් කම් මේ දෙක අතර තියෙනවා. ඒ වලින් කිහිපයක් විදියට මේවා නම් කරන්න පුළුවන්.අනෙක් බයික් වලට සාපේක්ෂව ස්කූටරයක කකුල් දෙක තියාගන්න වැඩි සුවපහසුවක් ලැබෙනවා.මෝපේඩ්, ස්කූටර් සහ මොටර් බයික් අතර වෙනස පෙන්වන ලිපිය බලන්න කැමති නම් මෙතන ක්ලික් කරන්න

50cc සිට 850cc වෙනකන් වෙනස් පරාසයන් වල scooter engine දකින්න ලැබෙනවා.අපේ වෙලාවට ලංකාවේ මෙච්චර ලොකු බලයක් තියෙන ස්කූටර් නැත්තේ,නැත්තන් දන්නවනේ අපේ සමහර අක්කලා,නංගීලා ස්කූටරෙන් යන වේගේ :)මේ වලට අමතරව කුඩා රෝද, භාණ්ඩ ගබඩා කිරීමේ පහසුකම්, සම්ප්‍රදායික පෙනුම ආදියෙන් බයික් ස්කූටර් වෙනස් වෙනවා.

ඇත්තටම scooter ආරක්ශිතද?

අඩු බරකින් යුක්ත වීම ප්‍රමාණයෙන් කුඩාවීම ඉතාමත් වැඩි වේගයකින් ධාවනය කිරීමට නොහැකි වීම වගේ වෙනස්කම් තිබ්බත් ස්කූටර් වලටත් බයික් වලට තියන හැම අවදානමක් ම තියෙනවා.ගොඩක් scooter වලට අනෙක් බයික් තරම් වේගයෙන් යන්න බැරි වුණාට වේගය පමණක්ම අනතුරු වලට බලපාන්නේ නැහැ.

ගොඩක් රටවල් වල 50 cc වලට අඩු වාහනයක් ධාවනය කරන්න රියදුරු බලපත්‍රයක් වත් අවශ්‍ය කරන්නේ නැහැ. ස්කූටරයක් ධාවනය කරන්න අනෙක් වාහනයක් තරම් ලොකු ක්‍රියාවලියක් අනුගමනය කරන්න වෙන්නේ නැති නිසාත් අත්දැකීම් ඉතාම අඩු රියදුරන් ස්කූටර් භාවිතා කරන ආකාරය දකින්න ලැබෙනවා.මෙන්න මේ කාරනේ නම් ලංකාවේ ගොඩක්ම දකින්න පුලුවන් සිද්ධ වෙන අනතුරු දිහා දැක්කම. වෙනත් බයික් එකක් වුනොත් ස්කූටර් එකක් වුණත් සුළඟ, අධික වර්ෂාව වගේ පොදු කාරණා වලට මුහුණදෙන්න සිදුවෙනවා.

ස්කූටර් අනෙක් බයික් වලට වඩා ආරක්ෂිත ද?

කුඩා රෝද – අනෙකුත් බයික් වලට වඩා ප්‍රමාණයෙන් කුඩා රෝද ස්කූටර් වන තිබීම නිසා පොලොවෙ ගැටෙන ප්‍රමාණය අඩුවීමෙන් ස්ථාවරව තබා ගැනීම තරමක් අපහසු වෙනවා. ඒවගේම වළවල් වගේ මාර්ගය තිබෙන බාධක වලින් බයික් එකකට වඩා වැඩි බලපෑමක් ස්කූටර් එකට ලැබෙනවා.

අඩු දෘශ්‍යතාවය – බයික් එකට සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩාවීම නිසා ස්කුටරය අනෙක් බයික් වලට පේන එක සාපෙක්ශව අඩුයි.. එම නිසා දැඩි මාර්ග තදබදයකදී අනෙකුත් වාහන වලට ස්කූටරය මගහැරීමට ඇති ඉඩකඩ වැඩි බැවින් අනතුරුවලට ලක්වීමට ඉඩ තිබෙනවා.එකත් විශේශයෙන්ම රාත්‍රී කාලයෙදී ස්කූටර් එකකට වෙන්න පුලුවන් අනතුරු ඇතිවිමේ සම්භාවිතාව වැඩි කරනවා.එක නිසා DSI Genx වගේ රාත්‍රී කාලයට අනේක් වාහන වලට ස්කූටරය පැහැදිලිව පෙනෙන නියෝන් ඉෆෙක්ට් එකක් තියෙන ටයර් වගේ දෙයක් භාවිතා කරන්න බලන්න.

 

විශේෂ ආම්පන්න අඩු විම – ප්‍රවාහන ක්‍රමයක් විදියට සාමාන්‍ය බයික් තරම් ස්කූටර් භාවිතා වෙන්නේ නැති නිසා ඒ සඳහා විශේෂිත වූ ආම්පන්න නිර්මාණය වෙනවා දකින්න ලැබෙනවා අඩුයි. එබැවින් ස්කූටර ධාවකයන්ගේ ආරක්ෂාවට යොදාගන්නා හෙල්මට්, ජැකට්, විශේෂිත කලිසම් ඇතුළු උපකරණ දකින්න ලැබෙන්නේ ඉතා සීමිතව. ඒවගේම සංචාරක ප්‍රදේශවල දකින්නට ලැබෙන මෝපේඩ්(මදුරුවා බයික් කියලා කියන්නේ) කුලියට දීමේ ස්ථානවලදී  බොහෝවිට රියදුරු බලපත්‍රයක් තිබීම වත් අවශ්‍ය කරුණක් විදිහට සලකන්නේ නැහැ.

scooter ධාවනය කිරීමේදී ආරක්ෂිත උපදෙස්

ස්කූටර් එකක් වුණත් අනෙක් බයික් එකක් වුණත් අපගේ ආරක්ෂාව ගැන අපි සැලකිලිමත් විය යුතු වෙනවා ඒ වලදී මේ කරුණු ගැනත් සලකා බැලීම වැදගත්.

හෙල්මට් එකක් පාවිච්චි කරන්න – නිරාවරණය වෙච්ච ස්කූටරයක් වගේ වාහනයක් භාවිතා කිරීමේදී අනිවාර්යයෙන්ම හිස ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ ඒ හින්දා ආම්පන්න භාවිතා කිරීම අඩු වුණත් හෙල්මට් එකක් පාවිච්චි කිරීම අනිවාර්යෙන් කරන්න ඕනේ දෙයක්.මාර්ගයේ ගමන් කරන විට අනෙක් වාහන වලට නොපෙනෙන ලෙස ඉස්සරකිරීම කිරිමේන් වලකින්න.අවම වශයෙන් හෝන් එක භාවිතා කර හෝ අනෙක් වාහන වලට ඔබගේ ගමන් කිරීමේ තොරතුරු ලබාදෙන්න

අනෙක් අයට දෘශ්‍ය වෙන්න – ලොකු වාහන තදබදයකදී වුණත් පදවන කෙනාව අනෙක් වාහන වලට හොඳින් පේන් ආකාරයේ කැපීපෙනෙන පාටක ජැකට් එකක් හෝ වෙනත් ඇඳුමක් ඇඳීම හරහා අනතුරුවලට ලක් වෙන්න තියෙන අවදානම අඩුකර ගන්න පුළුවන්. රාත්‍රියේදී පදවනවානම් එළිය පරාවර්ථනය වන ඇඳුමක් හෝ ආම්පන්නයක් වැදගත් වෙන්න පුළුවන්.මාර්ගයේ ගමන් කරන විට අනෙක් වාහන වලට නොපෙනෙන ලෙස ඉස්සරකිරීම කිරිමේන් වලකින්න.අවම වශයෙන් හෝන් එක භාවිතා කර හෝ අනෙක් වාහන වලට ඔබගේ ගමන් කිරීමේ තොරතුරු ලබාදෙන්න

තමන්ගේ ස්කූටරයේ සීමාවන් දැනගෙන පදවන්න – වැඩි වේගයකින් ධාවනය කරන්න අපහසු වීම නිසා scooter ගොඩක්ම සුදුසු වෙන්නේ කෙටිදුර වල ධාවනය කරන්නයි සමහර පොඩි scooter වල උපරිම වේගය පැයට සැතපුම් හතළිහත් පනහත් අතර වෙන නිසා ඒවා අධිවේගී මාර්ග වල හෝ අධික වේගයකින් ධාවනය කිරීමට සුදුසු නොවන බව මතක තබා ගත යුතුයි.

අනෙක් බයික් එකකට දෙන සැලකිල්ල ම දක්වන්න – අධික වේගයකින් ධාවනය කරන්න පුළුවන් වුණත් නැතත් සාමාන්‍ය බයික් එකකට ද දක්වන සැලකිල්ල ම ස්කූටරයක ටත් ලබාදීම වැදගත් සාමාන්‍යයෙන් බයික් පදවනකොට යොදාගන්නා ආරක්ෂිත පිළිවෙත් ස්කූටර් දෙයකටද අනුගමනය කිරීමෙන් දැඩි මාර්ග තදබදයකදී වුණත් ආරක්ෂිතව ගමනාන්තයට ලගා වෙන්න හැකි වෙනවා.

තාක්ෂණයන්ගේ වෙනස්කම් පැවතුනත් බයික් එකක් වගේම scooter එකකුත් ඉතාම ආරක්ෂාකාරීව පදවන්න ඕනෑ ඒ දෙකටම සාමාන්යයෙන් ලැබෙන්නේ එකම අවදානම් මට්ටම් වුණාට එකෙන් පසුබට වෙන්න අවශ්‍ය නෑ. වැදගත් වන්නේ පෙර සූදානමෙන් නීතිරීති හරියට අනුගමනය කිරීමෙන් තමන්ගේ ආරක්ෂාව සලසා ගන්න එකයි.

Tags
Back to top button
Close
Close