Maintenance

වීල් බෙයාරින් ගැන දන්නවද?

බයික් එකේ wheel bearing වල අඩුපාඩුවක් තිබ්බොත් වෙන්න පුලුවන් නරකම දේ දන්නවද? භයානක අනතුරක් වෙනකන් තත්ත්වය දරුණු වෙන්න පුලුවන්. ඔයා වාසනාවන්තයි නම් hub එක හරි axel එක හරි වගේ බයික් එකේ කොටසකට හානි වෙලා නවතින්න පුලුවන්. ඉතින් wheel bearing  කියලා කියන්නේ කොයිම වෙලාවකවත් සුළු කරලා සලකන්න බැරි අවධානය යොමු කළ යුතුම කොටසක්. බයික් එකේ manual එක එහෙම නැත්නම් විස්තර අඩංගු පොතෙන් වැඩ පටන් ගන්න. කොච්චර කාලෙකට පාරක්ද සර්විස් කරන්න ඕනේ, චෙක් කරන්න ඕනේ කියන එක ඒකේ සඳහන් වෙනවා. අලුත්ම බයික් වල තියෙන්නේ ball-type වීල් බෙයාරින්. තියෙන විදියටම ග්‍රීස් යොදන්න පුලුවන් වෙන්න තමයි මේවා ඩිසයින් කරලා තියෙන්නේ. මේ සීල් කරලා තියෙන wheel bearing වල ආයු කාලය ඔයාගේ බයික් එකේ ආයු කාලයට සමාන වෙන විදියට පවත්වගන්න පුලුවන් ඔයා හරි විදියට නඩත්තු කරොත්.

  • අධික බර පැටවීම
  • ගැඹුරු වතුරේ ධාවනය කිරීම
  • හබ් එකට එක එල්ලේ වතුර එල්ල කිරීම
  • වීල් කිරීම
  • රළු පෘෂ්ඨ මත උඩින් පැන්නවීම
  • බෙයාරින් ලුබ්‍රිකේට් කිරීම අතපසු කිරීම

ඉහත සඳහන් ආකාරයේ දේවල් නිසා wheel bearing වල ආයු කාලය අඩු වෙන්න පුලුවන්. කොහොමද wheel bearing  සර්විස් කරන්න/ මාරු කරන්න ඕන කියලා දැනගන්නේ? සරලම විදිය තමයි සුපරික්ෂාකාරීව ඒවා බලන එක.

  • මළ බැඳුණු සහ පරණ වූ wheel bearing

බයික් එකේ ටයර් මාරු කරන වෙලාව wheel bearing  චෙක් කරන්නත් හොඳ අවස්ථාවක්. ස්ථාවර ස්ටෑන්ඩ් එකක බයික් එක තියලා අතින් ටයර් එක සහ wheel assembly කොටස දෙපසට කරන්න. පොඩ්ඩක් හරි ලූස් වගේ දැනෙනවා නම් wheel bearing තවදුරටත් පරීක්ෂා කරන්න වෙනවා.

රෝදය ගැළෙව්වට පස්සේ ඇක්සල් එක යන සිදුරට ඇඟිල්ලක් දාලා bearing අල්ලා බලන්න. ඇඟිල්ල සොළවන විට beading ඇලෙනවා නම් එතන ගැටලුවක් තියෙනවා. යකඩ කුඩු හෝ මළකඩ කුඩු ඇඟිල්ලට අහු වෙනවා නම් bearing සෙට් එකම මාරු කරන්න වෙනවා. රෝදය ඉවත් කරාට පස්සේ bearing වල මැද සිදුරට ඇඟිල්ලක් දාලා කරකවලා බලන්න. එතකොට bearing ලිහිල් නොවී, ඇළවෙන ගතියක් නැතුව සුමටව තියෙන එක අනිවාර්යයි.

  • කොහොමද වැඩේ කරන්නේ?

කිසිම කොටසක් ගලවන්න කලින් බ්‍රේක්, චේන් ඇජස්ටර්ස්, වොශර් තියෙන විදිය හිතින් මවාගන්න. පුලුවන්නම් ෆෝන් එකකින් පින්තූර ගන්න, තිබ්බ විදිය, ගලවන කෑල්ලෙන් කෑල්ල පිළිවෙළට පින්තූර ගන්න. නැවත හයි කරන්න ලේසි වෙන විදියට ගළවපු පිළිවෙළටම කොටස් තියන්න. ගොඩක් බයික් වල center spacer එක හයි කරන්න පුලුවන් එක පැත්තකින් විතරයි කියලත් මතක තියාගන්න.

ඇස් ආරක්ශාවට සේෆ්ට් ග්ලාස් සහ ග්‍රීස් ගානකොට රබර් ග්ලවුස් දාන්න වග බලාගන්න. wheel bearing ග්‍රීස් කරනවා නම් මැනුවල් එකේ සඳහන් වර්ගයේ ග්‍රීස් වර්ගයම අරගන්න. පරණ මෝටර්බයික්වල තියෙන Tapered wheel bearing නම් ගලවන්න පුලුවන් ආකාරයට තමයි හදලා තියෙන්නේ. ඒක ගලවලා පිරිසිඳු කරන්න පුලුවන්. මේ කොටස් එක්ක වැඩ කරද්දි පරිස්සම් වෙන්න, මාරු කරන්න ඕනේ කොටස් තියෙනවා නම් ඒවා මාරු කරලා ග්‍රීස් යොදන්න.

  • රෝදවලට හොඳින් සළකන්න.

Bearing ඉවත් කරන විට හබ් එකට සහ රෝදවලට හානි නොවෙන විදියට වැඩේ කරන්න වග බලාගන්න. මතක තියාගන්න මුලින්ම ඒ ප්‍රදේශය පිරිසිඳු කරන්න, ඊටපස්සේ snap rings ඉවත් කරන්න. Bearing ඉවත් කරන ක්‍රම ගණනාවක්ම තියෙනවා. ඒ අතරින් අවම ආම්පන්න අවශ්‍ය ආකාරය තමයි සෙන්ටර් හබ් එකට සපෝර්ට් එකක් ලැබෙන විදියට ලී කැබැල්ලක් උඩ රෝදය තබා, මිටියක් සහ බ්‍රාස් ඩ්‍රිෆ්ට් එකක් පාවිච්චි කරලා බෙයාරින් එළියට ගන්න එක.

මෙහෙම තට්ටු කරනකොට bearing එකට විතරක් තට්ටු කරන්න වග බලාවගන්න. මෘදු ඇලෝයි වලින් තමයි වීල් හබ්ස් හදලා තියෙන්නේ. wheel bearing එළියට ගන්න අමාරු උනාම කරන්න ඕන දේ දන්නවද? electric hot-air gun එකක් පාවිච්චි කරලා bearing එක වටේට හබ් එක ටිකක් රත් කරාම හබ් එක පළල් වෙලා බෙයාරින් ගලවන/ නැවත සෙට් කරන එක පහසු වෙනවා. ආයෙත් හයි කරද්දි කරන්න පුලුවන් තව දෙයක් තමයි බෙයාරින් අධි ශීතකරණයක දාලා තියලා ගන්න එක.

  • ආම්පන්න ටික

කලින් කිව්ව විදියට bearing ගලවන්න පුලුවන් විදි කිහිපයක්ම තියෙනවා, වඩාත් ආරක්ෂාකාරි විදිය තමයි මිටියක් ආධාරයෙන් ගලවන එක. යකඩ කොක්කක් සහිත පැති මිට භාවිතය වගේ අනිත් ක්‍රම වලින් බෙයාරින් වලට හානි වෙන්න පුලුවන් නිසා ඒ වගේ විදියකට ගලවන අවස්ථාවල bearing අලුතෙන් දාන එක වඩා හොඳයි. වාණිජමය විදියට නිෂ්පාදනය කරන ලද bearing සහ seal installations driver kits තමයි රෙකමන්ඩ් කරන්න පුලුවන්. ඔයා ගාව නියමිත උපකරණ නැහැ කියලා හිතෙනවා නම් කරන්න තියෙන හොඳම දේ තමයි බයික් නඩත්තු කරන තැනකට ගිහින් hydronic press එකක් පාවිච්චි කරන එක.

ගලවපු පිළිවෙළට විරුද්ධ ආකාරයට නැවත සවි කිරීම පටන් ගන්න. Bearing සහ සීල් හරි විදියට තද කරලා, ග්‍රීස් ගාලා, ලුබ්‍රිකේට් කරලද කියලා පරීක්ෂා කරන්න. සම්පූර්ණයෙන් සවි කරලා ඉවර වෙලා ආරක්ෂිත ඇඳුම් පැළඳුම් එක්ක ආර්ක්ෂිත තැනක පොඩි ටෙස්ට් රන් එකක් යන එකත් ඉතාම වැදගත්.

මේ ලිපිය මොටර්බයික් එකේ තාක්ශණික පැත්තක් කතාකරන නිසා අපි උපරිම සරලව එ දැනුම ඔබට ලබාදීමට උත්සහ කරා.ඔබට ඇතිවෙන ගැටලු,අදහස් කමෙනෙට් එකක් විදියට පලකරන්නත් අමතක කරන්න එපා.

Back to top button
Close
Close