The Time Out

බයික් එක ටෙස්ට් ඩ්‍රයිව් කරනකොට දැනගෙන ඉන්න ඕන දේවල්

මෝටර්බයික් Test Run එකකදී සොයා බැලිය යුතු කරුණු

මෝටර්බයික් එකක් මිලදී ගැනීමට පෙර හෝ වෙනත් හේතුවකට test run එකක් යනවිට ඔබට පරීක්‍ෂා කළ හැකි බොහෝ දේ තිබෙනවා. ඔබ බයික් ගැන විශේෂඥයෙක් නොවුණත් පහසුවෙන් චෙක් කරන්න පුලුවන් දේවල් තිබෙනවා. මේ ලිස්ට් එකෙන් ඔබේ මුදල් ඉතිරි කළ හැකි, ඒ වගේම වඩාත් පොදු සහ පැහැදිලි ගැටලු කිහිපයක් ගැන සොයා බලන්න අපි බලාපොරොත්තු වෙනවා.

පෙනුම

මෝටර්බයික් එකක් ගැන ඕනම කෙනෙක් දකින මුල්ම කරුණ තමයි එහි පෙනුම. ඔබත් ඕනෑම බයික් එකක් පරීක්‍ෂා කිරීමට යන විට බැලිය යුතු පළමු කරුණ මෙයයි. බයික් එකක් පරීක්‍ෂා කිරීමට පෙර, සෑම විටම බයික් එක වටේ ටිකක් ඇවිදලා බලන එක හොඳ දෙයක්. ටිකක් පහත්වෙලා බයික් එකේ ඔබට සාමාන්‍යයෙන් නොපෙනෙන ස්ථාන ගැන බලන්න. මෙහි ඇති සීරීම් වල බරපතලකම චෙක් කර බැලිය යුතුයි. Covers වල දිගු, ගැඹුරු සීරීම් වලින් අදහස් කරන්නේ ඔබට සම්පූර්ණයෙන්ම අලුත් covers අවශ්‍ය බවයි. එන්ජිමේ කොටස් දිලිසිය හැකි බැවින් එහි ඇති සීරීම් නොපෙනෙන්න පුලුවන්. එන්ජිමේ සීරීම් සමඟ heat fins වල තත්වයද බැලිය යුතුයි. මෙම fins මෝටර්බයික් එකේ වැදගත් කාර්‍යයක් ඉටු කරනවා, එමඟින් එන්ජිම සිසිල් කිරීමට උපකාරී වනවා.

ටැංකිය දෙස හොඳින් බැලුවොත් එහි වලවල් තිබේදැයි පරීක්ෂා කරන්න ඔබට පුලුවන්. මේ වලවල් එහි ක්‍රියාකාරිත්වයට එතරම් බලපාන්නේ නැහැ, නමුත් එය ඔබම සකසා ගන්නේ කෙසේදැයි නොදන්නේ නම් එය නියත වශයෙන්ම මිල අධික කටයුත්තක් වෙන්න පුලුවන්. ටැංකියේ තත්වය හරියට සහතික කරගැනීම සඳහා අමතර ආලෝකය උපයෝහී කරගෙන ටැංකිය දෙස බැලීමට උත්සාහ කරන්න.

විවිධ ශබ්ද

දැන් ඔබ බයික් එකේ පෙනෙන්නට ඇති දේ පරීක්ෂා කරලා ඉවරයි. Test run එක සඳහා ඔබ එය එළියට ගත යුතුයි. බයික් එකක් මිලදී ගැනීමට පෙර සෑම විටම එය පදවා පරීක්‍ෂා කිරීම ඉතා වැදගත් වන අතර එමඟින් ඔබට කලින් දැක ගැනීමට නොහැකි වූ ගැටලු හඳුනා ගැනීමට හැකි වෙනවා.

ඊළඟට ඔබ චෙක් කළ යුතු වන්නේ බයික් එකෙන් එන අමුතු ශබ්ද ගැන අවධානය යොමු කිරීමයි. මුලින්ම එන්ජිමෙන් එන ශබ්දය ගැන බලන්න. එයින් කිසිඳු අසාමාන්‍ය ශබ්දයක් ඇති නොවිය යුතුයි.

ඊළඟට exhaust එක කෙරෙහි අවධානය යොමු කරන්න. කිසියම් තැනක exhaust leak එකක් තිබේදැයි පරීක්ෂා කර බැලීමට උත්සාහ කරන්න. බයික් එක මුලින්ම start කර ටිකක් වෙලා ගිහින් එන්ජින් එක off කරන වන විට පිටවන දුම කාන්දු වනවා නම් ඔබට ශබ්දයක් ඇසෙනු ඇත. Muffler එකේ අවසානය හැර වෙනත් කිසිඳු අසාමාන්‍ය තැනකින් කාන්දුවක් තිබේදැයි ඔබට සොයා ගත හැකියි.

Backfire වීමක් සිදුවනවාද යන්න ගැනත් අවධානය යොමු කරන්න. Backfiring වීම සිදුවන්නේ exhaust pipe එක තුළ දහනය නොකරන ලද ඉන්ධන තිබීම නිසා වන අතර බොහෝ විට එයින් අදහස් කරන්නේ එන්ජිම ඉතා සුළු හෝ අධික ලෙස ක්‍රියා කරන බවයි. Backfire වීමට යෙදිය යුත්තේ සරල පිළියමක් විය හැකි නමුත් එය මිල අධික විසඳුමක් වන අවස්ථාද නැතුවාම නොවේ.

අවසාන වශයෙන්, බයික් එකේ ගමන් කරන විට එහි acceleration වලට සවන්දෙන්න. Acceleration සුමට ලෙස දැනිය යුතු අතර ඔබ rev up කරන විට ශබ්දය රේඛීයව පැවතිය යුතුයි. වෙනත් ආකාරයක කම්පනයන්, කැලඹීමක් හෝ දුර්වල acceleration යන්නෙන් අදහස් වන්නේ tire ගැටළු, engine ගැටලු, chain ගැටලු හෝ carburetor ගැටළු තිබිය හැකි බවයි.

Clutch තද බව

බොහෝ මෝටර්බයික් manual gear පද්ධතියකින් සමන්විතයි. ඕනෑම මෝටර්බයික් test run එකකදී clutch එකේ තත්ත්වය නිරීක්ෂණය කිරීම ඉතා වැදගත්. Gear මාරු වීමේදී එන තද බව ගැටලු ගැන අනාවැකි කීමක් විය හැකියි. එක් ගියරයකින් තවත් ගියරයකට මාරුවීම සුමට හා ශබ්ද රහිත විය යුතුය.

Clutch ශබ්දයට සවන්දීම හැරුණු විට clutch handle එක කෙරෙහි අවධානය යොමු කිරීම සහ එහි තද බව ගැනත් අවධානය යොමු කරන්න. එය සුළු ප්‍රතිරෝධයක් සහිතව පහසුවෙන් ඇද ගත හැකි විය යුතුයි. සමහර විට clutch handle සිරවී යා හැකි අතර එයින් අදහස් වන්නේ එය ඇද ගැනීමට අපහසු වීම හෝ ශුන්‍ය ප්‍රතිරෝධයක් සහිතව එය සම්පූර්ණයෙන්ම ලිහිල් වීමයි. මෙය ගෙවී ගිය clutch cable එකක් හෝ සම්පූර්ණයෙන්ම හානි වූ clutch එකක ලකුණක්.

Engine Vibration

මෝටර්බයික් එකක test run එකේදී අධික ලෙස එන්ජිම vibrate (කම්පනය) වීම ගැන විමසිල්ලෙන් සිටීමත් අත්‍යවශ්‍ය කරුණක්. අධික ලෙස කම්පනය වන එන්ජිමක් කියන්නේ දුර්වල ලෙස සැලසුම් කරන ලද හෝ දුර්වල ලෙස නඩත්තු කරන ලද එන්ජිමක ලකුණක්. අධික එන්ජින් කම්පනය නිසා අවසානයේ oil කාන්දුවීම් සහ bolt ලිහිල්වීම් වලට හේතු වනු ඇත. මේ වගේ බයික් එකක් ඇති විට ඔබට නිතරම බයික් එකේ විවිධ දේවල් තද කරමින් සහ එන්ජිමේ දේවල් සවි කරමින් කාලය වැය කරන්න සිදුවෙන්න පුලුවන්.

ඉලෙක්ට්‍රොනික් උපකරණ

බයික් එක හරියට වැඩ කරන බව තහවුරු කර ගැනීම සඳහා සෑම විටම විදුලි උපාංග සියල්ල පරීක්‍ෂා කළ යුතුයි. Horn එක, turn signals, headlight (high සහ low beam), සහ brake light වැනි දේ ඊට ඇතුළත්. Speedometer සහ tachometer කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම ද හොඳ අදහසක්. අලුත් signal lights හෝ අලුත් speedometer ​​වැනි කොටස්වල මිල බයික් එකේ model එක අනුව වෙනස් වෙනවා.

Tire සහ Rim තත්වය

Test run එකකදී ඔබ පරීක්‍ෂා කළ යුතු අවසාන වැදගත් කරුණ නම් tire සහ rim වල තත්ත්වයයි. ගමනක් යාම සඳහා ඕනෑම බයික් එකක් පිටතට ගැනීමට පෙර, එහි tire ධාවනය කිරීමට සුදුසු තත්ත්වයේ පවතින බවට වග බලා ගන්න. Tire වල ඉරිතැලීම් සහ ඉදිමුම් තිබේද යන්න පරීක්‍ෂා කිරීමට සහ tread කෙතරම් ගෙවී ගොස් ඇත්දැයි පරීක්ෂා කරන්න අමතක කරන්න එපා. විශේෂයෙන් tubeless tire තිබෙනවා නම් නැමුණු rim නිසා ඔබට අනතුරුදායක තත්වයක් ඇති කළ හැකියි.

නමුත් සමහර විට පියවි ඇසින් Rim වල නැමීම් දැකීම දුෂ්කරයි. බයික් එකේ ගමන් කිරීමේදී මෙවැනි නැමීම් ඇති බව විදහා දක්වන්නේ එම ටයරය වෙව්ලෙන බවක් ඔබට දැනීමෙනි. මෝටර්බයික් එකක සිදුවන ඕනෑම සෙලවීමක් හොඳ සලකුණක් නොවන අතර අසාමාන්‍ය සෙලවීමක් ඔබ නිරීක්ෂණය කළ වහාම බයික් එක නැවැත්විය යුතුයි.

මෝටර්බයික් test run චෙක්ලිස්ට් එක

පෙනුම

  • Engine එකේ පළුදුවීම්/ සීරීම්
  • Engine fins වල තත්ත්වය
  • ඉන්ධන ටැංකියේ හානිවීම්

ශබ්ද

  • Exhaust leaks
  • Backfiring
  • සුමට acceleration

Clutch එකේ තදබව

  • Gear මාරු කිරීමේ අපහසුතා
  • Clutch handle එකේ ලිහිල් බව
  • Clutch handle එකේ තදබව

Engine

  • අධික vibration
  • Ticking හෝ grinding වීම්

Tires සහ Rims

  • Tire වල හානිවීම්
  • ගෙවුණු tread
  • Rim වල නැවුණු තැන්
  • Tire වල ගැස්සීම්

 

Back to top button
Close
Close