The Time Out

බයිකර්ස්ලට ගැලපෙන සන්ග්ලාස් ගැන හැමදේම

පහසුවට පෙනුමට යන දෙකටම මොටර්සයිකල් සන්ග්ලාස් ගලපලා නැත්තන් සිංහලෙන්ම කිව්වොත් මොටර්සයිකල් අව්කන්නාඩි, එදිනෙදා අඳින එක එකාලේ ඉඳන්ම එන ට්‍රෙන්ඩ් එක උනාට දැන් දැන් ආරක්ෂාවට ප්‍රමුඛත්වය දීලා මොටර්සයිකල් සන්ග්ලාස් අඳින එකේ පොඩි වැඩිවීමක් දකින්නට තියෙන නිසා Biker.lk අපි තීරනය කලා බයික් එකේ රයිඩ් එකට නිවැරදිව ගැලපෙන සන්ග්ලාස් ගැන ඔබව දැනුවත් කරන්න.ඉදිරියට කියවගෙන යමු.

පෙනුමට නෙමෙයි ගමනට ගලපන්න

දිගු උනත් පොඩි උනත් ලංකාවා වගේ රටකදී සාමාන්‍ය වේගයෙන් බයික් එකෙ ගියත් පාරේ තියෙන දුවිලි,මඩ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.ඉතින් සන්ග්ලාසස් වල ලෙන්ස් එකෙන් වේගයෙන් ඔබේ ඇසට එන හුලඟත් එක්ක එකතු උන මේ දුවිලි නවත්වන හැටි බලන්න පුලුවන් ගමන ගිහිල්ල ඉවර වෙලා පිරිසිදු ලෙන්සුවකින් ලෙන්ස් එක පිහිදුවට පස්සේ එ ලේන්සුවට එකතුවෙන දූවිලි වල තරමින්.හැබයි එහෙම කියලා ඇසට කිසිම විදියකින් හුලඟක් එන්නේ නැති සන්ග්ලාස් අරගෙන හරියන්නෙත් නෑ.

වැඩි වේගයකින් එන සුළං ඔබේ ඇස් ඉක්මනින් වියලනවා වගේම හුලක් නැතුව ඇස් වලට වෙන දේ බලන්න පිහිනුම් කරනකොට දාන ගොගල් එකක් දාගෙන ටෙස්ට් කරලා බලන්න වෙන අපහසුව.ඉතින් දැන් දන්නවනේ සන්ග්ලාස් එකක් තෝරනකොට බලන්න ඕනේ ප්‍රධානම කරුණ වන ඇස් වලට පසු වියයුතුයි කියන එක.

හැබයි එතනදී විශේෂයෙන්ම බලන්න ඕන ඊලඟ දේ තමයි ඔබ ගන්න යන සන්ග්ලාස් දෙක හදලා තියෙන්නෙ බයික් එකේ වේගයට හරියන්නද කියන එක.උදාහරනෙකට බයික් එකකට ගැලපෙන්නේ නැ බීච් එකේ යනකොට දාන නොමල් සන්ග්ලාසස්.තව පොඩි ෆ්රේම් එකක් තියෙනවා කියන්නේ බයික් එකේ යනකොට ෆ්රේම් එක උඩින් සහ පහලින් අනිවාරයෙන් හුලං ඇවිල්ලා ඔබව අපහසුතාවයට පත්වෙනවා කියන එක.

අනිත් එක වේහයත් එක්ක ඔබේ මුහුනට හරියට සෙට් වෙන්නේ නැති සන්ග්ලාස් පාවිච්චි කරනවා කියන්නේ අනිවාරයෙන්ම අනතුරකට අතවැනිමක්.පහල තියෙන්නේ මුහුනේ හැඩයට ගැලපෙන biker sunglasses එකක් එහෙමත් නැත්තන් අව්කන්නාඩියක් හැඩ සෙට් එක.එතනදි ඔබේ මුහුනේ ශේප් එකට සහ බයික් එකේ වේගයට දෙකටම හරියන විදියේ අව්කන්ණාඩි ගන්න පරිස්සම් වෙන්න.

ඉතින් බයික් සන්ගලාස් එක ගන්නකොට බලන්න ඕන වැදගත්ම දෙයක් තමයි එක Polarized lenses ද නැද්ද කියන එක,එකේ පාට මොකක්ද ? Polarized ලෙන්ස් එකක් තමයි බයික් සන්ග්ලාස් එකට හොදටම ගැලපෙන්නේ,එකට හේතුව වෙන්නේ පොලරයිස්ඩ් කියන්නේ නිකම්ම නිකන් ලෙන්ස් කෝටින් එකක් නෙමෙයි එකෙන් ඔබේ ඇසට එන අනවශ්‍ය ආලොක ධාරා(දිලිසීම්) එකෙන්ම නවත්වනවා.

වෙනස හරියටම දැනගන්න පහල තියෙන පින්තූරේ බලන්න.එකේ ඔය උඩ තියෙන්නේ නෝමල් ලෙන්ස් එකකින් බැලුවම පේන විදිය.පහලින් තියේන්නේ පොලරයිස්ඩ් ලෙන්ස් එකෙන් ඔබට දකින්න ලැබෙන විදිය.පැහැදිලිවම වෙනසක් තියෙනවනේ.හැබයි ඉතින් මේ වගේ ඉෆෙක්ට් එකක් ගන්න ඔරිජිනල්ම සන්ග්ලාස් ගන්න වෙනවා.

motobike sunglasses

මෙච්චරටම පොලරයිස්ඩ් අව්කන්ණාඩි බයික් රයිඩින් වලට ගැලපෙන්නේ,බයික් එකේ යනකොට ක්ශ්නිකව ඔබේ මුහුනට එන්න පුලුවන් හිරුකිරන වලින් ඔබව ආරක්ශා කරන නිසා(සමහර වෙලාවට පාරේ තිබෙන වතුර හෝ ඉදිරිපසින් එන වාහන වල විදුරු වලින් හිරුඑලිය පරාවර්ථනය වන නිසා) සහ ඔබේ මුහුනට ඉදිරියෙන් පැමිනේන වාහන වල ඉදිරිපස අලෝකයෙන් ඔබට වෙන අපහසුතා සහ වෙන්න පුලුවන් අනතුරු වලක්වාගන්න එක.(හැබයි ෆූල්ෆේස් හෙල්මට් භාවිතා කරනකොට නම් මේ වර්ගයේ සන්ග්ලාසස් පෙනීම අඩුකරන නිසා එ අවස්ථාවලදී පැලඳීම අනුමත කරන්න බෑ)

පාට පාට සන්ග්ලාසස්?

ඊලගට වැදගත් ඔය දවල්ටයි රෑටයි දෙකටම වැදගත් වන biker sunglasses.දැකලා ඇති තද ආලොකයකදි අඳුරුවෙන ලෙන්ස් තියෙන කන්ණාඩි.මේවා හොඳටම වැදගත් වෙන්නේ දැඩි ආලෝකයක් දරාගන්න බැරි බයික් රයිඩර්ස්ලට එ වගේම දවල්ටයි රෑටයි දෙකටම බයික් එකේ යනකොට ඇස් වල ආරක්ශාවටත් මේ වර්ගයේ කන්ණාඩි පාවිච්චි කරන්න පුලුවන්.

එ වගේම ලෙන්ස් එකේ පාටත් වැදගත් ඔබට ගැලපෙන බයික් සන්ග්ලාස් එක ගන්න කොට.උදාහරනෙකට රතු සහ කොල පැහති ලෙන්ස් වලින් දකින රූප තියුනු කරනවා,අලු පැහැති ලෙන්ස් වලින් අලෝකය අවමව ස්භාවික පැහැයන් ලබාදෙනවා.එවගේම වැසි කාලගුන තත්වයන්ට ගැලපෙන්නේ කහ පැහති ලෙන්ස් සුදුසුයි.හැබයි මේ ඔක්කොම වර්ණ කරපු ලෙන්ස් වල ප්‍රශ්නේ තමයි අඳුරු වැඩි පරිසරයකදි තිබෙන එකම එලිය ඔබේ බයික් එකේ ප්‍රදාන ලාම්පුව පමනක් නම් ඔබේ ලෙන්ස් එකේන් පෙනීම අඩු කිරීම.එක නිසා හොදටම සුදුසු වෙන්නේ කට්ටෙට පායන දවස් වලට තමයි.

හදලා තියෙන්නේ මොකෙන්ද?

ඔය කලින් කිව්ව ඔක්කොම කතන්දර ටික බලලා ඊලගට බලන්න ඕන වැදගත්ම දේ තමයි ලෙන්ස් එක හදලා තියෙන්නෙ මොකෙන්ද කියලා අහන එක.උදාහරනෙකට ආදි කාලේ විදුරු biker style sunglasses දාගෙන බයික් එකේ යන්න බෑනේ.ඉතින් ඔකට හිරෙන්නේ නැති ඔප්ටිකල් ග්ලාස් වගෙ දෙයක් ගන්න පුලුවන් හැබයි පොඩ්ඩක් ගනන්.කොහෙහරි වැදුනොත් ඉරි යනවා.එකත් නවත්ව ගන්න ගන්න පුලුවන් ප්ලාස්ටික් ලෙන්ස්.හිරුගේ යූවී කිරණ වලිනුත් ඇස් ආරක්ශා කරන්න මේ වර්ගයේ සන්ගලාස් ලෙන්ස් වල වෙනම කෝටින් එකකුත් තියෙනවා.

ඉතිත් ඊටත් වඩා හොදම ලෙන්ස් එක තමයි පොලිකාබනේට් ලෙන්ස්,මේවා ප්ලාස්ටික් ලෙන්ස් වලට වඩා සහැල්ලු බවෙන් වැඩි වගේම ඔප්ටිකල් ග්ලාස් වලට වඩා 50 ගුනයක් ගැටීම් වලට ඔරොත්තු දෙනවා හැබයි පොඩි අවුලකට තියෙන්නේ හිරීම් වලට නම් ඔරොත්තු දෙනවා අඩු එක.සාක්කුවේ සල්ලි තියෙනවා නම් නිතර එහෙමෙහේ බයික් එකේ යනව නම් ඇස් දෙක පරෙස්සම් කරගන්න තියෙන හොඳම ලෙන්ස් එක තමයි එස් ආර් 91 ලෙන්ස් කියන්නේ.උඩ කිව්ව ඔක්කොම ලෙන්ස් වල අවාසි එකක්වත් මෙකේ නෑ.එකම ප්‍රශ්නේ ඉතින් ගාණ තමයි,

ඉතින් ඊලග ලිපියකදි බයික් රයිඩින් වලට අදාල සන්ග්ලාස් වර්ග ගැන පොඩි රිවීව් එකක් කරන්න අපි අදහස් කරනවා.ඔය උඩ කිව්ව තොරතුරු ඔබට වැදගත් උනා කියලා හිතනවා නම් අපේ ෆේස්බුක් පේජ් එකේ කමන්ට් එකක් දාලා අපිව දිරිමත කරන්න් කියලත් ඉල්ලනවා.ඊට අමතරව Biker.lk ගැන ඔබේ අදහස් යෝජනා තියෙනවා නම් එවත් මේ පොස්ට් එකේ කමන්ට් කරන්න කියලා ඉල්ලා සිටිනවා.සුබ ගමන්.

 

Tags

Leave a Reply

Back to top button
Close
Close