The Time Out

වෘත්තීමය විදියට මොටර්බයික් ෆොටෝග්‍රැෆි කරන හැටි

මෝටබයික් ඡායාරූපකරණය සඳහා උපදෙස් 6 ක්

මෝටර්බයික්වලට ආදරය කරන හැමෝම කැමතියි තමන්ගේ හෝ මඟ තොටේදී දකින ලස්සන බයික් එකක මතක හිටින විදියේ ලස්සන ෆොටෝස් ගන්න. ඉතින් මේ වගේ වෙලාවක මතක තබා ගත යුතු ප්‍රයෝජනවත් උපදෙස් සහ උපක්‍රම කිහිපයක් මෙන්න.

Shot List එකක් භාවිතා කරන්න

Shot List එකක් කියන්නේ ඔබට ග්‍රහණය කර ගැනීමට අවශ්‍ය ඡායාරූප වල checklist එකක් ඇතුළත් ලිඛිත මඟ පෙන්වීමක්. සාමාන්‍යයෙන් ඔබ වෙනත් කෙනෙක්ගේ බයික් එකක ෆොටෝස් ගන්නවා නම් බයික් එකේ හිමිකරුගෙන් ඔහුට හෝ ඇයට අවශ්‍ය Shots ලැයිස්තුව අසා දැනගන්න.

ඔබේ ලැයිස්තුවට මූලික කරුණු සියල්ල ඇතුළත් බවට වග බලා ගන්න: බයික් එකේ වම, දකුණ, ඉදිරිපස, පසුපස ෆොටෝස් මුලින්ම ගන්න. ඉන්පසු details වලට යන්න පටන් ගන්න. බොහෝ විට නිශ්චිත සවිස්තරාත්මක shot list එකක් සඳහා ඔබේ රුචි අරුචිකම් අනුගමනය කිරීම හෝ බයික් එකේ අයිතිකරුගෙන් විමසීම ඉතා හොඳයි.

සංයුතිය සහ ඉදිරිදර්ශනය (Composition and Perspective)

සංයුතිය සහ ඉදිරිදර්ශනය පිළිබඳ දැනුම කියන දෙයින් වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු සහ විනෝදාංශයක් විදියට ෆොටොග්‍රැෆි කරන කෙනෙක්ව වෙන් කරනවා. ඔබේ විෂය වස්තුව මෝටර්බයික් එකක්, ඔබට එය පෙන්විය හැකි හොඳම ආකාරයෙන් එය පෙන්විය යුතුයි!

දණහිස් නවමින් හොඳට බිමට පහත් වෙන්න! ගොඩක් ලස්සන ෆොටෝ එකක් ගන්න හැමවෙලාවෙම හිටගෙන ඉඳලා හරියන්නේ නැහැ. මෙයින් අදහස් වන්නේ ඔබේ මෝටර්බයික් එකේ අපූරු ෆොටෝ එකක් ගැනීම සඳහා ටිකක් බිමට නැවෙන්න, දණහිස් බිම ගාවගන්න වෙන්න පුලුවන් කියන එකයි. බයික් එකටත් ඇස් තිබෙන බව උපකල්පනය කරමින් ඇස මට්ටමේ සිට ෆොටෝස් ගන්න.

Matte Bike වල ෆොටෝස් ගන්නේ කොහොමද?

සාමාන්‍ය බයික් වලට වඩා matte බයික් ටිකක් වෙනස්. ඔබ කවදාක හෝ matte texture එකක් සහිත බයික් එකක් ඡායාරූප ගත කිරීමට උත්සාහ කර ඇත්නම්, ඔබ අනිවාර්යයෙන්ම කලකිරීමට පත්වෙලා ඇති.

හිතන්න ඔබට ෆොටෝස් ගන්න studio එකක් තිබෙනවා කියලා. ඔබේ studio එක තුළට matte බයිසිකලයක් ආවොත්, ඔබට ටිකක් සැලකිල්ලක් දක්වන්න වෙනවා. Matte texture එක නිසා ආලෝකය විසුරුවනවා. නමුත් කැමරා එකක් details, focus සහ exposure වගේ දේවල් ග්‍රහණය කර ගැනීමට ආලෝකය මත විශ්වාසය තබනවා.

මෙහි ඇති උපක්‍රමය නම් ඔබට හැකි තාක් දුරට lighting සහ contrast සමඟ තරඟ කිරීමයි. බයිසිකලය වුවමනා පමණට වඩා අඳුරු/ එළිය නොවී, background එකේ අතරමං නොවීමට වග බලා ගැනීමට ඔබට අවශ්‍ය දේ කරන්න. ඔබට හැකි තාක් දුරට බයික් එකේ surface ඉස්මතු කර දැක්වීමට අවශ්‍ය ආකාරයේ reflectors හෝ diffuses භාවිතා කරන්න පසුබට වෙන්න එපා!

බයික් එකේ පෞර්ෂය ප්‍රකාශ කරන්න

අපේ බයික් අපි වගේමයි, එකෙනෙකට හාත්පසින්ම වෙනස්. ඕනෑම මෝටර්බයික් හිමියෙකුගෙන් අහලා බලන්න, ඔවුන් ඔබට මේ දේම කියනවා, සෑම මෝටර්බයික් එකකටම පෞරුෂයක් තියෙනවා. ඒ නිසාම, ඔබට ඒ එකිනෙකට වෙනස් වූ ආත්මය ග්‍රහණය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීමට අවශ්‍යයි!

මෝටර්බයික් මඟින් ඒවා තැනූ පුද්ගලයා නියෝජනය වෙනවා. සෑම බයික් model එකකින්ම වෙනස්ම වර්ගයේ ධාවකයෙකුව පෙන්වනවා. ඉතින් මෙය හරියට පිළිබිඹු කරන මෝටර්බයික් ෆොටෝ එකක් ගැනීම ඔබේ වගකීමක්.

සුදුසු පසුබිමක මෝටර්බයික් ෆොටෝ ශූට් එක කරන්න

මෝටර්බයික් වලට නිශ්චිත අරමුණක්ද තිබෙනවා. මේ අරමුණ කුමක්ද කියන දේ ඔබ දැනගත යුතු අතර ඔබේ ෆොටෝස් වලින් එය පිළිබිඹු වන බවට වග බලා ගන්න.

ඔබට අදාළ යතුරුපැදිය නුහුරුයි නම් එහි අයිතිකරු සමඟ සංවාදයක යෙදෙන්න. බයික් එක වඩාත් හොඳින් ක්‍රියාත්මක වෙන්නේ කොහේද යන වග සහ street, dirt, off-road වැනි එය භාවිතා කිරීමට අදහස් කරන්නේ කොතැනදැයි යන්නත් අයිතිකරුගෙන් අසන්න. බයික් එකේ අරමුණ වැරදි ලෙස නිරූපණය කිරීමේ අවදානම අඩු කරගන්න මෙමඟින් ඔබට පුලුවන්.

බයික් එක සමඟ භාවිතා කරන පසුතල සහ වර්ණ ගැන සැලකිලිමත් වෙන්න. ඔබට wide, open aperture lenses එකක් මේ සඳහා භාවිතා කළ හැකියි. මෙමඟින් මෝටර්බයික් එක background එකෙන් වෙන්කිරීමට ඔබට උපකාරී වේවි.

High-speed Action Shots

High-speed Action Shots කියන්නේ මෝටර්බයික්වල ෆොටෝ ගැනීමේ ඉතාමත් සිත් ඇදගන්නා සුළු කොටසක්. වේගයෙන් සිදුවන දේවල් ග්‍රහණය කිරීම සඳහා ඔබට ඉතා වේගවත් shutter speed එකක් භාවිතා කළ යුතු වෙනවා (අවම වශයෙන් 1/1000th වත්, 1/3000th උත්සහ කරලා බලන්න). ඉතා තියුණු ෆොටෝස් ලබා ගැනීම සඳහා ඔබට කළ හැකි තවත් දේවල් කිහිපයක් තිබෙනවා.

පළමුව, ඔබේ focus mode එක Continuous Focus Mode  ලෙස වෙනස් කරන්න (Canon camera භාවිතා කරන්නන් සඳහා AI Servo හෝ Nikon භාවිතා කරන්නන් සඳහා AF-C). මෙම mode එක මඟින් ඔබේ කැමරාවට ෆොටෝ එකට විෂය වන දේ සමඟ සම්බන්ධ වී, ලොක් වී මෝටර් බයික් එක චලනය වන විට එය follow කිරීමට ඉඩ සලසනවා.

ඔබේ කැමරාව burst mode එකට සැකසීමෙන් ඔබට නිවැරදි ෆොටෝ එකක් ලැබෙන බව සහතික කර ගත හැකියි. ඔබ Shutter එක එබීමේදී එකවර ඡායාරූප කිහිපයක් ගන්නා ක්‍රමය මෙයයි. මේ වේගවත් ක්‍රියාකාරකම් හසු කරගැනීම සඳහා වේගවත් shutter speed එකක් භාවිතා කරන්න. ආකර්ෂණීය අනුක්‍රමයක් (sequence)  ලබා ගත හැකි එකම ක්‍රමය නම් burst mode එක මඟින් මේ ෆොටෝ පෙළ ලබාගැනීමයි.

මෝටර්බයික් ඡායාරූප ගත කිරීම කියන්නේ වෙනස්ම ආකාරයක විනෝදයක්! ඉතින් ඔබේ ඊළඟ යතුරුපැදි ඡායාරූපකරණය කිරීම් සඳහා අපේ මෙම උපදෙස් අනුගමනය කර ඉතාමත් ලස්සන, අමතක නොවන බයික් ෆොටෝස් ගන්න අමතක කරන්න එපා.

 

Back to top button
Close
Close