Maintenance

බයික් එක පේන්ට් කරන හරි විදිය – 2

ඔබේ බයික් එක හරියට පේන්ට් කරන විදිය ගැන ලිපියක් අපි මීට කලින් ඔබ වෙත ගෙනාවා. මේ එහි දෙවන සහ අවසාන කොටසයි. මේ කොටසින් අපි aerosol කෑන් පාවිච්වි කරමින් බයික් එක පේන්ට් කරන ආකාරය ඔබට කියා දෙනවා.

  • හතරවන පියවර

මෙය primer, spray putty, paint සහ වෙනත් ඕනෑම aerosol නිෂ්පාදනයක් සඳහා අදාළ වෙනවා. අපි කලින් ලිපිය නතර කළේ spray putty සුමට coat එකක් ලබා ගන්නා ආකාරයෙන් බව ඔබට මතක ඇති. මෙහිදී ඔබේ අරමුණ විය යුත්තේ එක සමාන ඝනකමක් බයික් එකේ මතුපිටට යෙදීමයි. හොඳ තත්ත්වයෙන් යුත් spray rig එකක් මඟින් ඔබට අංග සම්පූර්ණ ස්ප්‍රේ කිරීමක් ලබා ගැනීම සඳහා air pressure සහ fluid flow සැකසිය හැකියි. නමුත් aerosol සමඟ වැඩ කරන විට ඔබට මේ හැකියාව ලැබෙන්නේ නැහැ. කෑන් එකෙන් එන spray රටාව සමඟ ඔබ වැඩ කළ යුතුයි.

ඔබට පාලනය කළ හැකි දේවල් වන්නේ ස්ප්‍රේ කෑන් එකේ කෝණය, එය කොතරම් දුරින් අල්ලාගෙන සිටිනවාද යන්න සහ ඔබ එය කොතරම් වේගයෙන් චලනය කරනවාද යන්නයි. මේ සාධක තුන එකතු වී ඔබ පේන්‍ට් කරන මතුපිට කොතරම් තීන්තවලින් ආවරණය වනවාද යන්න තීරණය කරනවා.

එකම ප්‍රමාණයකින් පේන්ට් කිරීමට, එහෙමත් නැත්නම් අනුකූලතාවක් (consistency) ලබා ගැනීම සඳහා, ස්ප්‍රේ එක මතුපිටට ලම්බකව තබා ගත යුතු අතර, එය නියත දුරකින් තබාගෙන නියත වේගයකින් චලනය කළ යුතුයි. කෑන් එක තිබෙන්නේ ඉතා වැඩි දුරකින් නම්, හෝ ඔබ ඉතා වේගයෙන් චලනය කරනවා නම්, පේන්ට් වැඩිපුර විසුරුවා හරින අතර එහි ප්‍රතිඵලයක් විදියට තුනී coat එකක් තමයි ස්ප්‍රේ වෙන්නේ. ඉතා සමීප හෝ ඉතා සෙමින් ස්ප්‍රේ කළොත් ඉතා ඝන coat එකක් ඔබට ලැබෙනවා. ඔබ ඉන්ධන ටැංකියක් වැනි වක්‍ර මතුපිටක් පේන්ට් කරනවා නම්, ඔබ එය වටා ගමන් කරන විට මේ සාධක එකම ආකාරයකින් තබා ගත යුතුයි.

විවිධ aerosol වෙළඳ නාමයන් සහ නිෂ්පාදනයන් එකිනෙකට මඳක් වෙනස් ස්ප්‍රේ රටාවන් ලබා දෙනවා, එමනිසා මුලින්ම කාඩ්බෝඩ් කිහිපයක් මත test pattern කිහිපයක් ස්ප්‍රේ කර බලන්න. මිල අධික automotive aerosols වලට spray gun එකක් වැනි නිමාවක් ලබා දෙන nozzle එකක් සවි කළ හැකි අතර මිල අඩු aerosols මඟින් කේතුකාකාර ස්ප්‍රේ රටාවක් ලබා දෙනවා.

Spray test එකක් මඟින් මතුපිට ස්ප්‍රේ කිරීම සඳහා ඔබට කොපමණ දුරක් සහ කොපමණ වේගයෙන් ගමන් කළ යුතුද යන්න සොයා ගැනීමට උපකාරී වෙනවා. Spray කෑන් එකේ ඇති උපදෙස් ද පරීක්ෂා කරන්න.

  • පස්වන පියවර

Color sanding  සහ ඔප දැමීම අපේ පස්වන පියවරයි. පේන්ට් නිමාව සම්පූර්ණයෙන්ම වියළී ගිය පසු ඔබට color sanding ගැන සලකා බැලීමට අවශ්‍ය විය හැකියි. මේ සඳහා හේතු කිහිපයක් තිබෙනවා:

  1. ඉවත් කිරීමට අවශ්‍ය නිමාවේ සුළු කැළැල් තිබීම.
  2. තවදුරටත් සුමට කිරීමට අවශ්‍ය නිමාවක් තිබීම.

මෙය ‘orange peeling’ යනුවෙනුත් හැඳින්වෙනවා. දොඩම් ගෙඩියක් ලෙලි ගසන ආකාරයට පේන්ට් එක මතුපිට වෙනස් කිරීමක් මින් අදහස් වෙනවා. නිවැරදි ආලෝකය යටතේ මෙවැනි තැන් අඳුනාගන්න පුලුවන්. මේ ගැන ඔබ අන්තර්ජාලයේ සොයා බැලුවොත් පැහැදිලි කිරීම් සිය ගණනක් සොයා ගන්න පුලුවන්. බොහෝ විට application technique, paint viscosity සහ spray rig preparation වැනි තාක්ෂණික කරුණු රාශියක් ඔබට හමුවේවි. අපි සම්මත Spray rig (ස්ප්‍රේ යන්ත්‍රයක්) එකක් සමඟ වැඩ නොකරන නිසා, අපිට තියෙන්නේ ඉතා සීමිත පාලනයක්.

ඔබ color sanding ගැන සලකා බැලීමට කලින්, ඔබ භාවිතා කරන තීන්ත සමඟ එය ගැළපෙන බව තහවුරු කිරීමට ඔබේ තීන්ත සැපයුම්කරුගෙන් විමසා බලන්න. Color sanding හරියටම කරගන්න අවශ්‍ය නම් rotary and random-orbital polishing machine එකක් අවශ්‍ය වෙනවා.

අලුත් මෝටර් රථවල පේන්ට් දෝෂ සහ Orange peel නිවැරදි කිරීම සඳහා මෝටර් රථ නිෂ්පාදකයෙකු විසින් සපයන ලද color sanding process එක මෙයයි:

  1. 1500 grit කඩදාසි සමග wet sand
  2. 2000 grit කඩදාසි සමග wet sand
  3. Rotary machine buff සමඟ cutting compound
  4. Random-orbital machine buff සමඟ polishing compound
  5. Protective wax යෙදීම

 

  1. 1500 grit කඩදාසි සමඟ wet sand 

‘Wet sanding’ යන්නෙන් අදහස් කරන්නේ මතුපිට සහ abrasive කඩදාසි තෙත් බවයි. මේ ආකාරයෙන් sanding කිරීමෙන් තීන්තවල ඇති දූවිලි, ජලය මඟින් ඉවතට ගෙන යන අතර එමඟින් පේන්ට් මතුපිට ඇති සීරීම් අඩු වෙනවා. ජලය යෙදීම සඳහා, ඔබට ස්ප්‍රේ බෝතලයක් භාවිතා කළ හැකියි. නැත්නම් garden hose එකකින් මතුපිටට වතුර කාන්දු කළ හැකියි, ටැප් එකකින් වුණත් අවශ්‍ය කොටසට වතුර ඉසින්න පුලුවන්. වතුර බාල්දියක කඩදාසි ගිල්වන්නත් ඔබට පුලුවන්.

ඔබ Sanding කරන මතුපිට, එහි හැඩයට අනුකූල වීමට අවශ්‍ය වන බැවින්, අපි පළමු කොටසේ භාවිතා කළ color-sanding block එක මෙම පියවර සඳහා නැවත භාවිත කළ හැකියි. Block එක මත ඇති grit 1500 කඩදාසි භාවිතා කිරීමෙන් තීන්ත මත ඇති ‘high spots’ ඉවත් වන අතර, ක්‍රියාවලිය අතරතුරදී මතුපිට තිබූ බැබළෙනසුළු ගතිය ඉවත් වන බව ඔබට පෙනෙනු ඇත.

  1. 2000 grit කඩදාසි සමඟ wet sand

Grit 2000 කඩදාසි දක්වා වෙනස් කිරීමෙන් grit 1500 කඩදාසියෙන් සුමට කළ මතුපිට තව දුරටත් සුමට වෙනු ඇත. මෙහිදී කලින් පියවරේ සීරීම් වඩාත් සියුම් කරනවා.

  1. Rotary machine buff සමඟ cutting compound

ඔබ grit 2000 කඩදාසි මඟින් මතුපිට Sanding කළ පසු, liquid cutting compound වෙත යාමටයි මේ කාලය එළඹිලා තියෙන්නේ (වඩාත් සුදුසු වන්නේ machine compounding සඳහා නිර්මාණය කර ඇති නිෂ්පාදනයක්). ඔබේ auto body supply වෙළඳසැලෙන් හොඳින් වැඩ කරන නිෂ්පාදන කිහිපයකට නිර්දේශ ලබාගන්න ඔබට පුලුවන්.

Rotary machine buff එකක් විශාල angle grinder යන්ත්‍රයක් මෙන් පෙනෙනවා, නමුත් මෙහි spindle speed එක බොහෝ අඩු වන අතර වඩා උසස් යන්ත්‍රවල variable speed controls තිබෙනවා. අඩු වේගය නිසා අධික තාපයෙන් තීන්ත පුළුස්සා දැමීමේ අවදානම අඩු කරනවා. Machine buff එකට wool හෝ foam buff එකක් සවි කළ හැකියි, නමුත් cutting compound එක පේන්ට් මතුපිටට යොදනු ලබනවා. මෙහි භ්‍රමණ ක්‍රියාවෙන් සහ ඔප දැමීමෙන් 2000 grit සීරීම් තවත් අඩු කරනවා, නමුත් මෙමඟින් පේන්ට් මතුපිට කැරකෙන ලකුණු (සැහැල්ලු රවුම් සීරීම්) ඉතිරි කරනවා.

  1. Random-orbital machine buff සමඟ polishing compound

Rotary buff මඟින් ඉතිරි කළ කරකැවෙන ලකුණු ඉවත් කිරීම සඳහා, foam pad සහ liquid polishing compound සහිත random-orbital machine එකක් භාවිතා කරන්න. Random-orbital machine එක එකම අවස්ථාවේදී pad එක කැරකැවීම සහ දෝලනය කිරීම සිදු කරනවා. මේ ‘අහඹු’ (random) චලිතය, ඔප දැමීමේ ඉතා සියුම් abrasive සමඟ එකතුවෙලා, පෙර පියවරෙන් ඉතිරි වූ රවුම් හැඩැති සීරීම් ඉවත් කිරීමට ක්‍රියා කරනවා.

  1. Protective wax යෙදීම

අවසාන වශයෙන්, ඔබ විසින් නිර්මාණය කරගන්නා ලද සිහින් ඔප දැමූ මතුපිට wax යොදා ආරක්ෂා කර ගත හැකියි. මෙය යන්ත්‍රයක් භාවිතයෙන් හෝ අතින් හෝ සිදුකරන්න පුලුවන්.

  • හයවෙනි පියවර

ඇත්තම කියනවා නම් පේන්ට් කිරීම දැන් අවසන්. මහන්සියේ ප්‍රතිඵල දිහා බලලා විනෝද වෙන වෙලාවයි මේ! ඔබ මේ උපදෙස් අනුගමනය කරමින් බයික් එකක් හෝ එහි කොටසක් පේන්ට් කිරීම සිදුකළා නම් එය එතරම් අමාරු වැඩක් නොවන බව ඔබ දැන් දන්නවා. නමුත් හොඳ සුමට, ඒකාකාරී නිමාවක් ලබා ගැනීම එතරම් පහසු නැති බවත් ඔබට අවබෝධ වෙන්න ඇති.

 

Back to top button
Close
Close