The Time Out

බයික් ගැන මිත්‍යා මත වලට අපෙන් පිළිතුරු

ඕනම දෙයක් ගොඩක් කල් එක දිගට කරාම වෙනත් අයට වඩා විශේෂත්වයක් ඇති වෙනවා. කරන දේ ගැන හොඳ නරක වගේම පහසු ක්‍රම වගේ දේවල් අපිට හොයාගන්න පුලුවන් වෙන්නේ දීර්ඝකාලීන පළපුරුද්ද මඟින්. මෝටර්බයික් ගැනත් මේ කරුණ ඒ විදියටම අදාළ වෙනවා. ඉතින් අද අපි අරන් ආවේ දීර්ඝ කාලයක් තිස්සේ මෝටර්බයික් පැදපු අය දීපු හොඳම සහ නරකම උපදෙස් ටිකක් අරගෙන.

නරක උපදෙස්

  • හෙල්මට් එක නිසා දර්ශන පථයට බාධා ඇති වෙනවා.

ගොඩක් වයසක අය සහ දිගු කාලයක් තිස්සේ මෝටර්බයික් පදින සමහර අය හෙල්මට් දාන්න අකමැති මේ නිසයි. හැබැයි මේකේ කිසිම සත්‍යතාවයක් නැහැ. වම් පැත්ත වේවා දකුණු පැත්ත වේවා මිනිස් ඇසට එක පාර පේන්නේ අංශක 90ක පරාසයක් විතරයි. ඒත් හෙල්මට් එකක නීත්‍යානුකූල අවශ්‍යතාවය විදියට එක පැත්තකට අංශක 105ක පරාසයක දිස්වන ලෙස නිර්මාණය කළ යුතුයි. අංශක 15ක අතිරික්තයක්ද සහිතව තමයි මේ නීත්‍යානුකූල අවශ්‍යතාවය සම්පාදනය කරලා තියෙන්නේ. උඩින් හරි යටින් හරි පෙනීමට බාධා වෙනවා නම් ඔයා දාගෙන ඉන්නේ ඔයාගේ හිසට ගැළපෙන හෙල්මට් එකක් නෙමෙයි.

  • හෙල්මට් එක නිසා කන් ඇහෙනවා අඩුයි.

හිස් කාමරයකට ගිහින් හෙල්මට් එකක් දාගෙන හිටියොත් නම් ඔයාගේ කන් ඇහෙන එක අඩු වෙයි. හැබැයි මහපාරෙදි මේක සම්පූර්ණයෙන්ම වෙනස්. එන්ජින් එකේ සද්දේ සහ හුළං නිසා ඔයාට හෙල්මට් එකක් නැතුව හිටියොත් කන් ඇහෙන එක සෑහෙන්න අඩුයි. ඉයර් ප්ලග්ස් කියලා කියන්නේ සුළඟේ ශබ්දය අඩු කරලා සයිරන්, හෝන් වගේ වැදගත් ශබ්ද ඇහෙන එක වැඩි කරන තවත් වැදගත් අංගයක්. ඉතින් මේ හෙල්මට් එක නිසා කන් ඇහෙනවා අඩුයි කියන එක වැරදියි.

  • ඔයා බයික් එක පදින හරි විදිය/ හැප්පෙනකොට මොකද කරන්නේ කියලා දන්නවා නම් ආරක්ෂක ආම්පන්න ඕන වෙන්නේ නැහැ.

මේකත් හොඳටම වැරදි උපදෙසක්. ඇක්සිඩන්ට් එකක් ඕන කෙනෙක්ට වෙන්න පුලුවන්. ටයර් එකක් පිපිරුවොත්, ලොරියක් වගේ ඇඟට කැපුවොත් ඔයා කොච්චර හොඳ රයිඩර් කෙනෙක් උනත් ඔයා කොහොම බ්‍රේක් ගැහුවත් අනතුරක් වෙන්න පුලුවන් ඉඩකඩ ඉතාම වැඩියි.

අනිත් එක වැටෙන විදිය දන්නවා කියන එක පැයට කිලෝමීටර් 80ක වේගෙන යන බයික් එකක් හැප්පිලා විසික්වෙන මනුස්සයෙක් කොහොම වැටෙයිද කොහෙට වැටෙයිද කියලා උපකල්පනය කරන්න බැහැ. හයියෙන් යන වාහන ගොඩක් මැදදට වැටුණොත්? අන්න ඒකයි ඕනම දේකට සූදානමින් ගමන් කරන්න ආරක්ෂක මෙවලම් නිර්මාණය කරලා තියෙන්නේ.

  • 600cc කියන්නේ පොඩි බයික් එකක්.

මම ඇඟ පතින් ලොකුයි, මම දක්ෂයි ඒක නිසා 600cc කියන්නේ මට පොඩි බයික් එකක් කියලද ඔයා හිතන්නේ? 125cc බයික් එකට ෆුල් ටෑන්ක් පෙට්‍රල් ගහලා පැද්දත් ලොකු බරක් දැනෙන්නේ නැහැ, බයික් එකේ හැන්ඩ්ලින් අමාරු දෙයක් නෙමෙයි, බ්‍රේක් කරන එකට අමුතුවෙන් පාඩම් ඕන වෙන්නේ නැහැ. හැබැයි 600cc කියලා කියන්නේ දැවැන්තයෙක්, බරින් වැඩි, හැන්ඩ්ලින් ගැන බ්‍රේක් කරන විදිය ගැන කලින් ඉගෙන ගන්න ඕනේ බයික් එකක්. ඉතින් තමන්ගේ හැකියාවන් අධි තක්සේරු කරන එක ඉතාම අවදානම්.

හොඳම උපදෙස්

 

  • පදින බයික් එක වගේම පදින විදියත් ඉතාම වැදගත්.

ලෝකේ එක එක විදිවල බයික් ජාති ගොඩක් තිබ්බට මේවා ‘හරියට’ පදින්න දන්න පිරිස ඉතා අල්පයි. බයික් එකක් තියාගන්න එක වගේම හරි විදියට පදින විදියත් ඉගෙන ගන්න. වේග සීමා, මාර්ගයේ තත්ත්වය, පොලිස් නිලධාරීන් මේ හැමදේම එක්ක බයික් එකක් හරියට පදිනවා කියන්නේ ටිකක් අමාරු දෙයක්. හරියට බයික් පොඩි බයික් පදින සමහර ධාවකයෝ තරඟ වලදී ලෝකයේ සුපිරිම බයික් අභිබවා යන අවස්ථා අනන්තයි.

  • අනතුරක් උනොත් ඉක්මණට යථා තත්ත්වයට පත්වෙන්න.

අනතුරක් වෙලා ටික කාලයක් යනකන් බයික් එකෙන් ඈත් වෙලා ඉන්න එක ස්වභාවිකයි. ඒත් ගොඩක් කල් බයික් එකෙන් ඈත් වෙලා ඉන්නකොට ඔයාගේ හිතේ බය සහ ආත්මවිශ්වාසය එන්න එන්න අඩු වෙන්න ගන්නවා. ආයෙත් ඔයා බයික් එක පදින්නේ සැකයෙන් සහ අඩු ආත්මවිශ්වාසයකින්. ඒකෙන් වෙන්නේ තවත් අනතුරකට ඉඩ විවර වෙන එක.මේ ගැන අපි විශේශ ලිපියක් පල කලා පසුගිය අවුරුද්දේ.එක කියවන්න මෙතන ක්ලික් කරන්න .

  • අනවශ්‍ය වේගය ඉතාම අනතුරුදායකයි.

කාලයක් මෝටර්බයික් එක ජීවත්වෙද්දී ඔයා එක එක දේවල් තේරුම් ගන්නවා. ඒකෙන් ප්‍රධානම දෙයක් තමයි මේ. බයික් එක ගත්ත කාලේ හැමවෙලාවෙම පියාඹලා යන්න ඕන කියන හැඟීම ඉතාම අනතුරුදායකයි. දණහිස බිම තියලා වංගු ගන්න ඕන වගේ හැඟීම් ඔයාව අරන් යන්නේ අනතුරු දිහාවට. ඉතින් දීර්ඝ කාලයක් පරිස්සමෙන් මෝටර්බයික් පදින්න නම් අනවශ්‍ය දේවල්වලින් ඈත් වෙන්න.

  • පාපැදියකින් පටන් ගන්න.


මේ උපදෙස ටිකක් අමුතුයි කියලා ඔයාට හිතෙයි. ඒත් සාමාන්‍ය පාපැදියකින් ඉගෙන ගන්න පුලුවන් දේවල් අති විශාලයි. රියදුරු බලපත්‍ර උවමනා නැති මේ වගේ බයික් එකකින් වැඩේ පටන් ගන්න. බැලන්ස් කරන විදිය, වෙන වෙනම බ්‍රේක් කරන විදිය, ට්‍රැෆික් එකේ ගමන් කරන විදිය වගේ ගොඩක් දේවල් පාපැදියකින් ඉගෙන ගන්න පුලුවන්.

  • මෝටර්බයික් අනතුරුදායකයි.

ගොඩක් කල් බයික් පැදපු කෙනෙක් ඇරෙන්න අනිත් හැම කෙනෙක්ම ඔයාට මේ දේ කියයි. හැබැයි මේක ඇත්ත. ඔයාගේ හැකියාවන් සහ ගති ලක්ෂණ හොඳ වෙන්න වෙන්න ඔයාගේ අවදානම අඩු වෙනවා. ඒත් පාරේ යන අනිත් වාහන සහ තවත් සමහරක් දේවල් අපිට පාලනය කරන්න බැහැ. ඉතින් අපි කරන්න ඕනේ අපිට පුලුවන් දේවල් දියුණු කරගන්න එක. ඔයත් වයසට ගිහින් අනිත් අයට බයික් ගැන උපදෙස් දෙන්න ඕනේ නම් ඔයාගේ ධාවන හැකියාව සහ ගතිගුණ දියුණු කරගන්න. මේ හැමදේත් එක්කම වයසට යනකන් පරිස්සම් වෙන්න.

 

Back to top button
Close
Close