The Time Out

දුර ගමනක් යන්න බයික් එක ලෑස්ති කර ගන්නේ කොහොමද?

මනුෂ්‍යයා ස්වභාවයෙන් ම තරගකාරී සතෙක්. අපි හැමෝම කැමතියි කරන්න බෑ කියන දේවල් කරන්න උත්සාහ කරන්න. අපි හැමෝම කැමතියි තව රටවල් වලට යන්න, ලෝකෙ පුරා ම ඇවිදින්න. ඒත් එහෙම කරලා වැඩක් තියෙනවද තමන්ගේ රටේ, අඩුම තරමේ තමන් ඉන්න ප්‍රදේශයේ වත් බයික් එකකින් ලොකු වටයක් ගිහිල්ලා නැත්තං? ඒක ජීවිතේ එක පාරක් හරි විදින්න ඕන අත්දැකීමක්. හැබැයි ඒකට පෙර සූදානම් වීමක් ඕනා කරනවා. මේ තියෙන්නෙ බයික් එකකින් දුර ගමනක් යන්න කලින් සැලකිලිමත් විය යුතු දේවල්.

හරියන මෝටර් බයික් එකක් තෝරගන්න

එක එක වර්ගයේ බයික් කියනවා වගේම දුර ගමන් යන්න ගොඩක් ගැලපෙන බයික් වර්ගත් තියෙනවා. මේවා තීරණය කරන්න ඕනේ ඕනේ සීට් එක තියෙන විදිය, බඩු ගෙනියන්න තියන ඉඩ, windscreen එක වගේ දේවල් ගැන හිතලා. මේ තියෙන්නෙ එහෙම ගැලපෙන මෝටර්බයික් වර්ග  කීපයක්.

Touring motorcycles

වඩාත්ම සුදුසු වර්ගය වන මේ වර්ගය දුර ගමන් යන්න ම විශේෂයෙන් ම නිෂ්පාදනය කරපු බයික් වර්ගයක්. පැය ගණනක් එක දිගට ධාවනය කරත් පිටුපස ප්‍රදේශයට හානියක් නොවන ආකාරයට සීට් එක සකස් කරලා තිබීමත්, බඩු ගෙනියන්න වෙනම ප්‍රදේශයක් තිබීමත් නිතරම අවශ්‍ය වන දේවල් දාන්න වෙනම පොඩි පොකට් තිබීමත්, windscreen එක විශාලව තිබීම මගින් හුලගින් කිසිදු හානියක් නොවී මත් නොවී මත් මෙහි තියෙන වැදගත්ම දේවල් විදියට හඳුන ගන්න පුළුවන්.දැනට ලංකාවේ ඉන්න අපේ සෙට් එකට මේ වගේ බයික් පාවිච්චි කරන්න බැරි උනාට පිටරට ඉඳන් අපිව කියවන ශ්‍රී ලාංකිකයන්ට නම් මේක් පොඩ්ඩක් වැදගත් වෙයි.මොකද ලංකාව ඇතුලෙදි අවුලක් වියවුලක් නැතුව ස්කූටර් වලිනුත් හතර වටේ ගියත් මහලොකු ගමන් යන්න තරම් රට ලොකු නැති උනාට අපේ විදෙස් ගත වෙලා ඉන්න පිරිසට නම් අනිවාර්යෙන්ම මේ වගේ බයික් අවශ්‍යය වේවි.

  1. The Honda GoldWing, Harley Davidson Electro Glide

Touring වලටම බයික් එකක් හොයනවනම් මේ දෙක තමයි තියන හොදම විකල්ප දෙක.

  1. The Kawasaki Concours14

මේකේ තියන 1,352cc එන්ජින් එකත් එක්ක දවසට හැතැප්ම සිය ගානක් යන එක අමාරු දෙයක් නෙමෙයි.

  1. The Can-Am Spider

අනෙකුත් බයික් වලට වඩා ටිකක් වෙනස් රෝද තුනේ බයික් එකක් වන මේක හොඳ brake system එකක් වගේම හුලගින් ලොකු ආරක්ෂාවක් ලැබෙන බයික් එකක්.

Cruiser and Standard motorcycles

මේ වගේ සුව පහසු විකල්පයක් පහත් පහත් ව පිහිටලා තියෙන සීට් එක මගින් පිටුපසට වෙන්න පුළුවන් හානි අවම කරනවා. මේකෙ අවාසියට තියෙන්නෙ හුලගින් ආරක්ෂාවක් ලැබෙන්නේ නැති වීම. ඒ වගේම බඩු ගෙනියන්න ප්‍රදේශයක් තිබුනත් touring බයික් එකක  වගේ වෙන් කරපු ප්‍රදේශයක් දකින්න ලැබෙන්නේ නැහැ .

Adventure/dual sport motorcycles

ටිකක් දුෂ්කර පාරවල් වලින් යන tour එකක් නම් මේක තමයි ඒකට හොඳම බයික් වර්ගය. අත් දෙකට වගේම පිටුපසට සැලකිය යුතු තරමේ පහසුවක් ලැබෙනව වගේම වේගවත් හුලඟිනුත් ආරක්ෂාව ලැබෙනව. ඒ වගේම මේකට අරන් යන බඩු වලට ඉඩක් ලේසියෙන් හදාගන්න පුලුවන්.

Sport motorcycles

ලොකු ගමනක් යන්න නම් අඩුවෙන්ම පාවිච්චි කරන්න පුලුවන් බයික් වර්ගය තමයි මේක. ධාවකයාට ඉක්මනින් වේගය වැඩිකරගන්න පුලුවන් විදියට ස්වභාවයෙන්ම වක් වෙන විදියට නිශ්පාදනය කරල තියෙන සීට් එක, මෙහෙම ගමනකට ලොකු අවාසියක් වෙනව. ඒ හින්දා වැරදිලා හරි ලොකු tour එකක් යන්න මේකක් තෝරගන්න වුනොත් මුලින්ම පොඩි දුරක් ගිහින් ඒකෙ වාසි අවාසි තමන්ම තේරුම් ගන්න බලන එක තමයි හොඳම.

ගමනට ගැලපෙන එන්ජින් එක

හොඳ එන්ජින් එකක් තියෙන එකෙන් බයික් එක හොඳම කියල අපිට කියන්න බැරි වුනාට මේ වගෙ වැඩකදි එන්ජින් එක ගොඩක් වැදගත් වෙනව.

750cc ට අඩු

750cc කියන්නෙ දුර ගමන්වලට ඔරොත්තු දෙන එන්ජිමක්. 250cc වගෙ එන්ජින් එකක ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි වුනත් වැඩි වේගයකින් වැඩි දුරක් යන්න ඔරොත්තු දෙන්නෙ නැති හින්දා ඒවා වඩාත් සුදුසු වෙන්නෙ එදිනෙදා යන ගමන්වලට. ඒත් 750cc එන්ජින් එකකින් වැඩි දුරක් වැඩි වේගයකින් වැඩි කරදරයක් නැතුව යන්න පුලුවන්.කලිනුත් කිව්වා වගේ අන්තර්ජාතිකව මේ ගනන් කිව්වට හැබයි ඉතින් ලංකාවේ දැන් තියෙන තත්වේ අනුව 750 බයික් පදින එක හීන තමයි.කොහොම උනත් අපේ කට්ටියත් එවට දෙවැනි නොවෙන්න තියෙන බයික් එකෙන් ලංකාව වටේම රවුම් ගහන්න අමතකර කරන්නේ නෑහැ කියලත් අපි දන්නවා.

750cc ට වැඩි

මේ තියෙන්නේ දුර ගමන් වලට වඩාත්ම සුදුසු එන්ජින් වර්ගය. අධික වේගයකින් වැඩි දුරක් මේකෙන් ධාවනය ක‍රන්න පුලුවන්. ප්‍රමාණයෙන් විශාල මේ එන්ජින් සවි කරන්න ප්‍රමාණයෙන් විශාල බයික් අවශ්‍ය නිසා ඒකෙන් වැඩි ඉඩකඩකුත් ලැබෙනව.හැබයි ඉතින් ලංකාවේ අපිට මේවා පදින එක හීනම තමයි.හැබයි මෙතනදි වැදගත් වෙන දේ ලංකාවටම කොටුවෙලා ඉන්න අපි දන්න දේට වඩා නොදන්න දෙයක් ඉගෙන ගන්න එක නිසා බයික් වල මේ පරාසය දැනගෙන ඉන්න එක කවදා හරි වටින දෙයක් වේවි කියන එක.නැත්තන් ලංකාවේ වේග සීමා වල උපරිමයටම තියෙන බයික් සම්බන්ධ දැනුමට පමණක් කොටු වෙලා එතනින් එහා බයික් එකක් නෑ කියලා හිතන එක ඇත්තටම ඔබේ කාලයත් වෙලාවත් නාස්ති කිරීමක් වෙවි.

බයික් එක හරියට නඩත්තු කරන එක අත්‍යවශ්‍යයි

අපි දන්දී තමන්ගේ බයික් එකට මොනාහරි උනාම ඒක ඒක කොච්චර හිතට වදයක් ද කියලා. තමන්ගේ සුපුරුදු ප්‍රදේශයෙන් හතක්ම ගානක් එහාට ගිහින් ඒක උනාම කොහොමට තියෙයිද ? ඒ හින්ද දුර ගමනක් බයික් එකෙන් යන්න කලින් බයික් එක හොඳටම නඩත්තු කරන එක අත්‍යවශ්‍යයි.

වැදගත්ම දේ අපි කලිනුත් කිව්වා වගේම ටයර් ගැන වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ මේ වගේ ගමනක් යනකොට.ඉතින් රාත්‍රීකාලයෙත් ආරක්ශාව වැඩි කරන නියෝන් ඉෆේක්ට් එකක් තියෙන, ලංකාවේ පාරවල් වලටම හදලා තියෙන DSI ටයර් බයික් එකට දාගන්න පුලුවන් නම් වැඩේ ගොඩ.

විශේෂ ආම්පන්න

මේ කියපු දේවල් හැරුණුකොට හැරුණු කොට මේ වගේ ගමනකට ඒ වෙනුවෙන් ම නිෂ්පාදනය කරලා තියෙන ආම්පන්න වැදගත් වෙන්න පුළුවන්.

  • Heated grips – මේ වලින් සිත කාලගුණයකදී අත් දෙකේ උණුසුම ආරක්ෂා වෙනවා.
  • Padded grips –  මේ වන මැණික් කටුවට සහ අත් දෙකට අමතර ආරක්ෂාවක් ලැබෙනවා.
  • Gel seats – මේවා සාමාන්‍ය සීට් වලට වඩාත් සුවපහසු බවින් වැඩියි.
  • Backrest – මේකෙන් කරන්නේ කරන්නේ පිටට දැනෙන අපහසුව වැළැක්වීමයි.
  • Cruise/throttle control – මෙමගින් තරමක් දුරට අත්දෙක ලිහිල්ව තබා ගෙන යන්න අවස්ථාව ලැබෙනව.

බයික් එකෙන් බඩු ගෙන යාමේදී විවිධ විදියේ අමතර අමතර ගබඩා දැකගන්න පුළුවන්.

  • Tankbags – ඉන්ධන ටැංකියට පහසුවෙන්න සවි කරන්න පුළුවන් මේ බෑග් වර්ගයේ ගමනට නිතරම අවශ්‍ය වෙන වන භාණ්ඩ වගේම සිතියම් වගේ දේවල් ගබඩා කරගන්න පුළුවන්.
  • Saddlebags – මේවා සම්බන්ධ වෙන්නේ බයික් එකේ පැත්තට.
  • Trunk/tail bags – බයික් එකේ පිටුපස කොටසට සවිකරන්න පුළුවන් මේවා වලින් ලොකු ඉඩ ප්‍රමාණයක් ලබාගන්න පුළුවන්. මේකෙ අමතර හෙල්මට් එකක් වගේම සුරතල් සතෙක් වුනත් ආරක්ෂිතව දාගෙන යන්න පුළුවන්.

පදවන ඉරියව්ව

මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වුවත් තමන්ගේ උදරයක් උරහිසත් අතර හරි මැද handlebars පිහිටීම දකින්න පුළුවන්. තමාට පහසු, ලිහිල් ආකාරයෙන් ශරීරය තබා ගැනීම වැදගත්. වැරදි ඉරියව්වකින් දිගු කාලීනව ධාවනය කිරීම ශරීරයට අහිතකර වෙන්න පුළුවන්.

මුලින්ම යන පාර තීරණය කරන්න

  • GPS/සිතියම් – GPS වලින් හරි සිතියම් භාවිතයෙන් හැරී හරි තමන් යන මාර්ගයෙන් මුලින්ම තීරණය කිරීම වැදගත්. ඒකට ගත වන කාලය වගේම මග මග දිගට නවතින්න පුලුවන් තැන් බලන්න පුළුවන් දේවල් සටහන් කරගැනීම වැදගත්.
  • දේශගුණය – ඒ වගේම රාත්‍රී කාලයටත් දවල් කාලයට ගැලපෙන විදිය විදිය ආම්පන්න වගේම අධික උණුසුම් කාලගුණයකටත් අධික ශීත කාලගුණයකටත් මුහුණ දෙන්න සිදු වැඩි කියලා කලින් හිතන්න වෙනවා.
  • බාධක – තමන් තෝරාගත්ත ගමන් මාර්ගයේ අලුත්වැඩියා සිදු වෙනවාද වගේ කරුණු වලටත් අවධානය යොමු කරන්න ඕන. ඒ ප්‍රදේශයේ මාර්ග තදබදය වගේ දේවල් ගැන අන්තර්ජාලයෙන් පහසුවෙන් තොරතුරු ගන්න පුළුවන් වේවි.
  • නවාතැන් පහසුකම් – ගමන ට කලින් නවාතැන් පහසුකම් ගැන හිතන එකත් වැදගත්. ඒකට හේතුව සමහර කාලවල් වලදී සමහර ප්‍රදේශවල නවත්තන් පහසුකම් ගන්න අපහසු වීම.
  • ඉන්ධන – ගමනට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය වගේම ඉන්ද්‍ර නැවත පුරවා ගන්න පුළුවන් ස්ථාන තමන්ගේ සිතියමට ඇතුළත් කර ගැනීම වැදගත්.
  • ධාවනය කරන දුර – ගමනාන්තය මොකක්ද කියලා ගමන යන ගමන් තීරණය කරන්නේ නැතිව නැතුව කලින්ම තීරණය කරි ගැනීම තමයි වැදගත්ම දේ.

ගමනට පුහුණු වීම

  • දුර ගමනකට කලින් ඒකෙන් වෙන්න පුළුවන් මහන්සිය වගේ දේවල් වලට පුරුදු වෙලා ඉන්න එක වැදගත්.
  • ලොකු ටුවර් එකක් එක පාර යන්න කලින් පොඩි tours ගිහින් පුරුදු වෙලා ඉන්න එකත් ගොඩක් ප්‍රයෝජනවත්.
  • අවශ්‍ය නම් මේකට ගැලපෙන විදියට කෑම වේල වෙනස් කරගන්න.
  • තමන් පාවිච්චි කරන්න බලාපොරොත්තු වන ඔබ කරන ගමනට දවස් දෙක තුනකට කලින් වත් පාවිච්චි කරලා බලන්න.
  • හදිසියේ තව අමතර බඩු දෙක තුනක් එකතු කරගන්න සිද්ධ වුණොත් ඉන් ඒකටත් ඉඩ තියාගන්න.

ලොකේෂන් එක share කරගන්න

 


ඔයාට හදිසියේ මොකක්හරි කරදරයක් වුනොත් විශේෂයෙන්ම තව දෙතුන් දෙනෙක් එක යන ගමනක් නම් ඔයාව මගහැරුනොත් හොයාගන්න පුළුවන් වෙන විදියට tracking device එකක් තියෙන එක ගොඩක් වටිනවා.

බඩු පැක් කර ගන්න උපදෙස්

  • පෞද්ගලික භාණ්ඩ
  • දේශගුණික හා කාලගුණික වෙනස්කම් වලදී වෙනස්කම් වලදී අවශ්‍ය වෙන දේවල්
  • වැස්සෙන් ආරක්ෂා වෙන්න දේවල්
  • පෞද්ගලික ලියකියවිලි – තමා ගේ හැදුනුම්පත වගේ ම තවත් මුදල් වගේ දේවල් ඉක්මනින් හොයා ගන්න පුළුවන් තැනක් ගබඩා කිරීම වැදගත්
  • ඇස් ආවරණ
  • කන් ආවරණ
  • අව් ආවරණ
  • සනීපාරක්ෂක ද්‍රව්‍ය

අමතර භාණ්ඩ

  • අත්‍යවශ්‍ය ආයුධ කට්ටලයක්
  • අමතර කොටස්
  • ඉන්ධන
  • පිරිසිදු කාරක ද්‍රව්‍ය
  • පානිය ජලය
  • ආහාර
  • ප්ලාස්ටික් බෑග් කිහිපයක්
  • කඳවුරු ගැසීමට අවශ්‍ය දේවල්

අමතර උපදෙස් කිහිපයක්

ධාවකයාට

  • හොඳින් විවේක ගන්න
  • පෝෂ්‍යදායී ආහාර අරන් නිරෝගීව ඉන්න
  • අධික වේගයකින් යන්න උත්සාහ කරන්න එපා
  • උදේ පාන්දරින්ම ගමන පටන් ගන්න
  • මිනිත්තු 45 ක් එක දිගට ධාවනය කලොත් මිනිත්තු 15 ක් වත් විවේක ගන්න

බයික් එකට

  • නවත්වන සෑම විටෙකම ඔයිල් හා ඉන්ධන මට්ටම් පරික්ෂා කරන්න
  • අමතරව යතුරක් අරගෙන යන්න
  • ගමන පටන් ගන්න කලින් බයික් එකේ හැම කොටසක්ම වැඩ කරනවද කියල පරික්ෂා කරන්න
  • බයික් එකේ ඉන්ධන ධාරිතාවය ගැන හොඳ අදහසක් ගන්න
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close