The Time Out

මොටර්බයික් ජැකට් එකක් තෝරගන්නෙ කොහොමද

මොටර්බයික් ආරක්ශිත ආම්පන්න - පාර්ට් වන්

මොටර්බයික් ජැකට් එකක් කිව්වම අපිට මුලින්ම මතක් වෙන්නෙ කලු පාට ලෙදර් ජැකට් ගැන. මොකද ගොඩක් වෙලාවට වෙළඳ දැන්වීම් වලට එහෙම පාවිච්චි කරන්නෙ ඒව හින්දා. ඒවලට කැමති පිරිසක් වෙනම හිටියට මේ වෙද්දි ජැකට් එකක් තෝරගන්නකොට ඕනි තරම් විකල්ප තියෙනව. ඔයා මොන විදියෙ බයික් එකක් පැද්දත්, ඔයාට ගැළපෙන ජැකට් එකක් හොයාගන්න පුලුවන්. මෙහෙම ලොකු පරාසයක ජැකට් වර්ග තියෙන එක ම අපට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔයාට හරියන ජැකට් වර්ගය හොයාගන්නේ කොහොමද? මේ ගයිඩ් එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ එක එක ජැකට් වර්ග වල තියෙන වෙනස්කම් ගැන හඳුනා ගන්න. කියවල ඉවර වෙද්දී ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙයි ඔයාටම ගැලපෙන ජැකට් වර්ගය මොකක්ද කියලා.

මොටර්බයික් ජැකට් වර්ග

මෝටර් සයිකල් ජැකට් වර්ග ප්‍රධාන වර්ග හතරකට බෙදන්න පුලුවන්. ඒ cruiser, racing, sports/street, adventure touring විදියට. මේ එක් එක් වර්ගයේ ජැකට් නිර්මාණය වෙලා තියෙන්නේ තියෙන්නේ ඒ ඒ අවශ්‍යතාවයන්ට ගැලපෙන විදියට. මේ හැම වර්ගයකටම ලෙදර් වගේම වෙනත් රෙදි වර්ග  වලිනුත් විකල්ප තියෙනවා. ගොඩක් වෙලාවට මේ වර්ග විදිහට ජැකට් වෙනස් වුණාට වර්තමානය වෙද්දී මේ වර්ග දෙක තුනකටම හරියන විදියට ජැකට් නිර්මාණය වෙන එකත් දැකගන්න පුළුවන්.

Cruiser

සාමාන්‍යයෙන් සම්භාව්‍ය එහෙම නැත්නම් vintage look එකක් තියෙන ගොඩක් ජැකට් අයිති වෙන්නේ cruiser කාණ්ඩයේ ජැකට් වලට. ගොඩක් වෙලාවට මේවා ලෙදර් වලින් නිර්මාණය වුණාට මෑත කාලයේ දී මෑත කාලයේ දී කෘතිම රෙදිවලින් නිර්මාණය වෙනවා. මේකෙ වැඩිපුරම කැපී පෙන්නේ විලාසිතාව ඒ වගේම සුවපහසුව. ඒ සුව පහසුව වෙනුවෙන් ගොඩක් වෙලාවට මේවා නිර්මාණය වෙන්නේ තරමක් ලිහිල් විදියට. මේකෙන් සැලකිය යුතු සැලකිය යුතු තරම් ආරක්ෂාවක් ලැබෙන්නෙ නැති වුණාට armour technology එක හින්දා අලුතෙන් එන ජැකට් වර්ග වලින් ලැබෙන ආරක්ෂාව එන්න එන්නම වැඩි වන බවක් පේනවා.

Racing

Racing වලට යොදාගන්න motorbike වල ජැකට් සකස් කිරීමේදී ගොඩක් වෙලාවට වේගයට ඔරොත්තු දෙන අමු ද්‍රව්‍ය භාවිතා කරන්න වෙනවා. ඒ ධාවකයාට වෙන්න පුළුවන් හානිය අවම කරන්න. ගොඩක් වෙලාවට ඒ වෙනුවෙන් භාවිතා කරන්නේ ඝනකම් හරක් හම්. කෘතිම ඇදෙන ද්‍රව්‍ය භාවිතා වෙනවා ධාවකයා ගේ ගේ නම්‍යතාවය ට උදව් වන විදියට. ආරක්ෂාව වෙනුවෙන් අභ්‍යන්තරයෙන් armour වගේම බාහිරින් TPU slider භාවිතා වෙනවා. සාමාන්‍යයෙන් එක සාක්කුවක්වත් මේවල දකින්න ලැබෙන්නේ නැහැ. මේ ජැකට් ඇඟටම තද වෙන ආකාරයටයි නිර්මාණය වෙන්නේ. ජැකට් එකේ අත් දෙක ස්වභාවිකවම වක්‍ර විදියට හදන්නේ ධාවකයාට මහන්සිය අඩු වෙන විදියට. ජැකට් එකේ වාටිය zip එකකට සම්බන්ධ වෙනවා කලිසමට සම්බන්ධ කරන්න පුළුවන් විදියට. එකෙන් රේස් එකකදි ජැකට් එක උඩ යන එක වළක්වනවා.

Sports/street

racing ජැකට් වලට තරමක් සමාන ආකාරයට ඒත් වඩාත් සුව පහසු විදියට sports ජැකට් නිර්මාණය වෙනවා. ඒත් සාමාන්‍යයෙන් මේවා නිර්මාණය වෙන්නේ ලෙදර් පාවිච්චි කරන්නේ නැතුව කෘතිම රෙදි වර්ග වලින්. ඒත් ලෙදර් වලින් වගේම ඒ දෙවර්ගයම එකතු කරලා හදපු ජැකට් වර්ගත් දකින්න ලැබෙනවා. සෘතුමය වෙනස් කම් වලට ගැලපෙන විදියට ලැබෙන වාතාශ්‍රය වෙනස් කළ හැකි විදියට වගේම අවශ්‍ය වෙලාවට ඉවත් ඉවත් කළ හැකි liner දකින්න ලැබෙනවා. මේකෙත් සාක්කු ගොඩක් ගොඩක් අඩු උනාට රේසිං ජැකට් එකක් එක්ක සාපේක්ෂව බලද්දී ඊට වඩා සාක්කු දකින්න ලැබෙනවා. මේවා නිර්මාණය නිර්මාණයේදීත් ආරක්ෂාව සඳහා armour භාවිතා කරනවා.

Adventure touring

Adventure touring වලට තියෙන ප්‍රසිද්ධිය වැඩි වෙනවත් එක්කම ඒ සඳහා අවශ්‍ය ආම්පන්න වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඒ සඳහා නිර්මාණය වන ජැකට්, tour එකේ සෑම අවස්ථාවකට මුහුණ දෙන්න පුළුවන් ආකාරයේ විය යුතුයි. මේවා දිගු කාලයක් පවතින අමුද්‍රව්‍ය වලින් ජලයට ඔරොත්තු දෙන විදියට වගේම වාතාශ්‍රය ලැබෙන විදියට නිර්මාණය වෙනවා. ගොඩක් වෙලාවට මේ වලට armour ඇතුලත් වෙනවා. ඕනෑම උෂ්ණත්වයකට ගැලපෙන විදියට වාතාශ්‍රය වෙනස් කරගන්න වගේම වෙනස් කළ හැකි liner අඩංගු වෙනවා. දුර ගමනක් යද්දී ගොඩක් උපකරණ අරන් යන්න පුළුවන් විදිහට සාක්කු රාශියකින් ජැකට් එක නිර්මාණය වෙනවා. සාමාන්‍යයෙන් බෙල්ල ආවරණය වන විදියට collar එකක් තිබීම විශේෂ ලක්ෂණයක්.

ලෙදර්ද? රෙදිද?

ජැකට්ටුවක ප්‍රධාන අමුද්‍රව්‍යය ගැන හිතද්දී මේ දෙකේම වාසි වගේම අවාසිත් තියෙනවා. මේ දෙකෙන් වඩාත් ම හොඳ මොකක්ද කියලා හරියටම කියන්න බැරි උනත් තමන්ට ගැලපෙන්නේ මොන අමුද්‍රව්‍ය ද කියලා හරියට තෝරා ගැනීම වැදගත්.

ලෙදර් ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස යොදාගන්න ප්‍රධානම හේතුව වෙන්නේ එහි ඇති උල්ලේඛ ප්‍රතිරෝධතාවයයි. ලෙදර් වල තියෙන පෙනුමත් ඒ ගැන තියෙන ඉතිහාසයත් සමහර අය ලෙදර් තෝරගන්න හේතු වෙනවා.

ලෙදර් වල අවාසියක් විදිහට රෙදි වර්ග තරම් තාපයට හෝ තෙතමනයට ඔරොත්තු නොදීම දකින්න පුළුවන්. සිදුරු කිරීම මගින් වාතාශ්‍රය ලබා ගන්න පුළුවන් වුණත් පුලුවන් වුනත් ඒක ගොඩක් සීමිත වෙනවා. ඒ වගේම ලෙදර්වල  තියන අධික බර ධාවකයාව ඉක්මනින් මහන්සියට පත් කරනවා.

රෙදි වර්ග ගොඩක් වෙනස්කම් වලට භාජනය කරන්න පුළුවන් හින්දා ලෙදර් ජැකට් වලට වඩා රෙදි වර්ග වලින් හදපු ජැකට් වැඩිපුර වර්ග දකින්න පුළුවන්. ඒ වගේම උෂ්ණත්වයට හා තෙතමනයටත් ඔරොත්තු දෙනවා. ලෙදර් ජැකට් වලට වඩා බරින් අඩු, වාතාශ්‍රය වැඩි වගේම නම්‍යශීලීභාවය වැඩිය.වසර ගණනාවක් තිස්සේ රෙදිපිළි වල කල්පැවැත්ම වැඩිකර තිබුණත් හොඳ තත්ත්වය ලෙදර්  තරම් එය වැඩි වෙන්නේ නෑ.

Armour/Padding

මෝටර් සයිකල් උපාංග වල හොඳ ප්‍රවණතාවක් විදිහට armour  හා padding යොදාගැනීම දකින්න ලැබෙනවා. මුල් කාලයේදී මේවා ශරීරයට අපහසු, වඩාත් ලිහිල් ඒවා වුවත් වර්තමානයේ දී මේවා ශරීරය නම්‍යතාවය ට නම් මේ තත්වයට ඔරොත්තු දෙන ආකාරයට සකසා තිබෙනවා. වර්තමානයේ දී තමාගේ කැමැත්ත අනුව වෙනස් කර ගත හැකි armour කට්ටල සහිත ජැකට් දකින්න ලැබෙනවා.

ඇතැම් ජැකට් වල විශේෂයෙන්ම racing සහ adventure ජැකට් වල උරහිස් සහ වැලමිට ආසන්නයේ ඝනකම් ප්ලාස්ටික් වලින් සාදා තිබෙන sliders නම් වූ armour වර්ග දකින්න ලැබෙනවා. සෑම ජැකට් එකකම අමර ආමර කට්ට නොතිබූ වත් බොහෝවිට උරහිස වැලම් හා වැලමිටි ආරක්ෂාව සඳහා උපක්‍රම යොදා තිබෙනවා.

දෘශ්‍යභාවය

මෝටර් බයික් අනෙකුත් වාහන වලට වඩා ප්‍රමාණයෙන් කුඩා නිසා දෘෂ්‍යමාන වීම අනතුරු වලින් වැලකීම සඳහා වැදගත් වෙනවා. ඒනිසා බොහෝ නිෂ්පාදන කරුවන් ජැකට් සඳහා Hi-Viz වර්ණ සහ පරාවර්තක ද්‍රව්‍ය ජැකට් වලට එකතු කිරීමෙන් ධාවකයාට වැඩි අවධානයක් ලබා දීමට උත්සාහ කරනවා. එතරම් දීප්තිමත් වර්ණ වලට අකමැති අයට අඳුරේ දී පමණක් දීප්තිමත් වන පරාවර්තක ද්‍රව්‍ය විකල්පයක් විදියට භාවිතා කරන්න පුලුවන්.

වාතාශ්‍රය

නිසි පරිදි වාතාශ්‍රය ලැබෙන ජැකට්ටුවක් භාවිතා කිරීමෙන් අධික ලෙස දහඩිය දැමීම සහ අනවශ්‍ය තෙතමනය වළක්වා ගන්න පුළුවන්. හොඳ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ඉදිරි පසින් මෙන්ම පිටුපසින් ද වාතාශ්‍රය ලැබෙන පරිදි නිර්මාණය කර ඇති ජැකට්ටුවක් තෝරා ගැනීම වැදගත්.

ලයිනර්

ඉවත් කළ හැකි ලයිනර් සහිත ජැකට් ඉතාමත් ප්‍රයෝජනවත්. මේවා පරිසර උෂ්ණත්වය අනුව වෙනස් කරන්න පුලුවන්. උණුසුම් කාලගුණයකදී ඉවත් කරන්නත් ශීත කාලගුණයකදී නැවත භාවිතයට ගන්නත් පුලුවන්.

ශරීරයට තද බව

තමාගේ ශරීර ප්‍රමාණයට පුළුවන් තරම් ගැලපෙන එකක් තෝරා ගැනීම වැදගත්. තමාට වඩා ලොකු ජැකට් එකක් බුරුල් වෙන්න වැඩි ඉඩක් තියෙනවා වගේම තියෙන armour වලින් ලැබෙන ආරක්ෂාව නොලැබී යනවා. තමාට වඩා පොඩි ජැකට් එකකින් තමාට චලනය වෙන්න අමාරු වෙනවා වගේම ලේ ගමනාගමනයට බාධාවක් වෙනවා.ගොඩක් මෝටර් සයිකල් ජැකට්වල ඉන, දෙපැත්ත හා අත් වල ප්‍රමාණ වෙනස් කර ගන්න පුළුවන්.

Tags

Leave a Reply

Back to top button
Close
Close