The Time Out

බයික් එකේ ගමනක් යද්දි ඉක්මනට පෙට්‍රල් ඉවර වෙනවද?

කොච්චර හොඳට පෙට්‍රල් කට්ට දිහා ඇහැගහගෙන හිටියත් අපි හිතන්නෙවත් නැති වෙලාවට පෙට්‍රල් නැතුව බයික් එක නවතින අත්දැකීම් ඕනම බයිසිකල් පදින කෙනෙක්ට තියෙනවා. සමහර වෙලාවට මීටර් එකේ පෙට්‍රල් තියෙනවා කියල පෙන්නුවත් අපි හිතන්නෙවත් නැති විවිධ හේතු නිසා පෙට්‍රල් නැතුව මඟ නවතින අවස්ථා ඕන තරම්. හැබැයි මේ ගොඩක් හේතු අපිට වළක්වගන්න අපිට ඔඑර සූදානමෙන් පුලුවන්. ඔයා වැඩිය ලොකු ධාරිතාවයක් නැති බයික් එකක දුර ගමනක් ගියත් මේ වගේ අකරතැබ්බයකට මූණ දෙන්නේ නැතුව ගිය වැඩේ කරගෙන හරිම ලේසියෙන් ආපහු ගෙදර එන්න පුලුවන්. අද අපි ලෑස්ති වෙන්නේ අමාරුවෙන් බයික් එක තල්ලු කරන්, බෝතල් වෙලවට පෙට්‍රල් හොය හොය ඇවිදින්න වෙන්නේ නැති වෙන විදියේ උපදෙස් ටිකක් දෙන්න.

 

  • මීටර් එක විශ්වාස කරන්න එපා!

තාක්ශණය කොච්චර දියුණු උනත් තාක්ශණයටත් වරදින වෙලාවල් ඕන තරම් තියෙනවා. කොච්චර අලුත් බයික් එකක් උනත් හොඳම තත්ත්වයේ අංග උපාංග වලින් සමන්විත උනත් මීටරේ විතරක් විශ්වාස කරන්න එපා. ගොඩක් අලුත් බයික් වල ඉතුරු පෙට්‍රල් ප්‍රමාණයෙන් යන්න පුලුවන් දුර පෙන්නනවා. හැබැයි සමහර වෙලාවල් වල බයික් එක අපිට තව යන්න පුලුවන් කියන දුරට වඩා අඩු දුරකදි මඟ නැවතෙන්න පුලුවන්. පෙට්‍රල් අඩු වෙද්දි අපිට දන්වන ලයිට් ගැන එහෙම සැළකිලිමත් වෙන්න. හොඳට මතක තියාගන්න මීටරෙන් පෙන්නනනේ ආසන්නම, උපකල්පනය කරපු තොරතුරු!

  • ශුවර් නැති වෙලාවට කෝකටත් පෙට්‍රල් ගහගන්න.

දන්න කියන පැත්තක නම් යන්නේ ඔයා දන්නවා නේ පෙට්‍රල් ශෙඩ් තියෙන්නේ කොහෙද තව කොච්චර දුරකින්ද කියලා. හැබැයි නොදන්න පළාත් වල යද්දී වාසනාව උරඟා බලන්න යන්න එපා. ලොකු ටවුන් එකක නම් ශෙඩ් දෙක තුනක් තියෙනවා. හැබැයි දුර පළාත්වලට යද්දි මේ ගාණ ඉතාම සීමිතයි. විනඩි දෙක තුනක් පරක්කු උනාට කමක් නැහැ ටැංකියෙන් බාගයක් තිබ්බත් මුලින්ම හම්බවෙන ශෙඩ් එකෙන් තව පෙට්‍රල් ටිකක් ගහගන්න, අපතේ යන්නේ නැති නිසා පාඩුවක් නෙමෙයි ඒක.

  • GPS පාවිච්චි කරන්න.

ගමනක් යන්න කලින්ම ගමන කොච්චර දුර වෙයිද ගමනට කොච්චර වෙලාවක් යයිද කියලා දැනගෙන ඉන්න එක ගොඩක් වටිනවා. ඒ එක්කම ගමන අතරතුර හම්බෙන පෙට්‍රල් ශෙඩ් සුපර්මාර්කට් මොනාද කියලත් GPS වලින් බලාගන්න පුලුවන්. පෙට්‍රල් ශෙඩ් එක පැය 24 ම ඇරලා තියෙනවාද කීයටද වහන්නේ වගේ දේවලුත් අලුත් GPS වලින් බලාගන්න පුලුවන්. ඉතින් ගමනට කලින් ගමන ප්ලෑන් කරොත් වැඩේ මාරම ලේසියි.

 

  • ඕන වෙයි කියල හිතෙන දේවල්!

ගොඩක් පිටිසර පළාතක වගේ ගමනක් යද්දි මොන වගේ අකරතැබ්බ වෙයිද කියලා අපි දන්නේ නැහැනේ. ඉතින් ටූල් කිට් එක එක්කම තව පොඩි පොඩි ගැජට් ටිකක් තියාගෙන ඉන්න එක ඇඟට හොඳයි. ශෙඩ් එකක් ළඟ පාතක නැති වෙලාවක බයික් එක නැවතුනොත් ඒ පාරෙන් යන වාහනේකින් පෙට්‍රල් ටිකක් ඇදලා ගන්න බට කෑල්ලක් ඒ අතරින් මූලිකයි. සමහර අය නම් පොඩි ප්ලාස්ටික් බෝතලයකට පෙට්‍රල් ටිකක් අරන් යන වෙලාවල් තියෙනවා. ඒත් පෙට්‍රල් වහා ගිනි ඇවිළෙනසුළු නිසා ගොඩක්ම පරිස්සම් වෙන්න ඒ වගේ අවදානම් පුරුදු වලදි.

  • ලොකු ටැංකියකට මාරු වෙන්න.

ඔයා නිතරම දුර ගමන් යන කෙනෙක්ද? හැබැයි ඒ වගේ ගමන් යන්නම හදපු බයික් එකක් ගන්න පුලුවන් කමක් නැති කෙනෙක්ද? එහෙම උනාර ප්‍රශ්නයක් නැහැ. මොකද ඒවටත් විසඳුම් තියෙනවා. නම් දරාපු කම්පැනි තියෙනවා අඩු ධාරිතාවයක් තියෙන පෙට්‍රල් ටැංකි වෙනුවට වැඩි ධාරිතාවයක් තියෙන ටැංකි දාලා දෙන. ඉතින් එහෙම තැනකින් ලොකු වියදමක් නැතුව ඔයාගේ උවමනාවට ගැළැපෙන ටැංකියක් දාගන්න.

 

  • මුකුත් කරගන්න බැරුව නැවතුනොත් මොකද කරන්නේ?

සමහර බයික්වල තියෙනවා වෙනම වෑල්ව් එකක්, පෙට්කොක් වෑල්ව් කියලා. ඒකෙන් පුලුවන් පෙට්‍රල් නැතුව ගිය වෙලාවට බයික් එකේ ගබඩා කරල තියෙන පෙට්‍රල් ටිකකින් අමතර කිලෝමීටර් කිහිපයක් යන්න. අපි රිසර්ව් එක කියල හඳුන්වන්නේ මේක. සාමාන්‍යයෙන් බයික් එකේ වම් පැත්තේ පෙට්‍රල් ටැංකියට යටින් තමයි මේ ස්විච් එක තියෙන්නේ. බයික් එකේ යන ගමන් උනත් දකුණු අතින් ඇක්සලරේට් කරන ගමන් මේක ඔන් කරන්න පුලුවන් වෙන්නයි එහෙම තියෙන්නේ. ඔයාගේ බයික් එකෙත් පෙට්කොක් වෑල්ව් එකක් තියෙනවා නම් එන්ජින් එක නවතින්න එනව කියලා තේරෙද්දිම රිසර්ව් එක ඔන් කරගන්න පුලුවන්.

මෙහෙම රිසර්ව් එකක් නැති වෙලාවක බයික් එකේ පෙට්‍රල් ඉවර වෙලා නැවතෙන්න යද්දි සිග්නල් ලයිට් දාලා අතිනුත් සිගනල් එකක් දෙන ගමන් බයික් එක පරිස්සමෙන් පාර අයිනට කරලා නවත්තගන්න. ගොඩක් ට්‍රැෆික් තියෙන වෙලාවක පාරේ යන අනිත් වාහනවලට ඔයාගේ කරදරය තේරුම් ගන්න බැරි වෙන්න පුලුවන්. ඒක නිසා වැඩියෙන් පරිස්සම් වෙන්න වෙනවා. බයික් එක නවත්තගත්තට පස්සෙ උදව්වට කාටහරි කතා කරලා පෙට්‍රල් ටිකක් ගෙන්න ගන්න බැරි අවස්ථාවක නම් ඔයාට ළඟම ශෙඩ් එක හොයාගෙන යන්න වෙනවා. අනිත් මිනිස්සුන්ට කරදරයක් නැති පරිස්සම් තැනක බයික් එක නවත්තලා යන්න අමතක කරන්න එපා. ශෙඩ් එකේ අයගෙන් පෙට්‍රල් දාන්න කෑන් එකක්/ බෝතලයක්/ බූලියක් ඉල්ලගන්න බලන්න. එහෙම නැත්නම් ළඟම කඩේකින් වතුර බෝතලයක් අරන් වතුර ටික අයින් කරලා වතුර බිංදුවක්වත් නැති වෙන්න වේලෙන්න තියලා තමයි පෙට්‍රල් දාගෙන එන්න ඕනේ. මොකද ඔයාගේ එන්ජින් එකට පෙට්‍රල් එක්ක වතුර කලවම් වෙලා ගියොත් ඊට වඩා ප්‍රශ්නයක් වෙනවා.

එ වගේම ඔබේ බයික් එකේ පරණ ලංකාවේ පාරවල් වලට නොගැලපෙන ටයර් දානවා නම් සෘජුව නොවුනත් වක්‍රාකාරව හරි ටයර් නිසා ඉන්ධන කාර්යක්‍ෂමතාවයට බලපෑම වෙන්න පුලුවන්.එක නිසා හැමවෙලේම අපේ රටේ අපේ පාරවල් වලටම නිපදවන ඕනේම බයික් එකකට හරියන විදියට විවිධ මාදිලි වලින් ඇති DSI වැනි ටයර් එකක් ගන්න බලන්න

Back to top button
Close
Close