Maintenance

දිගු බයිසිකල් ගමනකට විඳදරාගැනීම හදාගන්න හැටි

ඔබට කොච්චර වෙලාවක් මෝටර්බයික් එකක් පදින්න පුලුවන්ද? ඔබ එක දවසකට සැතපුම් 1,000 ක් විතර යන්න පුලුවන් කෙනෙක්ද? ඒ වගේ කෙනෙක් වෙන්න කැමතිද? ගොඩක් මෝටර්බයික් වලට ආදරය කරන අය අතර දිගු බයිසිකල් ගමන්, එහෙමත් නැත්නම් Endurance Riding ඉතාම ජනප්‍රියයි. රටක එක කෙළවරක ඉඳන් අනෙක් කෙළවර වෙනකන් බයික් රයිඩ්ස් යන්න බොහෝ දෙනෙක් ආස කරනවා, මේ වැඩේ පුදුම සහගත ගතියක් පේන්න තිබුණට, ඒක විනිශ්චය කරන්න ටිකක් අමාරු දෙයක්. වාහනයක ඒ වගේ දුරක් ‍යන එක එක් දෙයක්, හැබැයි මෝටර්බයික් එකකින් ඒ ගමන සම්පූර්ණ කරන එක සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්.

එන්ඩියුරන්ස් රයිඩින් කියන්නේ, සාමාන්‍ය ධාවනයක් නැත්නම් බයික් රේස් එකකට වඩා වෙනස්ම දෙයක්. ඒත් කිසිම සැකයක් නැහැ මේකත් එක්තරා ක්‍රීඩාවක්. විනෝද වෙන්න සතුටු වෙන්න පුලුවන් දෙයක්. මෝටර්බයික් පදින අනෙක් විලාසිතාවන් වගේම මේකත් එකපාර කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඔබේ සීමාවන් දැන ගැනීමෙන් ඔබ සූදානම් වෙන්න ඕනේ, මේ සඳහා ඔබේ ශක්තිය/ ස්ටැමිනා ගොඩනඟා ගැනීමත් කළ යුතුයි. දිගු බයිසිකල් ගමන් එහෙමත් නැත්නම් endurance riding වලට ඔබ සැබවින්ම උනන්දුවක් දක්වන කෙනෙක් නම්, අපි අද කියන්න යන ටිප්ස් ඔයාට ගොඩක් උපකාරී වෙයි.

  • Stamina ගොඩ නඟාගන්න.

දුර ගමන් වලට tank storage bag එකක් වගේ, ආම්පන්න කිහිපයක් අරගෙන යන්න වෙනවා, සාර්ථක දිගු ගමනක රහස තමයි, ගමන සම්පූර්ණ කිරීමට ශක්තිය තියෙන එක. අවාසනාවකට වගේ, ශක්තිය කියල කියන්නේ ඉක්මණින්, පහසුවෙන් ලබා ගන්න පුලුවන් දෙයක් නෙමෙයි. කාලයාගේ ඇවෑමෙන් ඔබ එය ගොඩනඟාගත යුතුයි, ඒ සඳහා ක්‍රම ක්‍රමයෙන් දුර වැඩි කරමින්, දිගු ගමන් යමින් පුරුදු පුහුණු විය යුතුය. සමහර යතුරුපැදි කරුවන්ට නම් දිනකට සැතපුම් 1,000ක් කියලා කියන්නේ සුළු දෙයක්, ඒත් මේ endurance riding වලට ආධුනික ඔබ නගර ධාවකයෙකු නම් සහ දිනකට සැතපුම් 100 ත් 200 ත් අතර ප්‍රමාණයක් ගමන් කිරීමට පමණක් පුරුදු වී සිටිනවා නම්, සැතපුම් 1,000 ක් කියලා කියන්නේ හරියට දවස් 5ක ගමනක් වගේ. එක පාර සැතපුම් 1000-2000 වගේ දුර යන්නේ නැතුව සැතපුම් 400-500 වගේ ගමන් වලින් වැඩේ පටන් ගන්න.

  • ඔබගේ limit එක වැඩි කරගන්න හදිස්සි වෙන්න එපා!

එන්ඩියුරන්ස් රයිඩින් කියන්නේ එක්තරා විදියක කලාවක්, මේකෙදි ඔබේ සීමාවන් දැන ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඔබ මේ දේට අලුත් උනත් සූදානම් වෙන්නේ සැතපුම් 5,000 ක් හෝ ඊට වැඩි ගමනක් යන්න නම්, ඔබව විතරක් නෙමෙයි, ඔබ සහ ඔබත් සමඟ ගමන් කරන අනෙක් ධාවකයන්ගේ ආරක්ෂාවත් අවදානමට ලක් කරන වැඩක් තමයි මේ කරන්න යන්නේ. මේ වගේ දුරක් හරි සූදානමක් හෝ පුහුණුවක් නැතුව හදිසි වෙලා ධාවනය කිරීමෙන් ඔබ අධික වෙහෙසට පත් වෙනවා වගේම ඔබ අතින් සිදු වෙන්න පුලුවන් වැරදි නිසා ඔබට හෝ වෙනත් කෙනෙකුට ජීවිතය අහිමි වෙන තැන දක්වා දරුණු ඵලවිපාක අත්වෙන්න පුලුවන්. ඒ නිසා, ඔබේ සීමාවන් දැන ගන්න. ඔබට කරකැවිල්ල හෝ වෙහෙස දැනෙනවද? ඔබට නිදිමත දැනෙනවද? නැත්නම් ඔබේ පෙනීම බොඳ වෙලා වගේද? එහෙම දැණුනු වහාම බයික් එක ආරක්ෂිතව නවත්වන්න. එන්ඩියුරන්ස් රයිඩින් වල ප්‍රධාන මූලධර්මවලින් එකක් තමයි, ඔබ සහ අනෙක් සියලුම දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන්, අවශ්‍ය වූ විට විවේක ගන්න දෙපාරක් හිතන්න එපා.

  • බයික් එකේ mileage ගැන දැන ගන්න

මෝටර්බයික්වල mileage එක බයික් එකකින් තවත් බයික් එකකට වෙනස් වෙනවා, අලුත්ම මොඩ්ල් වල බයික්වල නම් mileage සෑහෙන්න හොඳයි. ඔබේ බයික් එකේ mpg වැඩි දියුණු කිරීම සඳහා කළ හැකි දේවල් තියෙනවා. මේවා අනුගමනය කරොත් ඔබට පුලුවන් ඉන්ධන වලට උපරිම සාධාරණයක් ඉටු කරන්න. ඔබ ගමන් කරන සැතපුම් ගණන ගැන සැලකිලිමත් වෙන්න, හරි කාලසටහනකට අනුව බයික් එකට ඉන්ධන ලබා දෙන්න, ඔයිල් වර්ග ගැනත් සැලකිලිමත් වෙන්න. මේකත් හරියට කනවා, බොනවා හෝ විවේක ගන්නවා වගේ වැඩක්. ඒ වගේමයි සැලසුම් කළ විවේකයන් නම් ඔබ අනුගමනය කරන්න යන්නේ, සැතපුම් 1,000 ක ගමනක් කියන්නේ පහසුවෙන් කළමනාකරණය කළ හැකි දෙයක්. ඒ නිසා ඔබේ mileage එක ගැන දැනගෙන විවේක ගැනීම සඳහා සැලසුම් කරන්න; මුළු ගමන සහ සම්පූර්ණ අත්දැකීමම වඩාත් විනෝදජනක දෙයක් කරගන්න මේ ටිප් එක උපකාරි වෙයි.

  • බයික් එක කලට වේලාවට නඩත්තු කරන්න

හැම එන්ඩියුරන්ස් රයිඩර් කෙනෙක්ම දන්න එක් දෙයක් තමයි, දිගු ගමනක් යන්න කලින් ඔවුන්ගේ බයික් එක උපරිම තත්ත්වයේ තිබිය යුතුයි කියන දේ. මෝටර්බයික් එකේ සම්පූර්ණ පද්ධතියම පරීක්ෂා කර බැලීමට අවශ්‍ය වන අතර, fluids හරි මට්ටමට තියෙනවද, lights හොඳට වැඩ කරනවද, treads එහෙම කොහොමද, සහ සියලුම බෝල්ට් හරි ගාණට තද කරලා තියෙනවද යන්න සහ ඒවා ආරක්ෂිතද කියලා සහතික කර ගන්න. පොඩි දෙයක් ගැන හරි සැකයක් තියෙනවනම්, විශේෂයෙන්ම ටයර් වගේ දෙයක් ගැන, ඔබේ බයිසිකලය අදාළ පුද්ගලයන් වෙත අරන් යන්න. ඔබටම සකසාගන්න පුලුවන් දෙයක් නම් නම්, එය ඔබම සකසා ගන්න. ගමනට පෙර සූදානම හැරුණුම, උදව්වට කෙනෙක් නැති පැත්තක බයික් එකේ ලෙඩක් මතු උනොත් ඔබට උපකාරී වෙන කුඩා මෙවලම් කට්ටලයක් රැගෙන යාමට අමතක කරන්න එපා. මේ මෙවලම් කට්ටලයට බල්බ සහ එන්ජින් ඔයිල් වගේ නිෂ්පාදන සහ අමතර කොටස් ඇතුළත් කරගන්න.

  • නිවැරදි ආම්පන්න පාවිච්චි කරන්න

ඔබ එන්ඩියුරන්ස් රයිඩින් ලෝකයට අළුතෙන් පය තබන කෙනෙක් නම් ඔබේ දැනට තියෙන මෝටර්බයික් සෙටප් එක පොඩ්ඩක් වෙනස් කරගන්න වෙනවා. ඔබගේ ධාවනය නගරයට පමණක් සීමා වෙලා තිබුණා නම්, දිග ගමනක් යන්න කලින් ඔබේ ආම්පන්න, මෙවලම් ටිකක් වෙනස් කරගන්න වෙනවා. මේ ආම්පන්න වැඩිදියුණු කිරීම් කිහිපය නිසා ඔබේ අත්දැකීම් වඩාත් විනෝදජනක සහ දරා ගත හැකි දෙයක් වෙනවා නොඅනුමානයි.

හෙල්මට්

නගරවලට සීමා වුණු බයික් රයිඩර්ස්ලා පාවිච්චි කරන්නේ හුස්ම ගැනීමට වැඩි ඉඩක් තියෙන සැහැල්ලු හෙල්මට්, හාෆ් හෙල්මට් හෝ beanie ස්ටයිල් එකේ හෙල්මට්, නමුත් ඔබ එන්ඩියුරන්ස් රයිඩ් එකක් යන්න අදහස් කරනවා නම්, full face helmet එකක් පැළඳීම වඩා සුදුසුයි. අනෙක් හෙල්මට් මාදිලි විවේකීව බයික් එකේ ගමන් යන්න සුදුසුයි, ඒත් එන්ඩියුරන්ස් රයිඩ්ස් වලදී ඔබේ මුහුණ කුඩා කෘමීන් සහ පාරේ තියෙන කුඩා සුන්බුන් කැබලිවලට නිරාවරණය වෙන එක හොඳ නැහැ.

Earplugs 

ඔබට තියෙන්නේ Harley Davidson වගේ, බයික් එකේ මිහිරි ශබ්දය නිදාගන්න වෙලාවට උනත් අහන්න පුලුවන් විදියේ ශබ්දයක් උනත්, ඔබ ඉතා දිග වේලාවක් පාරේ ගමන් කරද්දී එන්ජිමේ ශබ්දය ඔබව පිස්සු වට්ටමින් කන් ඇතුළේ රැව් පිළිරැව් දෙන්න ගන්නවා.ඒ නිසා, සෑම එන්ඩියුරන්ස්  බයිසිකලයකටම සුව පහසු හා ප්‍රායෝගික earplugs යුගලක් තිබිය යුතුයි.

සීට් එක

සාමාන්‍ය මෝටර්බයික් එකක සීට් එකක් නම් සැතපුම් 1,000 ක දුරක් වාඩිවෙලා ගමන් කරන්න පුලුවන් වෙන්න ඩිසයින් කරලා නැහැ. ඔබ එන්ඩියුරන්ස් රයිඩින් බැරෑරුම් විදියට සලකනවා නම්, බයික් සීට් එකක් සඳහා ආයෝජනය කිරීම වටිනා දෙයක්. ලොකුවට ඝනකමට තිබ්බා කියලා බයික් සීට් හොඳ වෙන්නේ නැති බව මතක තියාගන්න. Premium dense foam  හෝ gel padded ආසනයක් වඩාත්ම සුවදායකයි. මේ ටිප් එක ගැන, ගමනක් යන අතරතුර අපිට ස්තූති කරන්න අමතක කරන්න එපා.

Pegs

ඔබේ බයික් එකට pegs කිහිපයක් සවි කරන්න. වැඩි වේලාවක් squat position එකක හෝ තනි ස්ථානයක ගමන් කිරීම වේදනාකාරී වෙන්න පුලුවන්, කකුල් තියාගන්න උපකාරී වෙන මේ pegs මඟින් ගමන නතර කරන්නේ නැතුවම ඔබේ කකුල් ටිකක් දිග ඇරගන්න ඉඩ සලසනවා.

Tank bag

අවාසනාවකට වගේ හැම මෝටර්බයික් එකක්ම දිග ගමන් ‍යන්න විශේෂයෙන් නිර්මාණය කරලා නැහැ, වෙන විදියකට කිව්වොත් මේ බයික් වල ගබඩා ඉඩ ප්‍රමාණයක් නැහැ. මෝටර්බයික්  tank bag එකක් සවි කරගැනීමෙන්, ඔබට අමතර මෙවලම් කට්ටලය වැනි අත්‍යවශ්‍ය දේ සඳහා ඉඩකඩ සපයාගන්න පුලුවන්.

Power Port 

GPS හෝ ඔබගේ දුරකථන චාජරය වැනි කුඩා දේවල් සඳහා power port එකක් ඉතාම ප්‍රයෝජනවත්. මේ උපාංග දැරිය හැකි මිලකට මිලදී ගන්න පුලුවන් වගේම සවි කිරීමත් එතරම් අපහසු මිල අධික කටයුත්තක් නෙමෙයි.

මෝටර්බයික් එකෙන් හොඳම දේවල් අත්විඳීමට ඔබ උනන්දු කෙනෙක් වෙන්න පුලුවන්, ඒත් හැමවෙලාවෙම මතක තියාගන්න එන්ඩියුරන්ස් රයිඩින් එහෙම නැත්නම් අපි කතා කරපු දිග ගමන් යන එක හිතුමතේ එක පාර කරන්න සුදුසු දෙයක් නෙමෙයි. ඔබේ සීමාවන් දැන ගැනීම, ඔබේ ශක්තිය හා ඔබේ හැකියාව මේ සඳහා උවමනා වෙනවා. ඔබ මේ සඳහා සුදානම් කියලා ඔබට දැනෙනවා නම්, අපි කියපු ආම්පන්න ටිකත් අරන් හොඳ රෝඩ් ට්‍රිප් එකක් යන්න.

 

Back to top button
Close
Close