Maintenance

මොටර්බයික් එයාර් ෆිල්ටර් එක මාරුකරන්නේ කවදාද? ඔක්කොම විස්තරේ

කොපමණ කලකට වරක් මෝටර්බයික් Air Filter මාරු කළ යුතුද?

බයික් එකක air filter මඟින් එහි එන්ජිම ආරක්‍ෂා කර ගැනීම සහ එන්ජිමේ කල් පැවත්ම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. ඔබේ බයික් එක වටා ඇති වාතයේ අපිරිසිඳු, වැලි, දූවිලි සහ පරාග වැනි මෙකී නොකී සියලු අපවිත්‍ර ද්‍රව්‍ය තිබෙනවා. මේ දේවල් එන්ජිමටම ඇතුළු වුවහොත් ඒවා නිසා cylinder walls (සිලින්ඩර බිත්ති) සහ piston rings සෙමෙන් සෙමෙන් ක්ෂය වීමට පටන්ගන්නවා.

කාලයත් සමඟම air filter අපිරිසිඳු වන අතර එය replace කළ යුතුයි. සෑම සැතපුම් 10,000 කට වරක් හෝ සෑම වසරකම ඔබේ මෝටර්බයික් එකේ air filter replace කළ යුතුයි. ඔබ අපිරිසිඳු හා දූවිලි සහිත පරිසරයන් හරහා නිතර ගමන් කරන්නේ නම්, ඔබට නිතරම air filter වෙනස් කිරීමට සිදු වෙනවා. බයික් එකට ගැළපෙන විදියට air filter කොපමණ වාරයක් වෙනස් කළ යුතුද යන්න පිළිබඳ තොරතුරු ඔබේ owner’s manual එකේ ඇතුළත් වෙනවා. ඔබ කොපමණ වේලාවක් බයික් එක පදිනවාද, පදින්නේ කොහේද සහ ඔබේ බයික් එකේ කුමන ආකාරයේ filter එකක් තිබේද යන්න ඇතුළු බොහෝ සාධක මත මෙය තරමක් වෙනස් වෙනවා.

Air filter වෙනස් කළ යුතු කාල පරාසය සහ mileage එක

මුලින්ම, owner’s manual එකෙහි නිෂ්පාදකයා නිර්දේශ කර ඇති නිශ්චිත කාල පරතරය අනුගමනය කිරීම වඩාත් සුදුසුයි. Air filter වෙනස් කළ යුතු කාලය, සැතපුම් ගණනක් හෝ දෙකම දීර්ඝ වශයෙන් ඔවුන් සඳහන් කර තිබෙනවා. සෑම බයික් එකක්ම අනෙක් ඒවාට වඩා තරමක් වෙනස් බැවින් බයික් එක ඩිසයින් කළ, පරීක්‍ෂා කළ සහ තැනූ පුද්ගලයින්ගේ උපදෙස් පිළිපැදීම හොඳ අදහසක්.

පොදුවේ ගත් කල, ඔබට සෑම වසරකට වරක් හෝ සැතපුම් 10,000 කට වරක් බයික් එකේ air filter වෙනස් කිරීමට අවශ්‍ය වෙනවා. කලින් සඳහන් කළ පරිදි මෙය බයික් එකෙන් බයික් එකට වෙනස් වෙනවා. ඇත්තෙන්ම, air filter අපිරිසිඳු වීමට පෙර එය වෙනස් කළ යුතු අතර, මෙම මාර්ගෝපදේශ මඟින් එය අපිරිසිඳු වීම වැළැක්වීමට උපකාරී වෙනවා. Air filter වෙනස් කළ යුතු දැයි දැන ගැනීමට හොඳම ක්‍රමය එය පරීක්ෂා කර බැලීමයි. Air filter පිරිසිඳු අවස්ථාවල එහි පෙනුම ඇහැට හුරු කරගන්න. එතැන් සිට Air filter කෙතරම් පිරිසිඳුව තිබිය යුතුද යන්න පිළිබඳව ඔබට අදහසක් තිබිය යුතු අතර Air filter replace කිරීමට අවශ්‍යද යන්න මැන බැලීමට මේ මිනුම භාවිතා කළ හැකියි.

මෙයට බලපාන වෙනත් සාධක ගණනාවක්ම තිබෙනවා. නිදසුනක් වශයෙන්, ඔබ නිතරම දූවිලි සහිත ප්‍රදේශවල ධාවනය කරන්නේ නම්, විශාල නගරයක, නගර මධ්‍යයේ පමණක් ධාවනය වන බයිසිකලයකට වඩා Air filter අපිරිසිඳු වනු ඇත. ඒවගේමයි විවිධ Air filter වල ආයුකාලය එකිනෙකට වෙනස්. මෙයට හේතුව වන්නේ විවිධ Air filter වල ප්‍රමාණය, හැඩය මෙන්ම ඒවායේ අමුද්‍රව්‍ය ද වෙනස්වීමයි.

Air filter වෙනස් නොකළොත් කුමක් සිදුවේද?

ඔබට අලුත් Air filter ලබා ගත නොහැකි වුණොත් හෝ ඒවා වෙනස් කිරීමට අමතක වුවහොත් එය ඔබේ බයික් එකට මොන වගේ බලපෑමක්ද කරන්නේ? එය එන්ජිමට හානි කරයිද? ඔබේ Air filter අපිරිසිඳු වූ පසු අවහිර වීම හෝ සිදුරු බොහොමයක් හිරවීම නිසා Air filter හරහා වාතය ගමන් කිරීම ඉතා අපහසු වනු ඇත. මේ නිසා Filter එක හරහා එන්ජින් එකට ලබා ගන්නා වාත ප්‍රවාහය බෙහෙවින් අඩු වෙනවා.

ඔබට එකවර දැක ගැනීමට නොහැකි විය හැකි නමුත් හරියට සැළකිලිමත් වුණොත් Air filter අපිරිසිඳු වන විට එය ඉතා පැහැදිලිව හඳුනාගන්න පුලුවන්. මුලින්ම, ඔබට power අඩු වීමක් අත්විඳිය හැකියි. එන්ජිමට සපයන වාතය ප්‍රමාණය අඩු වීම නිසා බයික් එකට කලින් තරම් ශක්තියක් ලබා ගන්න බැහැ. මේ වගේ අවස්ථාවක වැඩි ඉන්ධන ප්‍රමාණයක් භාවිතා කිරීමත් සිදුවෙන්න පුලුවන්. එහි ප්‍රතිඵලයක් විදියට fuel economy හි පහත වැටීමක් ද ඔබ දකීවි. නිවැරදි වාතය සහ ගෑස් අනුපාතය නැති වී යාම නිසා ඔබේ බයික් එකේ performance සෑම අංශයකින්ම අඩු වනු ඇත.

ඔබ සතුව ඇති Air filter වර්ගය මත පදනම්ව අපිරිසිඳු Air filter මඟින් ඔබේ බයික් එකට වඩාත් දරුණු බලපෑම් ඇති කළ හැකියි.

Air filter පිරිසිදු කරනවා ද? අලුත් Air filter එකක් මිලදී ගන්නවා ද?

Air filter වල ගැටලුවක් ඇති බව හඳුනාගත් විට ඔබ කුමක් කළ යුතුද? මෙයට පිළිතුර බොහෝ දුරට රඳා පවතින්නේ ඔබ සතුව ඇත්තේ කුමන Air filter එකක්ද සහ තව කොපමණ වේලාවක් තිබේද යන කරුණු දෙක මතයි. සමහර Air filter ලාභ, සරල වන අතර ඒවා replace කිරීම සඳහාම සුදුසු වන අතර කිසි විටෙකත් පිරිසිඳු කිරීමකට යාම උචිත නැහැ. මේවා නම් paper OEM ආකාරයේ Air filter ය. ඒවා සාපේක්ෂව ලාභදායී වන නමුත් ඒවා නැවත නැවත පිරිසිඳු කර නැවත භාවිතා කිරීමට උචිත නැහැ.

බොහෝ Air filter භාවිතයෙන් පසු පිරිසිඳු කළ හැකි අතර අපිරිසිඳු වන සෑම අවස්ථාවකම Air filter replace කිරීමේ අවශ්‍යතාවයක් මතු වන්නේ නැහැ. මේ ආකාරයේ Air filter වල Oil භාවිතා කරන අතර පිරිසිඳු කර re-oil කිරීමෙන් නැවත භාවිතා කිරීමට ඉඩ සලසනවා. මේ සියල්ලම ඔබටම තනියම කිරීමට ඉඩ සලසන විශේෂ කට්ටල තිබෙනවා. මෙවැනි Air filter සාමාන්‍ය ඒවාට වඩා මිල අධික වන නමුත් ඒවා replace කිරීමට පෙර වසර ගණනාවක් පාවිච්චි කරන්න පුලුවන්.

අපිරිසිඳු oil filter එකක් පිරිසිඳු කිරීම වෙනුවට එය replace කිරීමේ වාසි තිබේද? ඇත්තම කරුණ නම්, ඔබ Air filter එකක් පිරිසිඳු කිරීමට කෙතරම් දක්ෂ වුවත්, එය අළුත්ම එකක් තත්ත්වයට හොඳ වෙන්නේ නැහැ. ෆිල්ටරයේ ඇති කුණු 100% ක් පිරිසිඳු කරන්න බැහැ. අලුත් Air filter ලබා ගැනීමෙන් තාවකාලික කාලයක් සඳහා පරිපූර්ණ පිරිසිඳු filter system එකක් බයික් එකට ලැබෙනවා. Air filter එක පිරිසිඳු කිරීමෙන් පරණ Air filter එක තරමක් වැඩිදියුණු වන අතර ඔබේ බයික් එකට සැපයෙන වාතය වැඩි වුණත් එය කිසි විටෙකත් අලුත් එකක් තරම් හොඳ වෙන්නේ නැහැ. ඉතින් ඔබ දැන් භාවිතා කරන Air filter සම්පූර්ණයෙන්ම replace කළ යුතුද නැත්නම් පිරිසිඳු කළ යුතුද යන්න තීරණය කිරීම අපි ඔබට භාර කරනවා.

 

Back to top button
Close
Close