The Time Out

මෝටර්බයික් ABS ගැන දන්නවද?

ABS එහෙමත් නැත්නම් ඇන්ටි ලොක් බ්‍රේකින් සිස්ටම් (anti-lock braking system) කියන්නේ අලුත් වාහනවලට නම් සාමාන්‍ය දෙයක්. ඒත් මෝටර්බයික් වලට නම් මේක අලුත් දෙයක්. මේකෙන් ලැබෙන ආරක්ශාව සහ මේ සිස්ටම් එකට යන වියදමත් එක්ක මේක බයික් එකකට ඇතුළත් කරන එක වටිනවද නැද්ද කියන එක විවාදාත්මක කාරණාවක්.

  • ABS කියන්නේ මොකක්ද?

ඔබ ABS කියන දේ එහෙමත් නැත්නම් ඇන්ටි ලොක් බ්‍රේකින් සිස්ටම් කියන දේ අහල තිබ්බට මේ මොකක්ද මේකෙන් ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා දැනගෙන හිටියද? සරලවම කිව්වොත් මේකෙන් වෙන්නේ බ්‍රේක් කරාම ටයර් එක හිර වෙලා ලිස්සලා යන එක නවත්තන එක. මේ සිස්ටම් එකේ එක කොටසක් තමයි බයික් එකේ රෝදයේ හබ් එකට සම්බන්ධ ‍ලෝහමය මුදුව. මේකෙ තියෙන චුම්බක සංවේදකයෙන් විද්‍යුත් සංඥා ලබා ගන්නවා. ටෝන් රින්ග් සහ ටෝන් වීල් යන නම්වලිනුත් හඳුන්වන මේ මුදුව මඟින් ලබාදෙන සිග්නල් ABS යුනිට් එකට ගමන් කරනවා.  මේ යුනිට් එකෙන්, රෝදයේ ඇති සංවේදකය ලබාදෙන සිග්නල් එකේ සීඝ්‍රතාවය අනුව (නිකක් හිතන්න එක එක වේගවලින් ඔන් ඕෆ් කරන ස්විච් එකක් ගැන) සහ සීඝ්‍රතාවය වෙනස් වෙන විදිය එක්ක බයික් එක වේගය අඩු කරනවද? වැඩි කරනවද? එහෙමත් නැත්නම් ස්ථාවර වේගයක් පවත්වාගෙන යනවද කියලා දැනගන්නවා.

  • කොහොමද ABS වැඩ කරන්නේ?

ABS නිසා බයික් එක ඉක්මනට නවතිනවා සහ වඩා ආරක්ෂිතව නවතිනවා කියන්න හරිම ලේසියි. ඒත් එතන වෙන ක්‍රියාවලිය ටිකක් සංකීර්ණයි. විවිධ සීඝ්‍රතාවයන් අනුව ටෝන් රින්ග් එකෙන් සහ වීල් සෙන්සර් එක මඟින් ABS යුනිට් එක වෙත යවන සංඥාවන්ට ABS යුනිට් එක ප්‍රතිචාර දක්වන විදිය තමයි මෙතන මැජික් එක. මේකේ විශේෂිත කොටසක් මඟින් සංඥා ලැබෙන වාර ගණන සහ රටාව අධ්‍යනය කරනවා. රෝදය ලොක් වෙන්න ආසන්නයිද කියල දැනගන්නේ සීඝ්‍රතාවය අඩු වීමත් එක්ක. හරියටම කියනවා නම් බිංදුවට ඉතාමත් ආසන්න වුණාම.

මෙන්න මේ අවස්ථාවේදී ABS එකේ ඉන්ටෙලිජන්ට් සිස්ටම් එකෙන් බ්‍රේක් මත යොදන පීඩනය අඩු කරනවා. එමඟින් රෝදයට නැවතත් කැරකැවීමට ඉඩ විවර වෙනවා. ඉන්පසු නැවතත් බ්‍රේක්වල පීඩනය වැඩි වෙනවා. ආයෙත් ලොක් වෙන්න යනවා කියල දැනුනොත් මේ ක්‍රියාවලිය නැවත නැවතත් ක්‍රියාත්මක වෙනවා. අපිට හිතුවය මේකට වෙලා යනවානේ කියලා මේ කියන ඉන්ටෙලිජන්ට් මොඩියුල් එකට තත්පරයට 100 වතාවක් සංඥා කියවන්න පුලුවන් සහ බ්‍රේකින් සිස්ටම් එකට තත්පරයට 10 වතාවක් පීඩනය මාරු කරන්න පුලුවන්.

  • ඇයි ABS වැදගත්?

අපි ABS නිතර භාවිතා කරේ නැති උනාට ඔබ හිතන්නෙවත් නැති ඔබට අත්‍යවශ්‍යම වෙලාවක ABS ඔබට උදව් වේවී.

The Insurance Institute for Highway Safety ආයතනයට අනුව ABS තියෙන බයික් එකක මාරාන්තික අනතුරු වීමේ සම්භාවිතාවය 31% අඩුයි. එකම වර්ගයේ බයික් දෙකකට ABS සහිතව සහ රහිතව තමයි මේ සමීක්ෂණය කරලා තියෙන්නේ. මේ ආයතනයේම තවත් සමීක්ෂණයකින් අනාවරණය වෙලා තියෙන්නේ එන්ජින් ධාරිතාවය 250cc වලට වැඩි ABS නැති බයික් මාරාන්තික අනතුරු වලට භාජනය වීමේ සම්භාවිතාවය 37% කින් වැඩි බවයි.

Highway Loss Data Insurance ආයතනයට අනුව ABS නැති බයික් වලට සාපේක්ෂව ABS සහිත බයික් ඉන්ෂුවරන්ස් ක්ලේම් ඉල්ලන එක 20% කින් අඩුයි.

Swedish Road Administration ආයතනය කියන විදියට 125cc වලට වඩා වැඩි බයික්වලින් සිදු වූ මාරක රිය අනතුරු 48% කින් අඩු කරගන්න තිබුණා මේ බයික් වල ABS අඩංගු වෙලා තිබ්බ නම්.

ABS කියන්නේ අමතර ආරක්ශාවක් සපයන ඉතාම ප්‍රයෝජනවත් පද්ධතියක් උනාට 2012 දීත් ඇමරෛකාවේ බයික් වලට ABS අඩංගු වීම අනිවාර්යය නැහැ. 2012දී යුරෝපියානු කොමිසම නියම කරා 2016 වෙද්දී වෙළෙඳපොළට එන 125cc වලට වැඩි සියලුම බයික් වලට ABS අඩංගු විය යුතු බවට.

  • ABS ගැන තියෙන පොදු දුර්මත කිහිපයක්

“ABS මඟින් ඉක්මණට බයික් එක ස්ලෝ වෙන එක නවත්තනවා” – මේකේ කොටසක් ඇත්ත. ABS මඟින් බ්‍රේකින් ප්‍රෙෂර් එකට කිසිඳු බලපෑමක් නැහැ

“ හැම මෝටර්බයික් එකකටම ABS දාන්න බැහැ.” – කන්වෙන්ශනල් සහ කම්බයින්ඩ් කියලා ප්‍රධාන බ්‍රේකින් සිස්ටම් වර්ග දෙකක තියෙනවා. කන්වෙන්ශනල් සිස්ටම් එකේ ඉස්සරහ සහ පිටුපස රෝද වලට එකිනෙක රඳා නොපවතින වෙන වෙනම බ්‍රේක් දෙකක් තමයි තියෙන්නේ. ඒත් කම්බයින්ඩ් සිස්ටම් එකේ බ්‍රේක් එකිනෙකට සම්බන්ධයි. න්‍යායාත්මකව නම් මේ ඕන සිස්ටම් එකකට ABS තියෙන්න පුලුවන්.

“ABS බරයි සහ බයික් එකේ බර ඉතා වැඩි කරනවා.” – කලින් තිබුණ ABS නම් රාත්තල් 15ක් වගේ බරයි. රාත්තල් 4,000 කාර් එක්කට මේක ගාණම නැති උනාට රාත්තල් 150 බයික් එකකට නම් මේක ලොකු බරක්. ඒත් අලුත් ABS නම් රාත්තල් 1 ½ වගේ තමයි බර වෙන්නේ.

“ABS තියෙන මෝටර් බයික් ඉතා මිල අධිකයි.” – ABS තියෙන මෝටර්බයික් එකක මිල සහ නැති බයික් එකක් අතර මිලේ වෙනස දහ පහළොස් දාහක ඉඳන් ලක්ෂ ගාණක් අතර වෙන්න පුලුවන්. ලෝකේ ඉන්න ඉතාමත් ආරක්ෂාරී ධාවකයෝත් දරුණු අනතුරු වලට මුහුණ දිපු අවස්ථා තියෙනවා. ඒත් වැදගත්ම ප්‍රශ්නය තමයි ඔයාගේ ආරක්ශාව වෙනුවෙන් ඔයා කොච්චර වියදම් කරන්න කැමැතිද/ සූදානම්ද  කියන එකයි.

Back to top button
Close
Close